මෙලොව ඇති කියවීම් බොහෝ වෙත්. ඒ අතුරෙන් කට බලියාගෙන කතන්දර කියවීම බොහෝ සුලබ පුඟුලන්ගේ වැඩකි. ඒ හැරුනාම පොත් කියවීමත් කියවීමකි. එහෙවු කියවීමක් ! එහිද විවිධ සංකලනයන් දකින්නට හැක්කේ සමහර කියවීම් බරසාර හෝ (ලේසියෙන් අනුන්ට තේරුම් ගන්නට බැරි) සහ සමහර කියවීම ලෙහෙසියෙන් අර්ථ දැක්වූවත් එහි අරුත වටහා ගන්නට නොහැකි බැවිනි. ඒ කෙසේ වෙතත් මේ කියැවීම් දෙකම හැරුනු විට ඉතිරිව ඇති තවත් කියැවීමක් වෙයි. ඒ නම් මිනිසුන් කියැවීමයි.
මිනිසා යනු කියැවීමට (කටින් සහ පොත්) උපන් හපන් වුවත්, මිනිසාට මිනිසෙකුව කියවීම තරම් අවුල් සහගත කාරණාවක් තවත් නැත. යටත් පිරිසෙයින් මටවත් අඩු ගණනේ එය බැරිය. එක්කෝ අපහසුය.
මිනිසෙකු විසින් තවත් මිනිසෙකු කියැවීම මහා අවදානම් සහගත කාරණාව්ක් වෙයි. මන්ද යත් කියවන්නා අත්දුටු සහ අත් විඳි වපසරියට අනුකූලව , ඔහුගේ/ඇයගේ තීරණ සහ නිගමන වෙනස් වෙයි. නිල් පැහැති කණ්නාඩියකින් ලෝකය දුටුවෙකු සියල්ල දකින්නේ නිල් පැහැය අනුබද්ධව මෙනි.
නොකියවා සිටිය හැකිද?
හැකිය. පහසුතම සහ සරලතම විසඳුම එයයි. ජීර්ණය අපහසු කටු කම්බි කැබැල්ලක් වැරදීමකින් හැපුනහොත් 'තූ' කියා විසිකරනවා මිසක අප යලිත් ගිලිය හැකිදැයි ටෙස්ට් කරන්නේ නැත. නොකියවා නොදුටුවා නොසිතා සිටිය යුතු දේ වෙත්. එහෙත් ලෝකෝත්තර සුවයෙහි එතරම්ම එහා ඉවුරකට සමාජයකට අනුබද්ධව සිටින අපට පිහිනිය හැකිද? එය අභියෝගයකි. එහෙත් යම් තාක් දුරට ජය ගැනීම හෝ ගෙන එන්නේ අතිශය අර්ථවත් සාමයකි. අවබෝධය මුවහත් වන්නට වන්නට ආයාසයෙන් කියැවීම අවැසි නොවනු ඇත. ඒවා අවබෝධයට විෂය වනු ඇත.
කියවීම අනවැසිද? කියවීම අනර්ථකාරීද?
මිනිසුන් කියවීම කළ හැකිය. එහෙත් කියැවූ වැටහූ දේ සිතෙහි ලේබල් අලවා ගැනීමෙන් මිදිය හැකි නම් අනගිය. ලේබල් ඇලවීම භයානකය.
මිනිසෙකුගේ මුහුණ කියැවිය හැකිය. ඇස් කියැවිය හැකිය. හඬ , හඬේ තීව්‍රතාව , ගැඹුර , වචන ගිලිහෙන වේගය , වචන වල බරද කියැවිය හැකිය. මිනිසාගේ වචන වලට වඩා හඬෙහි සහ අංග චලනයෙහි වැදගත්කම සන්නිවේදනයෙහි උගන්වන්නේ එහෙයිනි.
අද බොහෝ දෙනා හිතවත්කම් කියවා ගන්නේ අකුරුවලිනි. අකුරු සහ ස්මයිලි වලට ඇස්බැන්දුම් කළ හැකිය. එකක් හිතමින්, තවෙකක් කියමින්, තවත් දෙයක් කරමින් චැට් ජනේලය මත මැජික් පෙන්වන විජ්ජාකරුවන් මේ මුහුණත් හතර සාර්ථකව පවත්වා ගනිති. දක්ෂයාට මෙය හැන්ඩ්ල් කළ හැකිය, අඩුම ගානේ ටික කලකටවත්. ...
මිනිසාව කියැවීමෙන් ඇතමුන්ට පලක් නැත. ඇතමුන්ට පලක් ඇත. ලෝකෝත්තර සීමාවෙහිදී මිනිසාව කියැවීම වෙනස්ම එකකි, අවබෝධය සහ කියැවීම අතර එය සියුම් ගනුදෙනුවකි. ලෞකික පරිසරයෙහි , නොකියැවීම දුර්විපාක ගෙන එයි.
එහෙත් නොකියවා සිටීමේ වාසිත් තිබේ. කියවෙන දේ අවාසි සහගත නම්, කියෙවෙන දේ සිත් රිදවෙන සුලුනම්, නොකියවා සිටීම යහපති. එහෙත් කියැවෙන දේ නොසලකා හරිද්දී අනවබෝධය ඉදිරියට එයි. එහි අනර්ථකාරී ප්‍රතිපල වල වගකීම අප ගත යුතු වේ.
කියවීම තීව්‍ර වෙත්ම කියවීමෙහි දරුණුතම ප්‍රතිවිපාක මතුවෙයි. අවශේෂ මිනිසුන් ස්වකීය අමනෝඥ ජීවිතයම පවත්වාගෙන යාමත්, ඔවුන්ගේ හැසිරීම් පහසුවෙන් කියවා ගත හැකි වීමේ දායාදත් අපට ඇති ආශිර්වාදය මෙන්ම සාපයද වෙයි. දැන ගන්නවාට වඩා නොදැන සිටීම යහපති යන බුදු වදන මට සිහියට නැඟෙයි. නොඩුටුවා සේ , නෑසුනා සේ, නොදැනුනා සේ පසුවීමට හැකි වීමත් එක්තරා හැකියාවකි. සැනසීම උදෙසා මහෞෂධයකි. දැනුම නිවනට බාධාවකි. එක අතකින් රටේ ලෝකෙ සහ මිනිසුන්ගේ කුණුගොඩවල් ඇඟේ දා ගැනීම වධයකි. ඇඟේ දානොගෙන කියැවීම ඖෂධයකි. දැනුම ගොඩ ගැසීමෙන් අසහනය ගොඩ ගැසෙන බව ජයසේන ජයකොඩිගේ පොතක කියෙව්වා මතකය.
මිනිසා කියැවීම යනු අනුන්ව කියැවීමක්ම නොවේ. තමන්ට තමන්ව කියවා ගත නැකි තැන අනුන් කියවීම පල රහිතය. අනුන්ව පමණක් කියැවීම ප්‍රාථමික අත්දැකීම් මත සිදුවන අනිටු ප්‍රතිපල තවත් භයානකය.තම තමන්ගේ උපකල්පන සහ අනුමාන කිරීම් , නිගමන බවට පත් වීම තරම් අවාසනාවක් තවත් නැත.
හඳුනා ගැනීම කියවීම් සහ නිර්ණය කිරීම් සාධාරණ වන්නේ සමබර මනසින් දකින විටය. පූර්ව හෝ පශ්චාත් විනිශ්චයන් සහ ලේබල් ගැසීම් සංවෘතය. විවෘත , සමබර සහ නිරෝගී මනස සුදු කපු පිරුවටයක් මෙනි. සුදු පිරුවටයට නිල් පැහැය උරා ගන්නේ නිල් පැහැයම විලසිනි.
කියවීමෙහි අනෙක් ප්‍රතිපලය භයානක වන්නේ ප්‍රතිචාර දැක්වීමෙහිය. මිනිසා කියැවීම වනාහී මනුෂ්‍යත්වය කියවීම වේ. කියැවීම මිනිසෙකු සම්පූර්ණ කරන බව උගත්තේ ඉතා කුඩා කල නොවෙද?
Wednesday, February 29, 2012
[234] කියවීම වනාහී .. 1
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා,
ලස්සන වටින නිර්මාණ(පොත්)
Friday, February 24, 2012
[233] එම්බා වැලන්ටයින් !
වැලන්ටයින් සහ මා එකිනෙකා අඳුනා ගත්තේ , මගේ අති පණ්ඩිත මුල් යොවුන් වියේදීය.
ඒ මීට දශකයකට එපිටය . එදා පටන් වැලන්ටයින් එක එක වේශයෙන් ආවේය , ගියේය.
එක එක කාලයන්හිදී , වැලන්ටයින්ව මට එක එක විදියට පෙනෙන්නට ගත්තේය. විටෙක අහිංසකවද , විටෙක විසුළු මුහුණෙන්ද , විටෙක රෞද්‍ර වේශයෙන්ද , විටෙක අතිශය ශෘංගාරාත්මක මුහුණකින්ද වැලන්ටයින් මගේ ඉස්සරහා පහළ වූයේය. ඉටෙක ප්‍රසිධියේද විටෙක හොර රහසේද ඇවිත් ගියේය.
වැලන්ටයින් නාටකය වරෙක විසුළු වන'යුරුද , හැඟුම්බර වන'යුරුද හැටගණන් වල චිත්‍රපටයක සටන් ජවනකාවක් මෙන්ද සිය තානම වෙනස් කළේ , මා වැලන්ටයින් සමග පැවැත්වූ ඇයි හොඳයිය පලුදු සහ අලුත් කරමිනි.
මේ ආකාරයට වැලන්ටයින්ට එක එක කාල වලදී වෙනස් සැලකුම් කළ නිසා වැලන්ටයින් දැන් මා සමග සිටින්නේ ඒ තරම් ඇයි හොඳයියකින් නොවේ. ඒත් හතුරුකමකුදු නැත්තේය.
වැලන්ටයින් හාදකමේ ආරම්භය
එය පටන්ගත්තේම සුබවාදීව නොවේ. හමුවූ පළමු දාම දෙන්නාට දෙන්නාගේ බැල්ම ඇල්ලුවේ නැත. සත්‍ය ප්‍රේමයට වැලන්ටයින්ට කළ හැක්කේ කුමක්දැයි පණ්ඩිත කවියක් 2003 මා අතින් ලියවෙන්නේ එහෙයිනි.

නුඹ සහ මම
-------------
2003/2/12
බෝසත් නුඹගෙ හිත ලඟ - දැවටී උවැසියක විලසින
නුඹෙන් මා දුටු සහන් එලි වැට
සිහිපත් කර දෙන්නට - වැලන්ටයින් කුමටද?
නිකෙලෙස් කුලුණු හදවත - මෙත් බර ගැඹුරු සිතුවිලි
යොමා හෙට දිනයට
නුරාවෙන් තොර - මිතු දමින් පිරි
අප ගැන - අපේ ලොව ගැන
වැලන්ටයින් දන්නේ මොනවද?
කෙලෙස් දිය පිරි මනුසත් විල - ලඟින් පොහොණි වූ සියපත් දෙකක
අලෞකික සුන්දර වත
බොල්ලන්ද තෙපුලෙන් නිලංකාරව ගිය
වැලන්ටයින්ට වැටහෙද?
ජීවිතයෙ අරුත පසිඳිනට - එකිනෙකාගෙන් සෙවණ වීගෙන
අරුත්බර සෙනෙහස - අපරිමිත සිනහව
විශ්වයටම මුදන අප අබියස
වැලන්ටයින්ද අසරණය .....
----------
වැලන්ටයින් සමග රැවුම් හුවමාරු වෙන මේ යුගයට පොහොර වැටුනේ නිකාම්ම නිකම් කාලය විසින් නොවේ. නන්දා මාලිනියද ඊට වගකිය යුතු යයි මම සිතන්නෙමි. කුඩා වියේ පටන් මගේ ලෝකයේ සිටි අභිමානවත් සංකේතී වීර ගැහැණු කටහඬ ඈ විය. නිලන්බරේ කැසට් පටයට ඈ ගැයූ මේ ගීය කැසට්ටුවකින් ඇහුනේ ඊටත් වඩා කුඩා පාසල් යන වියේ සිටමය.
වැලන්ටයින් ශාන්ත වැලන්ටයින් - ඇයි ඔබ මේ අපේ රටේ ?
පෙම්වතුන්ගෙ දිනයක් හදලා - පෙබරවාරි මස දාහතර ?
ස්වීට් හාට් අකුරු දිලිසෙන - හදවත් ලාබෙට විකිණෙනවා
වැලන්ටයින් රෝමෙන් ඇවිදින් - අපේ හදේ ඊතල ඇනලා..
වැලන්ටයින් ඔබට වාගෙම - මවුවරුන්ට වැඩිහිටියන්ට
අවුරුද්දේ දින වෙන් කරලා - ඒරොප්පෙන් ආ චාරිත්‍ර
තුන්සිය හැට පස් දවසේම - කාටත් සලකන පෙම් කරන
අපට වෙනම දින මොනවටද - වැලන්ටයින් රෝමෙට යන්න
එදාත් අදත් අතර තිබෙන්නේ එසේ මෙසේ පරතරයක් නම් නොවේ... මිනිසුන් වයසට යන්නේ පරිණත සහ මුහුකුරා යාම් තුරුලු කරගනිමිනි. ඊට වගකිව යුත්තේ ජීවන අත්දැකීම්ය. එහෙත් මම මා දෙස බලන කල මට ප්‍රශ්නාර්ථ ඇතිවේ. සැබවින්ම එදා මා සිතූ චින්තනය අදට වඩා මුහුකුරා ගිය එකක්ද? එසේ නැතහොත් එදා මා සිටි කල්පිත කූඩුවෙන් මුදන ලද කිරිල්ලියක වන් මා අද සිටින්නේ ඊට වඩා නිදහස් මතධාරී චරිතයකද?
වැලන්ටයින් සංක්‍රාන්තිය - හාද කමේ ආරම්භය
කාලයත් සමග වැලන්ටයින් යන එන වාර ගණනාවකදී මා සමග ටික ටික හාද වෙන්නට පටන් ගෙන තිබුනේ මේ සංක්‍රාන්තිමය ප්‍රතිපල වශයෙනි. එයින් නොනැවතී මා පසු කලෙක වැලන්ටයින් ලෝලිනියකද වූවා යයි මම හඟිමි.
රොස මල්, හදවත් , සුවඳ කැවූ සුබ පැතුම් මත්තෙහි මම චමත්කාරයක් අත්විඳින්නට හුරුවෙන්නේ එහෙයින්ය. මා උගැන්වූ පාසලෙහි ශිෂ්‍ය නායක නායිකාවන් පෙබරවාරි 14 දාට රෝස මල් විකුණන සංස්කෘතිය විසින් මගේ වැලන්ටයින් විරෝධය හිතවත්කමකට පෙරළා තිබිණ.
මා ලියූ රෝසමල් දවසක් ලිපිය ඔබට මතක ඇතැයි සිතමි. එදා මේ ලිපිය ඉවර වෙන්නේ මෙන්න මෙහෙමය. එහි ඉන්නේ මාද? මා නොවන මාද? ඒ මමද නොවේ. මා නොවන්නේද නොවේ... මම විස්මයෙන් මගේ සංක්‍රාන්තිය දෙස උපේක්ෂාවෙන් අද හැරී බලමි.
" මේ අතිශයින්ම සංකර, ලස්සන, සැපට හැදුනු, ධනවත් දරු පැටවුන් දකින විඳින අසීමිත නිදහස්, අපරිණත, නමුත් පිලිකුලෙන් බැලිය නොහැකි, අව්‍යාජ ආදරය ගැන ලියුව මේ ලිපිය ඇතමුන්ට දිරවන්නේ නැති වේවි... එත් අපි පොඩි කාලෙ ඉඳලම බැඳුනු විනය, සදාචාරය,හැදියාව අප ගෙනැවිත් නතර කර තිබෙන්නේ කොහේදයි එකම එක් අයෙකුවත් සිතුවොත්.. මට ඒ ඇති....."
ඊනියා සදාචාරයත් එයින් පොහොට්ටු වී පිපී ඇති ව්‍යාජ සංස්කෘතියත් එපිටින් ඇති සැබෑව මොකක්දැයි හිසේ අත ගසාගෙන මම හෙව්වේ ඔය කියු යුගයේය. මන්ද කූඩුවෙන් මිදෙන කිරිල්ලියකගේ ජීවිතයේ ගසාගෙන යන සිතුවිලි ධාරා හරිහැටි නාභිගත නොවීමේ විපාක වශයෙනි .
වැලන්ටයින් ලෝලී සමය(ම)
සිතුවිලිත් ජීවිතයත් ආදරයත් නාභිගත වනවිට ජීවිතය අමුතු අමුතු තාලෙට පේන්නට පටන් ගනී. කොටින්ම අර රැටටුයිල් චිත්‍රපටයේ මීයා ස්ට්‍රෝබෙරි ගෙඩියක් සමග චීස් කැබෙල්ලක් එකට හපන විටදී මැවෙන මනංකල්පිත වර්ණ ධාරාවන් මෙනි.(පහළ රූපය බලන්න). වැලන්ටයින්ට විවිධ හැඩතල මැවෙන්නට පටන් ගන්නේ එහෙයිනි. සාම්ප්‍රදායික හාට් එක වෙනුවට හැපි ෆේස් එක ආවත් ආදරේ කියන්නේ එකම පැකේජ් එකය. වැලියු පැක්(Value Pack) එක මොන අරුමෝසමින් පිරුනත් ජෛව විද්‍යාත්මක සත්‍යය සමග හැප්පෙන්න නම් අමාරුය. එහෙයින්ම අයිසින් ඉවත් කළ කල, කේක් ගෙඩිය යනු පාන්පිටිය.බටර්ය.සීනිය. අයිසින් වැඩි ෆජ්(Fudge) එක කෑවාම මත් වෙන්නේත් ඒ නිසාදැයි සිතේ. පසුගිය(2011) පෙබරවාරි දාහතර වෙනිදා පවුලෝ කොයියෝගේ පොතකින් උපුටන ලද ඉතුරු භාගය පිලිබඳ එදා තිබ්බේ මහා තදබල විස්වාසයකි. ඇතැම් විට ඉතුරු භාගය මේ යයි මුලින්ම හිතට ගැනීම ආදරවන්තයිනට අමතක නොවෙන පාඩම් උගන්වයි.
පවුලෝගේ 'ඉතුරු භාගය' පිලිබඳ කතාවට නම් මම එදා මෙන්ම අදද පෙම් බඳිමි.
" මෑවීම ආරම්භයේදී ගැහැනුත් පිරිමිත්
හිටියෙ දැන් ඉන්න ලෙසට නෙමෙයි. තිබුනෙ එකම පෑවෑත්මක්. ඒ ජීවියාට හුඟාක් කොට
ශරීරෙකුත් බෙල්ලකුත් තිබුනා. ඒත් එයාට දෙපෑත්තට බලාගෙන ඉන්න මූනු දෙකක්
තිබුනා. ඒක හරියට සත්තු දෙන්නෙක් මෑලියම් ගාල පිටට පිට තියලා ඈලෙවුවා
වගෙයි.
කොහොම හරි ග්‍රීක දෙවියෝ මේ ගැන ඉරිසියා කලා. ඒ මොකද අත් හතරක් තියන නිසා ඒ සතාට හුඟාක් මහන්සි වෙලා වෑඩ කල හෑකි.මූණු දෙක නිසා ඉතාම සෝදිසියෙන් ඉන්න පුලුවන්.. කකුල් හතර නිසා ගොඩ වෙලාවක් ඈවිද්දා වෑඩ කලා මාන්සියක් නෑතුව. ප්‍රජනනය පවත්වා ගන්නත් දෙදෙනෙක් අවශ්‍ය වුනේ නෑ.
සියුස් මේ සුරයින්ගෙ ශක්තියෙන් කොටසක් අයින් කරන්න හිතලා, එයා අකුණු පාරකින් දෙකට කෑපුවා මේ සත්වයාව. ඒ අනුව ලෝකෙ ගැහැනියත් පිරිමියාත් නිර්මාණය වුනා. ඉතින් මේ දේ ලෝකෙ ජනගහනය වෑඩි කලා. ජීවත් වෙන උන් කිසිම හෑකියාවත් ශක්තියන් නෑති දුර්වලයො වුනා. මොකද තමුන්ගෙ ඉතිරි භාගය තමුන්ට අහිමි වුන නිසා. මිනිහාට සහ ගැහැනියට මහන්සි දැනෙන්නට වුනා. වෙහෙස වුනා. පොඩ්ඩක් මහන්සි වෙද්දි දුර්වල වුනා.ඒ නිසා මිනිහා සහ ගැහැනිය තමන්ට හිමි ඉතිරි භාගය සොයන්නට පටන් ගත්තා. ඒ අහිමි වූ ශක්තිය නැවත ඇති කරගන්නට.
දෑන් ඒ අයට සිද්ද වෙනවා ඒ අයට අහිමි අනිත් බාගය හොයන්න. ශිෂ්ඨාචාරයක් මුලුල්ලේ ඒ නිසා අපි අපේ ඉතිරි භාගය හොයනවා."

ස්ක්‍රැට්වද නිරපරාදේ මගේ වැලන්ටයින් ලෝලීත්වයට ගැවෙයි. ස්ක්‍රැට් සිය වෝල්නට් ගෙඩියට දක්වන්නේ පුදුම ආසාවකි. ඒක ආසාවක් නොවේය , පිස්සුවකි. උන්මාදයකි. ඒත් ආසාවටත් , පිස්සුවටත් ඉක්මන් කොටය. ස්ක්‍රැට්ට වෙන්නේත් ඒකය. වෝල්නට් ගෙඩිය බදාගෙන මොහොතක් දෙකක් ගත වෙද්දී අතේ තියන වෝල්නට් ගෙඩියත්, එය අත්පත් කොටගන්නට දැරූ පරිශ්‍රමයත් , එතරම් පරිශ්‍රම දැරීමට තරම් වෝල්නට් ගෙඩිය තමාට කොතරම් වටීද යන්නත්, අතීතයට එක් වෙයි. නොසැලකිල්ලට පින් සිද්ද වෙන්නට වෝල්නට් ගෙඩිය යලිත් ප්‍රපාතයකින් පල්ලමට ඇද වැටෙයි. ස්ක්‍රැට් එක්කෝ ග්ලැසියරයක හිර වෙයි. ආයිමත් ග්ලැසියර් දියවෙන්නේ ඊලඟ කල්පයේ විය හැකිය.
වැලන්ටයින් මට එපා වෙන්නේ නන්දා මාලිනීගේ ගීතයකුත් හිතට ඇදී එමිනි. උපමා රූපක , සහ සුන්දර අකුරු හමුවේ වැල්නටයින් මෙන්ම මමත් අසරණ වූ කාලයක් තිබිණි. එහෙත් නන්දා මාලිනියගේ ජව සම්පන්න හඬ නිරන්තරයෙන් මට පාඩම් කියාදෙයි. අතීතය දෙස මහත් වූ උපේක්ෂාවෙන් ස්තූතිවන්ත බැල්මෙන් බලමින් මම නන්දා මාලිනියට ඇහුම්කන් දුනිමි.
අනේ මට පාඩුවේ ඉන්න ඉඩ දෙන්න මගේ කූඩුවේ...
ලියා ගී හදවතේ කිවිඳ මට හිරිහැර නොකරන් මෙසේ ...
ඔබගේ සුලකළ අකුරු පෙළේ පැටලී...
ගැළවීමක් නැත යෞවනයට මිහිරී...
ආළය පිළිබඳ සිතුවිළි ළය වැතිරී...
විඳවමි තනිවම ඔබට සාප කරමී...
කිරුළු දරන්නට කිවි රජයෙහි මනරම්...
විරචිත කව් ගී කිවිඳිනි ඇති දැන්නම්...
යෞවනියන් හට කවියෙන් දී දඬුවම්..
ලබනා බුහුමන් ඔබහට වෙයි නොතරම්...
වැලන්ටයින් සමග උපේක්ෂා සහගත ගනුදෙනුව
ඒ එදාය . ඈත එදාය. මෑත එදාය. ඒත් මේ මෙදාය. ඒ ලිවිලිත් මගේය. ඒ ලිවිල්ලට දෙස් දෙන වැලන්ටයින් එක්ක තිබූ ලෝලීත්වයත් මගේය. අතීතයත් මගේය. නැත. මේ කිසිවක් මගේ නොවේ. යටත් පිරිසෙයින් අතීතයට හේතු පාදක වූ කාරණාවවත් මගේ නොවේ. නමුත් වැලන්ටයින් උන්මාදය මාන්දමක් බවට හැරවෙන්නට අතීතයෙන් උගත් පාඩම් මට පාර කිව්වේය කිවහොත් නිවැරදිය.
එනිසාම අද මම වෙනස් මිනිසෙක් වී සිටින්නෙමි. වැලන්ටයින් යනු වෙලඳ සංකේතයකැයි එක් ප්‍රවීණයෙකු මට කිව්වේ මීට දවස් කිහිපයකට ඉහතදීය. වෙලඳ භාණ්ඩයක් නොවූ ආදරයක සංකේතීය පුද්ගලයෙකුට වෙලඳ භාවයෙන් මිදිය හැකිද?
මම කල්පනා කරමි. වැලන්ටයින් ගැන අනුකම්පාවක් මිස තරහක් නො ඉපදෙයි. වැලන්ටයින්ගේ තැරැව්කාර ආදරවන්තයන් කෙරෙහිද එසේමය.
වැලන්ටයින් මාන්දම හෙවත් තාවකාලික සමුගැන්ම
වැලන්ටයින් එක්ක රණ්ඩු වෙවී යාලු වෙවී, ජීවිත ආලින්දයෙහි දුව පැන්න මම අද ආලින්දයෙහි කොනක හිඳ ගෙන වැලන්ටයින්ලා සෙල්ලම් කරන ගෙමිදුල දිහා බලාගෙන මේ ලිපිය ලිව්වෙමි.
ජීවිතේ කවියක්
ආදරේ එහි සොඳුරුතම වදනක්
කඳුලැලි බිඳක් - හසරැලි පොදක්..
එකට එක්වූ විට දැනේ..... පෙර නොවිඳි රසයක්...
පසු පසින් හඹා එන අතවර
හැර දමා යා නොහැක බෝ දුර
දුකද ඉවසා දරා ගන්නට සිතට බල කරනා
හැඟුම් අවදිව යේ කවිකම...
සෙනෙහසින් රැඳී උන් නෙක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිඳී දස අත විසිර යන යාමේ...
කවුරු නම් ලං වේද තනියට ....
ගජමන් පුවතට , එහි එන වසන්ති චතුරාණියගේ සැබෑ චරිත නිරූපණයට සහ එ පුවත නිරන්තරයෙන් පටන් ගන්නා තේමා ගීයෙහි කියන මෙ'පුවතින් මම ජීවිතයේ වැලන්ටයින් ටියුශන් පන්තියේ ලොකුම පාඩම ඉගෙන ගතිමි.
සෙනෙහසින් රැඳී උන් නෙක දන
පලා යයි නොකියාම ඈතට
පවුරු පදනම් බිඳී දස අත විසිර යන යාමේ...
කවුරු නම් ලං වේද තනියට
.
.
.
(නිමි)
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කුරුලුගෙ ආදරේ,
මා පෙම් බැඳි ගීයක් ගැන
Sunday, February 12, 2012
[232] ගෙවී ගිය දශකයේ පෞරාණික මතක..
ළමා වියෙන් පසුව ගෙවී ගිය තුරුණු වියේ , අන් අයට හිමි වෙන වසන්තය නම් සරසවි සමයයි. ඒ සරසවි වසන්තය වැඩියක්ම සොඳුරු ලෙස උදා වන්නේ පේරා කොලු කෙල්ලන්ට බව නොරහසක්. මන මෝහනීය වටපිටාවත් , අක්කර දහස් ගණනක සරසවි උරුමයත්, ඒ උරුමය හා බැඳුනු සම්ප්‍රදායන් සහ ඉතිහාසයන් විසින් , පේරාදෙණි සරසවියට පිවිසෙන්නවුන්ව නිරායාසයෙන් ඇද දමන්නේ අපූර්ව චමත්කාරයකට කිවහොත් නිවැරදියි... එනිසාම පේරාදෙණි සරසවි මවුන් ඇකයෙහි හරිබරි ගැසෙන තරුණ කොලු කෙල්ලන්ට සංසාරයම සිහිපත් කොට තලු මැරිය හැකි 'අතීතයක්' හිමියි.
ජීවිතේ මල් නමින් ලියන මාත් ඒ මවු ඇකයට ගොස් මීට වසර හරියටම නමයකට උඩදි හරිබරි ගැහුනෙ ජීවිතේ සොඳුරුතම සමය වුවත් , බොහෝ බරැති හිසින් හා හිතින් කිව්වොත් නිවැරදියි. මිල මුදලින් පරිබාහිර බොහෝ අතොරයන් නිසාවෙන්ම පේරා බැචාලා බැචීලා අතරෙහි හිටි ජීවිතේ මල් ඉතා නිහඬ චරිතයක් වූවා. පන්සිය හැට අටක් වූ බැචාලාත් බැචීලාත් අතර ජීවිතේ මල් හිටියාදැයි අදටත් නොදන්නා අය හාරසියයක්වත් ඇත්තේ ඒ නිසාවෙන්.
බ්ලොග් පිටු අතරේ එක එක ජාතියේ බස් වහරින් එක එක දෑ නිදහසේ ලියන ජීවිතේ මල් එකල ඉපැදී සිටියේවත් නැහැ. නැහැ , මා වැරදියි. පාසැල් සමයේ උපත ලිවීම ඈ ලොවෙහි උපත ලැබුවත් ,ජීවිතේ මල්ගේ පන්හිඳ පාසල් වියෙන් පසුව ඇණහිටියේ ඇයි දැයි මා පවා දන්නේ නැහැ. ඉතින් එසේ ගෙවුනු අතිශය නිහඬ අතිශය අප්‍රසිද්ධ ජීවිතය විසින් පේරාදෙණියට පෙම් නොකල එකම සරසවි සිසුවිය බිහි කරනු ලැබුවා.
අවශේෂ සිසු සිසුවියන් හමුවට නොයන, සිසු හමු, විනෝද චාරිකා මග හරින, පැදුරු පාටි , රැග් සහ සංගීත ප්‍රසංග වල කිසි සේත් නොදකින ජීවිතේ මල්ගේ ජීවිතය එකල මල් පිපුනේ නැහැ. ඒ වෙනුවට සිටියේ , දේශන අවසන් වූ වහා (ඇතැම් විය අවසන් වීමට පෙරම) කඩාගෙන බිඳගෙන ගෙදර දිව එන , ගෙදර විත් පේරා ප්‍රධාන පුස්තකාලයෙන් ගෙන එන නවකතා , කෙටිකතා සහ පරිවර්තන පොත් කියවන , දේශන සටහන් ලස්සනට ලියන මුත් , විභාගය තෙක්ම දිග නොහරින , විද්‍යා පීඨ පුස්තකාලය පැත්තේ පස් නොපාගන , ඇපෙන් බේරෙන්නට විබාග ලියන කම්මැලි ගැහැනු ලමයෙක්. එහෙත් සතියේ දවස් පහ මෙසේ අප්‍රසන්න ලෙස ගෙවා දමන ඇයගේ වසන්තය සති අන්තයයි. හේතු කිහිපයක් නිසාවෙන්. මහත් ආශාවෙන් ඈ සති අන්තය ඉගෙන ගත් පරිගණක උපාධිය සහ එම ආයතනය ඇගේ අනාගතයේත්, සතුටේත් , ප්‍රේමයේත් , මහන්සියේත් , කැපවීමේත් තෝතැන්න වූවා.
විශ්ව විද්‍යාල භාෂාවෙන් කිවහොත් , එවකට 'පිටින් ගොඩ ගිය' සංගමයට අයත් විම නිසාම , පේරාදෙණිය සරසවි බිමෙන් පෙම්වතකු සොයා නොගත් (හෙවත් සරසවියට අඩිය ගසන්නටම පළමු පෙම්වතියක වී සිටීම) වරදට විශ්ව විද්‍යාලයේ තරුණ තරුණියන් අත්විඳින නිදහස චමත්කාරය මට පෙනුනේම නැති තරම්. ඉතින් රෑ එලිවෙන තුරු පැවැත්වෙන පැදුරු සාජ්ජ , සංගීත ප්‍රසංග සහ වලේ නාට්‍ය ඈටත් ඇගේ ප්‍රේමයටත් සොඳුරු මතක එක් කලේ නැහැ. (වලේ නාට්‍ය නොබැලූ , ඒ ටී එකේ ෆිල්ම් නොබැලූ , අලත් නොවූ බැචියක් වී නම් ඒ ජීවිතේ මල් පමණක්ම විය හැකියි)
ඉතින් මේ දිගු කතන්දරය අග සංසාරේ ලිපියෙහි ලියවෙන්නේ මොනවාදැයි ඔබ මගෙන් අසාවි. සැබවින්ම මා සජීවි ගීත ප්‍රසංග හෝ ජීවිතයේ සැබෑ කෙලිලොල් විඳීම් කිසිවක් මේ ගතවූ වසර දහයක් පුරා වින්දනය කළ අයෙකු නොවෙයි. එනිසාම ජීවිතේ මග හැරී ගිය අනගි තුරුණු වියක් පිලිබඳ කුඩාහෝ තැවීමක් සිත මෝදු නොවේ යයි මුසානම් මට කිව නොහැකියි. එහෙත් ඒ අතෝරයන්ගෙන් පිරි ජීවිතයේ දශකයක් තුල, කෙලි වියේ පණ ගසා ආ, එමෙන්ම යොවුන් වියේ යලිත් නිද්‍රාවට පත් රසය , ජීවනය , යොවුන් විය අගිස්සේ හිඳියදී හෝ යලිත් ආගමනය වීම මට මහා මිහිරියාවක්. පසුගිය ජනවාරි 31 වනදා මා හිතවතියක් කරන්නට යෙදුනු සත්කාර්යය නිසාවෙන්ම , ඒ ගෙවුනු වියෙහි නොලද සොඳුරු අත්දැකීමක් විඳිය හැකි වූවා.. 'මියැසි රාවය' මධ්‍යයේ වික්ටර් රත්නායකයන්ගේ හඬෙන් මිදෙන ශක්තිය, සුපැහැදිලි ජවය සහ සුගායනීය පදවැල් විසින් මා අමුතුම ලෝකයකට ගෙන ගියා කිවහොත් නිවැරදියි.
ආදරයේ උණුසුම් නැවුම් චමත්කාරය සහ කියාගනු නොහැකි උද්වේගකර චින්තාවලීන් පණ ගසන්නේ ආදරයෙහි මුල්ම දිනවලදී.. කොතෙක් උදම් ඇනුවත්, කොතෙන් පුරසාරම් කීවත්,වරින් වර ආදර වදන්, තැගි, කවි වලින් යාවත්කාලීන කලත්, ඒ මුල්ම දින කිහිපයේ සිත වසා පැතිරගත් චමත්කාරය කිසි ලෙසකිනුත් කාලයත් සමග නොපවතින බව.
සිය ආදරය නොදැක නොසිතා නොමැතිව එක මොහොතක් ගෙවීම පවා කොතෙක් අසීරුදැයි ආදරයේ චමත්කාරයෙන් මත් වූ මුල් යුගයක් ගෙවා ඇති ඕනෑම කෙනෙක් දන්නවා ඇති. ඒ සිහින, ඒ හද තිගැස්ම මොනවට නිරූපණය වූ මේ සොඳුරු ගීය මට කණ වැකුනේ , වික්ටර් රත්නායකයන්ගේ ගී ගොන්නකට 31 එනිදා දැහැන් ගත වීම නිසාවෙන්. ඉන් බැඳීගිය සිත ගෙදර ආ ඉක්බිති නොනැවතී ඔහුගේ ගී සොයා ගිය නිසාවෙන්.
ගෙවීගිය දශකයෙහි මගෙන් ගිලිහී ගිය දෑ වෙනුවෙන් , ඒ කාලයෙහි කළ හැකිව තුබූ දෑ වෙනුවෙන් මට කිසිදු දුකක් නැතැයි කියන්නේ නම් එය මුසාවක්. එහෙත් ගෙවෙන වර්තමානය , කොතෙක් ගැහැට පිරි වුවත් , එහි නිරන්තර සාමයත් සිනහවත් සැනසීමත් පිරී පවතින්නේ එදා අත්හැරී ගිය රස භාවයන් උලුප්පවා ගනු වස් අද එදාට නොදෙවෙනි සොඳුරු අවස්ථා එකින් එක මතුවන නිසාවෙන්.
අතීතය සිහිනයක්ම බැවිනුත්, අනාගතය ප්‍රාර්ථනාවක්ම බැවිනුත් , වර්තමානය තරම් අත්දැකීම් වලින් කැලතෙන , හැඟීම් රස භාව මුසු වෙන සංසිද්ධියක් තිබේවිද? ප්‍රථම ප්‍රේමයත් , අතීතයත් , එහි ඇති චමත්කාරයත් , එලෙසින්ම නටබුන්ව තිබෙන එහි නිමාවත් , එහි ප්‍රතිපල වශයෙන් රස බැලූ විරහවත් , අද එහි තිබෙන සැබෑ නටඹුන් වල තිබෙන පෞරාණික අනන්‍ය බවත් , වේදිකාවට පැමිණි සුනිල් එදිරිසිංහයන්ගේ හඬින් පණ ගැසුයේ මෙලෙසින්..
මම මේ රෑ එකට , මීදුමේ එතුනු සඳලුතලයට එබී කුකුසින් තරු දෙස නෙත් යොමමි... අනේ , ඒ පුංචි තිත් රෑ පුරාවට නිවි නිවී දිලෙමින් හඬමින් වැලපෙනයුරුත් , සඳ තරු නැති අඳුරෙහි හිඳගෙන ඉකි බිඳින යෞවනියකුත් මට එකවර සිහිවෙයි.. අහස තරම් විශාල පදාසයකට තරුවකින් ඵල කිම?
වික්ටර් රත්නායකයන් පෙර ගැයූ ආදරයේ උණුසුම් චමත්කාරයත්, එහි ඇති අවිහිංසක බොලඳ බවත් , සුනිල් එදිරිසිංහයන් ගැයූ එතරම්ම උණුසුම් ආදරයක අවප්‍රාප්තියත් සහ වෙන්වයාමත් , ඉතා දිගු ජීවිත ගීතයක් හෙමිහිට මුමුණනු මට ඇසෙයි. පෞරාණික මතක යනු යාවත්කාලීන කළ හැකි වර්තමානයක් හෝ අනාගතයක් අහිමි අතීත සටහන් වේ..

ඔබ නැතුව ඉන්න බැරි තරමට
ඔබ හිතට ඇවිත් හෙමි හෙමිහිට
ඔබ නොදැක ඉන්න බැරි තරමට
නෙත ඔබව සොයනවා දවසෙම
මේ සීතල හිම ගිරි අරණේ
මට හමුවූ වන පස කුසුමේ
පෙති මත සතපා
රැගෙන යන්න මා
කුසුම් නිම්නයේ මාලතියේ
මේ ජීවන අවපස අහසේ
ඔබ පුරපස සඳ වී පිපුනේ
ඔබේ රැසින් මා දවාලන්න රෑ
ලය මත සනහා රාජිනියේ

සන්තාප මාවතේ
සංවේදනා මැදුරේ
සංවේගයෙන් දන්වා සිටින්
වෙන්වීම මා ඇගෙන්...
තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමං තලේ
නොසැලී රැඳී කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටඹුන් අතීතයේ..
හසරැල් මැකී පිපිමල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහෙ නිමාව යේ..
සංවේගයෙන් දන්වා සිටින්
වෙන්වීම මා ඇගෙන්...
තරුවක් ලෙසින් වැලපී හඩා රැයේ
දැරියක් හිදී තනිවී දෙමං තලේ
නොසැලී රැඳී කදුලක් ඇගේ නෙතේ
හඩගා කියයි නටඹුන් අතීතයේ..
හසරැල් මැකී පිපිමල් මුවේ ඇගේ
සිහිලැල් සිදී හදවිල් තලේ මගේ
සද තාරකා අදුරේ ගිලී ගියේ
ඇය මා සෙවූ සෙනෙහෙ නිමාව යේ..
මම මේ රෑ එකට , මීදුමේ එතුනු සඳලුතලයට එබී කුකුසින් තරු දෙස නෙත් යොමමි... අනේ , ඒ පුංචි තිත් රෑ පුරාවට නිවි නිවී දිලෙමින් හඬමින් වැලපෙනයුරුත් , සඳ තරු නැති අඳුරෙහි හිඳගෙන ඉකි බිඳින යෞවනියකුත් මට එකවර සිහිවෙයි.. අහස තරම් විශාල පදාසයකට තරුවකින් ඵල කිම?
වික්ටර් රත්නායකයන් පෙර ගැයූ ආදරයේ උණුසුම් චමත්කාරයත්, එහි ඇති අවිහිංසක බොලඳ බවත් , සුනිල් එදිරිසිංහයන් ගැයූ එතරම්ම උණුසුම් ආදරයක අවප්‍රාප්තියත් සහ වෙන්වයාමත් , ඉතා දිගු ජීවිත ගීතයක් හෙමිහිට මුමුණනු මට ඇසෙයි. පෞරාණික මතක යනු යාවත්කාලීන කළ හැකි වර්තමානයක් හෝ අනාගතයක් අහිමි අතීත සටහන් වේ..
මේ ගැනයි මේ ලිපිය..
අසම්මතයෙනුත් ඔබ්බට,
ආදරය හෙවත් මගේ හුස්ම,
මා පෙම් බැඳි ගීයක් ගැන
Saturday, February 04, 2012
[231] දෙවොලක් නැති දෙවියන් ගැන...
දෙවියන් සිටින්නේ ගස් උඩය කියා සිතූ ඉතා ලපටි වියක් මට තිබුනේය. කාලයත් සමග දෙවියන් ඉහළ අහසට ගියේය.. වයසින් මුහුකුරා යත්ම , විවිධාකාර අනංමනං වලින් යොවුන් සිත ඔද්දල් වී යන තුරුම දෙවියන් හිතේ අපූරුවට වාසය කලේය. දෙවියන් මෙන්ම දේවත්වයද සංකල්ප කියන දෙයින් එහාට නොගියේය. එහෙත් පෙර කලෙක පලාගිය දෙවියන් මීට වසර කිහිපයකට උඩදී යලිත් හෘදය අරක් ගත්තේය. මෑතකදී නන්දා මාලිනිය ගයන මේ ගීය සවන වැකීමෙන් ඒ දෙවියන් පිලිබඳ හැඟුම යාවත් කාලීන වූයේය.
අන්න බලන් දෙවියෝ
දෙවියන්ගෙත් දෙවියෝ
සෙත් සලසන මුත් දුක් ගැහැටම ලත්
දෙවොලක් නැති දෙවියෝ
සදා හරිත කර මුලු මිහිමඬලම
සෙවණ සදන දෙවියෝ
මුව වග වලසුන් ගිජිඳුන් විහඟුන්
රැකවල් ලන දෙවියෝ
කියතෙන් ගෙල සිඳ ලේ සෙලවූවත්
තරහක් නැති දෙවියෝ
නිසි කල වැසි දී පින් පෙත් නොලබන
අවිහිංසක දෙවියෝ
දෙවියන් සිටින්නේ, දෙවියන් පුදන්නේ , දෙවියන් විස්වාස කරන්නේ මොන ආගමේදැයි, එය විස්වාස නොකරන්නේ මොන ආගමේදැයි කතාවක් ගාවා ගත යුතු නැත. නන්දා මාලිනිය කියා සිටින මේ දෙවියන් වසන්නේ ඈත භවනක නොවේ...
මා සිටින්නේ දේව වාදය බැහැර කරන ආගමකය. මා සිටින්නේ අදේව ආත්මයන්ද ප්‍රතික්ෂේප කරන ආගමකය. එහෙවු තැනෙක සිට මා අද ලියන මේ දෙවියන්ව දැමිය යුත්තේ කුමන කැටගරියටද? මා ස්වභාවවාදියෙකැයි මට සිතෙන්නේ මේ නිසාය. 'ඕක තමයි ලෝකෙ හැටි' කියා හැම දේටම සාධාරණ නිදහසට කරුණක් දිය නොහැකි බව ඇත්තකි. එහෙත් ලෝකය උඩ යට පෙරලුනත් විස්මයෙන් ගල් නොගැසෙන්නේත් මා උඩ යට නොපෙරලෙන්නේත් , කොයි තත්වය මධ්‍යයේ වුව සිහිය පවතින්නේත් මා ස්වභාව වාදයට පෙම් බඳින හෙයිනි.
මේ දෙවියන් අදෘශමාන නැත. මේ දෙවියන්ට හාස්කම් පාන්නට ඕනෑ නැත. මේ දෙවියන්ම සහමුලින්ම හාස්කමකි. පසට සෙවණ දෙන අහස් වියණත්, පයට සිසිල දෙන මහ පොළවත් , ඒ අතර සුවය මවන සුලඟත් මහ අභිරහසක් නොවේද? මේ මැවීම , මේ යාන්ත්‍රණය තරම් විස්මය ජනක දෑ අද ඊයේ පහළ වූ විද්‍යාවට බිහි කළ නොහැකිය.
ඒ දෙවියන් මවන සීතල දිය උරා බී සැනහෙන අපි ඒ දෙවියන්ගේම ඇඳිවතේ නොපහරන්නෙමුද? අහිංසක මුව සා පැටවුනුත්, බියකරු වග වලසුනුත් , සද්දන්ත ඇත් අස් රජුනුත් මේ එකම දෙවියන්ගේ රැකවලෙහි වැඩෙන්නෝය. දෙවියන් ඒ කාටවත් වෙනස් හැඳි වලින් බෙදන්නේ නැත. අතු ඉති සිඳින වඳුරු රැලටත් , කඳ මතුයෙහි එතෙන සර්පයන්ටත් , තුරු මුදුනක විවේක ගන්නා පක්ෂිනටත් දෙවියන්ගෙන් එකම සැලකිල්ලක් ලැබෙයි.
එහෙව් දෙවියන්ගේ ගෙල එක කියත් පහරින් සිඳින්නේ සාමුව වග වලසුන් නොවේ. අපය... මේ දෙවියන්ට පින් අත්වන්නට දෙවියන්ගේ දරුවන්ට ජීවිතය ලැබී තිබේ.
අහසින් වැටෙන්නට දිය බිඳු අතිරික්තයක් වළාකුලු ගබඩාවෙහි නැත. වැටෙන හැම දිය බිඳුවකම , දෙවියන් වෙර වීරියෙන් දිවි රැකගෙන , අහස් කම්හලට සැපයූ අමුද්‍රව්‍ය පිලිබඳ ඉතිහාසයක් ඇත. එහෙත් දෙවියන්ගෙන්, අහස ඉල්ලන තරමටම, දෙවියන්ට සැපයිය හැකි සීමාවක් තිබේ. කරන මෙහෙයට පින් පෙත් මඳ හෙයින්ම දෙවියන් ඉක්මනට වයසට යන වග පෙනේ.
සකල විධ ලෝක වාසී සත්වයනට සෙත් සලසන මේ දෙවියන්ට පින් පෙත් නැතත් අඩුම ගානේ දුක් ගැහැටවත් නොදී සිටීමට , ඒ දෙවියන් නිසා දිවි ගැට ගසා ගන්නා අපට යුතුකමක් තිබෙනවා නොවේද???
ගෙල සිඳින්නට කියත මුවත් තබනට මත්තෙන් අප ඒ ගැන සිතිය යුතු නොවේද?
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා,
දවස ගෙවෙන අපූරුව...,
මා පෙම් බැඳි ගීයක් ගැන
Subscribe to:
Posts (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->