දෙවියන් සිටින්නේ ගස් උඩය කියා සිතූ ඉතා ලපටි වියක් මට තිබුනේය. කාලයත් සමග දෙවියන් ඉහළ අහසට ගියේය.. වයසින් මුහුකුරා යත්ම , විවිධාකාර අනංමනං වලින් යොවුන් සිත ඔද්දල් වී යන තුරුම දෙවියන් හිතේ අපූරුවට වාසය කලේය. දෙවියන් මෙන්ම දේවත්වයද සංකල්ප කියන දෙයින් එහාට නොගියේය. එහෙත් පෙර කලෙක පලාගිය දෙවියන් මීට වසර කිහිපයකට උඩදී යලිත් හෘදය අරක් ගත්තේය. මෑතකදී නන්දා මාලිනිය ගයන මේ ගීය සවන වැකීමෙන් ඒ දෙවියන් පිලිබඳ හැඟුම යාවත් කාලීන වූයේය.
අන්න බලන් දෙවියෝ
දෙවියන්ගෙත් දෙවියෝ
සෙත් සලසන මුත් දුක් ගැහැටම ලත්
දෙවොලක් නැති දෙවියෝ
සදා හරිත කර මුලු මිහිමඬලම
සෙවණ සදන දෙවියෝ
මුව වග වලසුන් ගිජිඳුන් විහඟුන්
රැකවල් ලන දෙවියෝ
කියතෙන් ගෙල සිඳ ලේ සෙලවූවත්
තරහක් නැති දෙවියෝ
නිසි කල වැසි දී පින් පෙත් නොලබන
අවිහිංසක දෙවියෝ
දෙවියන් සිටින්නේ, දෙවියන් පුදන්නේ , දෙවියන් විස්වාස කරන්නේ මොන ආගමේදැයි, එය විස්වාස නොකරන්නේ මොන ආගමේදැයි කතාවක් ගාවා ගත යුතු නැත. නන්දා මාලිනිය කියා සිටින මේ දෙවියන් වසන්නේ ඈත භවනක නොවේ...
මා සිටින්නේ දේව වාදය බැහැර කරන ආගමකය. මා සිටින්නේ අදේව ආත්මයන්ද ප්‍රතික්ෂේප කරන ආගමකය. එහෙවු තැනෙක සිට මා අද ලියන මේ දෙවියන්ව දැමිය යුත්තේ කුමන කැටගරියටද? මා ස්වභාවවාදියෙකැයි මට සිතෙන්නේ මේ නිසාය. 'ඕක තමයි ලෝකෙ හැටි' කියා හැම දේටම සාධාරණ නිදහසට කරුණක් දිය නොහැකි බව ඇත්තකි. එහෙත් ලෝකය උඩ යට පෙරලුනත් විස්මයෙන් ගල් නොගැසෙන්නේත් මා උඩ යට නොපෙරලෙන්නේත් , කොයි තත්වය මධ්‍යයේ වුව සිහිය පවතින්නේත් මා ස්වභාව වාදයට පෙම් බඳින හෙයිනි.
මේ දෙවියන් අදෘශමාන නැත. මේ දෙවියන්ට හාස්කම් පාන්නට ඕනෑ නැත. මේ දෙවියන්ම සහමුලින්ම හාස්කමකි. පසට සෙවණ දෙන අහස් වියණත්, පයට සිසිල දෙන මහ පොළවත් , ඒ අතර සුවය මවන සුලඟත් මහ අභිරහසක් නොවේද? මේ මැවීම , මේ යාන්ත්‍රණය තරම් විස්මය ජනක දෑ අද ඊයේ පහළ වූ විද්‍යාවට බිහි කළ නොහැකිය.
ඒ දෙවියන් මවන සීතල දිය උරා බී සැනහෙන අපි ඒ දෙවියන්ගේම ඇඳිවතේ නොපහරන්නෙමුද? අහිංසක මුව සා පැටවුනුත්, බියකරු වග වලසුනුත් , සද්දන්ත ඇත් අස් රජුනුත් මේ එකම දෙවියන්ගේ රැකවලෙහි වැඩෙන්නෝය. දෙවියන් ඒ කාටවත් වෙනස් හැඳි වලින් බෙදන්නේ නැත. අතු ඉති සිඳින වඳුරු රැලටත් , කඳ මතුයෙහි එතෙන සර්පයන්ටත් , තුරු මුදුනක විවේක ගන්නා පක්ෂිනටත් දෙවියන්ගෙන් එකම සැලකිල්ලක් ලැබෙයි.
එහෙව් දෙවියන්ගේ ගෙල එක කියත් පහරින් සිඳින්නේ සාමුව වග වලසුන් නොවේ. අපය... මේ දෙවියන්ට පින් අත්වන්නට දෙවියන්ගේ දරුවන්ට ජීවිතය ලැබී තිබේ.
අහසින් වැටෙන්නට දිය බිඳු අතිරික්තයක් වළාකුලු ගබඩාවෙහි නැත. වැටෙන හැම දිය බිඳුවකම , දෙවියන් වෙර වීරියෙන් දිවි රැකගෙන , අහස් කම්හලට සැපයූ අමුද්‍රව්‍ය පිලිබඳ ඉතිහාසයක් ඇත. එහෙත් දෙවියන්ගෙන්, අහස ඉල්ලන තරමටම, දෙවියන්ට සැපයිය හැකි සීමාවක් තිබේ. කරන මෙහෙයට පින් පෙත් මඳ හෙයින්ම දෙවියන් ඉක්මනට වයසට යන වග පෙනේ.
සකල විධ ලෝක වාසී සත්වයනට සෙත් සලසන මේ දෙවියන්ට පින් පෙත් නැතත් අඩුම ගානේ දුක් ගැහැටවත් නොදී සිටීමට , ඒ දෙවියන් නිසා දිවි ගැට ගසා ගන්නා අපට යුතුකමක් තිබෙනවා නොවේද???
ගෙල සිඳින්නට කියත මුවත් තබනට මත්තෙන් අප ඒ ගැන සිතිය යුතු නොවේද?
අතීත මුතුන් මිත්තො ගස් ගල් වලට වන්දනාමාන කල එක අපි අද අවඥාවෙන් සැලකුවට මන් හිතන්නේ එදා අය තේරුම් අරන් තිබ්බා සැබෑ දෙවියන් කවුද කියලා.
ReplyDeleteදෙවියන් මියගියදා,
ReplyDeleteදෙවොල ඉදිරිපිට හඬා වැලපෙනු කුමටද?
මේ මැයට ඉඳුරාම වෙනස් වුවද කලකට පෙර මා කියවූ ප්‍රබන්ධයක් සිහිවිය ඔබේ සටහන කියවද්දී ...දිල්........
The day the gods died...........දෙවියන් මියගිය දා.....
පොලව කොටන තැන පාර හදන තැන
ReplyDeleteගිනියම් අව්වේ මහා වරුසාවේ
දෙවියෝ වැඩ ඉන්නේ.....
බලන් කඩතුරා හැර දෑසේ...
අර රතු ඉන්දියානු ගෝත්‍රික නායකයා මතක් වුනා..වටිනා ලිපියක්
ReplyDeleteබ්ලොග ටිකක් ස්ලෝ නේද???
ඇයි මයිකල් ජැක්සන්ගෙ Earth Song
ReplyDeleteඊ කතාවනම් නියමයි.මටත් මගේ අතීතයේ එක සිදුවීමක් මතක් උනා.බ්ලොග් ටිකක් මන්දගාමී නේද
ReplyDeleteහැමදාම වරදින තැන් තේරුම් ගන්නකොට අපි පරක්කු වැඩියි.
ReplyDeleteසිඳලූ දෙවියකු වෙනුවෙන් පැලකරමු දෙවියන්....
ReplyDeleteබ්ලොග් එක ලස්සනයි- ලෝඩ් වෙන්න ටිකක් පරක්කුයි වගේ...
This comment has been removed by the author.
ReplyDeleteඅතීත මිනිස්සු මෝඩ නෑ.. ඔවුන් මායාවට වඩා මේ ස්භාවික දේවල තියෙන වටිනකම නිසා ඒවට වැඩ්ගුම් පිදුම් කලා..
ReplyDelete//බිම්බරක් සෙනඟ ගැවසෙන
ReplyDeleteචන්ද සූර්යයා ඉපදුන ස්වර්ණ භූමියේ මනරම් මාලිගාව කෝ...//
පෝස්ටුව කියවද්දි මේ සින්දුවත් මතක් වුනා..
දෙවියන් කියලා තදින් විශ්වාසයක් හිතේ ඇති කරගෙන කරන සමහර දේවල් හරි යන්නේ, තමන්ගේ හිත නිසාම බව ගොඩක් මිනිස්සු දන්නේ නෑ.
ReplyDeleteමට මතක් උනු අනෙක්දේ තමයි දෙවියන් වෙන්නේත්, තිරිසනුන් වෙන්නේත් මිනිසාම බව.
Avatar Film එක මතක් උනා.
ReplyDeleteඅදහස වගේම ලියල තියන විදිහත් ලස්සනයි.
ReplyDelete2004-12-26 ස්වභාවධර්මය, මිනිස්සුන්ට වඩා කොතරම් බලවත්ද කියල මතක්කරල දුන්න. මේ දෙවියොත් ඒ ස්වභාවධර්මයේම කොටසක්. මේ දෙවියන්ගේ බලයත් දවසක මිනිස්සුන්ට මතක්කරල දෙයි, හිතාගන්නවත් බැරි විදිහට.
ඈත්ත අනුරාධ මල්ලි... ගස් ගල් කියනෙ වඳින්න පුදන්න කෙසේ වෙතත් ගෞරවයෙන් සෑලකිය යුතු උපශාන්ත ජීවයක්...
ReplyDeleteම්ම්ම්ම්ම්ම් දෙවියන් මිය යමින් සිටින සමයකයි අපි මේ ඉන්නේ රවි අයියා... දෙවියන් ඉක්මණින් වයසට යන්නේ අපේම වරදින් නේද???
රෙප්
මිනිසුන් වෙසින් සිටින වෑඩ කරන ජනතාව වගෙම ,සොබාදහමත් දෙවියන්ගේ නිර්මාණයක් නොවේ, සොබා දහම යනු විශ්ව කර්මයන් ගෙන එන දෙවි කොටසක්..
සෑම් , ඔව් බ්ලොග් එක ටිකක් ස්ලෝ.... මම ඒකට වෙනස් කමක් ඉක්මනටම කරනවා.... ගොඩ දෙනෙක් කියනවා.... ඉක්මනට හදන්නම්... (විවෙක තමා අඩූ ස්තූතියි කොමෙන්ටුවට
ReplyDeleteචානක මල්ලි... ඔව් ඔව්... ඒකත් මේ මහපොලව කියන දෙවියන් ගෑන ලිව්ව එකක්....
ජනිත් ... ස්තූතියි .. මල්ලි... ඉක්මනින්ම බ්ලොග් එක හදනවා මම....
ගෙහාන් මල්ලි. ඒක නම එත්ත.... ස්තූතියි
සුමිත් ..... ස්තූතියි යාලු.... බ්ලොග් එක ටිකක් ආපදාවට ලක් වෙලා තියෙන්නේ... හදන්නම්.... :)
දිනේශ්... ආ ගොඩ කාලෙකින් ආ.... ස්වභාව වාදය සුන්දර ඒ නිසා... එහෙම නේද???
රූ..... ස්තූතියි යාලු.... ඔව්... ඒකත් මම ගොඩක් ආස සින්දුවක්.... නන්දා මාලිනිය කියන මේ ගීයට මන් බොහෝ ආදරේ ඒ ගීයේ තියන දයා භරිත ලයාන්විත ගතිය නිසා
ReplyDeleteපොඩ්ඩි
ඔව් පොඩ්ඩි.. ඒක හරි. දෙවියන් කියන්නේ යුක්තිය සහ සොබාදහම යයි කියලා හිතන්න මමත් ගොඩක් කෑමතියි...
රවින්... ඉදිරියෙදී අ ෆිල්ම් එක ගෑනත් ලියන්න හිතන් ඉන්නවා... මේක කියවද්දි මට හදිසියෙම හිතුනේ අද හවසට ඈවටා ෆිල්ම් එක බලන්න.... :) ස්තූතියි
පිසා
ස්තූතියි යාලු.... ඒක නම් ඈත්ත යාලු.... සොබා දහම කියන්නෙ පින්පෙත් නෑතත් සෙත් සලසන අපූරු දෙයක් :)