[271] ආදරය කලාට දඬුවම !

සංසාරේ අපි බොහෝ දිගු නිහැඬියාවකට පසු ලිවීමට අර අඳින්නේ බොහෝ සතුටුදායක පුවතකි. පුවත ඇසෙන ඔබේ කණ බොහෝ ස්නායු සංවේදන ඇති කළද මගේ සංවේදනයටත් කුඩා ඉඩක් තබා මෙය කියවන ලෙස ආදරයෙන් ආරාධනා කරන්නෙමි...

සංසාරේ අපි 'ආදරය' ගැන කතා කළේ වරක් දෙවරක් නොවේ... ආදරය , ප්‍රේමය , රාගය මෙන්ම සියලු සංවේදනාවන් තුල කැවී තිබෙන මානුෂිකත්වය අප නිතර නිතර කතා බහ කළෙමු.. විටෙක ආදරය සුප් හොද්දක් වශයෙන් අර්ථ ගැන්වූ මට , තවත් විටෙක වැලන්ටයින් රොස මල් දවසෙහි සුන්දරත්වය මෙහි චිත්‍රණය කළෙමි..  ආදරය දැනෙන්න ජීවත් වන්නැයි මම දිනක් ඔබෙන් ඉල්ලා සිටියෙමි.. සමන්මලී අක්කා කිව්වේ ආදරය වණ්ඩු ආප්පයක් වගේය කියාය... ජීවිතේ මල් හටත් ආදරය අරුමයක් නොවේ. ආදරයේ මිහිර මෙන්ම දුක වේදනාවද ජීවිතේ මල්ගේ අතීත පොත් වල සටහන්ව තිබේ.එහෙත් ඒ සියල්ලම පරයා ජීවිතයට මහත් සේ පෙම් බඳින හෙයින් ඈ ඒ සංකීර්ණ අතීතයට පෙම් බඳියි. මන්ද ඒ අතීත සිදුවීම් පාදකව ගොඩ නැගුනු වර්තමාන ගැහැණිය තුල ජීවත් වන ගැහැණු පරාණය එතරම්ම වෙනස් බැවිනි..

නිවාඩුදා උදෑසනින් මුහුණු පොත පීරන මට ඇස ගැසුනු මේ පුවත මගේ ආදර සංකල්පය වඩාත් කුලු ගන්වන්නට සමත් වූයේය. 
පුවත එහි වූ වදනින්ම සඳහන් කරන්නෙමි..

"ලංකාවේ ප්‍රසිද්ද විද්‍යාලයක සාමාන්‍ය පෙලෙ ඉගෙනුම ලබන ශිෂයෙකු විසින් තම පෙම්වතියට පෙම් හසුනක් ලියයි. කෙසේ හෝ එය පංති ගුරුවරයා අතට පත් විය. පසුව ඔහු එය වරදක් ලෙස දැක විදුහල්පති වරයා අතට පත් කිරීමට කටයුතු කලේය. විදුහල්පතිවරයා නිදහස් වෙලාවක නිකමට මෙන් එම පෙම් හසුන කියවද්දී ඔහුට පසක් වූවේ එය ඉතා නිර්මාණශීලී අයුරින් සකක් කරන ලද්දක් බවයි. කලාව පිලිබඳව උනන්දුවක් ඇති එතුමා නැවත පාසල් දිනයකදී. ඒ බව පාසලේම සංගීත ගුරුවරයෙකුට ඉදිරිපත් කිරීමයි. ඔවුන් දෙපලගේම අදහස වූවෙ ගීතයකට අවශ්‍ය පදවැල තිබෙන බවයි. පසුව අදාල පංති භාර ගුරුවරයා ලවා ලිපියේ හිමිකරු ශිෂ්‍යා විදුහල්පති කාර්‍යාලයට ගෙන්වා ගත්තේය. බියෙන් තැතිගෙන පැමිනි ශිෂ්‍යා නැවත පැමිනියේ සිනා මුසු මුහුනිනි. සංගීත ගුරුවරයා උපදෙස් දුන්නේ එම ලිපිය නැවත ලියා දෙන ලෙසයි. ආලයෙන් මත්වූ ශිශ්‍යා නැවත එය ලිව්වේය. පසුව ප්‍රසිද්ද ගායක තීක්ෂන අනුරාධ ලවා ගීතයක් කියවා ගැනීම සිදුකල අතර. පද වැල අදාල 11 වැනි ශේණියේ අදාල ශිෂ්‍යාගෙනි. සංගීතයද විද්‍යාලයේ ගුරුපියාගෙනි. ඉදිරියේදී එලි දැක්වීමට නියමිත ගීතට සඳහා රූප රාමු සිය
ල්ලක්ම පාහේ විද්‍යාලීය පරිශ්‍රියේදි සිදු වූ අතර, රූප රාමු වල සිද්දිය සැබෑ සිද්දියට සමාන අයුරින් නිපදවා ඇත. විද්‍යාලීය ගුරුවරියකද නිශ්පාදනයට දායක වී ඇත...."
මගේ මුවට සිනහවක් නැගුනේ , පෙම් හසුන් ලියා අපරාධකාරයන් ලෙස හංවඩු ගැසුනු අතීත පාසල් සිදුවීම් ගණනාවක් මතකයට නංවමිනි.... ප්‍රේමය අපරාධයක් නොවේයැයි , එමෙන්ම ප්‍රේමය නිරන්තරයෙන් නිර්මානශීලී මිනිසුන් බිහි කරන්නේ යැයි හඳුනාගත් විදුහල්පති වරයා සැබවින්ම හොඳ නායකයෙකි. හොඳ මග පෙන්වන්නෙකි...  

ආදරය ටියුශන් දෙනු වස් හොඳම ගුරුවරුන්, දෙමාපියන් යැයි මා වරෙක ලිව්වා ඔබට මතකද? ආදරය ලියුම් ලිවීමෙන් , අතින් ඇල්ලීමෙන් හා හාදු දීමෙන් පමණක්මත් බොහෝ හංවඩු ගසා ගත යුතු 'බාලාපරාධයක්' නොවන බව හඳුනා ගැනීමම ලංකාවේ වැඩුනු පුද්ගලයකුගෙන් බලාපොරොත්තු විය නොහැකි දෙයකි. 
ක්‍රියාවකට එරෙහිව ගන්නා ප්‍රතික්‍රියාව තවෙකෙකුගේ ජීවිතයක් වෙනස් කරන්නේ කෙසේදැයි මෙයම හොඳ උදාහරනයකි...  

සිය සිත ගත් කෙල්ලට ලියූ ආදර ලියුම , එය හසු වීම , එය විදුහල්පතිගේ අතට පත් වීම යන වැරදීම් තුල කොපමණ වෙනස් ඉරණමක් සැඟවී තිබේද ? පාසල් රැස්වීමක සියල්ලන් ඉදිරියේ කෝටු පහර දුන්නේ නම් , මේ කොලුවා සිය ජීවිතයම අඳුරේ හෙලා ගන්නට එයද ප්‍රමානවත් වනු ඇත . පන්තියේ ගුරුවරයා ඔහුට රහසේ තරවටු කොට ලියුම විසික්කා කොට දැම්මේ නම් , ඔහු තාමත් කෙල්ලට හොර ලියුම් වෙනුවට එස් එම් එස් ගහනවා ඇත. ගුරුවරයාට පවා හසු නොවී ලියුම කෙල්ලටම ලැබුනේ නම් , එක් කෙල්ලක් සතුටු වනු ඇත. උන් දෙදෙනා සතුටෙන් සිටිනු ඇත. එක්කෝ කෙල්ල බෑ කියනු ඇත. කොල්ලා තව ලියුම් හොරෙන් ලියනු ඇත. 
එහෙත් ඒ සියල්ලා අභිබවා දෛවය බොහෝ විස්මයජනක දෙයක් සිදුකොට තිබේ. හොරලියුම් ලියූ කොල්ලා අද ගීත රචකයෙකි. ඔහු ලියූ හොර ලියුමේ වචන වලට හඬ පොවන්නේ රටේ නම ගිය ගායකයෙකි. ඇතැම්විට කොල්ලා ලද හොඳම ජීවිත පාඩම මෙය විය හැකිය. ඔහු කෙල්ලෙකුට ලියුම් ලියූ බව අද රටටම නොරහසකි. එහෙත් ඒ රහස පිටුපස්සේ , ඇතැම් විට පන්තියේ සිතගත් ඇයට වඩා බොහෝ විසල් ලෝකයක් ඔහු දිනාගෙන තිබේ. ඔහුට ජීවිතය දිනාගෙන යාමට මගක් විවර වී තිබේ.  

ගුරුවරයෙකු යනු වචනයේ පරිසමාප්තාර්තයෙන්ම , සිය සිසුන් උදෙසා ජීවිතය දිනා දෙන්නෙකු' විය යුතුය. සිය සිසු සිසුවියන්ගේ ජීවිතය ගුරුවරයකුගේ නාමයෙන් ආලෝකමත් වනු විනා , අඳුරට නොයා යුතුය. 
නවෝද්ට ලැබුනු හොඳ ඉස්කෝලේ මහත්මයා සහ ගුරු භවතුන් පිරිස නවෝද්ගේ ජීවිතයට ගෙනාවේ නව බලාපොරොත්තුවකි. අහුවූ ලියුම තුලින් ඔහුට ජීවිතයේ තෝන් ලනුවත් අහුවීම දෛවයේ විස්මයජනක බව අපට කියයි.  

ආදරය සුප් හොද්දක් , රෝසමලක් , හාදුවක් යන මානයෙන් ඔබ්බට ගොස් , ආදරය ජීවිතයට පන්නරයක් වන්නේ , ආදරයේ සුන්දරත්වය හඳුනාගත් , වැඩිහිටියන්ගේ මනා ප්‍රතික්‍රියාවෙනි... 
ගීතය අහන්න ...  


මම ආසයි හිනා වෙන්න, ජීවිතයම නුඹත් එක්ක...
නොවරදවා ඹබ එන විට, සිනා මලක් අරන් එන්න..

මම ආසයි යාඵවෙන්න, ජීවිතයම නුඔත් එක්ක...
නොවරදවා ඔබ එනවිට, ලෙන්ගතුකම අරන් එන්න..

මම ආසයි නුඔත් එක්ක, සෙනෙහයේ සුව විදින්න...
අද ඇවිදින් නුඔ යන විට, තුටු කදුලක් තබා යන්න....

11 දෙනෙක් කියූ අදහස්..:

Dude said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ජීවිතේ මල් ගෙ බ්ලොග් පෝස්ට් එක කියෙව්වාම මමත් හිතුවා මෙතන කමෙන්ට් එකකුත් දාලා පස්සෙ මේගැන පෝස්ට් එකකුත් ලියන්න ඌණ පූරණයක් හැටියට. මම දන්න විදියට ඔයත් කරන්නෙ ගුරු රස්සාව හන්දා මේකෙ අමතර තේරුමක් (added meaning) තියෙනවා.
ඒ වගෙ ගුරුවරු තමයි අපිට ඕනෙ කරන්නෙ. ඒ වගෙ ගුරුවරු විතරක් නෙවෙයි, ඒ වගෙ වැඩිහිටියොත්. අපේ වැඩිහිටියන්ට තියෙන ලොකුම සින්ඩ්‍රෝම් එකක් තමයි අතීතය අමතක වීම.
henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

හිරු said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මට එකපාරටම මතක් උනේ ඉස්සර හැම සෙනසුරාදමයි ඉරිදමයි ඔය ජිමි එකේ බැඩ්මින්ටන් ගහපු හැටි....

මේ වෙගේ කාලෙක ඕක ලියපු එකාගේ කන පලලා අම්මලට බාර නොදුන්නට වඩා, මෙච්චර දෙයක් කරලා ඒ ගැන ඇත්තම කියන්න තරම් ඒ විදුහල්පතිවරයට තිබ්බ ‌ධෛර්යය ගැනයි මට පුදුම... ( ඒ දවස්වල අපේ කෙල්ලෝ ලියුම් හංඟන්න පාවිච්චි කරපු උපක්‍රම ටිකත් මතක් උනා... හි හි...)

කියලා තියෙනවා වගේ දරුවෝ හැම දෙයක්ම ඉගෙන ගන්නේ වැඩිහිටියන්ගෙන්... අම්මගෛයි තාත්තගෙයි තියෙන ආදරේ දකින දරුවෙක් කවදහරි තමන්ගේ ජීවිතයට හොයන්නේත් ඒ වගේ කෙනෙක්...

ආදරය කියන්නේ රස ගුලාවක්... විරහවත් ඒ වගේ... ඒ ගැනම කෙරුණු නිර්මාණ තොගයම දැක්කම කියන්න පුළුවන්.. ගොඩක් සාර්ථක නිර්මාණකරුවෝ, නිර්මාණකරණය පටන් අරන් තියෙන්නෙත් තමන්ගේ ආදරේ නිසා...

ඇත්තටම ඔය වයසෙදි පුදුමාකාර නිර්මාණ කෙරෙනවා.... කවි, කතා ලියවිල්ල, චිත්‍ර ඇදිල්ල... ඒත් ඕවට වෙලාවකුත් නෑ අප්පා... මට මතකයි මම ඒ කාලේ ලියන්නේම උදේ හවස ඉස්කෝලෙ යන ගමන් කෝච්චියෙදි... පොතක්ම ලිව්වා කෝච්චියේ යන ගමන්.... හි හි...

සුබ පතන්න ඕනේ නිර්මාණයට සම්බන්ධ හැමෝටම....

යොවුන් ආදරයේ තිබ්බ සරලකම ආයිත් මතක් කලාට ස්තුතියි...

Pisakkaatuwa said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ සිදුවීම නම් මාරයි. ලව් එකකට උදව් කරන්න ගිහින් ස්කොලෙන් පන්නපු දක්ෂ බ්ලොග් ලේකකයෙක් මතක්වුනා.

තනෝජා රාජපක්‍ෂ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates


මම එහෙම දෙයක් දැනන් හිටියෙ නෑ.. ගීතය අහලත් නෑ තවම... මේ පදපෙළ නම් මෙතනින් කියවූවා..

අපට කියන්නට බිඳක් හෝ ඉතිරි නොකර නුඹ මේ ලිපිය සම්පූර්ණ කරලා නඟේ...

කොහොමත් වැරදි යැයි සමාජ සම්මත දෙයක් කරන දරුවෙකුට යම් වටිනාකමක් දීමෙන් ඒ කියන්නේ ඔහුට මමත් නැතිවම බැරි කෙනෙක් බව ඇඟවීම තුළ බොහෝ වෙනස් කම් කරන්නට පුළුවන් බව දනිමි.

නිසුපා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ශා...නියමයි.... අහන්නත් සන්තෝසයි ඒ වගේ දේවල් ගැන.

Sabith said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔය වැඩිහිටියන් කියන පිරිස ලෝකය දිහා බලන කෝනය වෙනස් කරන්න දැන් හොඳම වෙලාව!

Gimhani said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම මේ ගැන දැනගත්තට පස්සේ මේ ගීතය සොය සොය හිටියේ .
…ලස්සන සටහනකුත් එක්ක ගීතය අහන්න සැලවුවාට බොහොම ස්තූතියි .

Pramudi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ වගේ ගුරු දෙවිවරු වාසනාවන්..!!

Ravi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ජීවිතය ගැන ගුරුවරු ගැන...තරුණ පරපුර ගැන...පොදුවේ මුළු ලෝකයම ගැන කිසිම හිත සැනහෙන ආරංචියක් කණට බැරිවෙලාවත් නො එන අල්ලපනල්ලේ උඹ කියපු ආරංචිය දිල් හිතට සිහිල් පවන් රොදක් වගේය කියල නොකියාම බැහැ...

ආදරය ගැන සෙහෙහස ගැන ගුරු පීතෘවරුන්ගේ භූමිකාව ගැන ඒ හැමටම වඩා මනුෂ්‍යත්වය ගැන අපේ කඩවුනු බලාපොරොත්තු යම්තම් ආයෙම පණ ගහල ආවයි කියලත් මට හිතෙනව...ආයෙමත් ස්තුතියි දිල්....:)

Dinesh said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මේ කතාවම කලින් පොස්ට් එහෙකත් දැක්කා. ඇත්තටම සතුටුයි හැකියාවන් අඳුන ගන්න පුළුවන් මෙවන් මිනිසුන් ගැන.

Fathima Reeza said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දඩුවම් දිය යුතු වැරද්දක් කරපු ශිෂ්‍යයාගෙ කලාත්මක හැකියාව ප්‍රසිද්ධ වුයෙ සිය විදුහල්පති වරයාගෙ පරිණතිය නායකත්වය නිසාය. ඔහුගෙ නායකත්වය ඇගයීම කළ යුතුය. ලස්සන සටහනක් ජීවිතෙ මල්! ශිෂ්‍යයාගෙ ගී පදයත් ලස්සනයි!

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->