[252] 2012 පෙරහුරු පොත් රස්තියාදුව

ජීවත් වෙච්චි අවුරුදු ගණනාවේ වෙනස් නොවී එක දිගට තිබ්බ එකම දේ හැටියට මට මතක් වෙන ලොකුම ආසාව තමා පොත්. පොතක් නැතුව ගෙවිච්චි එක දවසක්වත් ජීවිතෙ තිබ්බෙ නැතිව ඇති. අනික තමයි අනෙක් කොයි දේ මිලට ගන්න ගියත් දෙපාරක් හිතන පුරුද්දක් තිබ්බත් පොත් කියන මාතෘකාවෙදි නම් මම හරියට වියදම් කරන්නෙ කිසිම පසුතැවීමක් නැතුව. ඒක ආවෙ අපෙ අම්මගෙන් වෙන්න පුලුවන්. පොඩි කාලෙ උනත් අනික් කොයි දේ අරන් දෙන්න ගියත් දාහක් ප්‍රශ්න අහලා , කිරලා මැනලා අරන් දෙන අපෙ අම්මා පොත් නම් , බස් ගාස්තුව දෙන්නට ඉතුරු කරගෙන ඉතුරු හැම සතෙන්ම පොත් අරන් දෙන්න පසුබට උනේ නැහැ.

මතකනෙ ගිය අවුරුද්දෙ පොත් රස්තියාදුව. 1,2,3 මෙන්න තියෙන්නෙ. ඒ මදිවට තඩිපොත් බෑග් එක නිසාවෙන් අඳුනගත්තු ඩේවිඩ් අන්කල්? මතක නැතිනම් බලන්නකො.

ඉතින් සැප්තැම්බරයට එන පොත් වසන්තයට කලින් නුවරට එනවනේ මිනි සයිස් (මම කිව්වෙ පොඩි සයිස්) වසන්තයක්. මහනුවර පොත් ප්‍රදර්ශනය බලන්න ඊයේ හනික සිටි සෙන්ටර් එකෙ ඉහලම මාලෙට ගොඩ උනේ නිකම් නැයො බලන්න යන්නා වගෙ හිතවත් හැඟීමෙන්.
 

ඉස් ඉස්සෙල්ලම විදර්ශනා එකට ගෑ‍ටුවෙ , කොයිකටත් එතනින් පටන් ගන්න එක පසුම්බියට සහ හිතා හොඳ නිසා. ඒක තමයි මගෙ ප්‍රියතම තැන. මම හොයන ජාතියෙ පොත් හොයල දෙන්න ඒ අක්කටත් පුලුවනි හොඳට. එතනින් එහාට නම් ඉතින් ඉබාගාතේ තමයි. පොත් රාක්ක , පොත් පුසුඹ, පොත් පොත් පොත්... කොයි අත බැලුවත් හිතවත්තු. ඒ කිව්වෙ පොත්.

රස්තියාදුවෙ යනව නම් හොඳම තනියම යන එක කියන  වාක්‍යය මම අදහන කරුනක්. හොඳටම ඉබාගාතේ යන්න හැකි වෙන්නෙ එතකොටනෙ. ඒ මදිවාට හිතෙන තැනකදි නවතින්න. හිතෙන තැනකදි ඉඳගෙන ඉන්න, හිතෙන වෙලාවට එකම සාප්පුවට ආයි ආයිත් උනත් ගොඩ වෙන්න වගෙ විකාර කරන්න පුලුවන් වෙන්නෙ තනියම යද්දි. මම නම් පොත් චාරිකං ඒක චරං තමා. නැතිනම් මගෙ යාලුවන්ට පණ එපා වෙයි මාත් එක්ක යන්න.

ඉතින් ඊයෙ පොකැට් එක එච්චර සරුත් නැහැ. ඒ මදිවාට පහුගිය සැප්තැම්බරෙන් ඉතුරු පොත් 4ක් තියනව - අටවක පුත්තු, වෙයි වෙයි-ශැංහයි සොඳුරිය, යක්ශයා සහ ප්‍රයිම් මෙනවිය , පියාපත් ලද දෝණිය. ඉතින් ඒවා පෙනි පෙනී තව ගන්න එකත් තේරුමක් නැහැ.

 
මාසික පඩි පැකැට්‍ටුවෙන් නම් හැම මාසෙම එකතු වෙච්චි පොත් අතරින් මගෙ වැඩියෙන්ම හිත ගත්තෙ නම් චේතන් බගත්ගෙ පොත් පරිවර්තන දෙකක් උනු , තුන් තකතීරුකම් කරපු කෙනෙක් මං පොතයි, හෙලෝ හෙලෝ පොතයි. 




රෝසි - උරුම අරුමය (ජෙරල්ඩ් ඩරල් ලියූ- උත්පලා ජයවර්ධන පරිවර්තනය කළ) පොත නම් මම හිතුව තරම් රිවර්තිකාව සාර්ථක නැහැ. ඒක ගත්තෙ ලොකු බලාපොරොත්තු තියාගෙන . (මතකනෙ මගේ පවුලයි අනෙක් සත්තුයි ගැන මම ලිව්ව ලිපිය - එතෙන්දි නම් රානි රාජපක්ෂගෙ පරිවර්තන සරු බස නිසාමයි ඒ පොත් එතරම් රසවත් වුනේ- ආයෙ දෙකක් නැහැ) උත්පලා අක්කා දක්ශයි (ඇය මම හිටිය විශ්ව විද්‍යාලෙ සීනියර් කෙනෙක්, අපෙ රූමි කෙනෙක්) 

ඒත් රානිගෙ පරිවර්තන ශෛලිය ගැන හිතුවාම උත්පලා අක්කා ආරම්භයට ගොඩක්ම හොඳ බව ඇත්ත.. ඒත් ඉතින් .. ජෙරල්ඩ් ඩරල් කියන්නෙ උපහාස්යා පිරිච්ච කෙනෙක්. ඒ උපහාසය රානි සේනාරත්න රාජපක්ෂ තරම් ග්‍රහණය කරන්න උත්පලාට නම් හැකි වුනෙ නැති බව කියන්නම වෙනවා. එක අතකින් ඉන්ග්‍රීසි මුල් පොත නොකියවා මෙච්චර හෑල්ලක් කියන එකත් හරි වැරදි වැඩක්.

මොනව උනත් ඊයෙ ගත්තු පොත් ටික තමයි මෙන්න පල්ලෙහායින් තියෙන්නෙ.

දැන් ඔයාල අහාවි සෙසේ ගත්තෙ ඇයි ආයෙමත් කියලා... මතකනෙ සෙසේ ගැන මම ලිව්වා... ඔව් මට සෙසේ පොත තියනවා. ඒත් මගෙ හිතවත්ම මිතුරෙක්ට සෙසේ පොතක් හොයල දෙන්න මම පොරොන්දු උනා. ඒක ඉ‍ටුකරන්නයි ආයෙත් ගත්තෙ. සෙසේව ඕනෙ නම් දුවලා දුවලා යන්න විදර්ශනා කුටියට. එතන පොත තියනවා . සෙසෙ කියන්නෙ හිනාව සැහල්ලුව සහ සතුටට ඇබ්බැහි වෙච්චි ඕනෙ කෙනෙක්ට කියාපු පොතක්. 



සිරිමත් කියන්නෙ ඇත්තටම ළමා පොතක්. ඒත් ඒකෙත් සෙසේ වගෙ ශෛලියක් තියනව කියල තමා හිතුනේ. ඔලුව වැඩ රාජකාරි වලින් මිරිකිලා වෙහෙසිලා ඉද්දි බරසාර පොතක් කියෙව්වොත් මම හිතන්නෙ අංගොඩ තමයි නවතින්නෙ. ඒ වෙලාවට හොදම බේත් තමයි මේවා :)  



අරුම පුදුම ඉස්කෝලෙ ඊයෙ මම කියවන්න ගත්තා. ඒක නම් ආයිත් නෑ, නියම පිස්සු කතාවක්. ඉහත කිව්වබේත් ජාතියෙ පොතක්. පිස්සු හැදිලා ආයිත් හැදෙනවා. එච්චරට විකාර පොතක්. ඒත් කාලෙ හැටියට කියාපු පොත :) :) 
 
ඕන් ටිකක් බරසාර පොතක්. ඇත්තටම සයිමන් නවගත්තේගමගෙ රචනා ශෛලියට මම බොහොම මනාපයි. සංසාරණ්‍යය අසබඩ වගෙ පොත් වල මම ගොඩක් ගැඹුරක් වින්දා. ඒ ශෛලිය හොඳ සෙන්සිටිව් මූඩ් එකක ඉන්න වෙලාවට. ආයෙත් නෑ , ගැඹුරේම ගිලෙනවා. 

මග සොයා යන ගමන කියන්නෙ භික්ෂුණියකගෙ ස්වයං චරිතාපදානයක්. විදර්ශනා පොත් ගෙදර තුසාරි අක්කා තමයි කිව්වෙ මේ පොත හොඳ බව. සිල්මාතා කායිව් සහ ආචාරිය මන් භූරිදත්ත තෙරුන්ගෙ කතා කියෙව්වා නම් මේ පොත ඒ වගෙ එකක් වෙන්න ඕනෙ. තාම කියෙව්වෙ නැහැනෙ. කියෙව්වම කියන්නම්කෝ. අවුරුදු ගණනාවක්ම රැවටිලි මායාවන්ට හසුවූ මේ තේරණිය ඒ හැම එකක්ම අතරින් මග සොයා ගිය ගමන කියවෙන පොතක් මේ. 
 
පුනරුක්ති කියන්නෙ ගිය අවුරුද්දෙ ඉඳලම ගන්න එක මගෑරුනු පොතක්. ඒත් ගන්න තදින්ම හිතුනු පොතක්. අනෝමා ජනාදරීගෙ ජීවිතේ කොයිවගෙද බලමු.  
නිරුවත් වානරයා කියන පොතත් ඒ වගේ. මේ පොත පොඩි කාලෙ (ඒ කිව්වෙ අවුරුදු 21 වගෙ) දකිද්දි ගන්න ලැජ්ජා හිතුනෙ මිනිස්සු මොනවා කියයිද දන්නෙ නෑ කියලයි. ඒත් දැන් ඉතින් ලෑජ්ජාවට වඩා මේ පොතේ වටිනාකම දන්න නිසා ආයිත් මට මොකද කවුරු මොනවා හිතුවත්? නේද? අනික දැන් මම ලොකුයිනෙ . නේද? හෙ හෙ. 

ඔය පල්ලෙහායින් තියන ඉතුරු පොත් තුනම ඉතින් මගෙ දෑනුම එකතුවට තමා. විභාග දෑනුම මට වඩා වටින්නෙ මගෙ ලමයින්ට. ලක්දිව බුදු පිලිම කියන්නෙ මම කියවන්න බොහොම මනාප විෂයක්. ඒ වගෙමයි සර්පයෝ. අනේ මන්දා. සර්ප විද්‍යාවටත් මම බොහොම ආසයි, පොඩි හැකරැල්ලෙකුටත් බය උනාට. ඉතින් දැක සතුටු තමයි. :) :)  





ඔන්න ඔය විදියට හරිම තෘප්තිමත් පොත් දවසක් ගෙවලා , ගොනා අනින්න ගිහින් උලුක්කු වෙච්චි කකුලෙ ඉදිමිල්ලත් කීප ගුනයකින් වැඩි කරගෙන ඒත් හිතේ පුරවගත්තු පොත් සුවඳයි , අතේ තිබ්බ හැටියට ගත්තු පොත් ටිකයි අරගෙන මම ගෙදර ආවෙ ඔය විදියටයි. දැන් ඉතින් ලමයි මට හරියට වැඩ :) :) ලමයි මට කරදර කරන්නෙපා. තියනව මේ පොත් එක එක අනුභව කරන්න මට :)

19 දෙනෙක් කියූ අදහස්..:

priyantha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මෝ මාර පොත් ගොඩක්නේ අරන් තියෙන්නේ....

ලකී සිරි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කියන්න දෙයක් නැහැ...පැහැදිලිවම ඉරිසියා හිතෙනවා..එච්චරයි

Hasitha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මමත් මේ සැප්තැම්බර් වෙනකම් ඇඟිලි ගැන ගැන ඉන්නේ :)

Fathima Reeza said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම සෙසේ පොත කියව්වෙ, ඔබෙ ලිපිය (ඒකට අදාල) කියෙව්වට පස්සෙ...ඇත්තටම එක ඉතාමත්ම හාස්‍යජනකයි!

පුංචි එකී.. said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මගෙ ජීවිතෙත් කාලෙන් කාලෙට බොහෝ රුචිකත්වයන් වෙනස් වෙනව.ඒත් ඔයා කියා තියෙන්නා වාගෙ පොත් කියවීමේ පිස්සුව නම් මං ගාවිනුත් කවදාවත් අයින් වෙන එකක් නැති වෙයි.

ගත්තු පොත් ටික ගැන කියනව නං ඉතින් ඊරිසියා හිතුණා... සැප්තැම්බර් වෙන්නෙපැයි කොළඹ අපට වසන්තෙ උදාවෙන්න!

කමක් නැහැ ඉතින්..,
ඔයා අපිටත් එක්ක කියවන්නකෝ.

සිඳු said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඉස්සර නම් මම සමහර වෙලාවට පොත් දැක්කම ඒවා අල්ලලා බලලා තියලා එනවා පිටිපස්සෙ කවරෙ දිහා බලලා. ඒත් දැන් නම් ඒ ප්‍රශ්නෙ නෑ. මගෙනෙ සල්ලි. හැම මාසෙම පොතක් ගන්නව. එකට වැඩි වෙන වෙලාවලුත් තියනව. ඔයාගෙ මේ පොතුත් කියවලා බලන්න ඕනා.

Loku John said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මිනිස්සු හරිම කෑදරයි නෙද ? .........................මම කියුවෙ පොත්වලට

නිම්ශා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනේ මට හම්බුනේ නැනේ මේ වගේ පොත් වලටම ජිවිතේ තැනක් තියාගත්තු අක්කෙක්...එහෙම නම් මම ඔයාට මල් තියලා වදිනවා..පොත් කියන්නේ මාව ජිවත් කරන ..අලුත් පොතක් දැක්කාම මට දැනෙන්නේ පුදුම සතුටක්..ආසවක්..අලුත් පොත් වල තියෙන නැවුම් සුවද පොත් ඉවර වෙන්න වෙන්න මට දැනෙන්නේ පුදුම දුකක්..

ඉස්සර සල්ලි නැතිකාලේ මම පල්ලි යද්දි ඉල්ලන්නේ ලොකු උනාම ගුණසේන එකේ හරි කොහේ හරි පොත් අයිති කෙනෙක්ගේ පුතෙක් ව බදින්න ලැබෙන්න කියලා..පස්සේ පස්සේ මොකෝ මම ත් පොත් ගන්න පෙලඹුනා ..එකට අවශ්ය සල්ලි එහෙමත් හම්බුනා..මම වගේම අපේ අම්මත් පොත් පෙරෙතියෙක්..එත් ඉතින් එ කාලේ අපිට සල්ලි නැහැ..තත්තා රට ගිය අලුතම වගේනේ.. දෙයියෝ බැලුවා වගේ ලොකු වෙද්දි පොත් රාක්කයක් පිරෙන්න පොත් ගන්න හම්බුනා මට..එ එක්කම මට රට යන්න උනයින් පොත් එක එක්කෙනා ගෙනිහිලා තිබ්බා..එව්වා ඉතින් ආයේ ලැබෙනවා බොරු..ලංකාවට ආවම ඉතුරු වෙලා තියෙන පොත් ටික දැක්කාම මට දැනුනේ මරණයක් උනාටත් වඩා දුකක්.. අදටත් මට දුකයි එ කාලේ මං එකතු කරගත්ත පොත් ටිකට..

ඔය අපුරු ඉස්කොලේ පොත් දොලහක්ම තිබ්බනේ..ලිව්ව කතෘ නම් මතක නැ..එ කාල්ලේ ඔය පොත් ටිකට මම පුදුම ආදරයක් තිබ්බේ..මම ආසම පොත..අටවක පුත්තු නම් මට බර වැඩියි..කියෙව්වා එත් මට තාම බැරි උනා එක තේරුම් ගන්න..

මට වේලාවකට කේන්තිත් යනවා අප්පා මේ ඔය සාහිත්‍ය උළෙල වල හොදම පොත ට දෙන සම්මනේ නම් මට නම් ගන්න දෙයක් නැහැ..එක එ මිනිස්සුන්ගේ මට්ටමනින් සැලකිල්ලට අරන් මිසක් අනිත් මිනිස්සුන්ට කියවන්න පුලුවන් රසවත් කමක් ඇත්තෙම නැහැ.. ඔය අටවක පුත්හ්ටු මට නම් මෙලෝම රහක් නැහැ..අනිත් එක මොකක්ද අර ගිය අවුරුද්දේද මන්දා ප්‍රථම ස්ථානය ගත්ත කවි කඳුර අක්කා කියෙව්වාද.. එකේ මුල නම් කිසිම වගතුවක් නැහැ..එත් මැද හරිය නම් බොරු කියන්නේ මොකද හරිම රසවත්...අග ත් හරි නැහැ..ඊට වඩ හොද ලස්සන පොත් කොච්චරක් නම් තියෙනවද කියලා හිතෙනවා..

කොහොම උනත් මට නම් පොත් කියන්නේ දිව්ය අවුශදයක් වගේ..වෙලාව යනවා දැනෙන්නෙත් නැහැ..ඔනිම දුකක් අමතක කරලා පොතක් කියවන්න ගත්තාම එ දුක මට අමතක වේලාවම යනවා..

Gimhani said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අම්මෝ දිල් අරන් තියෙන පොත් ගොඩ . අපි ඉතින් සැප්තැම්බර් වෙනකම් ඉන්න එපැයි මේ ටික ගන්න .
දිල් පොත් වලට කොච්චර ආසද කියල තේරෙනවා අසනීපෙන් ඉන්න වෙලාවෙත් පොත් අමතක නොකරපු එකෙන්.

රොබින් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

"කියවීම මිනිසා සම්පුර්ණ කරයි "

Pisakkaatuwa said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනේ වාසනාවන්! කන්න, බොන්න, නිදාගන්න නැතත් මොකද පොත් තියනවනම්. අපිට ඊර්ශියයි, සන්තෝෂයි. අර අන්තිම සත්තු ජාතියනම් මට එපා.

Dinesh said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අදත් ගොඩක් ලස්සන පොත් ටිකක් අරන් ඇවිත්...

Anonymous said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

hey..,
mata iirisiyayi :-((
mata september wena kan inna wenawa.
me sare poth thibunada ? giya paara nam ahana ahana potha naa

nimanthi akka

නිසුපා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සැප්තැම්බර් මාසෙ ගන්න හිතාගෙන ඉන්න ලිස්ට් එකට එකතු කරගන්න පොත් ටිකක් තියෙනවා. :))

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ප්‍රියන්තයියේ... ඔව් ඔව්... කාලෙකින් එකපාර පොත් ටිකක් අතට ආවේ.... :) දැන් ඉතින් මට හරියට වැඩ හෙ හෙ.....

ලකී ඉතින් ඉරිසියා නොකර ගන්නකෝ.. ලන්කාවෙ නේද ඉන්නෙ :)

හසිත මල්ලි : එහෙනම් දැන්ම සතෙන් සතේ ඉතුරු කරන්න ඈ.... :)

රීසා... ආයිත් අහලා. දැන් උනත් ආයි කියෙව්වොත් මට හිනා යනවාමයි :)

හෙ හෙ. පුන්චි එකී. අලුත් කෙනෙක් නේද සන්සාරෙට. ? සාදරෙන් පිලිගමි.. හෙ හෙ. එහෙනම් ඉතින් තව මාස දෙකායි.... :) තව පොඩ්ඩයි ඉවසන්න තියෙන්නෙ :) :)

සිඳු.. රස්සාවක් කරන එකෙ උපරිම තෘප්තිය තියෙන්නෙ අනිවා සල්ලි ලැබෙනවා හිතෙ තරමට ඇවිදින්න පොත් ගන්න .. හෙ හෙ. ඔන්න මම හිතන හැටි :)

ලොකු
මමත් එහෙමයි තමා :) වෙන හැමෙකටම වඩා පොත් වලට නම් හරිම පෙරෙතය :)

නිම්: මෙන්න ලොකු පෝස්ට් එකක්ම මෙතන.. හෙ හෙ. හා හා. දැන් ඉතින් ඔයාත් පොත් ගුල්ලියක් බව මම දන්නවා. හරීම සතු‍ටුයි ඒකට නම් :)

ගිම් ගිම්.. ආයෙත් අහලා.. කකුල වගෙද අනෙ පොත් .. නේද? හෙ හෙ.

රොබින් : එසේය පින්වත! මම නම් තාම හාෆ් !!!!! :)

පිසා : හිහි. මෙන්න සර්ප බය ගුල්ලියක් :)

දිනේශ් මල්ලි : ඔව් ඔව් ඔව්. මෙන්න මෙයත් ඉරිසියා වෙලා... හෙ හෙ....

නිමන්ති අක්කේ: අනේ එන්න තිබ්බනේ. එහෙනම් හම්බු වෙන්නත් තිබ්බා... :(

නිසූ: හෙ හෙ හෙ. කියවලම තව තොරතුරුත් කියන්නම්කො පොත් ගැන

Admin said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

your ideas so nice. don't forget give comment to my blog.
www.mywaylanka.blogspot.com

Admin said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

your ideas so nice. don't forget give comment to my blog.
www.mywaylanka.blogspot.com

හිරුහිමාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ෂෝයි පොත් ටික!! :)

Wasana Sewwandi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පොත් වලට මගේ ඇති ආසව කොතරම්දැයි පවසනු වස් පමනක් මා විසින ලියන ලද ගිය අවුරුද්දේ පොත් සල්පිල් කතා වලට යන මඟ මෙහි පලකරමි.... මෙය කිසිසේත්ම බාඳුරා අසපුව ප්‍රචාරය කිරීමේ වෙළඳ දැන්වීමක් නම් නොවේ .... :)

http://baduraasapuwa.blogspot.com/2011/09/book-sale-saga.html

http://baduraasapuwa.blogspot.com/2011/09/book-sale-stories-warm-up-photos.html

http://baduraasapuwa.blogspot.com/2012/01/blog-post_07.html

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->