Saturday, October 20, 2012

[272] අකර්මන්‍ය වූ 'කර්ම' ගැන


කෙටියෙන්ම කිවහොත් ... 'කර්ම' නැරඹුවෙමි... හිතූ දෙයම යලි යලිත් පසක් කොට කර්ම පිලිබඳව 'සංඛාරා' කෙරෙහි අකර්මන්‍ය වූ මනසින්ම අද මම ලියන්නෙමි. ප්‍රසන්න ජයකොඩි විෂයෙහි ජයසේන ජයකොඩිගේ සෙවනැලි සෙවීමද එක් වරදක් විය යුතුය. එහෙත් අද හවස රීගල් සිනමා හලට මා ගොඩ වැදුනේ ප්‍රසන්නගේ පැටිකිරියත් සිංහල චිත්‍රපට පෙන්වන දුර්වලකම් කෙරෙහි අපුලත් විදෙස් චිත්‍රපට මවා තිබූ විස්මයානුකූල ආහ්ලාදයත් යන මේ තුනම හදවත තුල අගුලු ලා සිර කොට තබමිනි. මන්ද මේ චිත්‍රපටය විෂයෙහි ,අන්තර්ජාලය අන් කවරදාටත් වඩා සක්‍රිය ප්‍රචාරණයක් ලබාදී තිබුනු හෙයිනි.

කර්ම නැරඹුවෙමි. එහි හොඳ නොහොඳ සමෝසමේ දු‍ටුවෙමි. ප්‍රබල කතා තේමාවකට පණ දී නැගි‍ටුවා ලන්නට තරම් රංගනය තුලින් ජගත් හෝ මිශෙල් කළ දෙයක් මට පැහැදිලිව දැකිය නොහැකි විය. එහෙත් එබඳු අඩු ලුහුඬුවක් මැද්දේ , මෑත බිහිවූ බොහෝ චිත්‍රපට පරයන ලද අසම සම පසුතල (පුද්ගලිකව මා ප්‍රිය කරන පසුතල විය හැකිය) , සහ ඉතා මනරම් ආලෝකකරණයක් නම් චිත්‍රපටය මුළුල්ලේ ඇස ගැසුනි. 


සංකේත බොහෝ ගහණ වූ චිත්‍රපටය පුරාවටම මාදු‍ටු දුබලතාවය නම් එම එකදු සංකේතයකට හෝ මිනිස් සිතෙහි වැඩී පැලවන්නට දිය යුතු සාධාරණ කාල වේලාව ප්‍රසන්න නොදී හැරිය බවය. සංකේතය ගෝචර වී එය සංවේදනයක් වශයෙන් ප්‍රේක්ශක මනස තිගස්වන්නට පලමුවෙන් , කපා හෙලූ කෙහෙල් කඳක් උඩින් ඩොග් ගා හිටවන තව කෙහෙල් කඳක් මෙන් අලුත් රූප රාමුව එක වර පහළ වෙයි. සැබවින්ම මා පුද්ගලිකව එය අප්‍රිය කරමි. බොහෝ සොඳුරු විදෙස් චිත්‍රපට තුල මට පැහැදිලි කළ නොහෙන ගලා යාම තුල එක් එක් රූප රාමු චේදනය වන කලාත්මක ආකෘතියට මා ඇබ්බැහි වී සිටිමි. එහෙත් සාධාරණව ගතහොත් , සන්නිවේදනය සැබවින්ම ගලා යා යුතුය. මේ මට හිතෙන හැටිය.

මීලඟ විසාලම අඩුව මා දකින්නේ ශබ්ද සහ සංගීතය තුල ඇති එකිනෙක මුසු නොවෙන අමු ගතියය. සාර්ථක චිත්‍රපට තුල , රූප රාමුවකින් ප්‍රේක්ශක මනස ආස්වාදය කරා ගෙන යන්නේ රූපය හා අපූරුවට කැලැත්තෙන ශබ්ද සහ සංගීතයෙනි. මට ලෙහෙසියෙන් ලාංකීය චිත්‍රපට වල එය දකිනු නොහැකි වූ බවට සංඛාරා මෙන්ම කර්ම ද උදාහරණ සපයයි. ඊට සාපේක්ශව මම ප්‍රසන්න විතානගේ මෙන්ම බෙනට් රත්නායකගේ රස සංවේදනය බොහෝ සෙයින් අගේ කරමි. කර්ම පුරාවට ගලා ගිය හුස්ම අදින හඬ , සහ වරින් වර අමුවේ පාත් වෙන නදීක ගුරුගේගේ හඬ සංගීතය සහ ශබ්දයන් වෙන්කොට අමුවෙන් දක්වයි. හඬ සහ සංගීතය , අවස්ථානුකූලව රූප සංවේදනය කුලු ගැන්විය යුතු බව මගේ හැඟීමයි. එහෙත් එය කර්ම තුලින් මා නොවින්දෙමි.

පෝස්ටරයේ  පවා සඳහන් අයුරෙන් , බොහෝ ගරු සම්මානයට පාත්‍ර වූ උසස් සිනමා නිර්මාණයක් වන මෙය පිලිබඳව මට මෙසේ  සිතෙන්නේ මගේ රසඥතාවයේ අඩුවක් නිසා විය හැකි බවද අමතක නොකල යුතුය. එහෙත් මේ මට හිතෙන හැටිය.


කරුමය සහ පුදුමය වන්නේ, ඔය වාගේම බොහෝ ගරු සම්මාන දිනා ගත් , Big Fish , Forrest Gump, One Flew Over the Cuckoo's Nest, sixth sense , catch me if you can , city of angels , Blind Side , 3 Idiots , Finding Neverland , Memoirs of a Geisha, Reader  වැනි නිර්මාණ , සම්මාන දෙන්නවුන් තරමටම , හුදී අවශේෂ ප්‍රේක්ශක මාද , නිර්මාණකරණය තුලින් තිගස්වන්නට , මනසෙහි පෙර නොදැල්වුනු ආලෝකයක් දල්වා ආනන්දයෙන් ප්‍රඥාව දල්වා , වැටහුනු සත්‍යයෙන් මනස  අන්ද මන්ද කරවන්නට සමත් වූ රහස කුමක්ද යන්නයි. 

නිර්මාණයක් තුල මහා සිනමා කාව්‍යයක් වීමේ රහස සැඟවී ඇත්තේ නිර්මාණ කරුවාගේ අසහාය ප්‍රකාශන ශක්තියෙහි යයි , පෙරකී නිර්මාණ දෙස් දෙයි. එකී නිර්මාණ තුල හාස්කම් මවන්නේ , නිර්මාණශීලී තීව්‍ර රංගනය , සංගීතය මෙන්ම ආලෝකය , පසුතල , කැමරාකෝණ යනාදියය.  ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක වෙසෙන නිර්මාණ කරුවා දුප්පත් වී සිටින්නේ තාක්ෂණයෙන් නොව හදවතින් බව මම ලාංකික නිර්මාණ බලන බොහෝ වාරයන්හි පසක් කරමි.

කර්ම තුල තීව්‍ර වියැ හැකිව තිබූ දාර්ශනික තේමාවක් , නොසැලකිලිමත් ප්‍රකාශනය තුලින් දියව ගොස්
ඇතැයි සංවේගයෙන් මම සිතමි. 



12 comments:

  1. //සංකේත බොහෝ ගහණ වූ චිත්‍රපටය පුරාවටම මාදු‍ටු දුබලතාවය නම් එම එකදු සංකේතයකට හෝ මිනිස් සිතෙහි වැඩී පැලවන්නට දිය යුතු සාධාරණ කාල වේලාව ප්‍රසන්න නොදී හැරිය බවය. සංකේතය ගෝචර වී එය සංවේදනයක් වශයෙන් ප්‍රේක්ශක මනස තිගස්වන්නට පලමුවෙන් , කපා හෙලූ කෙහෙල් කඳක් උඩින් ඩොග් ගා හිටවන තව කෙහෙල් කඳක් මෙන් අලුත් රූප රාමුව එක වර පහළ වෙයි. //

    එකඟ වෙමි.

    පාලිතගේ කැමරා අධ්‍යක්ෂණය සාර්ථක ය. කැමරා කෝණ අද්විතීය ය. නමුත් එහි බොහෝ තැන් වල පරිනත නොවූ බවක් දැනුණි. සමහර රූපරාමු අනවශ්‍ය තරම් සංකීර්ණ කරන්නට ගොස් තිබිණි. ආලෝකකරණය නම් ඔබ කියූ පරිදි ම අගනේ ය.

    එමෙන් ම හඬේ මිශ්‍ර නොවූ ගතිය හෙවෙත් අමු ගතියත්, හුස්ම අදින හඬේ සීමාව ඉක්මවා ගිය ගතියත් ප්‍රේක්ෂකයා තුල ඇති කරන්නේ නොපහන් ගතියකි.

    රංගනයේ නම් මට ඒ තරම් අඩුවක් දැනුනේ නැත. ප්‍රධාන නළු නිලි ත්‍රිත්වය ම සිය චරිත වලට සාධාරණයක් කරන ලද්දේ යැයි මට සිතෙයි.

    මෙහි මා දුටු ප්‍රධාන ම ගැටලුව වන්නේ හීයක් ඇතත්, එය විද්ද ඉලක්කයක් නොතිබීමයි. දුනුවායා වෙර යොදා හීය විද ඇති බවක් දැනෙයි. එය ගමන් කළ මාර්ගය මට දැනෙන්නේ නම් විශිෂ්ඨ ලෙස ය. නමුත් හීය වැදුණු තැනක් නැත.

    ප්‍රධානකොට ම කර්ම තුලට ඕනෑවට වඩා සම්භාව්‍ය බවක් බලෙන් රිංගවන්නට නොගියා නම්, මීට වඩා සාර්ථක වන්නට ඉඩ තිබිණි.

    කෙසේ වෙතත්, ලංකාවේ අපේ කෙහෙතලාගේ ඊනියා රැඩිකල් වාදයට නම් රිදෙන්නට අතුල් පහරක් දෙන්නට ප්‍රසන්න ජයකොඩි සමත් වූ බව මගේ හැඟීමයි.

    ඔබට කිව යුතු යමක් ඇත. ලබා ඇති සම්මාන මත පදනම් ව චිත්‍රපටි වල සාර්ථකත්වය තීරණය කිරීමෙන් වලකින්න. සම්මාන යනු සුදුස්සාට හෝ සුදුසු දෙයට ලැබෙන දෙයක් ම නොවේ.

    ReplyDelete
  2. මම කර්ම බැලුවේ නෑ. මම මේ කියන්නෙ ලංකාවේ සිනමාව ගැන...

    "ශ්‍රී ලංකාව වැනි තුන්වෙනි ලෝකයේ දුප්පත් රටක වෙසෙන නිර්මාණ කරුවා දුප්පත් වී සිටින්නේ තාක්ෂණයෙන් නොව හදවතින්"
    100%ක් එකඟයි!

    Forrest Gump වගේ කතාවක් අපේ කෙනෙක් අතින් ලියවුණාය කියමුකෝ.... පළවෙනිම ප්‍රශ්නේ... කවුද ඕක තාත්විකව රඟපාන්නේ?

    ReplyDelete
  3. i only hv one problem...in SL...most of the films that r called great never wins the hearts of most ppl.... shouldn't it be the other way around...i mean up to an extent...why is that...the ones u mention here (Big Fish , Forrest Gump, One Flew Over the Cuckoo's Nest, sixth sense , catch me if you can , city of angels , Blind Side , 3 Idiots , Finding Neverland , Memoirs of a Geisha, Reader) all of them have won the hearts of ppl yaar...but in here its smthing else...im just wondering yaar...

    ReplyDelete
  4. and for the record nobody thought "Forest Gump" wd be such a big film...i mean its way too simple...but it fought head to head with The Shawshank Redemption...in the same year...which i believe is a better movie...

    ReplyDelete
  5. සංකාරා හෝ කර්ම බලන්න අවස්ථාව උදා වුණේ නෑ. මෙතෙක් කල් බලපු සිංහල චිත්‍රපට වලින් මට දැණුනු විදියට හදවතට දැනෙන නියම කතාවක් තිබුණේ අස්වැසුම සහ මචං යන ඒවායේ පමණයි.

    සරල හෝ සංකීර්ණ වේවා නියම ගලායෑමක් තිබෙන කතාවක් ‍තෝරාගැනීමේ අපහසුවක් ලාංකීය සිනමාකරුවන්ට තිබෙන බවයි මගේ හැඟීම.

    දේශීය සිනමා සම්මාන ගැන නම් කියන්න වෙන්නේ "උන්ම ‍ෆිල්ම් හදනවා උන්ම! රඟපානවා! උන්ම සම්මාන දී ගන්නවා" කියලා තමයි. විදේශීය සම්මාන ගැන නොදනිමි

    ReplyDelete
  6. කර්ම නොවිඳි හෙයින් ඒ ගැන විවරණය පසුවට තබමි.පුර හඳ කළුවර සිතුවම් පට, මගේ ස්මරණය නිරවද්‍ය නම් තෙවන සහස්‍ර වර්ෂකය ආරම්භයේදී නැරඹූවායින් අනතුරුව චිත්‍රපට ශාලාවකට ඇතුළුව සිංහල චිත්‍රපටයක් නරඹා නැත්තෙමි.ඒ පිළිබඳව විටෙක කණගාටුවන අතර තවත් මොහොතකදී නිකරුනේ අපතේ යා හැකිව තිබූ හෝරා දෙක හමාරක කාල පරාසයන් බොහෝ ගණනක් ඉතිරිවිනැයි සතුටු ද වෙමි. බොහෝ දේ මෙන්ම එය ද කාලයට භාර වූ, කාලය විසින්ම විසඳිය යුතු වූ පැනයකි.

    ප්‍රසන්න ජයකොඩිගෙ සංකාරා නැරඹිය නොහැකි වීම ගැන අද ද දුක්වෙමි.ඔහුගේ පියා සමඟ මගේ ඇසුරට ( රූපකාත්මක ප්‍රකාශයකි, Metaphorically speaking ) වසර තිස්පහක් ගෙවුණු කල්හි ඇත්තෙන්ම ඒ බලපොරොත්තුව ඉටුකොටගත නොහැකිවීම මසිත තවමත් රිදුම් දෙයි.එසේම සංකාරා පිළිබඳව ලියැවුණු විචාරයන් සත්‍යයවේනම් කර්ම ද නැරඹිය යුතුම සිතුවම් පටක් බවට සැක නැත.

    දිල් නැඟනිය..ඔබට මාගේ ස්තූතිය සිතුවම් පට නැරඹීමෙන් නොසෑහී ඒ පිළිබඳ ඔබට දැනුනු දෑ අගනා විචාරයක් මඟින් ඉදිරිපත් කිරීම වෙනුවෙන්............

    ReplyDelete
  7. නොබලා විවේචනය කිරීම වැරදියි...ඒත් ලාංකීය සිනමාව ලංකාව ඇතුලෙ තිබෙන බවක් පේන්නෙ නෑ ගොඩක් සිනමා පට තුලින්...බඹරවලල්ල, මචං, මිල්ලෙ සොයා, ආදි චිත්‍රපට මේ පොලව තුල නිර්මාණය වුනත් කර්ම විසින් ස්පර්ශ කරනු ලබන්නේ සමස්ථ ජීවිත නොවේ...ඉතා අහඹු ගනයේ හුදකලා සිද්දියක්...
    සිනමාව යනු හුදී සමාජයම නොවුනත්...අපිට ෆිල්ම් එක තුල තියෙන්න ඕනි අපිට ඇගේ වදින ගතියක්...
    මචං වල තියෙනවා දෙබසක්...
    මචං මොන රටේ ගියත් අපි සෙකන්ඩ් ක්ලාස්...මේ රටේ තමයි අපි ෆස්ට් ක්ලාස්...
    එතකොට අනෙක් නලුවා තමුංගෙ සර්් එක සහ සරීරය පෙන්නලා...අපි ෆස්ට් ක්ලාස්...ගාලා හිනාවෙනවා...
    ඒක අපේ හැමෝටම පොදු දෙයක්...පොදු පොයින්ට් එකක්...

    ඒත් සංඛාරා සහ කර්ම දෙකම සමස්ථ සිනමාපටයම වෙනත් රටක සිනමාපටයක් වගේ....මේ දකින්නෙ අපේ රටේ කන බොන ජීවත්වෙන චරිත නෙමෙයි කියන එක හිතට යනවා...

    මං කර්ම බලා නැහැ නමුත් සිනමාපටය තුල තිබෙන දේවල් සහ කතාව තුල අපේ ගතියක් නෑ වගේ තේරෙනවා..

    ත්‍රි ඉඩියට් ඉන්ඩියන් වුනත් ඒ කතාව ඇතුලෙ අපිට දැනෙන අපේ ඇගේ වදින ගතියක් දැනෙනවා ෆිල්ම් එක පුරාවට....

    ස්ලම්ඩෝග් මිලියනර් වුනත් ඒමයි...ඒත් අපේ සුලඝ එනු පිණිස, තනි තට්ටෙන් පියාබන්න, වගේ සම්බාව්‍ය කලාව අපේ නෙමෙයි වාගෙ ලයින් එකක් දෙනවා...

    ReplyDelete
  8. නොබලපු ‍ෆිල්ම් එකක් නිසා මේක කියවලා නිහඬ වෙන්න හිතුවා.
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  9. ඔය කතාව ඔක්කොම වගේ කියනවා.

    ReplyDelete
  10. 'karma'does not deserve any review as for my view point. It's just a waste of time. What I can't understand is with all what is available to the people in the industry now why they can't achieve the class of 'Nidhanya', 'Hansa Wilak' or 'Bambaru Avith'. 'Karma' is just a crude piece of nothingness. I am fascinated these days by the piece of work done by Athula Ransirilal in Rupavahini to produce the dubbed korean film 'Sujatha Diyani'. It shows the real upbringing of a creator by a the veteran 'Titus Totawatte'

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->