[250] වස් වැදුනු බ්ලොග් පෝස්ට් එක !

එදා.... අගෝස්තු 7 වෙනිදා මට හීනයක් පෙනුනේය .. ඒ හීනය මෙසේය. 8 වෙනිදා ඒ හීනය මම බ්ලොග් පෝස්ට් එකක් ලෙස සටහන් කලේ එසේය ... 

මෙදා මම ඔය පෝස්ට් එකෙ කියූ තැන පසුකරමින්ම හෙමින් හෙමින් උඩට ඇවිදිමින් සිටියෙමි.  (පහත රූපයේ ඊතලයෙන් ඇති තැන බලන්න) 


වෙලාව හවස 5.50ට වගේය. දෙයියනි ! ඉහළ බැලූ මට පෙනුනේ කුලප්පු වී ආත බූත නැතුව කඩාගෙන එන හරකෙකි.!!!

මේ හරකා මට පුරුදුය. මොකද ඒකා ලඟ නිවසක මෙහෙකරුවෙකුට බඩ හිල් වෙන්ට ඇණ හොස්පිට්ල්ගත කලේ මේ ඊයේ පෙරේදාය.තවත් අසල්වැසි අක්කා කෙනෙකුට අනින්නට ඇවිත් අනූනමයෙන් බේරුනේත් මේ ලඟකය. එහෙනම් මේ පාර මම !!!!! දෙවියනේ... මම සීතල වී ගියෙමි... හරකා ස්ලෝ වෙන පාටක් නැත. ඔලුවත් නමාගෙන දැන් නම් ග්‍රහයා එන්නේම මා දෙසටය. මම පසුපස බැලීමි. ඇනුම් කෑමට ගිය අසල් වැසි අක්කාද බසයෙන් බැස මට බොහෝ පසුපසින් ඇවිත්ය. ඒත් ඈ තාම මහ පාරේය. මම මීටර සීයක්වත් උඩහින්ය. 

මගේ බියගත් ඉරියව්ව දැක අක්කා යමක් වටහා ගත්තා වගේය. ඈ අහළ පහළ මිනිසුන්ට කෑගසනවා මට හීනෙන් වගේ මතකය ! මම යලිත් ඉහළ බැලීමි.  දෙවියනි, උගේ ගමන අඩාල වන පාටක් නැත. වම් පසින් ඉහලට නැගෙන පස් කන්දකි. එහි නගිනු කෙසේවත් නොහැකිය. දකුණු පසින් මහපාරට බෑවුම් වෙන ප්‍රපාතයය.. එහි පැනිය යුත්තේ මහපාරටම වුව රූටා යන්නට සූදානමිනි.


 හරකා දැන් අඩි කිහිපයක් නුදුරෙන්ය. ඌ පාඩුවේ යතැයි මම කෑගෑස්සෙන්නට එමින් ඒත් බලා හිටියෙමි. අපෝයි, ඒකා මා දෙසටම පැන්නේය. මට පනින්නට දිහාවක් නැත. පල්ලෙහායින් දිවෙන මහපාරත් පෙනෙන බෑවුම මිසක!  


කුමක් කරන්නද .. මම පැන්නෙමි. ගම දෙක වෙන්නට කෑගැසුවෙමි. (හරකාගේ කණ් බිහිරිව ඇතුවාට සැක නැත) :) පැන්නේ ඔය පේන බෑවුමටය. අපෝයි. හරකාද බෑවුමට පැන්නේය !!!!!!!
මම බෑවුම දිගේ තණකොල ගොල්ලම තලා පෙලාගෙන මහපාරට රූටගෙන යන්නට වීමි. වටේ පිටේ මිනිස්සුන්ද දුවන් එන්නට විය..  එහෙත් මගේ වෙලාව! ප්‍රාණ භයින් කෑගසමින්ම මම අතට අසු වූ තණකොල ගොමුව ඩැහැගත්තෙමි. හරකාද දැන් එන්නට සූදානමිනි. එහෙත් යම්තම් සිහි එලවා ගනිද්දී , හරකා අයිති කාරිය පාරෙන් බෑවුම අසලට වෙන්නට නෙරවාගෙන සිටින හරකාව පලවා හරින අයුරුත් , බෑවුමට බැස තවත් අයෙකු සමග මා ඉහළට ඇද ගන්නා අයුරුත් මට වටහා ගත හැකි විය. 

මගේ සිහිය එලවා ගනිද්දී ඉස්සෙල්ලාම මා බැලුවේ කොහේ හෝ තුවාල වී ඇත්දැයි කියාය. පේන හරියක මොකුත් වී නැත. දැන් මම කකුල් දෙකින් නැගිටගන්නට බැලුවෙමි. කපා හෙලූ කෙහෙල් කඳක් මෙන් ආයිත් දබොයියන් වූයෙමි.  අන්න දැන් මට ඇඬෙන්නට විය. අඬ අඬාම අර අසල්වැසි අක්කාගේද , හරකා අයිතිකාර ගැහැනියගේද උදව්වෙන් මම ගෙදර ආමි. මාරකයකින් අනූනමයෙන් බේරුනෙමි.

ඉදින් හරකාගේ මේ වන විට සෞඛ්‍යය තත්වය මා දන්නේ නැත. මේ වන විට මම ඉදිමුනු වළලුකර සහිත කකුළ පුටුවක් උඩ තියාගෙන , හීරුනු තැන් වල තැලුනු තැන් වල බේත් ගාගෙන  බ්ලොග් පෝස්ට් එකක් ලියමින් සිටිමි. 

මට පුදුම මේකය. මීට වසරකට ඉහත කිරිගහට ඇන්නා සේ පෙනුන හීනය , හරකාගෙන් රිප්ලේස් වී , මෙසේ සැබවින්ම සිදුවීම කොතරම් අරුමයක්ද යන්නය.  


-  හීනයේ හිටියේ අලියාය. මේ හරකාය .
-  හීනයේ කවුරුත් මාව බේර නොගත්තේය. මෙහිදී අයිති ගැහැණිය මා බේර ගත්තීය . 
- ඒක හීනයකි, මේක ඇත්තක් විය. 

මම තව දුරටත් සිතමි...  


- ඊතලයෙන් පෙනෙන බෑවුමට මා නොපැන්නා නම් - හරකා එක්කෝ සෙල්ලමට වගෙ ලන්වී උගෙ ගමන යන්නටත් ඉඩක් තිබිණි. එක්කෝ අනින්ටත් ඉඩ තිබිණි. 
- බෑවුමට පැන්න වේගෙට මම තණ ගොමුව ලඟ නොරැඳුනා නම් , මම අඩි ගානක් පල්ලෙහා මහ පාරට වැටෙන්නෙමි. එහෙනම් මොකකින් මොක වේදැයි දන්නෙ නැත. එක්කෝ මම හොස්පිටල්ය ! එකකෝ 'මා මළ පසු' විජට් එක ඔබට කියවන්නට වෙන්නේය ! 

ඒ කෙසේ වෙතත් , හීන නම් හැබෑ වෙන්නේමය !  අපෝයි... මම ලියූ පෝස්ට් එකක් මටම වස් වැදුනු 3 වෙනි වතාවය ! එකක් 2001 දීය (බ්ලොග් නොවේ, සමරු කලාපයකට ලියූ විද්‍යා ප්‍රබන්ධයකි.ඉදිරියේදී එයත් ලියමි)

එකක් මේ පහුගිය අවුරුද්දේය. ඒකත් පසුව හෙලි කරමි.  

ඕන්න ජයග්‍රාහී 3 වෙනි එකට කලින් ලිව්ව බ්ලොග් පෝස්ට් එකත් සාක්කිය...!!!!! 

වස් වැදෙන පෝස්ට් ලිවීමේදී පරිස්සම් වෙන්න. ඔය දකුණු අත පැත්තේ එල්ලෙන විජට් එකත් වස් දැයි මම දන්නෙ නැත :)  තාම වෙලාව ඇවිත් නැත. අද අත පය තලාගෙන කකුල පොඩ්ඩක් ඇමට්ටාගෙන බේරුනේ එනිසා විය යුතුය.


කලින් ලියූ පෝස්ට් එක මෙන්න. 




පලි.: 

මේ මගේ 250 වෙනි බ්ලොග් පෝස්ට් එකය. 200ටද මල් මල් පෝස්ට් එකක් ලියමිය සිතා සිටියෙමි. එත් ඒක අතපසු විය. බ්ලොග් ලිවිල්ලට දෙවසර පිරුණු දා සන්වස්තර පෝස්ට් එක ලියන්නට හිටියෙමි. ඒකත් මිස් විය. ඒකටත් හරියන්න 250 හොඳම හොඳ එකක් ලියන්ඩ හිටියෙමි. ඒකටත් හරකා හරහට හිටියේය. මම හරහ වැටී සිටිමි. ඒ නිසා ඔන්න ඔහේ 250 ලියනවාය. ඒත් මේ අවුරුදු දෙකහමාරට සංසාරේ අදත් එදත් හෙටත්  'සංසාරේ අපි' හැටියට ලියවුනේ ඒක කියවන්නට ආදරයෙන් මා වටා සිටින ඔබ නිසාය ! හරකෙකු ඇන්නත් , මට දුක නැත්තේ ඒ නිසාය! අද මලත් හෙට මගෙ අකුරු මෙතන තියේ. ඒක සතුටකි. ඒ සතුටට කාරක වන නුඹ හැමට , ස්තූතියි !!!!!!!!

75 දෙනෙක් කියූ අදහස්..:

චමිදේවා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250 ක් ඈ... සුභ පැතුම් එහෙනම් ඈ...!

Hasitha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඉස්සරහට අනාවැකි කියන කෙනෙක් විදිහට හොඳ වැඩ ටිකක් අක්කට කරන්න පුලුවන් වෙයි වගේ... 250 ට සුභ පැතුම් 500 ඉක්මණට සපුරා ගැනීමට හැකිවේවා

දුමී said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පෝස්ට් 250 ට සුභ පැතුම්.....! අදහන්නත් බෑ. මම එදා අර අලියාගේ පෝස්ට් එක කියෙව්වා.....! ඒක ඒ විදිහටම සැබෑ වෙච්චි එකනේ යකඩෝ පුදුමේ.....!

නගෝ, නරකද සාස්තර කියන්න පොඩියට පටන් ගත්තා නම්....! දවසම නිදාගෙන ඉඳලා නැගිටලා පේන හීන ටික ඩොකියුමන්ට් කොරලා දාලා, අර නොස්ට්‍රඩෑමුස් උන්නැහේ වගේ පොතක් ලිව්වනං...

priyantha said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250ට මගෙනුත් සුභ පැතුම්.
වෙලාව ආවම යන්නට වේය. තවම කල් ඇත බිය නොවන්න...:D

රොබින් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250වෙනි පොස්ට් එකට උණුසුම් සුබ පැතුම් ...!!!!!

මකුළුවා..... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250ට සුබ පැතුම් අක්කේ.....

වැඩිය අතුරු ආන්තරාවක් නැතුව බේරිලා තියෙනවා ‍වගේ....පොඩි අසනීපයක්වත් තියෙනවා නම් ඉක්මනට හොඳ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා....

Chanaka Aruna Munasinghe said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

:) ඊලඟට සමනල්ලු රංචුවක්
250 ට clap clap clap !!!

Sabith said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඇති යන්තම් හරකා බේරුනා! ඇන්නනම් එහෙම පව් ඌ! :D සුභ පැතුම් 250ට අක්කේ!

සිහින said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ගහකින් වැටී නොමැති නිසාවෙන් ගොනා ඇන්නටද කම් නැතිය යන්න මාගේ හැඟීමයි

නිම්ශා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මම හිතුවේ විහිලුවක් කරනවා කියලා අක්කා.. අයියෝ කරගන්න දේවල් ..එහෙන් මලයාගේ දත්..මෙහෙන් අක්කාගේ...මම අදමයි ඇහුවේ බ්ලෝග් වස් වැදිල්ලක් ගැන..සමහරවිට එකත් අර සුබ වේලාව බලා පෝස්ට් කරන්න ඕනය.හ්ම්..හ්ම්..ඉක්මනට සුව වෙලා එන්න හොදද..

අම්මා 250ට 2500ක් ලියන්න ඔය අත් දෙකට පුලුවන් වේවා..

රැංගෝ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එන්න මාත්තියා.. සාත්තරේ කියනවා..
සංසාරේ!!!
250 ඉක්මනින් 300 බවටත් ඊට පස්සේ තවත් අම්බානක් බවටත් පත් වේවා!! ආවඩා ආයූ බෝ වේවා!!

Mee Godayaa said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මාර සීන් එකක්නේ...... ඉක්මන් සුවය පතනවා

250ට සුභ පතුම්!!!

Fathima Reeza said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔබේ සාහිත්‍යාත්මක කලාවට ජය​! 250ට මගෙනුත් සුභ පැතුම්..:)

ගල්මල්-Coral said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඉක්මන් සුවය පතනවා.

පොස්ට් 250 කඩඉම පසුකිරීම ගැන සුබ පැතුම්!

අවතාර් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250 ta jaya.

අටර්‍මපහුර said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මදැයි ඔයින් ගියා

වැප් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250 ට සූබ පැතුම්

ඔයින් ගියා මදැයි

කුරුල්ලෙක් මං said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හයියෝ අක්කේ ඔයාටත් වෙන දේවල්...අක්කේ දෙයක් කියන්නම්..හා හා පුරා කියල බ්ලොග් එකක් කියල මම දැක්කේ ඔයාගේ බ්ලොග් එක...කියවන්න දෙයක් නැතුව පිපාසෙන් ඉද්දින් සිංහලෙන්ම කෙටුවා සංසාරේ කියල...මුලින්ම ආපු එකෙන් ඇතුලට ගියා...ඒ මේ බ්ලොග් එක...මේකේ තියන ගොඩක් පොස්ට් මම 3 පාරකට වඩා කියවල තියනවා..මටත් බ්ලොග් ලියන්න හිතුනේ සංසාරේ අපි දැකලා...ඔයාට සුභ පතනවා අක්කේ...

සරත් ලංකාප්‍රිය said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔන්න වස් වැදිලා ඉවරයි.. ආවරයි දෑවරයි තුන් ඈවරයි..

prasanna86k said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250ට සුභ පැතුම්...

ඔය පැත්තේ හරකුන්ව පරලොව යවන විජාතික බලවේග එහෙම නැත්ද...?

අභීත said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එදා මෙදා තුර මම කියවන සාර සංග්‍රහයක 250 වෙනි ලිපිය.... සුභ පැතුම්....

හරකා ඇන්නානම් තමයි හරකාට තේරෙන්නේ..... ඇන්නයින් ඇන්නෙ නෑ මෙහෙම එකෙකුටනම් කියයි.....

Gimhani said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දිල්ටත් වෙන වැඩ . ඉක්මනට සුව වෙයි කියා සිතනවා .
…ඉතා නිර්මාණශීලි ලිපි ලියන කෙනෙක් දිල් . බ්ලොග් අවකාශයේ දිගු ගමනක් යෑමට මගෙන් සුභ පැතුම් !

amila chathuranga said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හරකා එලදෙනක්ද ගොනෙක්ද කියල සඳහන් කරල නෑනෙ...

Pisakkaatuwa said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250 ට සුභ පැතුම්! ඉක්මනටම 300 වේවා!
මොනා වුනත් ඕ.පු. කියල වේල්ලෙන් පහලට පැන්න එක හොඳයි. කකුල් වගේද හරක ඇන්නනම් එහෙම.

Podi Kumarihami said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔයාගේ ඔය අලියාගේ පෝස්ට් එක මම කලින් කියෙව්වා. මම ආසා උනු එකක්.

250 ට සුබ පැතුම්!!!
ඉතා ඉක්මනින් 500 ලඟා වේවා....:)

Soda ගුනේ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ශික් නයිටක්‌ මිස්වෙලා නේ අපරාදේ.....:D 250 ට සුභපැතුම්!!!!

Weni said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250 ට සුබ පැතුම් ! හොඳ මාරකයක් තමයි පැනලා තියෙන්නෙ..ඉක්මන් සුවය පතමි !

මාරයාගේ හෝරාව said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මං අහන්නේ ඇයි අපිටම මෙහෙම වෙන්නේ..?

නුවර ගමනක්..දවස් හතක්...කැරම් බෝඩ්...දාං ලෑලි..අඩු සීනි ප්ලේන්ටී...මාරු බිස්කට්..එව්වා අල්ලන නංගිලා..හයියෝ ඇඩෙනවා...:D

සුභ පැතුම් දිලෝ...හරකගේ සීන් එකට නෙවෙයි මේ 250ට...මාත් ඉතිං දන්න කියන දවස්වල ඉඳන්ම කියෝනවා... හුගක් වෙලාවට කියවන්නේ පෝස්ට් එකතු වෙන්න ඇරලා... ඒ අතරින් එකක් දෙකක් තේරෙනවා..අනිත් එව්වා මං මහප්‍රාණ ඉගෙන ගත්ත දවසට කියවන්න ඉතිරි කරලා තියනවා...:D

මොනවා උනත් අර කිව්වා වගේ 250ට මල් මල් එව්වා ලියන්න හිතං හිටියට වඩා මේ හොඳා..:P නැත්තං ඒ ආලවට්ටං තේරුං ගන්න ගිහින් ඔළුව උලුක් වෙනවා... මේක හොඳටම හොඳ..දිලාට හරකා ඇන්නා වගේ තේරුනා...

(දැනුම් දීමයි... මේක බලලා චැට් වලින්/ඊමේල් ආදියෙන් මරණ තර්ජන එල්ල කිරීම සපුරා තහනම්..ඕං මං ගියා..)

රාජ් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සෑහෙන ප්‍රශ්නයක්. විජට්ටු බොහොමයක් තියන නිසා වස් තියෙන්නෙ මොකේද කියල හරියටම හඳුනාගන්න වෙනව. :)
බ්ලොගේට සුභපැතුම්.

RanDil said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250ට සුභ ප්‍රාර්ථනා කරමි.

ඉක්මන් සුවය ද ප්‍රාර්ථනා කරමි...

සිහිනය ඔය විදිහට සැබෑ වු නිසා ෙහාදයි නිකමට හරි අලිෙයක් ම අාවා නං දෙයියනෙ මොනවා කරන්නද...

තනෝජා රාජපක්‍ෂ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඉස් ඉස්සෙල්ලාම 250 සුභපතමි!!!

එදානම් මම දඩුවම් කරන්නත් හැදුවා.. ඔන්න තනෝජා අක්කව බය කළාට දඩුවම ලැබිලා... :(

රිදෙනවද ගොඩක්? ඉක්මනින් සුවවේවා පතන්නම්!!

මධුරංග said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මාත් මාර හීනයක් දැක්කා. ඒකත් ලියන්ඩ ඕන කියලා හිතුනා.

නිසුපා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250ට සුභ පැතුම් අක්කා......

අම්මෝ ඔයින් ගියා මදෑ. ඇත්තටම මටත් සමහර වෙලාවට හීන හැබෑ වෙලා තියෙනවා.ඒත් ඔච්චර ලඟින් හැබෑ වෙලා නෑ.

පූසා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250ට සුභ පැතුම්!

අයියෝ පව් හරකා! :D

Kushi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250 ට මගෙනුත් උනුසුම් සුභ පැතුම්........... අනතුරින් සිදුවු රෝගාබාදයන් ඉක්මනින් සුවවේවා..! හරකාගේ සෞක්‍ය තත්වයත් සොයාබලන්න.... ඌව ඉක්මනින් මනොවෛද්‍ය වරයකුට පෙන්වන්න......... ඔබට ජය වේවා

Dinesh said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඉස්සෙල්ලම 250ට සුභ පතලා ඉමුකෝ... තව තවත් සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

මාරකයකින්නේ අක්කා බේරිලා තියෙන්නේ.. සිහිනය ගැන ලිය උන පෝස්ට් එක බැලුවේ දැන්.. සිහින සැබෑ වෙන එකනම් හොදයි.. ඒත් මේ විදිහට..

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වාසලයියේ... ස්තූතියි අයියේ.... ඔයා ඉතින් මගේ පරනම හිතවතෙක්නේ. ඒ යාලුකමටත් ගොඩාක් ස්තූතියි....

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හප්පා හසිත මල්ලී.. පන්සිය නම් බෑ අප්පා... ඇයි දැන් ලියන්න වෙලාව හරීම අඩුයි නේ.... ඒත් ස්තූතියි සුබ පැතුවාට.....

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දුමී අයියා...ඒක තමා අප්පා. ඒක එහෙමම උනා. අලියා විතරයි වෙනස. අනික අප්පා ඇන්නා නම් මෙලහට මම දොයි ! මේ මටත් හිතුනේ අන්න ඒ වගෙ වැඩක් කරන්න :) නොට්‍රැඩැමුස් වගෙ දිල්කුචිබානිස් වගෙ නමක් දාත හැකි ... ලොල්

ප්‍රියා අයියා... හේ හේ. ඔව් ඔව්. තව ටිකක් වෙලාව තියේ... :)ස්තූතියි අයියා....

රොබින්... ස්තූතියි.... :)

මකුලුවා...
බොහොමත්ම ස්තූතියි ... ඔව් අප්පා.කකුල විතරයි දැන් අවුල. ඒකත් හරියාවි මන් හිතෙ ...

සාබිත්
හිකිස්..... ඒකනේ. හරකා සුවෙන්ද කියලා ගිහිල්ලා බලන්න ඕනේ... :) හේ හේ

සිහින ලේනා ද ඇල්වින්
ඒයි හපු‍ටු ලේනා..... ගහකින් ... එනු චැටට... ටිකක් බනින්නම් එකෙ. මෙතන බැහැ. :)

නිම්ශා නගෝ...
හෙ හෙ.. ඒකනේ නගේ.... හරි නගේ... ඉක්මනටම සුව වෙන්නම්... ඔයාත් හොඳින් නේද? ලියන්නකෝ වෙලාවක :)

‍රැංගෝ...
හිකිස්.... හීඉ හීඊ හීඉ :) ආවඩා ! චියස්!

මී
හිකිස්... ඒකනේ. මාරකේකින් බේරුනා අප්පා.... :) ස්තූතියි...

රීසා
ස්තූතියි රීසා.. මගෙ පෝස්ට් කියවන එක ගැන ගොඩක් සතු‍ටුයි...

ගල්මල්
ස්තූතියි අයියා.... ඉක්මනට සුව වෙමී :)

අවතාර්ර්ර්ර්ර්
ස්තූතියි ගොඩාක්ක්ක්ක්ක්....

වැප්සි
ස්තූතියි වැපෝ....... යා යා. හරකාත් සුවෙන් මහිතේ... මාත් ටිකක් සුවෙන් දැන් :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හලේ... ඔයා මාර සර්ච් එකක්නෙ දාලා තියෙන්නේ. සංසාරේ.. හී හී

කුරුල්ලටත් හිතෙන දේවල්....

බ්ලොග් එක ගෑන හොඳ කිව්වාට ස්තූතියි මල්ලී...
ජය ! ඔයාගෙ බ්ලොග් එකත් දෙන්නකෝ. අපි එන්නම් ඒ පෑත්තේ...

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සරත්
හේ හේ.... ෆෝවරයි... ෆයිවරයි.. සික්සර්!
:) හිකිස්....

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ප්‍රසන්න
හේ හේ... නෑ නෑ. එහම් එව්වා නෑ.... තාම නෑ... :)
ස්තූතියි මලේ...

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අබියා
ආහ්හ්හ්හ් ස්තූතියි අයියා.....
හිකිස්... හරකා ඈන්නා නම් එහෙනම් මම හොස්පිටිතාලේ... :(

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ගිම්
හායි හායි...
හනේ ස්තූටියි නගා....
මම හිතන්නේ ඉක්මන්ට සුව වෙයි නගෝ..
ස්තූතියි :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

අමිල
මම ඒ හදිසියෙ කොහොමද ඔව්වා හොයන්නෙ???

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පිසා
ඒක තමයි පිසා.. පෑන්න නිසා බේරුනා...
ස්තූතියි එහෙනම් ඈ.

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පොඩ්ඩි
අපුච්චේ පන්සීයට නම් අවු 5ක් යාවි තව :)හේ හේ. දෑන් ලියෙවෙන්නෙ නෑ ගොඩාක්...
ස්තූතියි සුබ පෑතුමට

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සෝඩා/
ඒකනේ අප්පා..... හිකිස්. ස්තූතියි...

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වෙනී අයියා...
ඔව් අප්පා. මාරකයක්ම තමා.... හේ හේ....
ස්තූතියි අයියා

කතන්දර Kathandara said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

1. කුලප්පු හරක් ඉන්නා පැතිවල යද්දී රතුපාට ඇඳුම් අඳින් එපා!

2. ඔයින් ගියා මදැයි තව ගහෙනුත් වැටුණා නම්?

3. එදා අලියා, අද හරකා නං ඊලඟ පාර නිකං පූසෙක් වගේ සතෙකුගෙන් තමයි පරිස්සං වෙන්න ඕනි.

4. අද සුභ පතන්නේ නැතුව ඒක පන්සීයට සුබ තන්න ඉතුරු කර ගන්නම්!

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මාරයියා...
අනේ සන්සාරේ.... හිකිස්....

හේ හේ. ඔයාත් දන්න කියන කාලෙ හිට සන්සාරෙට ආව ගිය කෙනෙක් නෙව... හේ හේ. ස්තූතියි ඈ... තෙරෙන්ඩ් අපෝස්ට් ලිව්ව මට ස්තූති කරෆිය අයිත් :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

රාජ්
හිකිස්. ස්තූතියි. බලන්න්කො මා මළ පසු :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

රන්දිකා අක්කා
ස්තූතියි අක්කා. හප්පා අලියා වගේද හරකා :) අලියට අං නැහැ. මූට අන් තිබ්බා :) හිකිස්

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

තනෝජා අක්කේ
ඒකනේ අනේ බලන්නකෝ..... දෑන් නම් රිදිල්ල අඩුයෑ :) හී
ස්තූතියි අක්කෝ සොයා බැලුවාට ...

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මධුරංග
අනේ ලියන්ඩකෝකෝකෝකෝ...:)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

නිසූ නගා
නගෝ මගෙ නම් හීන ගොඩාක්ම සෑබෑ වෙලා තියනවා :(

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පූචා
පල හපුටු පූචා යන්ඩ :) හිකිස්...
ටෑන්කූ ඈ :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කුශී
ස්තූතියි සුබ පෑතුවාට :)

සුව වෙයි ඉක්මනින් !

හරකා මානසික ආතතියෙන් මිදෙමින් ! :)

ඔබටත් ජය! :)

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

දිනේශ් මල්ලි
හනේ අප්පා. ඔව් අනේ.... මාරකේකින් තමා....

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කකා

1. කුලප්පු හරක් ඉන්නා පැතිවල යද්දී රතුපාට ඇඳුම් අඳින් එපා! - රතු නෙවි අනේ... කලු ඈන්දේ....

2. ඔයින් ගියා මදැයි තව ගහෙනුත් වැටුණා නම්? - ඈල්ල පල්ලේ වැටුනේ... :) හිකිස්.

3. එදා අලියා, අද හරකා නං ඊලඟ පාර නිකං පූසෙක් වගේ සතෙකුගෙන් තමයි පරිස්සං වෙන්න ඕනි.- බව්වෙක් වෙන්නත් පුලුවනි

4. අද සුභ පතන්නේ නැතුව ඒක පන්සීයට සුබ තන්න ඉතුරු කර ගන්නම්! - ඊක්.. ඒ කිව්වේ තව සියවසකින් අප්පා...

5. කකාගෙ මේ පාර පෝස්ට් එක සෝක් කවි 3 කිනුයි ඒ තුනේම අගය කාල දාන නරක පලි එකකිනුයි සෑරසිලා තිබ්බාට මම විරෝදය පල කලා. ආයිත් යන්න ඕනෙ බලන්න :)

hare :-) said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

එළ එළ! ඔහොම යං!

පරිකල්පන said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250ට සුභ පැතුම්!

Beetle said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පොටෝ එකේ ඉන්න එකාද හරකා..? ඌ නං රිකට්සියා හැදිච්ච එකෙක් වෙට්ටුවක් දාලා දිව්වනං බේරෙන්න තිබ්බා... :D

මේ සිද්ඬ්යෙම හරකාගේ වර්ශන් එකත් කියවන්න ආසයි... :D

250ට සුභ පැතුම්...!!!!

෴සොඳුරු සිත෴ said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

සුබම සුබ පැතුම් දිල්.... අර කීවත් වගේ හරකගෙ වර්ශන් එකත් ලියමු ද?

Dude said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හපොයි දෙයියනේ, බේරිලා තියෙන බේරිල්ල. ඔයා රතු ඇඳගෙනද ගියේ?
මම මුලින් හිතුවෙ වංගු දහ අට පාරෙ කාලෙකට ඉස්සෙල්ලා ගත්ත ෆෝටෝ එකක් කියලා. ඇත්තටම මේ කොහෙද?

henryblogwalker the Dude

ජීවිතේ මල් said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

හරේ...
අයියෝ හරකටද කිව්වේ :) :) :)

පරිකල්පන
ස්තූතියි යාලු :)

බීටා....
හිකිස්. ආඩ්ඩ්ඩේඅ... මට දැන් එහෙනම් හරක් වර්ශන් එකත් ලියන්ඩ වෙයිනේ....
ස්තූතියි ඇ :)

සොඳුරු අක්කා
හිකිස්. ස්තූතී... හා හා ලියමුකො :)

ඩූඩ්
අයියෝ නැ. කලු ඇඳන් ගියෙ :) හිකිස් මේ නුවර :)

යසියා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

250 ට සුභාශිංශන... එහෙමත් හීන සැබෑ වෙනවද අක්කේ?????
මටාම් තාම එකම හීනය වත් සැබෑ වෙලා නෑ..
:(

AnithKona said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

වැඩි වැඩියෙන් ලියන්න පුළුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. පරිස්සමෙන් නගෝ... මේවගේ අලකලංචි ගැන ආයෙ හීන දකින්න හිතන්නවත් එපා

රූ.... said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

පෝස්ටු 250ට සුභ පැතුම්..
මටත් කියෙව්ව ගමන් හිතුනෙ අනේ සංසාරේ කියලා තමා..
ඉක්මනට සුව වෙන්න කියලා පතනවා..

අර ලියන්න බැරිවුනු මල් මල් පෝස්ටුව ලියන්නෙ කවද්දෝ?

දුකා said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

ඔබේ හදවතින් යමක් ලෝකයෙන් ඉල්ලා සිටින්න . . එය ඔබට ලබා දීමට මුළු විශ්වයම කුමන්ත්‍රණය කරයි . .. "සන්තියාගෝ නම් සැරි සරන්නා - පාවුලෝ කොයියෝ"

උඹ හීන දැකලා හීන හිතේ තියාගෙන ලෝකෙන් ඉල්ලලා තියෙන්නේ එහෙනම් ඒක . . .

ඕකට කියන්නේ ලෝ ඔෆ් ඇට්‍රැක්ෂන් . . ආකර්ෂනයේ නියමය . . .

මින් පස්සේ ඔය වගේ භයානක දේවල් නැතුව සුන්දර දේවල් ඉල්ලලා හදවතින්ම ප්‍රාර්ථනා කරපන් . .

250ට සුභ පැතුම් ඈ . . .

RanDil said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@දුකා


අා අයියා.........මට මතක

ඔබේ හදවතින් යමක් ලෝකයෙන් ඉල්ලා සිටින්න . . එය ඔබට ලබා දීමට මුළු විශ්වයම කුමන්ත්‍රණය කරයි . .. "සන්තියාගෝ නම් සැරි සරන්නා - පාවුලෝ කොයියෝ"

මෙක මං කිව්ව දවස්වල ඔයා හිටිෙය් ඔයිට විරුද්ධ මතෙක වගෙ :) :) :)

මාරයාගේ හෝරාව said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@දුකා...

උඹට මං කිව්වා..අපිත් එක්ක කොයි අත පෙරල පෙරල කෑ ගැහුවත් කමක් නැහැ ඒත් ගෑල්ලමයි එක්ක වලි දාගත්තම කොයිවෙලේ හරි බඩු හම්බවෙනවා කියලා.. දැන් දියංකෝ උත්තර...

RanDil said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

@මාරයාගේ හෝරාව

මොනවට ද මොක්කුද සාක්කිලු........ මෙන්න අාවා කෙස් පල පල තර්ක ගෙනාපු අනිත් ඒක්කෙනා..... :D :D :D

මාරයාගේ හෝරාව said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

මදෑ මම පව් හොදගන්න හැදුවා..මේකිට අග මුල හැම එකම මතකයිනේ..හලේ සංසාරේ...

Chandi said... Best Blogger Tips[Reply to comment]Best Blogger Templates

කාලෙකින් ආවෙ. මුලින්ම 250 පොස්ට් එකට සුබ පැතුම්. ලස්සන හීන පෙනේවා කියල සෙනෙහසින්ම පතනවා.

Post a Comment

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->