[251] ජීවත් වෙන එකත් ලොකු දෙයක් !






කාලය යන්නෙ හරිම හෙමින්... ජීවිතේ එක තැන නතර වෙලා වගේ... ඒත් බියක් නැහැ. අහිමිකම ගැනවත් , සැකයක්වත් , දුකක්වත් ... ඒ මොනම දෙයක්වත් නැහැ.


මගේ ආත්මයම මා විසින් ස්පර්ෂ කරන්නා වගෙ  මට දැනෙනව. මගෙ හිත මාව දුබල කල කාලෙ ඉගිලිලා ගිහින්... ඒ වෙනුවට මගෙ කකුල් දෙකට හිතේ හයිය ගලාගෙන ඇවිත් නහර දිගේ අමුතු ජවයක් දුවනව ! .. කිසිම දෙයක් නොදැන ඉන්න එක මොන තරම් සහනයක්ද? ජීවිතේට යන්න දෙන එක... අපි එක්ක අත් අල්ලන් එන්න බැරි එක්කො දුවන , එක්කො කකුලෙන් ඇදල පරක්කු කරන ඇයින්ට යන්න දෙන එක මොන සහනයක්ද?


මට හිතෙන්නෙ මම මගෙ පාර හොයා ගෙන ඉවරයි. ඒක හරි පාර කියලමයි මට හිතෙන්නෙ. මොකද ඒක ඒ තරම්ම සරල නිසා. ඇත්තෙන්ම මම එහෙනම් කොච්චර වාසනාවන්තද? අද මෙහෙම ඉන්න මම , සතුටෙන් ඉන්න මම , දෙයියනේ මම මෙච්චර හරියක් වෙලත් ,  ජීවත් වෙන එකමත් මොන තරම් දෙයක්ද?


අද මං මම වෙලා ජීවත් වෙනව ! මගෙ ඇතුලෙ අනෙකෙක් නැහැ. අනෙකෙකු හොයන අනිකියකු නැහැ. මම අමුවෙන්ම ජීවත් වෙනවා. හොඳ නරක දෙකම පිරිච්චි මම !


ආදරේ... ආව ගිය ආදරේ..... හිතට සතුටත් දුකත් බයත් එකවර අරන් ආව ආදරේ.... ජීවිතේ හැමදාමත් මේ වගෙයි. ඒත් මම කොහොමද බය වෙන්නේ? මම කොහොමද පස්ස ගහන්නේ , ජීවත් වෙන්න?


තනිකම කියන්නෙ අඳෝනාවක් නෙවි. හුදෙකලාව බ්‍රහ්මාස්වාදයක් ! ඒත් එකෙ ගිලෙද්දි තනිකම පස්සෙන් එනවා .. ආව දෙන්... බදාගෙන තුරුල් කරගන්නෙ මොකටද? නේද?


මීට...
ජෙනිෆර් ලෝපේස්.




Time goes slowly now in my life
Fear no more of what I'm not sure

Searching to feel your soul
The strength to stand alone
the power of not knowing and letting go

I guess I've found my way it's simple when its right
Feeling lucky just to be here tonight
and happy just to be me and be alive.


Love, in and out, of my... my heart,
And though life can be strange I can't be afraid

Searching to feel your soul, the strength to stand alone,
The power of not knowing and letting go

I guess I've found my way it's simple when it's right
Feeling lucky just to be here tonight
and happy just to be me and be alive
I guess I've found my way it's simple
when its right feeling lucky just to be here tonight and
happy just to be me and to be alive.

Sung By : Jenifer Lopez



12 දෙනෙක් කියූ අදහස්..:

amila chathuranga said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ජෙනීටත් හිතෙන දේවල් අම්මපා....

Mee Godayaa said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම හුගක් කැමතියි ජෙනී වගේ කෙනෙක් සින්හලෙන් හිතන එකට .... ( විහිළු )

Dinesh said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලස්සන සිංදුවක ලිය උන අපූරු සටහනක්.. දෙකම එක වගේ රස වින්දා..

නිම්ශා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ජිවත් වෙන එකත් ලොකු දෙයක් නෙන්නම්..

Vishwa sameera said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම ආසම ගායිකාවක්...... :D

සිහින said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සුපුරුදු පරිදි අපට තේරුම්ගත නොහැකි වන පරිදි මහප්‍රාණ වලින් ලියා ඇත. ඉංගිරිස් වලින් තිබූ පද ටික යන්තම් ගැටගසාගෙන තේරුම සොයාගතිමි.මිහිරි තනුවක් ඇති ලක්ෂන ගීතයකි !

රොබින් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අනිවාර්යෙන්ම ජීවත්වීම ලොකුදෙයක් ...

හිතුවක්කාරි said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ලස්සන තේරුමක් තියෙන.. සින්දුවක්!!! විචාරෙත් අපූරුයි!!

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අමිල
ජෙනීයි මායි ටෙලිපති එක වෙලාවකට.... හිකිස්....

මී ගොඩයා
ජෙනී සින්හලෙන් හිතුවෙ නෑ හලෝ.. මම එයාට ඉන්ගිරිසියෙන් හිතන්න දීලා ඒක සින්හලට හැරෙව්වා ... හී හී :) මොන බසින් උනත් ජෙනීටනෙ ඉස්සෙල්ලම හිතුනෙ. ඒකයි එයාගෙ නම දැම්මෙ.

දිනේශ්
ස්තූතියි යාලු. සටහන තනිකරම අර සින්දුවෙ සින්හල වර්ශන් එක :)

නිම්ශා.
අනේ ඔව් නගේ... ඒකම මැදැයි .... සමහර මූන දෙන දේවල් වල හැටියට :)

විශ්ව
ආයෙත් අහලා :)

සිහින ඇල්
අනේ මෙකෙ මොන මහප්පානද හලෝ. සින්දුවෙ තේරුමනෙ ම්මේ.... ඉහි ඉහි.... ලේනුන්ට කවද්ද මේව තෙරෙන්නෙ :)

රොබින්.
අනිවාර්යයෙන්ම.. ජීවත් වෙන එක මරණයේ පෙරහුරුවක්ලුනේ.... Life is a rehearsal of death :)

හිතුවක්කාරී
ස්තූතියි නගා.... විචාරේ තනිකරම ජෙනිෆර්ගෙ වචන සින්හලෙන් ...

හිරුහිමාවී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හ්ම්ම්..ජිවත් වෙන එකත් ලොකු දෙයක් තමා!!

Gimhani said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ජීවත් වන එකත් කොච්චර දෙයක්ද ?
මැරෙන්න ලංවෙන කෙනෙක්ට තමා මේකේ අගය වැඩියෙන් දැනෙන්නේ .
ලස්සන ගීතය .

තනෝජා රාජපක්‍ෂ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම දන්න ජෙනියෙක් නෑ.. අපි කාටත්‍ ජීවිතේ කොතනකදි හරි මුහුණදෙන්න වෙන ඇත්තක්... ඒත් මේ වගේ හිතන්න පුළුවන් නම් ඇත්තටම සතුටුයි... ආඩම්බරයි...

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->