Thursday, October 25, 2012

[273] සිනහවෙන් හෝ කතාවෙන් ....


සිනහව සහ කඳුලු අතර ඇත්තේ කෙස් ගස් භාගයක වෙනසකි .. මන්ද... සිනහ සෙන ගැහැණියකගේ හෝ මිනිසෙකුගේ සිනහව පිටුපස්සේ , බොහෝ හැඬුම් වැසී ගිය වෙස් මුහුණක් තිබේ. එහෙත් තවදුරටත් සිනහව හෘදයාංගම මෙන්ම අව්‍යාජද ලෙසින් දිස්වෙයි. ඒ කාරණාව පසු පස ඇත්තේ ජීවිතය අයැද සිටින නොමැරී සිටින අවශ්‍යතාවයි. එය ජීවිත ලෝභය හෝ ආශාව නොවේ. එහි ඇත්තේ , ජීවිතය හැරදා යා නොහැකි අසරණකමයි. ආත්මාර්ථකාමි හදවතක ඉපැදිය හැකි මරණිය චේතනාව යටපත් වෙන්නේ , අන් දෑස් වල කඳුලු ස්මරණය කිරීමෙනි. 

බොහෝ මිනිසුන් සිනහවන්නේ හඬන්නට බැරි කමටය . හැඬීම ප්‍රශ්න වලට පිලිතුරක් නොව, ප්‍රශ්න හමුවේ සිත දුර්වල කරන නිසාය. බොහෝ මිනිසුන් ජීවත් වන්නේද මියෙන්නට බැරි කමටය. මියෑදීම දකිනු වස් ජීවත් වන්නන්ට එතෙකින් එහා ජීවිතාශාව අහිමි වන බැවිනි. 

අසරණ හදවතින් සිනහසෙන්නවුන්ගේ සිනහව පිටුපස රැවටීමක් නැතත් හැංගීමක් දිස්වෙයි. ලෝකයට සහ ජීවිතයට , සත්‍යයට වහන් වීමේ අභිලාශය , තීව්‍ර හා සූක්ෂම දෑස් හඳුනාගනී... සිනහව අස්වාභාවික බව වැටහෙයි.  

බොහෝ සිනාසෙන්නවුන් , නිතර සිනාසෙන්නවුන් මෙන්ම දුකින් සිටින අනුන් සිනහ ගස්වන්නවුන්ගේ හදවතෙහි කොහේ හෝ පෑරුනු තුවාලයක් තිබෙයි. ඒ තුවාලයට සුව දෙන එකම බෙහෙත නම් , තමා නිසාවෙන් සිනහ නගා සතුටු වන අන් දෑසක කාන්තියයි. 

'සිනහවෙන් හෝ කතාවෙන් බෑ මනින්නට මිනිසා' යනුවෙන් ගැයෙන වදන් වල අරුත බොහෝ ගැඹුරු යයි සිතෙයි. මිනිසාගේ සිනහව හෝ ප්‍රිය කතාව අන් අයට රසඳුනකි. ඒ රසඳුන පිස පිලිගැන්වීම උදෙසා බොහෝ දහඩිය ලේ කඳුලු වැය කොට තැනූ තුනපහ අවැසි වෙයි. සිනහවත් රසැති ව්‍යංජනයක් මෙනි. බුදින්නාට එය දිව බොජුනකි. එහි එක් එක් සංඝටක සෑදෙනුයේ ඈස් කට දැවිල්ල දෙන, තිත්ත සහ ඈඹුල් රස වලින් අනූන අඩුවැඩියෙනි...  ජීවිතයෙන් බොහෝ දෑ දුක් කම්කටොලු උදුරාගන්නා සේ සිතිය හැකිය. මිනිසෙකුට උදුරාගත් සන්තුෂ්ටිය වෙනුවට ජීවිතාවබෝධය හුවමාරු වීම සහනයකි ...

30 comments:

  1. අපූර්ව සිත්තරෙකුගේ අගනා නිර්මාණයකට බොහොම ලස්සන පසු වදනක්.අපි තව තවත් ජීවිතය විනිවිද දකින්නට වෙර දරමු හැමවිටම.

    ReplyDelete
  2. සිනහා..
    කඳුළු...
    එනවා....
    යනවා...

    ReplyDelete
  3. අනේ මන්දා ජීවිතේ සෙයා කරගත්තම ආතල් එක වැඩි කියලා නේ මේ කියන්නෙ...
    ඒත් තනිව විසීමත් එක්තරා ආතල් ජනනය කරන ක්‍රියාවලියක්....

    මමනම් මාව සම්පූර්ණයෙන්ම කෙනෙක් කියවනවාට කැමති නෑ....මගේ මොකක් හරි කාටත් අල්ලන්න බැරි දෙයක් ඉතිරි වෙන්න ඕනි...ඒක මගේ ඔරිජිනිටි එක හරි මොකක් හරි වෙන්න ඕනි...

    ReplyDelete
  4. ඒකත් ඇත්ත තමා බලන් යනකොට..

    ReplyDelete
  5. Yes, of course! Smile has its own meanings,it's a light in the window of the soul, indicating that the heart is at home. So we can never explain or understand and also it may be in order to make someone’s tears disappear!
    What a deep concept behind a smile, in this post.

    ReplyDelete
  6. බොහෝ විට සිනහව මහජන සම්බන්ධතා වෙස් මුහුනකි. මේ දැන් මමම හදපු බම්පර් ස්ටිකර් එකක්! :D
    henryblogwalker (මට භිතෙන හැටි) the Dude (HeyDude) and මගේ ඩෙනිම My Blue Jeans

    ReplyDelete
  7. බොහෝ සිනාසෙන්නවුන් , නිතර සිනාසෙන්නවුන් මෙන්ම දුකින් සිටින අනුන් සිනහ ගස්වන්නවුන්ගේ හදවතෙහි කොහේ හෝ පෑරුනු තුවාලයක් තිබෙයි. ඒ තුවාලයට සුව දෙන එකම බෙහෙත නම් , තමා නිසාවෙන් සිනහ නගා සතුටු වන අන් දෑසක කාන්තියයි.

    අපූරු කියමනක් :D

    ReplyDelete
  8. මට නම් තියෙන්නේ කදුළු අතරින් ජය ගන්න වෙර දරන සිනාහාක්.
    හොඳ අදහස් ගැබ් වි ඇති ලිපියක්.
    http://manasindiviyata.blogspot.com/

    ReplyDelete
  9. ඇත්ත ඇත්ත.මං නම් හිනාවෙලා මයි ඉන්න බලන්නේ.

    ReplyDelete
  10. මටත් නිතරම හිතෙන දෙයක් අපුරුවට අකුරු කරලා . පාරේ යන එන මිනිස්සු දිහා බලල මන් කල්පනා කරන්නේ මේ මුණු යට කොතරම් දුක් කඳුළු පිරි කතාවන් වගේම සුන්දර කතාවන්ද ඇති බව

    ReplyDelete
  11. හ්ම්ම්ම්... අන් අයගේ දෑසේ කාන්තියෙන් තමන්ගේ තුවාලය සුව වීම බලන් ඉන්නකොට සුව වීම කෙසේ වෙතත් තව තව තුවාල නම් ඇතිවෙන්න පුළුවන්. මම නම් සාමන්‍යයෙන් කැමති නෑ තමන්ගේ සතුට තියෙන්නේ අන් අයගේ හැසිරීමක කියන අදහසට. අනිවාර්යයෙන්, තමන්ගේ සතුට දරුණු ලෙස කඩාබිඳ දැමිය හැකි අය අපේ ජීවිතවල ඉන්නවා. නමුත් යම් කාල සීමාවකින් පස්සේ, අපි දුක රසවිඳීම නවත්තලා, හිනාවෙන්න ඉගෙන ගන්න ඕනේ. වත්පොහොසත්කම්, තරාතිරම්, දුප්පත් පොහොසත් භේද සියලු දේ නොසලකා, සැම මනුෂ්‍යයාටම සිනහවීමට හෝ හැඬීමට හැකිවීම පිටුපස තියන ලොකුම සත්‍ය, මිනිසාගේ දුක, සතුට යනු ජීවිත මගෙහි අප එකතුකරගත් දෑ වල ප්‍රතිඵලයකට වඩා, ඒ ඒ අවස්ථාවන්හි අප මුහුණදෙන අත්දැකීම් සමග බැඳීපවතින්නක් බවයි.

    ReplyDelete
  12. මම මට කියන්න තියෙන ටික ඉංගිරිසියෙන් කිව්වට සමාවෙන්න....

    Behind the smiling faces, the happy facades are countless drops of unshed tears, the smiles are for the benefit of others because showing your tears won't do you any good. Therefore you have to show a brave front even when your heart is sobbing uncontrollabaly. that's life Dil, that's life...whoever said life is fair?....

    අපූරුයි දිල්, ඔබගේ වියුණු සටහන් වල මම බොහෝ අගයන එක් කරුණක්... ජීවිතයේ අපි නොදකින...ම්ම්, නොදකින කිව්වොත් හරියටම හරි නෑ..අපි දැක්කත් අපි හරියටම තේරුම් නොගන්නා කරුණු පිළිබඳව ඔබ කරන තියුණු විවරණිකාවන්....:) :)

    ReplyDelete
  13. හිනාව යට කඳුළු සැඟවීම තාවකාලික කාරණයක්. එයින් කවදාවත් යථාවත් ජීවිතයක් ගෙන යන්නට බැහැ, මොකද අභ්‍යන්තරයෙන් හඬා වැටෙනවිට සිනහව ව්‍යාජ බවක් ගේන නිසා. තවත් විධියකින් කිව්වොත් තමා තමාවම රවටා ගන්නා නිසා. ලෝකෙට පේන්න ඉන්නවද? මම සතුටින් ඉන්නවද? ( එතැනදි තවත් කෙනෙකුට කරදරයක් විය යුතු නැහැ. ) හිනාවෙමින් කඳුළු සඟවනවට වඩා හොඳ නැද්ද, කඳුලට හේතුව හොයා එය නැති කිරීම. අපි හැමෝගෙම කඳුළු වියලන්න ක්‍රම තියෙනවා. වැදගත්ම දේ ක්‍රමය සොයා ගැනීම අප සතුයි. අනෙක, ඔබ කියූ ලෙස ජීවිතාවබෝධය ලැබගත්තේනම්, එතැනදී කඳුළු වියැකී යායුතු නොවේද?

    ReplyDelete
  14. නලීන්

    සිතුවම නම් ගත්තෙ ගූග්ල් එකෙන්.... සිතුවම හෙවුවෙ ලියමනට පස්සෙ. ඒත් වාසනාවට වගෙ මම ලියන දේ එක්ක හිතේ ඈඳෙන පින්තූරෙම මට ලැබෙනවා සර්ච් කලාම.. ස්තූතියි ඈගයුවාට...

    ReplyDelete
  15. @තිස්ස දොඩන්ගොඩ

    ayiyaa..
    ඔවු එනවා යනවා. රැඳෙන කාලය තමා ගොඩක් දේ තීරණය කරන්නෙ...

    ReplyDelete
  16. @amila chathuranga
    .

    හ්ම්ම්.. ඔවු... ගුප්ත වීම. ඒත් සිනහවත් සමග වේදනාවන් දරාගන්න හුඟක් මූනු ගුප්ත තමයි. ඇත්ත . අපිව ලෙහෙසියෙන් කියවන්න දුන්නාම අපිව දෛනික බයිබලයක් කරගෙන පිටු පෙරලන්න ගන්න අය ඕනෑතර්ම් ඉන්නවා....
    ඒ ඇතැම් අය අහන ප්‍රශ්න ඉඳිකටු වගේ...
    ඉතීන් අපි වැලපෙනවා...
    කාගෙද වරද...
    අපේම තමයි
    ...

    ReplyDelete
  17. @Pramudi
    .
    හ්ම්ම් ඇත්ත නේන්නම් ප්‍රමුදි..
    ස්තූතියි ඇවිත් ගියාට
    ...

    ReplyDelete
  18. @Fathima Reeza
    .
    hi reeza
    thanks reeza. Im glad you read every letter I write, U not only read , you indeed READ my thoughts. well done reeza !
    cheers

    ReplyDelete
  19. @Dude
    .

    සිනහව මහජන සම්බන්දතා වෙස් මුහුණකි.. ගොඩක් ඇත්ත/ හිතන්න අපි මේ ලෝකෙ ඉන්නෙ තනියම කියලා. අපි හිනා වෙනවද නැද්ද කියා එක 'අපිට' වැදගත්ඩ? නේද? හිනහවෙන් පිරිපහදු වෙන්නෙ අනෙකාගෙ මනස නේද> ප්‍රධාන කොටම ???

    ReplyDelete
  20. @සුදු හංසි
    ,
    ස්තූතියි සුද්දි.....
    කාලෙකෙන් මේ පැත්තෙ නේහ්හ්හ් ??? :)

    ReplyDelete
  21. @ධමිමික ස‍‍දරුවන්
    .
    හිනහව කියන්නෙ ඖෂධයක්.... ඇත්තමයි...

    ReplyDelete
  22. @Bindi
    .
    ඒක තමා බින්දි අක්කා... ජීවිතේ මහ පුදුමයි. සිදුවීම් නිසා ආතුර වෙන හිත් සහ උද්දාම වෙන හිත් වහගෙන අපි හිනාව කියන වෙස් මූන දාගෙන ඉන්නවා....

    ReplyDelete
  23. @මධුරංග
    .
    ස්තූතියි කියෙව්වාට මල්ලි

    ReplyDelete
  24. @RanDil
    .
    රන්දිකා අක්කා
    ස්තූතියි හ්ම් එකක් හරි තියලා ගියාට

    ReplyDelete
  25. @තිසර
    .
    මෙන්න මේ වගෙ අදහස් අගෙයි. අප හිතන අන්තර සමබර කළ හැක්කේ ඔබ වන් අයට...
    ඇත්ත තමයි එක අතකින්. අනෙකාගෙන් හිනහව නොලැබුනොත් අපිට දුක නෙව...

    ReplyDelete
  26. @Ravi
    .
    ලොකු අයියා...
    ඔබේ කොමෙන්ට්ස් පෝස්ට් එකක් තරම්ම හරවත්...
    බලන්න්කො ඉතින්.. හිනහවට බොහෝ අර්ථකතන තියන හැටි...
    ඉතාමත්ම ස්තූතියි ලොකු අයියේ....

    ReplyDelete
  27. @Vajira Kalum Perera
    .
    මේ ඉන්නෙ අනික් ලොකු අයියත්...
    වජිරයියේ...
    සමහර කඳුලට කාරණා අපි හොඳින්ම දනිතත් වෙනස් කරන්න අපහසුයි..
    එතකොට?????

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->