[258] සාංකාව සහ සමනල්ලු

පෙම්වතෙකුට , මම මේ කිව්වේ සරල සුගම පෙම්වතෙකුට තිබෙන එක් පොඩි සිහිනයක් වෙයි. මුලදී පොඩි පොඩි සිහි කැඳවීම් වලින් පටන් ගෙන , මේ සිහිනය  බරපතල සික්නස් (sickness)  එකක් තරම්ම නරක් වෙන්නේ ප්‍රේමයේ මුල්ම දවස් වලටය. ඒ සික්නස් එක නම් , පෙම්වතිය ලඟ නැතිවීමෙන් හැදෙන සාංකා තත්වයය. ඩෙංගු මැලේරියා බරවා තරම්ම ශාරීරිකව බරපතල නොවුනත් මේ රෝගය මානසිකව නම් යම් බලපැමක් කරයි. රස්සාව බකල් වෙන තරමට, කන්න බොන්න බැරි වෙන තරමට මේ ලෙඩේ විටින් විට කොල්ලාගේත් කෙල්ලගේත් හිත් දුකෙන් බර කරවයි.


ඉතින් හූල්ල හූල්ලා සතියක් මාසයක් ,එක්කෝ අවුරුද්දක් දෙකක්... රටේ ලෝකේ පෙම්වතුන්ගෙන් අටෙන් පහක් විතරම කල්පනාවෙන් බරව ජීවත් වෙන්නෝය. (පෙම්වතුන් කියන කුලකයෙන් මම මැරීඩ් අයව පොඩ්ඩකට අයින් කලාම තමා ඔය ප්‍රතිශතය ගනන් හැදෙන්නේ) :) :)


එක්තරා රටක එක්තරා ගමක කොල්ලෙකුත් කෙල්ලෙකුත් සිටියෝය. මේ කොල්ලා ‍රැකියාව කරන්නේ නගරයේය. ඒ නගරේ ගොඩක් දුරය. ඒක නගරයක් උනාට සමනල්ලු සිටිති. (සමනල්ලු නැත්තේ කොයි නගරයේද නේද?) . කොල්ලාගේ කෙල්ල ඉන්න ගමේත් සමනල්ලු සිටිනවාය. ඒත් මේ දෙන්නාට කොලුවා ගම එන තුරුම දකින්නට නම් ලැබෙන්නේ නැත (සතියකට පාරක් වගේ). ඒත් සමනලයින්ට එහෙම නැත. ඇඟේ හැප්පි හැප්පී , එති එතී , කිචි කවමින් , හුරතල් වෙමින්, ඉඳහිට නෝක්කාඩු කියමින්, අමනාපයෙන් ඈත් වෙමින්, ආයිත් ලං වෙමින් සමනලයින් පෙම් සුව විඳින සැටි පෙනෙන  කොට , නගරයේ ගිනි ගහන අවුවේ (මම හිතන්නේ මේ කාලයේ ලයි‍ටුත් නැතුව) රස්සාව කරන කොල්ලාට හිතෙන්නේ මේ වගේය.  මේක නම් තනිකරම ඉරිසියාව මිස වෙන කුමක්ද?






නුඹේ පෙම් ලෝකේ - සුවේ විඳින සමනල් යාලුවේ
මටත් පෙම්වන්තී - ලඟින් ඉන්න ඇත්නම් ඔය වගේ
නුඹලාට වාගේ නෑ - බාධා අනන්තයි
වැටකඩොලු සීමා මායිම් බොහෝමයි
හමුවෙන්න වත් නෑ නිදහසේ...



කොල්ලෙකුට ආදරවන්තිය ඉස්සරහා වීරයත්වය පෙන්වීම එක්තරා හීනයක් වෙන්නට ඕනේය. කෙල්ලගේ ලෝකයේ ඉන්නා වීරවරයා තම සැමියා බව ඈ පිලිගන්නේ නම් එය තරම් කොල්ලෙකුට වටිනා අන් දෙයක් තිබිය හැකිද? නොදන්නෙමි. මම කොල්ලෙක් නොවෙමි.. :)


ප්‍රිය සාදයේදී මා ගී ගයද්දී - ඈ ඉන්නවා නම් ලඟ හොඳයි
ක්‍රීඩා ලොවේදී මා ජය ලබද්දී - ඈ දකිනවා නම් හරි අගෙයි
ඒත් කෝ නෑනේ.. අනෙ තවත් නෑනේ..
ලැබුනෙ නෑ අවසරේ - නුඹ ලඟින් නෑ මගේ.. 
 
 
හැම පෙම්වතෙකුටම මේ සරල සුන්දර සිහින තිබෙනවාමය. මේ පෙම්වතා කොච්චර බරපතල පෙම්වතෙකු වුවත් , මොන තරාතිරමේ එකෙකු වුවත් , හැම පෙම්වතාටම හිතෙන ආදර හීන මෙතන තිබෙනවාය. ඒ හීන ඇතැම්විට නොදැක ඉන්න බැරි තරම් හිත පෙලන්නට ගන්නා විට මේ වගේ ගීත ලියවෙනවා වෙන්නට ඕනේය. ඒ ගීත ඇහෙද්දී සැබවින්ම පෙම්වතුන්ට හීල්ලෙනවා විය යුතුය. අනේ මන්දා එහෙම නැතිනම්... .. මන්දා..ය.. :) :)

සති අන්තයේදී සිනමා හලේදී - හමු වන්න ඇත්නම් මා ප්‍රියේ
ඉර බසින යාමේ මුදු සුමුදු වෙරළේ - පෙම් ගී ගයන්නම් ආදරෙන්
හෝ හෝ  කෝ නෑනේ.. අනෙ තවත් නෑනේ..
ආවෙ නෑ ඈ අනේ, තනිව මා මගෙ ලොවේ..

 
 සංගීත් විජේසූරියගේ මුවින් නිරායාසයෙන් ගලා එන අපූර්ව කෙලිලොල් කටහඬ මවන්නේ අලංකාර චිත්ත රූපයකි. මට නම් මැවෙන්නේම දඟකාර සොඳුරු යෞවනයෙකි. හුරතල් සමනලුන් දෙදෙනෙකුගේ දෙස බලමින් පෙම්වන්තිය සමග මොහොතකට මනසින් ලංවී ඉගිලෙන පෙම්වතෙකි. ඒ පෙම්වතාට සමනලුන්ට තියෙන උවදුරු මතක නැතිය. ඒ ප්‍රේමයේ හැටිය. 

කොටින්ම එක ගාව ඈලි ඇලී වෙලි වෙලී ඉන්ඩ තියෙනවා නම් , වට්ටක්කා නැට්ටක් උඩ උනත් කමක් නැතිවා වගේ තමාය. !!!!



සැබවින්ම මේ සොඳුරු සරල ගීයකි. එහෙත් ඔබට දැනුනාද? මෙහි ඇති අව්‍යාජ සුන්දර බව? සරලත්වය. ගීයක මුසු විය යුතු රිද්මයෙහි තිබෙන සුමට බව? සංගීත්ගේ කටහඬින් මැවෙන සොඳුරු ආදරයේ චමත්කාරය පිටිපස්සෙන් මේ අරුතෙහි දුවන්නේ තනිකරම ඇඬියාවක් බව දැනුනාද? එය නොදැනෙන්නට , දුකෙහි සුන්දරත්වය ඉස්මතු වන්නේ හරියට කුඩා පැලැටියක් නිසි නින්දේ හෙමීට වැඩෙන වේගයෙනි.. ගීයක චමත්කාරය මට දැනෙන්නේ අරුතෙනි. අරුත මවන කටහඬෙනි. හඬෙන් මැවෙන ලාලිත්‍යයෙනි. සංගීතයට සංගීත්ව අතික්‍රමණය කළ නොහැකි වන්නේ එනිසාය. ටකරං සංගීතයෙන් පලුදු වහන්නට තරම් සංගීත්ගේ හඬ බාල නැතිය.


අපිට මීට දශකයකට කලින් තිබ්බේ අන්න එහෙම සංගීතයකි. බෙලෙක් සද්ද , ‍රැප් හෝ, ගෑණු හඬින් ගයන පිරිමි ස්වරාල අනවශ්‍ය වූ රටක අද තැනෙන්නේ බෙලෙක් සද්ද මැදින් ඇහෙන හඬක් හා වචනයක් දෙකක්ය. ගලන ගඟක් වාගේ සුමට ගීත අද හැදෙන්නේ කොහේදැයි මා දන්නේ නැත.


මේ ගීයට මා පෙම් බඳින්නේ වසර අටක පමණ කාලයක සිටය. ආදර හැඟුම් බෙදාගන්නට පෙම්වතිය ලඟ නැති එක බළල් අඳෝනාවක් ලෙස නොව , දඟකාර ආශාවන්ගෙන් පරිමිත සොඳුරු ආශාවන් සුසැදි  ගීයක් කොට සංගීත් තවමත් ගයන්නේය. සංගීතයට අතික්‍රමණය කළ නොහැකි වූ එම අරුත හා හඬට එදා බැඳි පෙම මට අදත් එලෙසින්ම දැනෙන්නේය.


ගීතය අහන්න මෙතනට යන්න 

21 දෙනෙක් කියූ අදහස්..:

Nadun Herath said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලස්සනට පෙහැදිලි කරලා :)

සුපර් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අහන ගමන්ම කියෙව්වෙමි...........

මාත් කොල්ලෙක්නේ ඉතිං ..... :D :D :D

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ස්තූති ස්තූති :) :)

Weni said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Man lannga oya CD ekama thiyenawaa. Searama sindhu walata kemathee sangeeth ge...

ලකී සිරි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇත්ත...දැන් ඉතින් අහන්න එපා කොයි ටිකද ඇත්ත කියලා..

Dinesh said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සින්දුවට කතාවාපූරුවට ගලපලා..

හිරුහිමාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

niyamaaaaaaaaaai :)

මධුරංග said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම ආසම ගීයක්... සංගීත් ගේ ලමාතැනි කියන ගීයටත් මම මාර ලයික් !

amila chathuranga said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පෙම්වතිය හැමදාකටම වාසනාවන්ත මහාර්ඝ වස්තුවක් වන්නේ නෑ..වෙලාවකට හිතෙනවා මොන මල කරදරයක්ද මේ කියාල... අපිට ලංකාවෙ තියෙන්නෙ රාමුගත පේම කලාවක්...

ඒකෙ විවිධත්වය අඩුයි..බොහෝවිට බඳිනකල්ම අපිට දිග ටිප් එකක් යන්ට ලැබෙන්නෙ නෑ... දුර ඈත කන්දක් උඩට ගිහින් සීතලේ මෙව්වා වෙන්න ලැබෙන්න ලැබෙන්නේ නෑ...

පුංචි එකී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇත්ත කතාව සංසාරී..මමත් අහවල් දශකයේ ගීත විතරක් අහනවා කියල රසවින්දනේට බාධක දාගත්තු මනුස්සයෙක් නෙවෙයි.තේරුමක් තියෙනව නම්,අහන් ඉන්න පුළුවන් නම් මං කොයි සින්දුව වුණත් අහනව.මේක අමතක වෙලා තිබුණෙ..ස්තූති මතක් කළාට!

රොබින් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අහිංසක පෙම්වතෙක්ගේ හිතේ තියෙන අහිංසක සිතිවිල්ලක් ...

චතුරංග කසුන් බමුණුසිංහ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලස්සන විස්තරේ...!!!

නිසුපා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සින්දුව අහලා නෑ.ඒත් කතාවනම් 100%. හැබැයි මං දන්නෙ ගෑණු ලමයගෙ පැත්තෙන්.කොල්ලන්ට කොච්චර ප්‍රමාණෙකට ඔහොම හිතෙනවාද කියලා දන්නෙ නෑ.

Ravi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

/ රටේ ලෝකේ පෙම්වතුන්ගෙන් අටෙන් පහක් විතරම කල්පනාවෙන් බරව ජීවත් වෙන්නෝය. (පෙම්වතුන් කියන කුලකයෙන් මම මැරීඩ් අයව පොඩ්ඩකට අයින් කලාම තමා ඔය ප්‍රතිශතය ගනන් හැදෙන්නේ) :) :) /

මේ දිලෝ දත්ත ඉදිරිපත් කරනකොට මූලාශ්‍ර සඳහන් කරපන් හරිය?...උඹ ඔහොම වෙන්ට ඇති ඔය තීසිස්, බීසීස්, ර්‍රිසර්ච් පේපර් බේපර් දෙනකොටත් කලේ.....අම්මප උඹලවත් පාස් කොරන එවුන්ට තමා මඩු වලිගෙං තලන්ට ඕමනා..

මෙන්න දිලාගෙ නවතම සොයා ගැනීම්.....

1.පෙම්වතුගෙන් අටෙන් පහක් අවිවාහක වන අතර කල්පනාවෙන් බරව ජීවිත් වන්නෝය.

2. ඉතිරි අටෙන් තුන විවාහකයින් වන අතර ඔවුන් කල්පනා නොකරති.

අනෙ අම්මප මෙව්ව කියන ලස්සන.....කටේ තොලේ නොගෑවී....

හරි දත්ත පිළිබඳ ඒ ඇති...දැන් සිංදුව ගැන....සංගීත් හොඳ කටහඬක් තියන දක්ෂයෙක් බව ඇත්ත. ඒත් කාලෙකට ඉස්සර මිනිහා සංගීත ලෝකෙට පිවිසුනු මුල් කාලෙ මහ කැත වැඩක් කලා..." රඟ හල දැන් ඇත අඩ අඳුරේ " ගීතය මුල් ගායකයා..විජේරත්න වරකාගොඩගේ කිසිම අවසරයකින් තොරව ගායනා කරලා කැසට් එකක් නිකුත් කලා. එදයින් පස්සෙ මම මිනිහගෙ සිංදු අහන එක අතෑරල දැම්මා.

උඹේ මේ වියමණ කොච්චර චිත්තාකර්ෂණීයද කියනව නම් මෙච්චර කල් නාහපු සංගීත්ගෙ මේ ගීතය අහන්ට මාව පෙලඹෙව්වා. හෙහ්, හෙහ්,

අපූරුයි දිල්....ගීතය වගේම උඹේ වදන් තේරීම ඒ සමඟම පෙළගැස්වීම ආසාත්මිකයි...හෙහ්, සොරි සොරි ආසාත්මිකයි කියන්නෙ Allergic කියන එකනෙ. මට කියන්න ඕන කලේ ආකාස්මිකයි කියල.

Pasan said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනේ මන්දා මෙව්වා..... මට විකාරමයි හිතෙන්නෙ..
කොලොම්පරේ නුඹ ඉන්නා ඉසව්වේ... කරිල්ලියෝ ඉගිලෙනවද නිදැල්ලේ...
මං හරි ආසයි ඒ සිංදුවට..:-D

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

Niyamai .... :D

Beetle said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හොඳ සමනලයෙක් :D

හිතුවක්කාරි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හරිම ලස්සනයි!!! අපූරුයි අක්කා අදහස් ගලපලා තියෙනවා...

Pisakkaatuwa said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ගීතයේ වටිනාකම ගොඩක් වැඩිවෙලා ඔයාගේ පොස්ට් එකෙන්. ලස්සනයි.

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

My accomplice and I really loved reading this weblog post, I was just itching to know do you commerce featured posts? I'm always trying to find somebody to make trades with and merely thought I might ask.

දගකාරී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කොටින්ම එක ගාව ඈලි ඇලී වෙලි වෙලී ඉන්ඩ තියෙනවා නම් , වට්ටක්කා නැට්ටක් උඩ උනත් කමක් නැතිවා වගේ තමාය.ඩී

ඇත්තමට සුන්දර ගීයක්...විස්තරේ කියවලා ගීතය ඇහුවම ඒක වඩාත් හිතට සංවේදි වෙනවා

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->