Saturday, January 21, 2012

[228] කාලෙකට පස්සේ.. ආයෙමත් සංසාරේ අපි... !


ජීවිතය එක් එක් කාල පරාස ඇතුලේ විවිධ දිශාවන් ඔස්සේ ගමන් කරනවා. හරියට ගඟක් වගෙ. විටෙක ගල් පර උඩින්. විටෙක නිසංසලේ.. විටෙක අඳුරු තුරු ගොමු අස්සෙන් . විටෙක අවු රැසෙන් නෑවෙන ඉසවු වලින්.. ඒක තමයි ජීවිතේ කියන්නෙ. 


අසම්මතයෙනුත් ඔබ්බට යන කතා බහේදි මොණර කිරිල්ලි ගැන ලිව්වට පස්සෙ ලියුව ලිප්ය වරින් වර ඇන හිටියා.  ඒත් එක්කම ඔලුවට ආව අලුත් අදහසක් නිසා මම 'මගේ ආදරනීය ටීච' බ්ලොග් එකටත් මුල පිරුවා. ඒ බ්ලොග් එක වෙනමම පටන් ගත්තෙ , වෙන අය ලියා එවන ලිපි මම ඉතින් එහෙමයි කියලා මගෙ වගෙ පල කරන එක හරි නෑනෙ. :)


ඉතින් අද ලියන්න හදන්නෙ ලෑජ්ජ නෑති කොල්ලෙක් ගෑන.  එහෙමද දන්නෙ නෑ. ඒත් ඒක ඉතින් සාමාන්‍යයෙන් කොල්ලෙක් පිලිගන්න දෙයක් නම් නොවෙයි.




කතා කළත් අපි රෑ වෙනකල්, කිසි වැඩක් නෑ
අත හැරියත් ඔබ මගේ අතින් මට දැනුනෙ නෑ..
විලවුන් තවරා ඔබ ලංවූවත් මට සුවඳ නෑ
මිතුරියන් අතරේ මා ගැන කීවට මම තරහ නෑ

ඇයි කළේ මුලු හදින්ම ඔබ මට ආදරේ
නැතිදෝ ඔබ මා ගැන දන්නේ???
මම් නෑ කළේ කිසිදිනකදි ඔබ හට ආදරේ
නැතිදෝ ඔබහට එය වැටහුනේ???

ඔය ඇස් රතුවෙනතුරු ඔබ ඇඬුවට මට දුකක් නෑ
මට රවමින් ඔබ බැනපු වදන් මට ඇහුනෙ නෑ
මගෙ මිතුරන් හා ඔබ හාද වුනත් මට කමක් නෑ
ඒ මොනව උනත් ඔබ දුන් හැමදේ යලි දෙන්නෙ නෑ..




ආදරය කරපු හිතකින් මෙහෙම නපුරු විදියට කතා පිටකරන්න පුලුවනිදැයි අපි අහනව. ඒත් ජීවිතේ හැඟීම් සිතිවිලි විවිධයි.. විෂමයි.


ආදරේ සෙල්ලමක්ද? ඔව්. සමහරුන්ට. සමහරු මුලදි සීර්යස් කල් යද්දි තමා සෙල්ලම. අනේ මන්ද! ඔව්. සෙල්ලකාරයො වර්ග ඉන්නව.


සමහර අය සෙල්ලකාරයො වග කෙලින්ම කියනව . පිලිගන්නව. අඳුන ගන්න ලේසියි. සෙල්ලකාරයො බව කෙලින්ම කියන උන්දැලා කෙලින්ම කියනව 'මම හොයන්නෙ සෙල්ලක්කාර සහකරුවෙක්' කියලා.ඉතින් අනෙකා සෙල්ලකාරයෙක් නෙවෙයි නම් එයාට නිදහස තියනව යන්න. සෙල්ලකාරයෙක් නම් ඉඩ තියනව නවතින්න. මල් පොකුරෙ එකක් වෙන එක 'ඉට්ස් ඕකේ, අයි ඩෝන්ට් කෙයා' නම්.... ඉතින් දෙන්නට දෙන්න ලව් කලාට අපිට මොකෝ.නැද්ද??


තව සෙල්ලක්කාරයො වර්ගයක් ඉන්නව. ඒ අය කෙලින්ම කියන්නෙ නෑ. ඒ අය ගොඩක් දුරට නිස්සද්දව ඉන්නව . ආදර බැඳීමක් ගැන කතා කරන්නෙත් නෑ. ආදරේ නොකරන්නෙත් නෑ. කොටින්ම ආදරේ දුන්නොත් එපා කියන්නෙත් නෑ. ගන්නවා. දෙනවා. ඒත් එයාලට ආදර බැඳීමක් ඕනෙ නෑ.


තව සෙල්ලකාරයො වර්ගයක් ඉන්නව. එයාල ආදරේ දෙනවා. ආදරේ අනිකගෙ දිනාගෙන තමුන්ටම ලඟට අරගෙන තියාගන්නවා. ආදරය ගැන කතා කරන්නෙ නෑ. ලංවෙනවා. අනිකා වෙන කෙනෙක් ගාවට යනවට කැමතිත් නෑ. තමුන් ලඟ තියාගත්තාට එයාව දිගට තියා ගන්නවද නැද්ද කියල තීරනය කරන්න තියා හිතා බලන්නෙවත් නෑ.


තවත් සමහරු ඉන්නවා. සෙල්ලක්කාරයි. ඒත් අනිකාගෙ ගරුත්වයට හානියක් කරන්නෙ නැ. සියලු ඇඳුනුම්කම් කතාබහ රහසිගතව. කා එක්කවත් බෙදාගන්න යන්නෙ නෑ. ඒත් කාලයක් ගියාම එතැනින් නැගිටලා තව තැනකට යනවා. එයාලට අනිකා මොනවා කලත් දුකක් නෑ.


තවත් සෙල්ලක්කාරයො ඉන්නව. එයාල ඉන්නෙ අහින්සකව. ඒත් එයාලගෙ මුලු ආදරයම ක්‍රීඩාවක්. යහලු යෙහෙලියන් එක්ක උදම් අනන්නට සුදුසුකම් සොයන ක්‍රීඩාවක්. යහලුවන් සමග විනෝද විය හැකි මාතෘකාවක්. ඒත් සාපේක්ශව එතනින් එහාට නොයන නිසා සාපේක්ශව අහින්සක ක්‍රීඩාවක්



තවත් සෙල්ලක්කාරයො වර්ගයක් ඉන්නව. එයාලගෙ මුලු ප්‍රේමයම මහා අනතුරුදායක ක්‍රීඩාවක්. අනෙකා අහින්සකයි. එහෙත් සෙල්ලක්කාරයා අහිංසක නෑ. භයානකයි. කතා කරන හැම වදනක්ම, ටයිප් කරන හැම අකුරක්ම, පින්තූරයක්ම , විඩියෝවම , හඬ ඇමතුමක්ම අනිකාගේ ජීවිතය අනතුරේ හෙලන දුරකට ඉක්මනින් ඇදී යන මහා උගුල්. ඒත් ඒ අය දක්ෂයි. ඒක වහගෙන ඉන්න. ඒක හොයා ගනිද්දි ඉතින් අස්සයා ඉස්තාලෙන් පැනල ගිහින් ඉවරයි. ටූ ලේට්...

මේ කිසිම වර්ගයකට අයිති නැති සෙල්ලක්කාරයනුත් ඉන්නවා.  මතක තියා ගන්න හොඳේ... සෙල්ලක්කාරයා කියන වචනෙට ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් ගැලපෙන්න පුලුවනි. හොඳද.? 


ඉතින් පරිස්සමෙන්. ගෑනු ලමයිනුත් , පිරිමි ලමයිනුත් දෙගොල්ලොම... ඔන්න....  


සමහර කාල වලට ජීවිතේ මහ වෙහෙසයි. ඒත් වෙහෙස එක්කම ගලන ජීවිතේ අරුත්බරයි. අපි ජීවත් වෙනවා දෑනෙනවා. හැම අවුරුද්දෙම ජනවාරිය කියන්නෙ වැඩ අධික මාසයක්. හැම අවුරුද්දෙම පෙබරවාරිය කියන්නෙ සිකුරු හතේ කියලත් හිතෙනවා. ඒත් ගතවෙන හැම දවසම මට නම් සිකුරු හතේ. ඒක මනමාල කතාවක් නොවෙයි. සිකුරා කවුද? සිකුරා කියන්නෙ ආදරේ ගැන කතා කරන ග්‍රහයා... ආදරේට සිකුරු නම්, අපෙ ජීවිතේ ආදරෙන් පිරෙන්න සහකරුවෙක් ඕනෙමද? සහකරුවෙක් මොටද සහයට සොබාදහම ඉද්දි? 

සෙල්ලක්කාර කොල්ලෙකුට හෝ කෙල්ලෙකුට ඔබත් ආදරේ කරන්න තෝරගෙන නම් , ඔබත් සෙල්ලමටම සූදානම් වෙන්න. එහෙම නැතුව වහින නුවරඑලියෙ ට්‍රිප් ගිහින්, හම්බන්තොට අව්ව රස්නෙ යැදල වැඩක් නෑ. :-)  


අද ලිව්වෙ බොහොම සැහැල්ලු මූඩ් එකෙන්. සංසාරෙට බරපතල චින්තාවලි ලියාගෙන යන ගමන එක ලිපියකට නතර කලා.  සංසාරේ තුලින් ආයෙමත් ජීවිතේ මල්ගෙ ශෛලිය ඉපදෙනව. සංසාරෙට දෙවෙනි උපන්දිනේත් ලඟම එනව. එහෙනම් ඉක්මනින්ම හමුවෙමු , උපන්දින ලිපියෙන් නේද?

14 comments:

  1. " වහින නුවරඑලියෙ ට්‍රිප් ගිහින්, හම්බන්තොට අව්ව රස්නෙ යැදල වැඩක් නැ" ගැඹුරු අදහසක් හරිම සරල විදිහට කියල...අපූරුයි අක්කෙ

    ReplyDelete
  2. ඇයි මිස් තව කට්ටියක් ඉන්නවා ඈත්වෙන්න හදද්දි ලංකරගන්නවා.. ලංවෙද්දි ඈත්කරනවා.. ඒත් ඈත්වෙලා ඉවත්වෙලාම යන්න යද්දි ආයෙත් ලංකරගන්නවා. නමුත් මේ අතරෙ තමන්ට පුලුවන් තරම් අනෙකාව නටවන්න අමතක කරන්නෙත් නෑ. අනෙකාට මොනවා වුනත් ඇහැක් ඇරලාවත් බලන්නෙ නෑ.

    ඒ වුනාට එහෙම නොවෙන අයත් ඕනතරම් ඉන්නවා නේද මිස්.. සෙල්ලක්කාරයො කියලා පිටින් පෙනුනත් හැබැහින් එහෙම නොවෙන අයත් ඉන්න පුලුවනි..

    ReplyDelete
  3. yauwanaya ha aalaya sundarai..! eth oya wage vivida sellankarayo adunaganne keseda...? namuth, 'it's too late' kiyana thathvayata path venna kalin adunagaththoth, jeewithaya vadath sundarai vagema aruthbarai kiyalath danevi.
    thawath lassana lipiyak...!.
    a wagema sansare deveni upandinaya samaramu...thawath rasabara sithganna lipiyakin neda, jeewithe mal :)

    ReplyDelete
  4. අපුරුයි අක්කේ.

    ReplyDelete
  5. ම්ම්ම්... නියමයි අක්කා ලිපිය.. අදයි වෙන්න ඕන මං මෙහාට ආවෙ. ජයවේවා!!!

    ReplyDelete
  6. සෙල්ක්කාර ජීවිත විවිධ කෝණවලින් හඳුන්වලා දීලා ‍තියෙන්නෙ නිවැරදිම ක්‍රමයට අලුතින් හිතන්න පුළුවන් එකවරක් නොව දෙවරක්ම...

    ReplyDelete
  7. එතකොට මේ සින්දුව සෙල්ලක්කාර කෙල්ල ගැන :D :D :D

    ඔබේ රස කතා
    ඔබේ පෙම් කතා
    මගේ හිතට එන්නේ

    මට තුරුල් වෙලා
    කීව බොරු කතා
    විහිළුවක් වගෙයි නේ

    මගේ හිත කඩා
    දමා ඔබ ගියත්
    නෑ පස්සෙන් එන්නේ

    අනේ කෙල්ලේ
    නෑ උඹට හොඳක් වෙන්නේ...

    උඹ නෑ කියලා
    මම අඬන්නේ නෑ
    වස විස බීලා
    වැනසෙන්නෙත් නෑ

    හීනෙන් වත් කිසිදා
    අනේ උඹ පේන්නෙපා
    උඹ හට කිසිදා කෙල්ලේ
    හොඳක් වෙන්නේ නෑ...

    ලා ලල ලා ලා... ඔහොම දිගට යනවා... :D :D

    මෙතනින් බාන්න

    ReplyDelete
  8. නියමයි අක්කේ.. සෙල්ලක්කාර ආදරයක් ගැන ලස්සන අදහස් ටිකක්..

    ReplyDelete
  9. සෙල්ලක්කාර බොහෝමයක් කොල්ලෝ කෙල්ලෝ ඉදිරියේදී හා පැටවු වගේ වෙන බවත් කියන්ඩම ඕනෙ

    ලස්සන අදහස් ටිකක් දිල් අක්කේ

    ReplyDelete
  10. දෙවෙනි උපන්දිනේට ලොකු අකුරෙන් ලියපු ලස්ස්ස්ස්ස්ස්ස්ස්සන කතන්දරයක් ඕනේ

    ReplyDelete
  11. අපිට කියන්න දෙයක් ඉතුරු කරලා නෑ. ඔය ඔක්කොම ඔයාම කියල තියෙන්නේ. අපිට තියෙන්නේ කියවලා ඔය්ලුවට දාගන්න විතරයි.

    ReplyDelete
  12. මාරයි... ඔය ඔක්කොම කට්ටියට අමතරව, කෙනෙක්ට පිහිටට ඉන්නව කියල පෙන්නල ජීවිත විනාශ කරන වර්ගයකුත් ඉන්නවා. මේ ගොල්ලො අර ඔයගේ "අස්සය-ඉස්තාලෙ" කට්ටියටත් එහා අය.මම කියවපු ඔයාගෙ පලවෙනි ලිපිය. හෙමිහිට පරණ ඒවත් කියවන්නම්. ඔයා ගොඩක් කියවන(reading) කෙනෙක් වගේ

    ReplyDelete
  13. සෙල්ලක්කාර කොල්ලෙකුගෙ ප්‍රේමයෙත් සුන්දර බවක් තියෙන්න පුලුවන්ද? කියන ප්‍රශ්ණෙට උත්තරත් ඇති. ස්තූතියි සොයුරිය. ඔබට සෑමදාම මේ සඳහා දිරිය ශක්තිය ලැබේවා.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->