"උඹ නම් මහ වසංගතයක්!, "
"මොකක්?"
"ගැලවිල්ලක් නැහැ. කතා නොකර ඉන්න හැම වෙලාවෙම හිතෙන්නෙම කතා කරන්ඩ. කතා කරන හැම වෙලාවෙම හිතෙන්නෙ අම්මේ මට ගැලවිල්ලක් නැද්ද කියලා"
"ඇයි මම මක් කලාටද?"
"මහ තුවක්කුවක්. කොටින්ම හෙන වදයක්"
"ඉතින් තියනවකෝ ෆෝන් එක. මට වද දෙන්නේ මොකද කෝල් කර කර? "
"මට ඕනෙ නිසා.. "
"ඔයාට මාව ඕනෙ නැහැ.. මම යනවා.. ආයිත් එන්න එපා පැත්ත පලාතෙ"
" එහෙම කොහොම යන්නද.? මගෙන් ගැලවිලා.! "
__
" නංගි මේක ආදරයක්ද .? දැන් මට කියන්නෙ මේක ප්‍රේමයක් හරි වෙන මොකක් හරි එකක් හරි කියල පිලිගන්ඩ කියලද? "
මට හොඳටම තරහ ගිහින් ඒ පාර. ඇයි වදේ තරහ යන්නෙ නැද්ද, මේවා පෙම්වත්තු කියාගන්න එව්වාද? මේකටද ආදරේ කියන්නෙ. ආදරේට නිර්වචන නැති උනාට.
'නෑ අක්කෙ. අපි ලවර්ස්ලා නෙවෙයි"
එයා බබා වගෙ නලවලා එහෙම කියනවා.මගෙ තරහ දෙගුණ උනා.
"මොකක් කිව්වා?,
එහෙනම්
මක්කුද? අසල්වැසියොද? සහෝදර ප්‍රේමයද? නගා මම කියල තියනව නේ. ඕනෙ එකක්
කියන්ඩ ඔය සහෝදර ප්‍රේමෙ නැතුව. හරිද? ලෝකෙ තියන භයානකම ප්‍රේම දෙකෙන් එකක්
ඕක. අනික තමා දේශප්‍රේමය ! "
මම මගේ පණ්ඩිත වදන් දෙසා බෑවා. ඈගෙ මුහුණෙ පල උනේ වෙහෙසකර පෙනුමක් . හරියට, 'මට ඔයාගෙ බණ එපා' වගෙ පෙනුමක්. ඒ නිසා මම කට වහ ගත්තා. ඇත්තටම ඇගෙ වෙහෙස දැක්කම මගෙ තරහ නිවුනා.
'හරි, දැන් මොකක්ද කාරණේ'
'මන්දා අක්කේ... එයා මට කැමතිලු. මාත් ඉතින් කැමතියි තමා.. අනේ මන්දා. ඒත්... එයාගෙ අම්මලාට මම ගැන කිව්වොත් මාව එපාම එපා කියයිලු, ඒ නිසා කවදාවත් මේක වෙන්නෙ නෑලු '
'ඇහ්?'
ඒපාර කට උත්තර නැති උනෙ මට. ඒත් ඒ අන්තිම ප්‍රකාශෙට හේතු මට ඇගෙන් අහන්න උවමනාවක් තිබ්බෙ නැහැ. එය ඈ එක පිට එක, වරින් වර, ඉවරයක් නැතුව වේදනා වින්ද එකම කතාව . හ්ම්ම්ම්.... ආයිමත් පරණ ටේප් එක එහෙනම්. එකෙ මට ආයිත් ඇගෙන් අහගන්න දෙයක් තිබ්බෙ නැහැ. ඔය පොදු දෙබස් ඇගෙ කටින්ම මම අහලා ඇගෙ හිත පාරවන්න මට ඕනෙ වුනෙ නෑ.
'ඇයි එයා එහෙනම් මුලින්... .... ම්ම්ම්ම්... එහෙනම් ඇයි ඔය දෙන්නා... තවත්.... අනේ මන්දා නගේ..'
මට අතරින් පතර තෙරුමක් නැතුව කියාගන්න පුලුවන් උනේ ඔය ටික විතරයි.
'ඒක තමා අක්කේ. ජීවිතේ හැටි තමයි.'
"නගේ අහල තියනව නේද ඉසිදාසි? ඉසිදාසි හිතන දේ ඔයාත් මේ වෙලාවෙ හිතනවා ඇති. ඔයාට මතක නේද මම ඒක පෙන්නුවා ඔයාට?"
මම මාස කීපෙකට කලින් අතීතෙ ආයිත් ඈට මතක් කලා. එදා ඒ කතාව පෙන්වද්දිත් අදත් , මේ වුනු දෙබස් දෙකෙ වැඩි වෙනසක් නැහැ.
'හ්ම්ම්... ඔව් අක්ක. ' ඇය ලොකු කල්පනාවක. මම කියන දේ නෙවෙයි, වෙන දෙයක් ඔලුවෙ වැඩ කරන බව මට දැනුනා.
'හරි, මොකක්ද දැන් ඔයාගෙ තීරණේ??'
'තීරණයක් නැහැ අක්ක. මේ ඉන්න තාලෙට ජීවත් වෙනවා. වෙන උත්තරයක් නැහැනෙ. '
'ඒක හරියාවිද? ඔයා ඔයාගෙ දෛවය වෙනස් කරගන්න ලෑස්ති නැද්ද? '
'අක්කෙ වෙනස් වෙනවය කිය කියා අලුතෙන් හිත හිතා ප්ලෑන් ගැහුවට , කවුද දන්නෙ මේකද කියලා මගෙ දෛවය??'
'අනේ මේ... විකාර. කවුද ඌද කිව්වෙ ඒක? " මම තරහින් කියාගෙන යන්නට වුනා..
'නංගි, මම කියන්නෙ එක දෙයයි. ජීවිතේ හදා ගන්න. ඔයා ගහක එතෙන ලතාවක්
වෙන්න එපා නගා. ගහක් වෙන්න බලන්න. ඒත් පොල් ගහක් වගෙ උඩට යන දරදඬු ගහක්
නෙවෙයි. ශක්තිමත් ගැහැණු ගහක් වෙන්න. කවදාවත්ම පිරිමියෙක් වගෙ රළු වෙන්න එපා.මම
දන්නවා ඔයා එහෙම වෙන්නෙත් නැහැ. ඒත් කොයි වෙලෙත් ගහක එතෙන්න බලන් ඉන්න
වැලක් වගෙ වෙන්න එපා. පොඩි පැලයක් වෙන්න.
හෙවණට ලොකු පිරිමි ගහක් නැති උනත් , ඔයා ශක්තිමත්ව කෙලින් වැඩෙද්දි,
ඔයාගෙ අතුපතර හරි ඔයාට හෙවණ දෙයි. ගහට ගහක් හම්බ වුනොත් , ඔයාට පුලුවන් ඒ
ගස් හෙවණෙ වැඩෙන ලස්සන පොඩි ගැහැණු පැලෑටියක් වෙන්න. වෙච්චි අතීතෙට ඔරොප්පුවට , පිරිමි ගස් පරද්දන්න උස යන්න ට්‍රයි
කරන්න එපා නගා. ඒ ගස් කොහොමත් අපිට වඩා උසයි, ශක්තිමත් . ඒත් හෙවණ වෙන්න හරි ගහක් නැති තාක්
වැලක් වගෙ ගහක එතෙන්න යන්න එපා. ගස් එමට තියනවා. පොඩි පැලයක් වගෙ
වැඩෙන්න හෙමීට ... ගහක් නැතත් ඔයාට පුලුවන් හෙමීට උස යන්න. . '
ඇය මොනවා නැතත් මගෙ අපබ්‍රංශ වචන වලට කවදාවත් පෙරලා පහර ගහන්නෙ නැති නිසා මම ආයිමත් පුරුදු බණෙන් ටිකක් කීවා..
'මට තේරෙනවා අක්කෙ. මම උත්සහ කරනවා, මම දන්නවා හැම වෙලෙම ඔයා මට මේක කියනවා'
'අහන් හිටියට මදි, හැදෙන්න නංගි , තව සැරයක් මට මේ වගෙ අපබ්‍රංස සීනිබෝල දෙබස් කිය කියා , මේක ලව් කියලා නිර්වචනය කරන්නෙ නැතුව.. මහ පොළවෙ ඉන්න. කවදාවත් ෆැන්ටසියට ලෝබ වෙන්න එපා. '
මම කිව්වා සැර වැඩි ඇති. මට හිතෙනවා එහෙම. ඒත් ඈට තියෙන හිතවත්කම නිසාම මම මේ ටික කිව්ව බව , මේ බ්ලොග් එකත් නිතර ඈ කියවා යන නිසා, මේක කියවද්දි ඈ දැන ගනීවි.
ඈ එදත් වෙනද වගේම 'මම යනව අක්කේ, ගුඩ් නයිට්' කියාගෙන අන්තර්ජාලයෙන් සමුගනිද්දී මගෙ හිස ඇතුලේ නින්නාද උනා යමක්... මොන එකකටද මන්දා , මේ ගීතය අහන හැම වෙලාවෙම මට සිහිවෙන්නෙ ඇයව.
සුලං කපොල්ලේ - තැනූ කැදැල්ලේ
කෑලි කැඩී බිඳී වැටේ නිල් කඳු රැල්ලේ..
කූඩු කැඩී තැන තැන ගිය පුංචි කිරිල්ලී -
දැන් ඔබ ලඟ සිටී රුවක් විලස නොසෙල්ලී
යොදුන් ගණන් ඔබම සොයා ආ සියුමැල්ලී -
පිලිගනු ඈ කොහි යන්ටද නැවත ඉගිල්ලී ?
ඇයට මවක් පියෙක් නොමැත සිතිජ වළල්ලේ -
කඳුල පමණි ඇයට උරුම දවස මුළුල්ලේ
ඔබ තනිකඩ කුරුළු රජෙකි වෙසෙන නිදැල්ලේ -
ඇයට ලැගුම් දෙන්න සබඳ ඔබේ කැදැල්ලේ..
~
ඇය හරියට ඉසිදාසි වගේ... ඉසිදාසිට මොන අඩුවක්ද? නැහැ, ඔව්, එක අඩුවක්, ඒකට හේතුව අහේතුව වෙන්න ඕනෙ. ඇය ගැන හිතෙන් මේ ගීය ප්‍රාර්ථනා කල වාර මතක් කරමින් මම නිහඬ වෙන්නම්. ඒ හැරෙන්නට මට කළ හැකි යමක් නැහැ.
සෑම දෙයක් තුලම සතුට තියෙනවා. හැමේ දේකම. ඒත් ඒක අපිට හොයා ගන්න අමාරුයි. ඒ දේ හොයා ගත්ත දවසට ..........................................................
ReplyDeleteශික් මගෙ ලැප් එකේ කීබෝඩ් එක වෙනස් නෙ......!!!
ReplyDeleteහෙටම ගිහිල්ල හදාගන්න ඕනෙ..
මෙහෙ තියෙන්නෙ ඉතින් රට ඉදි ගස් විතරයි නෙ මමත් ඒ වගේ ගහක් වෙනව :D
නියම අදහසක්. සිංදුවත් එක්ක හොඳටම ගැලපෙනවා වගේ හිතෙනවා මටත්.
ReplyDeleteකම්මැලිකමක් නැතුවම කියෙව්වා..:)
ReplyDeleteඅපෝ ඔය සහෝදර ප්‍රේම ගැන සුරංගනා කතා නම් මමත් දැකල තියනව. ඒ කිසි දෙයක් හොඳින් නම් ඉවර වුණේ නෑ.
ReplyDeleteඑක හුස්මට කියෙව්ව.
ඒ ගීතයත් ගොඩක් ලස්සනයි. ආසයි මම
සිංදුවට ගැලපෙන හරි අපූරු අදහසක්..
ReplyDeleteඅන්තිම ෆොටොවටත් හිත මාරම විදිහට ඇදිලා ගියා..
හ්ම්........
ReplyDeleteනෑ එපා.. ඇයි ඇයට කාගෙවත් කැදැල්ලක ලැගුම් දෙන්න කියන්නේ.. කොයි තරම් කාලෙකටද .. නිදැල්ලේ වෙසෙන කුරුල්ලා ඒ කැදැල්ල අතෑරල යන්න ගියපු දවසක .. ඇය ආයෙම තනිවෙනවා නේද ... ඇයට කියන්න ඇගේම කැදැල්ලක් හදාගන්න කියලා, ඕනම නම් තනිකඩ කුරුලු රජාට ඇවිදින් ඇගේ කැදැල්ලේ නවතින්න කියන්න :/
ReplyDeleteහිතන්න දේ බොහොමයි.....
ReplyDelete//මන්දා අක්කේ... එයා මට කැමතිලු. මාත් ඉතින් කැමතියි තමා.. අනේ මන්දා. ඒත්... එයාගෙ අම්මලාට මම ගැන කිව්වොත් මාව එපාම එපා කියයිලු, ඒ නිසා කවදාවත් මේක වෙන්නෙ නෑලු //
ReplyDeleteපරණ දෙබසක්....:)))
ඔය කේස්වලට අවවාද දෙනවට වඩා හොදයි වෙනවැඩක් කරනවා ඒ වෙලාවේ.
ReplyDeleteලස්සන අදහස්ටික හොදේ....
මම ආසම කරන සින්දුවක්
ReplyDeleteදැන් ටිකකට කලින් අන්තර්ජාලෙම කියෙව්ව දෙයක්...
ReplyDeleteIf your happiness depends on what somebody else does, you do have a pretty big problem...
අතු පතර විහිඳුන බිමට නැමුණ ගහක්....... හ්ම්ම්ම්.......
ReplyDeleteමන් කල්පනා කලේ කවුද මේ නංගී කියලා. :D
ReplyDeleteඔයාගේ උපදෙස් නම් බොහොම වටිනවා. ගීතයත් ලස්සනයි. කුරුල්ලට කරන යෝජනාව, කුරුල්ලගෙ පැත්තෙන් බලනකොට සමහර විට ටිකක් අසාදරනයි ද කියලත් හිතෙනවා. කිරිල්ලි අර කොන්ඩ කිරිල්ලියෝ වගේ වලියට බරද දන්නැහැනේ. අර පින්තුරේ තියන ලස්සන ලොකු ගහ යට එක පොඩි ගහකටවත් හැදෙන්න දීල නැහැනේ. ඒකෙත් හැටි බලන්නකෝ.
ReplyDeleteකොයි වෙලෙත් ගහක එතෙන්න බලන් ඉන්න වැලක් වගෙ වෙන්න එපා. පොඩි පැලයක් වෙන්න. // අනිවා,, මටත් නංගියෙක් හිටිය නම් දෙන්න තියන හොදම උපදෙස...
ReplyDelete