දෙදෙනාම මැහැල්ලෝය.ඒ වයසටදැයි අකලටදැයි පැහැදිලි සාක්ෂි නැත.. ඉඳහිට වැටෙන හදිසි වැහි මත්තෙහි , අලු යට සැඟව ගත් කුඩා පුපුරු 'සූස්' හඬින් දැවී හඬ නගයි. ඒ හුස්මකැයි වරදවා වටහා ගන්නා මහලු දෙනුන් දෙදෙන එදිසාවට දිව විත් එකිනෙකාට මුහුණලා නතර වෙති..
දශක ගණනාවකට නොදුටු ඒ දෑස් එක් වෙයි. එහෙත් සුසානයට පණ නො එයි. අතුරුදන්වූ ගාලගෝට්ටියක මතකයකුත්, තවමත් පොළව යට දැවෙන කැලෑවේ සුන් බුන් අතර හැංගී ගිය සිහ පැටවෙකුත් , කොටි පැටවෙකුත් දෙදෙනාගේම සිත් වලින් සහ නෙත් වලින් පිටතට පනිති.
ඒ ඔහුගේ අම්මාය. මේ මොහුගේ අම්මාය. දෙදෙනාටම එරුනේ කිරිය. එකම ගහකොළ බදා , සහ බෙදාගනු වස් දිගු කලක් සතුරුව හුන්නේ ඇගේත් , ඇගේත් බාල පරම්පරාවය. අද මෙසේ ඒ සිරුරු දෙකම මිහිදන් වන්නේ එකම පස්ගොඩක නොවේද?
සිහ වරිගයටද කියන්නට කතාවක් තිබේ. ඒත් අනෙක් අම්මාටත් එරුනේ කිරිය. මේ අම්මාට වගේම. හේතුවෙහි හොඳ නොහොඳත්, පසු ඵලයෙහි හොඳ නොහොඳත් කතා කරන්නට , මනුස්සකම පමණක් ලියන මගේ පන්හිඳට සවි මදිය. හේතුව මගේ මඳ දැනුමය. එහෙයින් පොදු දහම පමණක්ම ලියන මට දොස් නොනඟනු මැනවි.
දෙදෙනාම හිස වසාගෙන හිඳින්නේ එකම වැස්සට බියෙනි. දෙදෙනාගේම හිසට ඉහලින් පායන්නේ එකම හත්දින්නත් තරුවලල්ලකි. ඒ මේ අම්මලා දෙදෙනාගේම පැටවුන් ගැටවුන් වී, විරසක වී, මිහිදන්වී සිටින එකම සුසානයයි. ඒ සුසානයෙහි නිදන ඔක්කෝම රණවිරුවෝය. අඩු ගානේ වැදූ අම්මලාගේ සිත් වල ඔවුහු රණවිරුවෝය.
මේ 'ඈ' ලාගේ කතාවයි. සුසානයෙන් ඇහෙන්නේ මේ කෙඳිරිය විය හැකියි. එය කෙඳිරියක් නිසාවෙන් අතීතයට මිස අනාගතයට ඉන් පලක් නැතිය. රණවිරුවන් වී ඔවුන් පොලව යට නිදන සඳ , ඔවුන්ගේ බිරින්දැවරුන් අතින් අත යන, සහෝදරියන් සහෝදරයන් අනාථ කඳවුරු වල බලාගත් අත බලා සිටින ඛේදවාචකයේ සාරාංශයක් මේ අම්මලා දෙපොලටම තිබෙනවා නොවේද? මුලුමහත් සනුහරේම අනුකම්පාව මිස, අනාගතයක් අහිමි වූ , අම්මලාගේ තාත්තලාගේ කතාව නොවේද මේ? ඒ කතාවේ නමක් ගමක් ලියා තිබේවිද?
රන්කැටි පුතා කෝ කෝ ?
රන්කැටි පුතා කෝ?
රන්කැටි සිහ පැටියා කෝ?
රන්කැටි කොටි පැටියා කෝ?
යාපනයේ ඉපැදුනු මගෙ මුව පැටියා
රෑක ඇවිත් උදුරාගෙන ගියෙ කොටියා
මාගම්පුරේ ඉපැදුනු මගෙ සා පැටියා
සිංහ රැලට සිහ වෙස් ගෙන ගිය සැටියා
රණවිරුවෙක් විය මිය ගිය කොටි පැටියා
කොටි මව මා ගෙපැලේ අඬ අඬ සිටියා
රණවිරුවෙක් විය මිය ගිය සිහ පැටියා
සිහ මව මා ගෙපැලේ අඬ අඬ සිටියා
රන්කැටි පුතා කෝ?
රන්කැටි සිහ පැටියා කෝ?
රන්කැටි කොටි පැටියා කෝ?
යාපනයේ ඉපැදුනු මගෙ මුව පැටියා
රෑක ඇවිත් උදුරාගෙන ගියෙ කොටියා
මාගම්පුරේ ඉපැදුනු මගෙ සා පැටියා
සිංහ රැලට සිහ වෙස් ගෙන ගිය සැටියා
රණවිරුවෙක් විය මිය ගිය කොටි පැටියා
කොටි මව මා ගෙපැලේ අඬ අඬ සිටියා
රණවිරුවෙක් විය මිය ගිය සිහ පැටියා
සිහ මව මා ගෙපැලේ අඬ අඬ සිටියා
පසු වදන
නන්දා මාලිනිය මේ ගී ගයා හිස බේරාගෙන සිටීමම මහ අරුමයකි.
සම්මතයෙන් ඔබ්බට යන්නේ , මේ එකම ලේ ඇති විවිධ අම්මලා විඳවන එකම දුක් කතාව පමණක්මත් නොවේ. නන්දා මාලිනිය නම් නිර්භීත ගැහැණිය අසම්මතයෙනුත් ඔබ්බට මහා පියවරක් තැබූ පුදුමාකාර චරිතයකැයි මට සිතේ...
ගීය අහන්න...
සමහරු පිළිගන්න අකමැති වුනාට අපේ රටේ සමහරක් අම්මල, තාත්තල, සහෝදර සහෝදරියන්ගේ කතාව තමයි ඔය. ගීතයේ තියන වචන සරල උනාට ඒකෙ තියන ගැඹුර ඔයා හොඳට ඉස්මතුකරලා තියනවා. මේ ගීතය ලියුව කෙනාගේ නමත් හොයල දැම්මනම් තවත් වටිනවා.
ReplyDeleteමේ සින්දුව අහල ඇහැට කඳුලක් එන්නේ නැත්නම් අම්ම ගෙන් කිරි නොබිව් කෙනෙක් වෙන්න ඕනේ!
ReplyDeleteකලින් අහල තිබුනේ නැති ලස්සන සින්දුවක් දුන්නට ස්තුතියි!
අක්කගෙ කතාව ඇත්ත.. සිංහ මව ඒ කොටි පුතාට වෛර කරාවි.. ඒ වගේම කොටි මව සිංහ පුතාට වෛර කරාවි.. තමන්ගේ පුතුන් උදුර ගත්තට.. වාසනාවට ඉස්සරහට තවත් මේ වගේ අම්මලාට කඳුළු සලන්න වෙන එකක් නෑ..
ReplyDeleteසංවේදී සටහනක්....
ReplyDeleteවිවිද අය විවිද මත ඉදිරිපත් කලත් මේක තමා යුද්ධය කියන අකුරු හතරෙ අන්තිම ප්‍රතිපලය.මේක තමා යතාර්ථය.
//නන්දා මාලිනිය මේ ගී ගයා හිස බේරාගෙන සිටීමම මහ අරුමයකි.//
හිස බේරා ගැනීම කෙසේ වෙතත් එතුමියගෙ ගීත තහනමකට ලක්වුනා.විශේශයෙන්ම ආන්දෝලනාත්මක ගීත එකතුවකින් සමන්විත වුන "පවන" ප්‍රසංගය .නන්දා මාලනී සම්මතයෙන් ඔබ්බට ගිහින් ගායනා කරපු එකම ගීතය මේක විතරක් නෙමේ.මේ ලැයිස්තුවට ඇතුලු වෙන තව ගීත කීපයක් තමා,
--හන්තාන අඩවියේ
--යදමින් බැද විලංගු ලා මගේ පුතා රැගෙන යන්න
--ඇගේ නම ලංකාය (ධර්මාධිකරනයට සපැමිනි ඈ )
(Saji)
ඔබ නන්දා මාලිනියගේ ජීවිත කථාව අසා තිබේද? එයත් හැම අතින්ම දිරිය ගැහැණියකගේ කථාවයි. ඇගේ ජීවිත කතාව පෙර යම් දිනක එනම් 2012 ජනවාරි 12 වෙනිදා ඇය ගේ ජීවන ගීතය මිහිරි ෆොන්සේකා අතින් ලක්බිමට ලියවී තිබුනා. ස්තූතියි නංගි සටහනට.
ReplyDeleteවෛරය කියන දේ සාපේක්ෂයි. ඒ රැඳී තියේන්නේ ප්‍රේමයට දශමයකට පහලින්. දාරක පෙමට වෛරය කියන එකතු වුනාම කවදාවත් පලිගැනීමක් තැනෙන්නේ නෑ. එතැනදී වන්නේ අවෛරයෙන් වෛරය සිඳවන එක. උණහපුලුළුවට උගේ පැටියා මැණිකක් වූ තරමට සහ ඊට සාපේක්ෂව තම දාරකත්වයට හාණිය කල එකා ගැන වෛරයක් ඉපදෙනවා. ඒත් කවමදාකවත් පළිගැනීමකට හැරෙන්නේ නෑ නෑමයි. හැම අම්මාම එකයි..,ලෝකේ කොහේටත් වඩා මේ රටේ අම්මලා එකසමානයි. දරුවන්ට ජාති භේද ආගම් භේද උප්පත්තියේදී පිහිටන්නේ නෑ. සංස්කෘතිය විසින් අපට මේවා පළඳන අතර අප ඒවා වැළඳගෙන, අපේ සිතුම් පැතුම් වලට එදිරියි කියා හිතන හැමදෙනා එක්කම අරගල කරනවා. ඒත් මේ හැම සාධකයකින් ම ඉවත් වෙලා සියලුදේ ගැන සමව බැලුවොතින් අපට පේනේවි මේ එක කොළයක දෙපැත්තක් විතරක් බව.
ReplyDeleteසිය දරුවා තමන්ට ලොකුයි මේ බව ලොව කෝතනක වුවත් එක සමයි..!
වටිනා ලියමනක්! ස්තූතියි..!
ජය!!
What ever it may be the motive, behind their death
ReplyDeleteMothers' sentiment is a natural affection and that feeling is equal to both their mothers.
" සිහ වරිගයටද කියන්නට කතාවක් තිබේ. ඒත් අනෙක් අම්මාටත් එරුනේ කිරිය. මේ අම්මාට වගේම"
"ඒ සුසානයෙහි නිදන ඔක්කෝම රණවිරුවෝය. අඩු ගානේ වැදූ අම්මලාගේ සිත් වල ඔවුහු රණවිරුවෝය" these 2 lines nicely describe the page & the song.
ගීය අහලම එන්නම්.
ReplyDeleteපවන ඇල්බම් එකේ සිංදුවක් ද? ඒකේ ගොඩක් හොද සිංදු තියෙනවා !
ReplyDeleteඅද ඇහුවේ මේ සිංදුව......
ReplyDeletedukbara maw senehasa nanda malanige hadin...niyamai..!
ReplyDeleteපුදුම සංවේදී ලස්සන සටහනක්..!!!
ReplyDeleteසටහන ලස්සනට ලියල තියෙනව... මේ බිමට කොයි තරන් කොටි/ සිංහ කඳුළු වැටිල ඇත්ද... ඒ කඳුළු ආයෙත් කවදාවත් කිසිම කෙනෙකුට අමතක නොවේවා කියලම ප්‍රාර්ථනා කරමු...
ReplyDeleteස්තුතියි...
@Pisakkaatuwa
ReplyDeleteස්තූතියි යාලු... මම දමන්නම් :)