Sunday, January 01, 2012

[226] ජීවිත තෑග්ග ,ඔබා නොබලා , ලිහල බලමුද? :-)

හෙට ... තවත් එක දවසක් තමයි. ඒත් ඇයි මේ මිනිස්සු අනාදිමත් කාලෙක ඉඳල මේ දින 365 , පැය 24 ,විනාඩි 60 සයිකල් හදල තියෙන්නෙ? ඇයි? ඇයි? ඇයි? :-)

මට හිතෙන්නෙ මෙහෙම... මේ මොකවත් නැතුව , ඔහේ කාලය ඉස්සරහට ගියා නම් වෙන්නෙ , අපි ඔහේ ජීවත් වෙයි.... හරියට කය මිස සිත නැති නර ලොවක වගේ... ඒත් හැම තැනම සයිකල්ස් ?? ඇයි මේ... මේ ඩින්ගකට කලිනුත් රතිඤ්ඤා පිපිරුනෙ එහෙම සයිකල් එකක් පටන් ගැන්ම සමරන්නනෙ.ඇයි ඒ?

මම හිතන්නෙ  නම් , ඒ සයිකල් ස්ටාට් එක අපිට මතක් කරනවා දෙයක්... මෙතෙක් කල් පස්සෙන් පහු වෙවී තිබ්බ වැඩක් තියෙනවනම් ඒක පටන් ගන්න. මෙතෙක් වැරදුනු තැනක් තියෙනව නම් ආයෙත් අලුතෙන් හිතන්න. ආයෙත් අලුත් වෙන්න. අලුත් ඇඳුමක් කැඩුමක් අරගත්තම කොහොමද පහුවෙනිදට වැඩට යන්න , එලියට බහින්න තියෙන ආසාව ? කොච්චර සරලද? ඔබ හිතාවි... ඒත් ඒ අලුත් නැවුම් බව , මට නම් හරිම ගැඹුරුයි.. හරිම හැඟුම්බරයි.... 



මම තවමත් එහෙමමයි. අලුත් දවසකට ලෑස්ති වෙන්න මම ආසයි. එදාට උදේට මම නැගිටින්නෙ අලුත් වෙලා. හදවතින්ම. පොරොන්දු දෙමින් මටම... ඒ හෙඩ් ස්ටාට් එකට මම හැමදාමත් වගෙම අදත් ආදරෙයි. ඒ නිසාම මට අදින් ඇරඹෙන වසර නිකම්ම අවුරුද්දක් නොවෙයි... ජීවිතේ වෙනද වගෙම ගලා ගියාට මම ආසයි අලුත් අරුතක් ඊට එක් කරන්න.

ඔබට මම දෙයක් දෙන්නම්. ඒ එකම එක දෙයක්. පොඩි ටිප් එකක්. මෙන්ටල් නෝට් එකක්.  මෙච්චර දවසක් ඔබ ජීවත් උනෙ ඇයි , ජීවත් උනෙ කෝමද කියල හිතන්න. ඔබ තවමත් හිතන කෙනෙක්ද, ඔබ තාමත් ජීවත් වෙන්නෙ අනුන්ගෙ උවමනාවට කියල? එහෙනම් බලන්න එහෙම තාමත් ඉන්නේ ඇයි? ප්‍රශ්නෙ තියෙන්නෙ ඔබ ගාවද?බාහිර ලෝකයෙද කියල... 


එක මොහොතක් හිතන්න. අද ඉඳල මම 'මමම' වෙනව. මම හැමදාම හීන දු‍ටුව 'මම' ව මම උපද්දනව... අන්න එදාට ඔබ දිනුම්.. එදාට ඔබ බාහිර ලෝකෙට දොස් කියන එකක් නෑ. ඔබට ඔබව ආශිර්වාදයක් වෙයි. ඔබේ හෙවනැල්ල කියන්නෙ ඔබෙ තනියට ඉන්න හේමලයා නොවේයි , එදාට ඔබේ හෙවනැල්ල යටින් සිහිල ලබන දාස් ගානකට ඔබ මග පෙන්වන්නෙක් සහ සෙවනක් වේවි... 


ජීවිතේ ඊයෙන් නතර වුනෙ නෑ. ජීවිතේ අදින් ඇරඹුනෙත් නෑ. ඒත් වෙනදට ඉබේ වැටන නැගෙන හුස්ම පොදටත් හෙට දෙන්න අලුත් අරුතක් ! , හෙට උදේ නැගිට්ටාම , එකම එක පාරක් හිතා මතාම දිගම දිග හුස්මක් ගන්න.

මම එහෙම කරනව. මම දකින හීන එකක් හෝ එන අවුරුද්දේ සබන් බෝලයක් වීමෙන් නතර නොවී, මම ඒ එකක් හෝ අරමුනක් කරගන්නවා. සැබවින්ම ඉෂ්ට වෙන අරමුනක් කරගන්න, පාර මම හදාගන්නවා.

අමතක කරන්නෙපා ... 


'ඔබට යමක් අවැසි නම් , එය ඔබට ලබා දීම සඳහා ලෝකයම කුමන්ත්‍රණ කරනවා' 
(ඇල්කෙමිස්ට් - පවුලෝ කොයියෝ)

2012 , ඔබ හැමෝටම සුබ සහ ශක්තිමත් ආරම්භයක් වේවා !





ජීවිතේ කියන්නෙ තෑග්ගක්.... 
ඔබ ඔබ කූරු ගහ ගහ බලන්නෙපා.... 
පිලිවෙලකට ලිහල බලන්න.... :-) 

පහළ රූපය බලන්න..... ඈ හිනාවෙන්නෙ ඈට රටක් රාජ්‍යයක් ලැබුන වගේ. ඒත් ඇගේ අතේ තියෙන්නෙ කෝටි ගානක මැණිකක් නොවෙයි. ඒත් තමුන්ගෙ උණුසුමෙ ඉන්න ඒ කිලුටු පොඩි එකාගෙ සතුට තරම් ඈට ජීවිතය දුන් ත්‍යාගයක් තවත් නැතුව ඇති.... 2012 පටන් ගන්න මේ මොහොතෙ මම දැන් නින්දට යන්නෙ ඈව සිහි කරමින්.... 




ඈව මම දුටු අයුරු !


25 comments:

  1. සුබ අලුත් අවුරුද්දක් දිල්මෝනා! පලවෙනි කමෙන්ට් එක. මේ අවුරුද්දෙ . දැනුයි ඔන්න කියවන්න යන්නෙ

    ReplyDelete
  2. තුන් රුවනේ සරණයි....
    හැදූ වැඩු දෙමාපියන් සරණයි...

    ReplyDelete
  3. ඔන්න මගෙනුත් අක්කට අළුත් අවුරුදු සුබ පැතුම් !!!
    අක්කට මේ ලැබුවා වු නව වසර සාඅමය සතුට පිරි සුබ නව වසරක් වේවා !!!

    ReplyDelete
  4. එසේම වේවා දිලෝ..... අවුරුද්ද ලබනකොටත් අපිනම් වැඩ...

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  6. එලම කික් ස්ටාර්ට් එකක්... හැමදාම අලුත් වෙන දිල්ශාරාට සියළු පැතුම් ඉටුකරගත හැකි සාර්ථක 2012 ක් වේවා...

    ReplyDelete
  7. සුභ අලුත් අවුරුද්දක් වේවා..

    ReplyDelete
  8. "ජීවිතේ කියන්නෙ තෑග්ගක්....
    ඔබ ඔබ කූරු ගහ ගහ බලන්නෙපා....
    පිලිවෙලකට ලිහල බලන්න...."

    අවුරුද්දේ ඉස්සෙල්ලාම මම අහපු වටිනාම කතාව.. සුභ අළුත් අවුරුද්දක් අක්කටත්...

    ReplyDelete
  9. හරිම අපුරු අදහසක්.. ඔයාටත් සුභ අළුත් අවුරුද්දක් වේවා අක්කේ

    ReplyDelete
  10. ඔබටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා දිල්ශාරා අක්කේ !!! තෑග්ගට ගොඩක් ස්තූතියි

    ReplyDelete
  11. 2012 සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවා !!!!!!!!!!
    Wish You Happy New Year 2012 !!!!!!!!!!!!!

    ReplyDelete
  12. සුබ නව වසරක් වේවා දිල්......ජීවිතය ඔබන්න එපා ලිහල බලන්න....අපූරු උපදෙසක්....ස්තූතියි,

    ReplyDelete
  13. බුද්ධි අයියා.... ඔබටත් සුබම සුබ නව වසරක් වේවා.. මැරියන් නගාටත් , ඉතින් ලෞත් පැතුම් පිරුනු අලුත් අවුරුද්ද බොහෝ දේ ජීවිතේට එකතු කරාවි නේද අයියා... ?? ජය !

    තිස්ස අයියා....
    ඔබටත් මුලු පවුලටමත් තෙරුවන් සරණයි....ලැබූ නව වසර සාමයෙන් පිරේවා !

    මධුරංග
    ස්තූතියි මල්ල්ලී... ඔයා මගෙ බ්ලොග් එකේ දිගටම හිටිය කෙනෙක් මල්ලි. ස්තූතියි. එසේම වේවා!

    අලුත් කොල්ල.අ....
    ආහා.. අපිත් අද වැඩ ... සුබ නව වසරක් වේවා එහෙනම් :)

    පූසා
    ස්තූතියි මල්ලී...... ඔබටත් එසේම වේවා !!!!

    බීට්ල්
    ආහා... ඔව් ඔව්. අද හරිම ලස්සන දවසක් බීටල් අයියේ.... ජය වේවා !!!!!!!!

    වර්ණා///
    එසේම වේවා !!!!!!!!!

    දිනේශ්
    ස්තූතියි මල්ලි.... ඔයාත් මේ අවුරුද්ද පුරාවටම සංසාරේ ‍රැඳුන කෙනෙක්. ස්තූතියි....

    හන්සි නගා...
    ස්තූතියි නගෝ... එලඹෙන අවුරුද්ද සතුටෙන් පිරේවා!

    ධනුක
    ස්තූතියි. එසේම වේවා!!!

    ගුණෙ අයියා...
    ස්තූතියි .... එසේම වේවා!!!!!

    රවි අයියා...
    සොඳුරු හිතවත් කමට ස්තූතියි... ඔබේ එන නව වසර සොඳුරු එකක්ම වේවා!!!!

    ReplyDelete
  14. ජීවිතයට අපූරු උපදෙසක් දුන්න පෝස්ට් එකක්. අක්කා කියල තියෙන දේවල් හරිම වැදගත්. ජීවිතයට ගොඩක් වටිනවා. 2012 අවුරුද්ද අක්කට වාසනාවන්ත සුභම සුභ වසරක් වෙන්න කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  15. සුභ නව වසරකට ආසිරි..!

    ReplyDelete
  16. ඔබටත් ඔබ සමඟ සිටින සියල්ලන්ටත් 2012 සුභම සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  17. "පොඩි ටිප් එකක් " කියල දීපු ලොකු ටිප් එකට ගොඩක් ස්තුතියි!
    සුභ නව වසරක් වේවා !

    ReplyDelete
  18. අක්කේ ඔබට සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  19. "ජීවිතේ ඔබ ඔබ බලන්න එපා.. පරිස්සමෙන් ලිහල බලන්න..." ලස්සන, සරල අදහසක්... අළුත් දවසක දැනෙන නැවුම් බවට මාත් හරිම ආදරෙයි... ඒ වගේම ඔයාගෙ අදහස් වලටත්...

    ලැබුවාවූ අවුරුද්ද හැමදාම වගේ ජීවිතේ මල් වෙන්න කියල ප්‍රාර්ථනා කරනව... ඉස්සරහටම යන්න... සුභ අළුත් අවුරුද්දක් වේවා...

    ReplyDelete
  20. සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ...

    ReplyDelete
  21. ජීවිතේ කියන එක පිළිවෙලකට බලන්න එක පිළිවෙලකට එන්න එපාය දරුවෝ ! එක එන්නේ එහෙන් මෙහෙන් ලීක් වෙච්ච විදිහටනේ..

    ReplyDelete
  22. චම්ස් ...
    ගොඩක් ස්තූතියි ..... එන හැම දවසක්ම මට සොඳුරු දවසක්... ජීවිතේ මට එහෙමයි...
    ස්තූතියි. ඔබටත් සුබම සුබ නව වසරක් වේවා

    රොශාන්
    සුබ පැතුම් පුතා....ජයම වේවා !!!!

    වෙනි අයියා
    ඔබටත් එසේම වේවා !!!!!

    පිසා....
    හෙ හෙ. එහෙනම් සතු‍ටුයි.... ජය වේවා ඔබටත් :)

    සඳරුවෝ....
    මම එක දිගට කියෙව්ව එකම බ්ලොග් එක , පහුගිය වසර පුරාවටම.... ඒ කියන්නෙ ඉතින් සඳරුවෝ ඔයා සාර්ථකයි මල්ලි.... ජයම වේවා !!!!!!!

    අශී
    ස්තූතියි නගා.... ඔබටත් එසේම වේවා!!!!

    ටීබී
    ස්තූතියි...... ඔබටත් සුබ නව වසරක් වේවා !!!!!

    නිසූ නගා...
    ඔයාටත් එසේම වේවා !!!!!

    සරත්
    ඒක නම් ඇත්ත. ඒත් ඉතින් අපිලිවෙලට පෙල ගැහිල ආවත් අපෙ යුතුකම නෙව ඒවා පිලිවෙලට ලිහා ගන්න එක... :)

    ReplyDelete
  23. "ජීවිතේ කියන්නෙ තෑග්ගක්....
    ඔබ ඔබ කූරු ගහ ගහ බලන්නෙපා....
    පිලිවෙලකට ලිහල බලන්න..."

    වටිනා උපදේශයක්.. මේක කියෙව්වාම අමුතු ගැම්මක් අඅව අක්කෙ.. තෑන්ක්ස්..

    ReplyDelete
  24. හිතුවක්කාරී මාත් එක්ක අමනාප එපා ඕන්... කොමෙන්ටුව මිස් උනාට :0 ඔයාටත් සුබ නව වසරක් නගේ ....

    ReplyDelete
  25. මරු මරු සුභ පතනවා ලස්සනට ගලපලා තියනවා....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->