[270] පරණ පොත් මතක

කලකට පසු අද මගේ නිවාඩු දවස සැබෑ නිවාඩුවක් ලෙසින්ම ගෙදර සිටියෙමි. මගේ වාසනාවට මා ඇහැරී පෑය භාගයෙන් ලයිට් ගියේය. කොම්පියුටර ෆෝන් එකී මෙකී නොකී සියල්ලන්ගේ බැටරි බැස ගොස්ය... මම නිරුත්තර වූයෙමි... 

අන්න ඒ වෙලාවේදී මට හැමදාම මා ඉඳගෙන ඉන්නා තැනින් ඔබ්බෙහි දුකින් බලා සිටි මගේ පොත් රාක්කය ඇස ගැසුනේය...  දුහුවිලි , මකුළුදැල් වලින් ආඪ්‍ය වී මා වෙත ඔරවා ඇදවී ඇඹරී තිබූ දුර්වර්න පොත් ටික මට පෙනුනේ දත් විලිස්සා ගත් රාස්සයෙකු මෙනි. 

මහත් වූ වරදකාරී හැඟීමෙන් මම මගේ පැරණි මිතු කැල අසලින් වාඩි ගෙන පොත් පත් එලියට අදිමින් මගේ පැරණි පොත් මතක අවුස්සන්නට වූයෙමි.  

දෙයියනේ ... සමහර පොත් ගත්තා පමණි. බ්ලොග් පෝස්ට් ලිව්වා පමණි. කාර්යබහුල ජීවිත මතක ගබඩාවේ පතුලෙහිවත් උහු නොරැඳී තිබිණ. මම දුහුවිල්ල නොතකා ඒ අලුත් පිට දුවිලි නාවාගත් පොත් එකිනෙක පෙරලා බලන්නට වීමි. ඇතැම්වා පසුගිය ප්‍රදර්ශනයෙන් ගත් ඒවාය. 

මම ගෙවුනු වසර දෙස බලන්නට වීමි. රැකියාව ජීවිතයම බවට පත් වීද? සියුම් වේදනාවක් දැනෙන්නට විය. 2012 පටන් ගත්තත් හරි බ්ලොග් ලිව්වේත් දෙකට දෙවාරනේදැයි සිතෙයි. පොත් කියෙවිල්ලටත් ඒ සන්තෑසියමදැයි සිතෙයි...  ඒ නිසාවෙන්ම ලයිට් යාම ආශිර්වාදයකැ‍යි සිතමින් මම පොත් රාක්කය අස් කළ යුතු යැයි සිතා ගතිමි. 

මට අනුව, මගේ පොත් රාක්කය යනු මගේ වැඩීම සටහන් කරන කාල රේඛාවයි. 

කියවීමේ මුල් අවදියෙහි අම්මා හතුගොඩ ඉස්කෝලයේ කුඩා පුස්තකාලයෙන් ගෙනා සිඟිතිගෙ බයිසිකලය සහ ගිනි කුරුල්ලා පොත් දෙක සිහියට ආවේ විදුලියක් මෙනි. ගම්පොල ගෙදර බිම බඩගාගෙන කියැවූ ඒ මිහිරි ළමා මතක අතරින් , 'මුතු බෙලි අක්කා සහ නගෝ හත් දෙනා'   , ගණිත හෝඩිය සහ පුංචි තණකොල පෙත්තා පමණක් ඉතුරුව තිබෙයි. කාගේ හෝ දෑතක වැජඹෙන මගේ පින්තූර කතා පොත අහිමි දුක වසා ගනු උදෙසා මම පසුගිය පොත් සල්පිලෙන් එය යලිත් මිලට ගතිමි. එහෙත් එදා චොකලට් බිස්කට් කමින් කියැවූ , බිස්කට් කුඩු කොන්ඩ කෑලි වැටී කහ ගැහුනු ඉරුනු ' මගේ පින්තූර කතා පොත ' යමෙකු මට ගෙනැවිත් දෙයි නම් , මා ඒ වෙනුවට පින්තූර කතා පොත් දහසක් ගෙනැවිත් දෙන්නාට තෑගි කරමි. 


දඟකාර පෙර යොවුන් වියෙහි , අහිමි වූ ගම්පොල ගෙදර මිදුලත් , නුවර පොත් කඩවල නිතරග ඇසුරත් නිසාවෙන් මගේ පුංචි පොත් ගුල කතන්දර පොත්වලින් අම්මා නොමසුරුව පිරවූවාය.  

ඒ අතුරෙන් , බස්තියන්ගෙ සොහොන, සොල්දාදු ලමයි මෙන්ම සිරිමල්ගේ වික්‍රමද නොනැවතී සිය දහස් වතාවක් කියවන්නට ඇත. මා එදා සිට මහත් ආශාවෙන් කියැවූ 'බූරු පොරය' පොත අද මා ගාව නැත. හෙවත් කා ගාව හෝ ඇත. 



ග්‍රීක මිත්‍යා කතා ගැන මෙලෝ හසරක් නොදත් මම ස්වර්නමාලියේදී 3 වසර ප්‍රවීනතාවයට තෑගි ලැබුවේ , පැන්ඩෝරාගේ පෙට්ටගම සහ අනෙක් කතා පොතය. කිසිවක් කෙරෙහි කිසිදු ප්‍රවීණ භාවයක් නොපෙන්වා , වරක් 35 ක් පමණ සිටි පන්තියේ 29 වෙනියා වූ මටද ප්‍රවීණතා තෑග්ග ලැබීම පුදුමයකි.  


කාලය විසින් මා පණ්ඩිත කෙල්ලෙකු කලාට පොත්ද වගකිය යුතුය. වයසට නුහුලන සිතුම් සිතන්නට , කතා කියන්නට ලියන්නට මා එඩිතර වූවා නම් පොත් ඊට වග උත්තර බැඳිය යුතු වෙයි.  රෑට පොත් කියවීමත් , අනෙක් උදවියට අවැසි නින්දත් සමබර කරන්නට , මම වොට් 5 නයිට් ලාම්පුවෙන් පොත් කියවන්නට ඇස සුසර කොට ගතිමි. ඇස පොට්ට වෙතැයි බැනුම් අහමින් නින්දට පෙර පොත් කියවීම තවමත් අත් නොහලෙමි.

දිරිය දරුවෝ , ගුරුසිත නොරිදවා , විය සිදුර , වටරවුම, මා හිතුවාට වඩා මනසින් මා උස් මහත් කලේය. එය ආශිර්වාදයද ශාපයද විය. එහෙත් ආශිර්වාදයටද ශාපයටද එක සේ උත්තර බඳින පොත් කෙරෙහි මම එදත් අදත් එකම සෙනෙහසින් බැඳී සිටින්නෙමි. 



 කාලය එක්තරා යුගයකදී මගේ ලෝකයෙන් පොත් ඈත් කොට තැබුවේය. ඒ යුගය මගේ විසි අට අවුරුදු කෙටි කාලයට එක්වූ අඳුරු යුගය විය. මිතුරුව සිටි පොත් වෙතින් අහක බලා පරිගණකය එතැනට පත් වූයේය... මුහුණු පොතත් ඊමේලයත් හැරුනු කොට පරිගනක මට හුරු කල අනෙක් දෙය නම් එක තැනක ඉඳගෙන සිටීමයි. පොතක් කියවද්දී පවා තැන තැන ඉඳගනිමින් බඩගාමින් ගුලි වෙමින් දිග හැරෙමින් කල හරබයට පරිගනකය ඉඩ නොදුන්නේය.   

කාලයත් සමග ගිලිහී ගිය ලිවීමත් කියවීමත් අඳුරු යුගයක අවසන සටහන් කරමින් මගේ ජීවිතයට යලිත් ආගමනය වූයේය. මම යලිත් එදා මම වීමි. හෙවත් වැඩීම නතර වූ අවුරුදු විසි දෙකෙන් තුනෙන් යලිත් වැඩෙන්නට වීමි.  මගේ පවුලයි අනෙක් සත්තුයි, වැලි කතරේ කුමාරී, මයාඩා , ඩාලියා , කාන්තාරයේ කුසුම මගේ කියවීම් පුනරාගමනය මහත් උත්කර්ශයෙන් සමරන්නට එක් වූහ. 


 අරණකට පෙම් බැඳ, අග පිපි මල් , වනපෙත අඬගසයි , සයිමන් නවගත්තේගමගේ කතා පොත් මගේ රාක්කයට පහසුවෙන් වඩින්නට වූයේය. මන්ද එකල්හි මෙන් නොව මට මාස අවසානයේදී පඩිපතක් හිමි බැවිනි. 

ජීවිතයත් පොත් සමග වැඩෙන අයුරු නරඹමින් ඒ කල්පනාවන් තුල ගිලෙමින්ම මම අද දවස පුරා පොත් රාක්ය අස් කිරීමේ ප්‍රමෝදය විඳ ගතිමි.  නැවත සකසා අවසන , කලකින් හමුව පිලිසඳරෙහි යෙදී අත් පටලා හිඳින පැරණි මිතුරියන් දෙදෙනෙකු විලසින් පොත් රාක්කයත් මාත් එකිනෙකාට මෙලෙසින් සිනහසෙමින් සිටිනයුරු මම අත් වින්දෙමි... 



19 දෙනෙක් කියූ අදහස්..:

නද්යා නෙරංජි සුලක්ඛනා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම වගේම තමයි....

Gayashan Gamlath said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

"කාලය විසින් මා පණ්ඩිත කෙල්ලෙකු කලාට පොත්ද වගකිය යුතුය"ඇත්තටම පොත් කියවද්දි අපි හිතන පතන විදිහ සම්පුර්නයෙන්ම වෙනස් වෙනව තමයි.මෙ බ්ලොග් එක ලියන්නෙ මිස් මද කියලත් හිතෙනව වෙලාවකට,මොකද මිස් පංතියෙ උගන්වද්දි අපිට හිතෙන්නෙ මිස්ට IT වලින් තොර ලොකයක් නැතිව අති කියල .ඒත් මිස්ට තියෙන්නෙ සෞන්දර්යාත්මක චින්තනයක්නෙ .මිස් දෙයක් ලියද්දි ඒක දැනෙන්නම ලියනව .:) :)

Gayashan Gamlath said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

"කාලය විසින් මා පණ්ඩිත කෙල්ලෙකු කලාට පොත්ද වගකිය යුතුය"ඇත්තටම පොත් කියවද්දි අපි හිතන පතන විදිහ සම්පුර්නයෙන්ම වෙනස් වෙනව තමයි.මෙ බ්ලොග් එක ලියන්නෙ මිස් මද කියලත් හිතෙනව වෙලාවකට,මොකද මිස් පංතියෙ උගන්වද්දි අපිට හිතෙන්නෙ මිස්ට IT වලින් තොර ලොකයක් නැතිව අති කියල .ඒත් මිස්ට තියෙන්නෙ සෞන්දර්යාත්මක චින්තනයක්නෙ .මිස් දෙයක් ලියද්දි ඒක දැනෙන්නම ලියනව .:) :)

Gayashan Gamlath said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

"කාලය විසින් මා පණ්ඩිත කෙල්ලෙකු කලාට පොත්ද වගකිය යුතුය"ඇත්තටම පොත් කියවද්දි අපි හිතන පතන විදිහ සම්පුර්නයෙන්ම වෙනස් වෙනව තමයි.මෙ බ්ලොග් එක ලියන්නෙ මිස් මද කියලත් හිතෙනව වෙලාවකට,මොකද මිස් පංතියෙ උගන්වද්දි අපිට හිතෙන්නෙ මිස්ට IT වලින් තොර ලොකයක් නැතිව අති කියල .ඒත් මිස්ට තියෙන්නෙ සෞන්දර්යාත්මක චින්තනයක්නෙ .මිස් දෙයක් ලියද්දි ඒක දැනෙන්නම ලියනව .:) :)

Ravi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

/ කාලය විසින් මා පණ්ඩිත කෙල්ලෙකු කලාට පොත්ද වගකිය යුතුය. වයසට නුහුලන සිතුම් සිතන්නට , කතා කියන්නට ලියන්නට මා එඩිතර වූවා නම් පොත් ඊට වග උත්තර බැඳිය යුතු වෙයි. /

හෙහ්, හෙහ්, ඒක නම් ඇත්තම ඇත්ත...

මගේ සම වයසේ අනෙකුත් දරු දැරියන් කිසිදු අයුරකින් නොසිතන අයුරින් සිතීමට ඔවුන් විශ්මය පත්වන අදහස් උදහස් කිසිදු චකිතයකින් තොරව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට මට තිබූ ධෛර්යයට සාකල්‍යයෙන් වගකිව යුතුවන්නේ ද මවිසින් පිස්සුවෙන් මෙන් කියවූ පොත්ය.

ජීවිතය පිළිබඳ උපේක්ෂා සහගත වීමට මෙන්ම දිවිගමන අත්විඳීමට සිදු වූ අනේක විධ දුක්ඛ දෝමනස්සයන් විඳ දරාගැන්මටද මා කියවූ පොත් මහෝපකාරි විය.ඕනෑම අනපේක්ෂිත අවස්ථාවක දී මීට පෙර එවන් අවස්ථාවකට මුහුණ දුන් හිතවතකුගේ අත්දැකීම් මගේ සිහියට ආවේය. ඒ මිතුරෝ බහුතරයක් පොත් පිටු අතර මට හමුවූවෝ වූහ.

ඔබට අනේක වාරයක් ස්තූතියි දිල් සොයුරිය...මා හදවතට ඉතාම සමීප ප්‍රස්තුතයක් පිළිබඳව මේ කෙටි සටහන අකුරු කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව....

Wasana Sewwandi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔබගේ පොත් රාකය සමඟ මමද ආදරෙන් බැඳුනෙමි.. ඇඳන් උඩ මේස උඩ යන යන හැම තැනම බලන බලන අත පෙනෙන පොත් මතක.. පොත් සුවඳ... මගේද ජීවිතයයි :)

රතු රජරට said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සතුටුයි. ගොඩක් සතුටුයි... පොත් කියවන කෙනෙක් හම්බ වුනා කියන්නේ මට හරියට කාලෙකින් ලග යාළුවෙක් මුණගැහුනා වගෙයි. දෙයියනේ සොල්දාදු ළමයි... කවරෙ දකිනකොට පුදුම සතුටක් හිතට දැනෙනවා,.... අපේ අටපට්ටම නේද ඒක ලියලා තියෙන්නෙ...?

හිරු said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මගේ ජාතියෙම තමයි.... හි හි...
වයස අවරුදු 6 වෙනකොට කතා ලියන්න පටන් ගත්තේ මේවා කියෝලා ඇතිවෙච්ච පණ්ඩිත කමට කියලා අම්මා කියන්නේ.... හැබැයි ඒ හරිම ආඩම්බරෙන්...

සෝල්දාදු ළමයි පොත දැන් නම් මුද්‍රණයේ නෑ මම හිතන්නේ.. මං ගාව කියෙන පොතේ අන්තිම පිටුව නැති වෙලා. ඒ අනිත් පොත් දෙක අදටත් කටපාඩම්..
ලංකාවේ ලේඛකයන්ගේ පොත් කීහිපය සහ පොඩි පොත් ටික ඇරෙන්න අනිත් ටික ඔක්කොම මමත් ආසම කරන ඒවා...

මගේ පවුලයි අනිත් සත්තුයි පොත ටික ටික හැමදාම අපේ මහත්තයට මම කියෝනවා.. එයා පොත් කියවනන කම්මැලියි... ඒත් එයා මං ඒ පොතේ කතා කියෝනකොට අහන් ඉන්න ආසයි...

අද මගේ කාමරේ ඔය පොත් රාක්කය විතරක් තනිවෙලා... තාත්තා උදේ හවස ඒ පොත් ටික පෙරල පෙරල බලනවා කියලා කියන්නේ අපේ මල්ලි... මම නැති පාළුව මකාගන්න තාත්තට ඉතුරු ඒ පොත් ටික තමා....

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මමත් පොඩි කාලේ සෑහෙන්න පොත් කියෙව්වා එක හුස්මට.දැන් නම් ඒක ටිකක්(ගොඩක්ද මන්දා) අඩු වෙලා ..වැඩත් එක්ක...ඒත් දැන් ආපහු පොත් ගොඩාක් ගෙනවා කියවන්න :)

රතු රජරට said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@හිරු
ඔයත් පොත් ලිව්වද? මමත්, මඩොල් දූව කියෙව්වට පස්සේ ඒ වගේම පොතක් ලියන්න ඕන වුනා. ඉතින් ලිව්වෙ නැතෑ. පොතේ නම කපුටු දූව තමයි පොතේ නම . එතකොට හතර වසරේ. හැබැයි මගේ පොත කියවපු හැටියෙ අම්මා කිව්වා මේ මඩොල් දූව කතාවනෙ කියලා.

වැසි දැරිය said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලයිසන් නැති පුස්තකාලයක් වන් අපේ ගෙදර නිසා ඇතැම් වෙලාවක මට පොත් එපා වෙනවා.නමුත් බොහෝ දුරට පොත් කියන්නේ මගෙත් ජීවි‍තේ... නැත්නම් ජීවිතේ වැදගත්ම කොටසක්.

Dhanuka said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දිල්ශාරා අක්කගෙ මේ අකුරු වැල කියවගෙන යනකොට, පොත් වල පින්තූර දකිනකොට මාවත් ලස්සන සුන්දර අතීතටය ආයෙම පාවෙලා ගියා. මුතුබෙලි අක්ක සහ නගෝ හත් දෙනා, බස්තියන්ගේ සොහොන, විය සිදුර, දිරිය දරුවෝ (මම කියවල තියෙන්නේ එච්චරයි ) මටත් කියවන්න පුරුදු කලේ මගේ අම්ම. අකුරු කියවගන්න බැරි කාලේ අම්ම පොතේ තියෙන කතාව කියල දෙනව (ඔය අතර හොරෙන්ම නොතේරෙන්න බත් කටක් දෙකකුත් කවනව ) හැබයි ඉතින් දැන් නම් පොත් ගන්න ගියාම සල්ලි නාස්ති කරනව කියල බනිනව. ඒත් මම වැඩට යනකන් ඉදල මං ගෙනපු පොත් අරගෙන කියවනව. සමහර දවසට හවස ගෙදර අවහම මට කියනව මේ පොත නම් හොඳ නෑ, මේ පොත නම් හොඳයි කියල. ඉතින් මටම හිනා. :)))

වෙන මොනව නැතත් පොත් සම්බන්දයෙන් නම් මගේ වැඩ ටිකක් විතර පිලිවෙලයි (එහෙම කියන්නෙ මගේ යාලුවො )
මම නම් මගෙ පොත් කබඩ් එක මාසෙකට දෙකකට සැරයක් අස් කරනව. මාස 4 ට විතර සැරයක් සංගනනයකුත් කරනව. ( පොත් අඩු වෙලා තියෙනවද, නැති වෙලා තියෙනවද බලන්න ) ඒ වෙලාවට පොත් ටික ඔක්කොම මගේ ඇද උඩට වඩම්මවල එකින් එක අරගෙන පෙරලල බලල, පිහදාල අපහු පිලිවෙලට කබඩ් එකෙන් තියෙනව. ඔය වැඩේට මම හරියටම දවසක් ගන්නව. ඉතිං ඒ දවසම ඉන්නෙ අමුතුම ලෝකෙක. ඒත් ඒක දිල්ශාර අක්කට වගේ ලස්සන වචන ගොඩකට පෙරලන්න මට තෙරෙන් නෑ අද මේක දැක්කේ මේ සැරේ ගත්තු පොත් ටික ලිස්ට් කරල කබඩ් එකට දැම්මට පස්සේ. එ නිසා හිතුන පොඩි කමෙන්ට් එකක් තියන්න.

හිරුහිමාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නියමයිනෙ..:)

හිරු said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

රතු රජරට.....

ලිව්වා නේන්නම්.. 10ක් විතර... 7දි විතර ලියපු එකක් තාම තියෙනවා ඇඳ ගාව ... කොහොඹ කැලේ වීරයෝ කියලා... එකේ කසිප්පු කාරයෝ ඉන්නවා, ගස් කපන හොරු ඉන්නවා, ළමයි හොරකම් කරන් පිටරටවලට විකුණන කට්ටිය ඉන්නවා... රහස් පොලිසිය ඉන්නවා.... ධ්‍යාන ලාභී හාමුදුරුවරු ඉන්නවා.. ටුවින්ස්ලා ඉන්නවා.. හි හි... ( මං මේ දැන් කල්පනා කරන්නේ ඒකෙ නැත්තේ මොක්කුද කියලා...හි හි)

ඒත් ඒ කතාවට මං තාමත් හරි ආසයි...

sanjeewa withanage said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලියන කියවන අයගෙ රික්තයක්෴ඒක සැබෑවට ඈතින් දැන් හිතනවා

තිසර said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අපේ ගෙදර, අම්මයි, තාත්තයි, මමයි, අක්කයි නංගියි ඔක්කොමලා කියවනවා... තාත්තයි මමයි නම් වැඩිය කියවන්නේ පොත් පත්තර.... කාන්තා පාර්ශවය නම් ඉතින් වල්පල් තමයි... අමල්ගේ බල්ලා කියලා පොතක් තිබ්බා... දැන් හොයාගන්නත් නැහැ...

කාන්තා පාර්ශවය කියවීමට නැඹුරු වෙනවා අඩුයි කියලා මම දැකල තියෙන්නේ... පෝස්ට් එක දාල තියන කෙනත්, කොමෙන්ට්ස් දාල තියන අයත් ගොඩක් කාන්තා පාර්ශවය වීම් ගැන සතුටුයි

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Woω that wаs оԁd. I just
wrοtе an іncrеdіbly long comment but afteг
I сlicκеd submit my сomment didn't show up. Grrrr... well I'm not wгiting all that over again.
Regardleѕѕ, juѕt wаnted to say
wоnderful blοg!
Here is my webpage ; deal dash

තුෂාර said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලස්සනයි...
අක්ක/ටීච භාෂාව හසුරුවන විධියට හරි කැමතියි

kasun said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Nice to find a person who loves / loved reading...i accidentally found this page while looking for the book ''දිරිය දරුවෝ'' which i read long time ago (in grade 5-7 period) and had for years and missing for about a decade...i suddenly rembered it out of blue moon while studying my uni exam...if you do not mind can you please let me know a place to buy it.(as i remember i bought it from Gunasena sooo many years ago)...To be honest i got a long list of books i have lost from my personal library...:D...thanks lot and i really do expect a reply from you.....(kasunrambuk@gmail.com)

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->