[273] සිනහවෙන් හෝ කතාවෙන් ....


සිනහව සහ කඳුලු අතර ඇත්තේ කෙස් ගස් භාගයක වෙනසකි .. මන්ද... සිනහ සෙන ගැහැණියකගේ හෝ මිනිසෙකුගේ සිනහව පිටුපස්සේ , බොහෝ හැඬුම් වැසී ගිය වෙස් මුහුණක් තිබේ. එහෙත් තවදුරටත් සිනහව හෘදයාංගම මෙන්ම අව්‍යාජද ලෙසින් දිස්වෙයි. ඒ කාරණාව පසු පස ඇත්තේ ජීවිතය අයැද සිටින නොමැරී සිටින අවශ්‍යතාවයි. එය ජීවිත ලෝභය හෝ ආශාව නොවේ. එහි ඇත්තේ , ජීවිතය හැරදා යා නොහැකි අසරණකමයි. ආත්මාර්ථකාමි හදවතක ඉපැදිය හැකි මරණිය චේතනාව යටපත් වෙන්නේ , අන් දෑස් වල කඳුලු ස්මරණය කිරීමෙනි. 

බොහෝ මිනිසුන් සිනහවන්නේ හඬන්නට බැරි කමටය . හැඬීම ප්‍රශ්න වලට පිලිතුරක් නොව, ප්‍රශ්න හමුවේ සිත දුර්වල කරන නිසාය. බොහෝ මිනිසුන් ජීවත් වන්නේද මියෙන්නට බැරි කමටය. මියෑදීම දකිනු වස් ජීවත් වන්නන්ට එතෙකින් එහා ජීවිතාශාව අහිමි වන බැවිනි. 

අසරණ හදවතින් සිනහසෙන්නවුන්ගේ සිනහව පිටුපස රැවටීමක් නැතත් හැංගීමක් දිස්වෙයි. ලෝකයට සහ ජීවිතයට , සත්‍යයට වහන් වීමේ අභිලාශය , තීව්‍ර හා සූක්ෂම දෑස් හඳුනාගනී... සිනහව අස්වාභාවික බව වැටහෙයි.  

බොහෝ සිනාසෙන්නවුන් , නිතර සිනාසෙන්නවුන් මෙන්ම දුකින් සිටින අනුන් සිනහ ගස්වන්නවුන්ගේ හදවතෙහි කොහේ හෝ පෑරුනු තුවාලයක් තිබෙයි. ඒ තුවාලයට සුව දෙන එකම බෙහෙත නම් , තමා නිසාවෙන් සිනහ නගා සතුටු වන අන් දෑසක කාන්තියයි. 

'සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා' යනුවෙන් ගැයෙන වදන් වල අරුත බොහෝ ගැඹුරු යයි සිතෙයි. මිනිසාගේ සිනහව හෝ ප්‍රිය කතාව අන් අයට රසඳුනකි. ඒ රසඳුන පිස පිලිගැන්වීම උදෙසා බොහෝ දහඩිය ලේ කඳුලු වැය කොට තැනූ තුනපහ අවැසි වෙයි. සිනහවත් රසැති ව්‍යංජනයක් මෙනි. බුදින්නාට එය දිව බොජුනකි. එහි එක් එක් සංඝටක සෑදෙනුයේ ඈස් කට දැවිල්ල දෙන, තිත්ත සහ ඈඹුල් රස වලින් අනූන අඩුවැඩියෙනි...  ජීවිතයෙන් බොහෝ දෑ දුක් කම්කටොලු උදුරාගන්නා සේ සිතිය හැකිය. මිනිසෙකුට උදුරාගත් සන්තුෂ්ටිය වෙනුවට ජීවිතාවබෝධය හුවමාරු වීම සහනයකි ...

30 දෙනෙක් කියූ අදහස්..:

Naleen Dilruksha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපූර්ව සිත්තරෙකුගේ අගනා නිර්මාණයකට බොහොම ලස්සන පසු වදනක්.අපි තව තවත් ජීවිතය විනිවිද දකින්නට වෙර දරමු හැමවිටම.

තිස්ස දොඩන්ගොඩ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සිනහා..
කඳුළු...
එනවා....
යනවා...

amila chathuranga said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනේ මන්දා ජීවිතේ සෙයා කරගත්තම ආතල් එක වැඩි කියලා නේ මේ කියන්නෙ...
ඒත් තනිව විසීමත් එක්තරා ආතල් ජනනය කරන ක්‍රියාවලියක්....

මමනම් මාව සම්පූර්ණයෙන්ම කෙනෙක් කියවනවාට කැමති නෑ....මගේ මොකක් හරි කාටත් අල්ලන්න බැරි දෙයක් ඉතිරි වෙන්න ඕනි...ඒක මගේ ඔරිජිනිටි එක හරි මොකක් හරි වෙන්න ඕනි...

Pramudi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඒකත් ඇත්ත තමා බලන් යනකොට..

Fathima Reeza said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Yes, of course! Smile has its own meanings,it's a light in the window of the soul, indicating that the heart is at home. So we can never explain or understand and also it may be in order to make someone’s tears disappear!
What a deep concept behind a smile, in this post.

Dude said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බොහෝ විට සිනහව මහජන සම්බන්ධතා වෙස් මුහුනකි. මේ දැන් මමම හදපු බම්පර් ස්ටිකර් එකක්! :D
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

සුදු හංසි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

බොහෝ සිනාසෙන්නවුන් , නිතර සිනාසෙන්නවුන් මෙන්ම දුකින් සිටින අනුන් සිනහ ගස්වන්නවුන්ගේ හදවතෙහි කොහේ හෝ පෑරුනු තුවාලයක් තිබෙයි. ඒ තුවාලයට සුව දෙන එකම බෙහෙත නම් , තමා නිසාවෙන් සිනහ නගා සතුටු වන අන් දෑසක කාන්තියයි.

අපූරු කියමනක් :D

Gayani Wedage said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මට නම් තියෙන්නේ කදුළු අතරින් ජය ගන්න වෙර දරන සිනාහාක්.
හොඳ අදහස් ගැබ් වි ඇති ලිපියක්.
http://manasindiviyata.blogspot.com/

ධමිමික ස‍‍දරුවන් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇත්ත ඇත්ත.මං නම් හිනාවෙලා මයි ඉන්න බලන්නේ.

Bindi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මටත් නිතරම හිතෙන දෙයක් අපුරුවට අකුරු කරලා . පාරේ යන එන මිනිස්සු දිහා බලල මන් කල්පනා කරන්නේ මේ මුණු යට කොතරම් දුක් කඳුළු පිරි කතාවන් වගේම සුන්දර කතාවන්ද ඇති බව

මධුරංග said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කියෙව්වෙමි..

RanDil said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හ්ම්..........

තිසර said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හ්ම්ම්ම්... අන් අයගේ දෑසේ කාන්තියෙන් තමන්ගේ තුවාලය සුව වීම බලන් ඉන්නකොට සුව වීම කෙසේ වෙතත් තව තව තුවාල නම් ඇතිවෙන්න පුළුවන්. මම නම් සාමන්‍යයෙන් කැමති නෑ තමන්ගේ සතුට තියෙන්නේ අන් අයගේ හැසිරීමක කියන අදහසට. අනිවාර්යයෙන්, තමන්ගේ සතුට දරුණු ලෙස කඩාබිඳ දැමිය හැකි අය අපේ ජීවිතවල ඉන්නවා. නමුත් යම් කාල සීමාවකින් පස්සේ, අපි දුක රසවිඳීම නවත්තලා, හිනාවෙන්න ඉගෙන ගන්න ඕනේ. වත්පොහොසත්කම්, තරාතිරම්, දුප්පත් පොහොසත් භේද සියලු දේ නොසලකා, සැම මනුෂ්‍යයාටම සිනහවීමට හෝ හැඬීමට හැකිවීම පිටුපස තියන ලොකුම සත්‍ය, මිනිසාගේ දුක, සතුට යනු ජීවිත මගෙහි අප එකතුකරගත් දෑ වල ප්‍රතිඵලයකට වඩා, ඒ ඒ අවස්ථාවන්හි අප මුහුණදෙන අත්දැකීම් සමග බැඳීපවතින්නක් බවයි.

Ravi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම මට කියන්න තියෙන ටික ඉංගිරිසියෙන් කිව්වට සමාවෙන්න....

Behind the smiling faces, the happy facades are countless drops of unshed tears, the smiles are for the benefit of others because showing your tears won't do you any good. Therefore you have to show a brave front even when your heart is sobbing uncontrollabaly. that's life Dil, that's life...whoever said life is fair?....

අපූරුයි දිල්, ඔබගේ වියුණු සටහන් වල මම බොහෝ අගයන එක් කරුණක්... ජීවිතයේ අපි නොදකින...ම්ම්, නොදකින කිව්වොත් හරියටම හරි නෑ..අපි දැක්කත් අපි හරියටම තේරුම් නොගන්නා කරුණු පිළිබඳව ඔබ කරන තියුණු විවරණිකාවන්....:) :)

Vajira Kalum Perera said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හිනාව යට කඳුළු සැඟවීම තාවකාලික කාරණයක්. එයින් කවදාවත් යථාවත් ජීවිතයක් ගෙන යන්නට බැහැ, මොකද අභ්‍යන්තරයෙන් හඬා වැටෙනවිට සිනහව ව්‍යාජ බවක් ගේන නිසා. තවත් විධියකින් කිව්වොත් තමා තමාවම රවටා ගන්නා නිසා. ලෝකෙට පේන්න ඉන්නවද? මම සතුටින් ඉන්නවද? ( එතැනදි තවත් කෙනෙකුට කරදරයක් විය යුතු නැහැ. ) හිනාවෙමින් කඳුළු සඟවනවට වඩා හොඳ නැද්ද, කඳුලට හේතුව හොයා එය නැති කිරීම. අපි හැමෝගෙම කඳුළු වියලන්න ක්‍රම තියෙනවා. වැදගත්ම දේ ක්‍රමය සොයා ගැනීම අප සතුයි. අනෙක, ඔබ කියූ ලෙස ජීවිතාවබෝධය ලැබගත්තේනම්, එතැනදී කඳුළු වියැකී යායුතු නොවේද?

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නලීන්

සිතුවම නම් ගත්තෙ ගූග්ල් එකෙන්.... සිතුවම හෙවුවෙ ලියමනට පස්සෙ. ඒත් වාසනාවට වගෙ මම ලියන දේ එක්ක හිතේ ඈඳෙන පින්තූරෙම මට ලැබෙනවා සර්ච් කලාම.. ස්තූතියි ඈගයුවාට...

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@තිස්ස දොඩන්ගොඩ

ayiyaa..
ඔවු එනවා යනවා. රැඳෙන කාලය තමා ගොඩක් දේ තීරණය කරන්නෙ...

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@amila chathuranga
.

හ්ම්ම්.. ඔවු... ගුප්ත වීම. ඒත් සිනහවත් සමග වේදනාවන් දරාගන්න හුඟක් මූනු ගුප්ත තමයි. ඇත්ත . අපිව ලෙහෙසියෙන් කියවන්න දුන්නාම අපිව දෛනික බයිබලයක් කරගෙන පිටු පෙරලන්න ගන්න අය ඕනෑතර්ම් ඉන්නවා....
ඒ ඇතැම් අය අහන ප්‍රශ්න ඉඳිකටු වගේ...
ඉතීන් අපි වැලපෙනවා...
කාගෙද වරද...
අපේම තමයි
...

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@Pramudi
.
හ්ම්ම් ඇත්ත නේන්නම් ප්‍රමුදි..
ස්තූතියි ඇවිත් ගියාට
...

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@Fathima Reeza
.
hi reeza
thanks reeza. Im glad you read every letter I write, U not only read , you indeed READ my thoughts. well done reeza !
cheers

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@Dude
.

සිනහව මහජන සම්බන්දතා වෙස් මුහුණකි.. ගොඩක් ඇත්ත/ හිතන්න අපි මේ ලෝකෙ ඉන්නෙ තනියම කියලා. අපි හිනා වෙනවද නැද්ද කියා එක 'අපිට' වැදගත්ඩ? නේද? හිනහවෙන් පිරිපහදු වෙන්නෙ අනෙකාගෙ මනස නේද> ප්‍රධාන කොටම ???

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@සුදු හංසි
,
ස්තූතියි සුද්දි.....
කාලෙකෙන් මේ පැත්තෙ නේහ්හ්හ් ??? :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@Gayani Wedage
.
ස්තූතියි යාලුවේ....

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@ධමිමික ස‍‍දරුවන්
.
හිනහව කියන්නෙ ඖෂධයක්.... ඇත්තමයි...

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@Bindi
.
ඒක තමා බින්දි අක්කා... ජීවිතේ මහ පුදුමයි. සිදුවීම් නිසා ආතුර වෙන හිත් සහ උද්දාම වෙන හිත් වහගෙන අපි හිනාව කියන වෙස් මූන දාගෙන ඉන්නවා....

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@මධුරංග
.
ස්තූතියි කියෙව්වාට මල්ලි

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@RanDil
.
රන්දිකා අක්කා
ස්තූතියි හ්ම් එකක් හරි තියලා ගියාට

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@තිසර
.
මෙන්න මේ වගෙ අදහස් අගෙයි. අප හිතන අන්තර සමබර කළ හැක්කේ ඔබ වන් අයට...
ඇත්ත තමයි එක අතකින්. අනෙකාගෙන් හිනහව නොලැබුනොත් අපිට දුක නෙව...

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@Ravi
.
ලොකු අයියා...
ඔබේ කොමෙන්ට්ස් පෝස්ට් එකක් තරම්ම හරවත්...
බලන්න්කො ඉතින්.. හිනහවට බොහෝ අර්ථකතන තියන හැටි...
ඉතාමත්ම ස්තූතියි ලොකු අයියේ....

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@Vajira Kalum Perera
.
මේ ඉන්නෙ අනික් ලොකු අයියත්...
වජිරයියේ...
සමහර කඳුලට කාරණා අපි හොඳින්ම දනිතත් වෙනස් කරන්න අපහසුයි..
එතකොට?????

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->