දවස් ගානක් නැවතිලා හිටිය යාලුවගෙ ගෙදරින් මිදිලා පිටත් වෙලා ගෙදර යන්න වෙලාව හරි ( මේ සිද්දිය සිදු වුනේ ගිය සතියෙ සිකුරාද හෙවත් 23 වෙනිදා උදේ)
පොත් ටික ! දෙයියනේ පොත් ඔක්කොම නම් ගෙනියන්න තවලමක් වත් හයර් කරන්නට වෙනවා. හිත හදාගෙන මගෙ නවකතා ටික ( ටික කිව්වට 31ක්) බැක්පැක් එකට පැටෙව්වා. හානේ චුට්ටක්වත් බර නෑ. ! කිලෝ 15ක පුලුන් ගෝනියක් වගේ :-)
උස්සනවා තියා ඇදගෙන යන්නත් බැහැ. ඉහි ඉහි. බැහැ ... ගෙනියනවමයි. බැලුම්මහරට හිටගෙන ආව මට මේව මොනවද?
නයිමල්ල දාලගිහිනුත් බැහැ. ඒක නැතුව බස්(බස්zzz) පදින්නෙ කොහොමද ? පාරෙද? ඒ කෙසේ වෙතත් මම මේ ලියන විකාර මගෙ සුපවයිසර්තුමා කියවන එකක් නැතැයි සිතනවා. කියෙව්වනම් මෙලහටත් ශිෂ්‍ය භාවය නැතිවෙලා... ඒව වගේද මේවා.... ඉගෙනිල්ල වගෙද රස්තියාදු ? (නැහැ දෙකම වටී) :-)
ඔන්න ඉතින් පොත් ටික පැක් කරගෙන එල්ල ගත්තා කරේ....බුදුඅම්මේ මාව වැනෙනවා. හරියට නිර්වින්දනය වේගෙන එන ඇතෙක් වගේ. ඒ මදිවට නයි මල්ල.... හපොයි ( නයි මල්ල යනු ලැප් මල්ලය) .ඒ මදිවට අර ඇණ සපත්තු දෙක. මාව පොලවෙන් නිරයට අඟල් දෙකක් ඔසවලා.....හරියට බාබායිගා යකින්නගෙ ගෙදර වගේ... කුකුල් කකුල් දෙකකින් හිටගත්තු ... හී හී
ඔන්න ඉතින් යාලුවගෙ ගෙදරින් සමුගෙන , ආඩාතාඩේට පියාඹන සමනලයෙක් වගේ බැරිමරගාතෙම ආව පාරට. සෙනගින් තොර මීගොඩ බස් එකක් පියාඹගෙන එනකොට ඇස් දෙකට දැනුන සනීපෙ කියල වැඩක් නෑ. මේ වතාවෙ නම් ගිය වතාවෙ වගෙ දොරේ සිර නොවී නිරුපද්‍රිතව ඇතුලට පැනගන්න හැකි වුනා.
වටපිට බැලුවා. මේ වතාවෙ නම් එකම එක සීට් එකක් ඉතුරුයි. ඇති යන්තම්. සීට් එකට එහා පැත්තෙ කවුද මේ? මල් මල් කොට කලිසමකුයි ඒකටම හරියන කැත තොරණක් වගෙ විකාර පාට ශර්ට් එකකුයි ඇඳගත්තු නාකි සුද්දා අන්කල් කෙනෙක් ! හරියට නිකම් ගෙවල් බිඳපු හොරෙක් බඩු පටවන් බස් එකට නැග්ගා වගෙ බැල්මකින් සුද්දා ඇතුලු බස් එක මා දෙස බලාගෙන!
අත් බෑග් එකයි, ලැපයි සනීපෙට අසුන මත ඉන්දවලා මම බෑග් එක ගලවගන්න පොඩි යුද්දකක් නැටුවා. අන්තිමේ ඒ බෑග් එක බිම ඉන්දවලා මම ඉඳගන්නකොට මෙන්න සුද්දා අන්කල් සිනහ සිසී මාදෙස් බලාගෙන.. නොමිලෙ දෙන සිනාවනෙ. මාත් ඉතින් නොමිලේ සිනහවක් ලබා දුන්නා... සුද්දෙක්නෙ :)
"අම්මෝ ගොඩාක් බරයි නේද?"
හරියට මේක අරන් ආවෙ එයා වගෙ දුකෙන් එයා ප්‍රකාශයක් කලා නේද? (කඩුවෙන්)
"ඔව් ඔව්. මම වගෙ දෙගුණයක් බරයි"
මමත් නොමසුරුව මගෙ කටකැඩිච්චි වචන පාවිච්චි කලා. (අපෙ පොත් ගන්න ආව කෙනෙක් බේබදු මුහුනක් ඇතැයි අබිසෙස් ලැබුවෙත් මගෙ කටට පින් සිද්ද වෙන්නනෙ) මේ සුද්දා නම් මොකෝ , ආයෙ හමුවෙන එකක්යෑයි.. හී හී
"ඔයා කොහෙද යන්නේ. මම ලංකාවට ආවා ඇවිදින්න. "
සුදු අන්කල් තියාගත්තෙ නැද්ද ප්‍රස්න අහන්න. නිකම්ම නිකම් සිනාවක් වෙනුවෙන් උනත් මේතරම වද විඳින්න බැහැ. මේ බඩු ගොඩවත් ගෙනියල දෙනවනම් ඔන්න ඉතින් කමක් නෑ.ඒත් නෑනෙ.
"මම ගෙදර යනවා,මේක ලංකාවට ආව මුල් වතාවද?"
මොනවා උනත් ලංකාවේ ආගන්තුක සත්කාරය එහෙම මතක් කරගෙන ඒක හිතට අරගෙන මම ඇහුවා...
"නෑ නෑ. මේක මගෙ තුන්වෙනි වතාව.එන සතියෙ මම ඉන්දියා යනවා"
ආ... ට්රෑවලර කෙනෙක්.... මගෙ ඇස් දෙකේ රස්තියාදු ගසන්නෙකු පිලිබඳ ඉරිසියාව දිලිසෙන්නට වුනා..
"මම ඩේවිඩ්. එන්ගලන්තයෙ ඉඳලයි ආවේ. ඔයා?"
"මම ජීවිතේමල්... (වෙලාවට මේ සුද්දට සිංහල බෑ, ඉතින් මොකෝ.. ඇත්ත නම කිව්වට කොහොමත් කියව ගන්න බෑනෙ) "
හෑන්ඩ්ශේක් පාරක් හෙම දාල ඩේවිඩ් අන්කල් කතාවට එකතු වුනේ එහෙම.
"මම දැනට රටවල් 25ක ඇවිදලා තියනවා. හැම නිවාඩුවකටම මම කොහේ හරි යනවා. මේ පාර ලංකාවයි ඉන්දියාවයි. මම අප්‍රිකාවෙ රටවල් 8කට ඇවිදලා තියනවා" ඩේවිඩ් අන්කල් කතාව පටන් ගත්තෙ එහෙම කියලා.
අප්‍රිකාව කියද්දි මගෙ හිත ඉරිසියාවෙන් පිරෙන්නට වුනේ ඊජිප්තුව මතක් වෙලා. මගෙ ප්‍රියතම රට !
"ඔයා ඊජිප්තුවටත් ගියාද?"
මම ඇහුවෙ ඒ නිසා..
"ඔව්.... මම එහෙත් හිටියා වතාවක්.."
මාව තවත් ඇවිදීමෙ පිස්සුවෙන් උමතු කරවමින් අන්කල් කියාපි...
"මම ආසම රට, මාත් දවසක ඉස්සෙල්ලම යන්න ඉන්නෙ එහෙ"
මම අනාගතය පිලිබඳ සුබ සිහින මවමින් එහෙම කිව්වා
"ඔයා ඇවිදින්න හරි ආසයි වගේ."
එයා මගෙ අහිකුණ්ටික මලු දෙස බැල්මක් හෙලමින් පැවසුවේ හිනාවෙමින්.
"ඇවිදින්න පුරුදු වෙන අය ජීවත් වෙන්නෙ හරි සැහැල්ලුවෙන්. වයසට යන්නෙ නෑ.ඔයා හිතන්නෙ මගෙ වයස කීයක් විතර ඇද්ද?" ඩේවිඩ් අන්කල් යාලුවෙක් තරම්ම කුලුපග වෙලා ඒ පාර.
"කෙනෙක්ගෙ වයස ගෙස් කරන එක නරක දෙයක්."
මම ප්‍රස්නෙ මගෑරියා...
"නෑ නෑ. මම මුකුත් සිතන්නෙ නෑ, කියන්න"
"ම්ම්ම් 45ක්?"
මම පේන වයස 10ක් අඩු කරල ඇස්පියාගෙන බොරුවක් කිව්වා... :-)
ඩේවිඩ් අන්කල් බස් එකටම ඇහෙන තරම් හිනාවක් හිනා වුනා. මම බයෙන් වටපිට බැලුවා.
"මට අවුරුදු 60ක්. බලන්න මම සැහැල්ලුවෙන් ජීවත් වෙන්නේ. ඒ නිසා මම වයස යන්නෙ නෑ"
මම හිනාවෙමින් මගේ මැටිකම ප්‍රදර්ශනය කරමින් ගොන් ප්‍රශ්නයක් ඇහුවා.
"ඇයි ඔයා බස් වල යන්නේ.? ඇයි ටැක්සියක් නොගන්නේ.මෙහෙ බස් සර්විස් අමාරුයි යන්න එන්න"
හරියට මම මේ වෙනදට බීඑම් ඩ්බ්ලිව් එකෙ යනව වගෙ මම එයාගෙන් ඇහුවා...
අන්කල් සිනාවුනා.
" ඇයි මම ටැක්සි ගන්නේ. මට ඕනෙ නෑ ඒසී වාහනයක් ඇතුලෙ ඉඳගෙන වීදුරුවෙන් එහා තියන ජීවිතේ නරඹන්න. මට ඕනෙ ඇත්තටම ඒ ජීවිතේට මුසු වෙන්න. මට හැම රටේම යාලුවො ඉන්නවා. මම ආවම නවතින්නෙ එයාලගෙ ගෙවල් වල. මම යන්නෙ එන්නෙ බස් වල.. එතකොටයි මට ඒ රටගැන නියම විඳීමක් කරන්න පුලුවනි"
ඇත්ත. එහෙනම් සැබෑම සංචාරකයෙක්... මගෙ හිත ඉතින් රස්තියාදු ගැහිල්ලට කොහොමත් බරයිනේ. දන්නවනෙ.
කතාවෙන් කතාවෙන් ඩේවිඩ් අන්කල්ගෙන් බහින තැන අහන්නත් මට අමතක වුනා.. කොන්දොස්තර කොලුවා මගෙ ගාවට ආවෙ එවෙලෙ.
"මිස් ඔය සුද්දා බහිනව කිව්වෙ මාලබේ. දැන් බත්තරමුල්ලෙ. එයාට බහින්ඩ කියන්ඩ" අපොයි ඒ නර කොල්ලා මට කෝචෝක් සිනාවකුත් දාගෙන එහෙම කිව්ව ටික මන් කලබලෙන් සුද්දා අන්කල්ට ඉන්ගිරිසියට පරිවර්තනේ කලා....
කඩිමුඩියෙන් නැගිට්ට සුද්දා , ඩේවිඩ් අන්කල්,
"ඔයාව හමුවීම ගොඩක් සතුටක්."
කියා අතට අත දීලා , ඊලඟට සෙනග අඩු බස් එකෙ හැමෝම බලන් ඉද්දි දෙකට තුනට නැමිලා පිටි අල්ල සිප ගත්තෙ , හපෝ චාල්ස් කුමාරයා කැමිලා පාකර්ව සිප ගන්නා වගෙ ...
හපෝයි... එන්ගලන්ත සුද්දාගේ නියම මහත්මා ගතිය. බත්තරමුල්ලේ ගිණිගහන අව්වේ ලංකාවේ දාඩිය එක්ක ඒ වගෙ දෙයක් මම කොහොම දරාගන්නද? අයියෝ.. ඒ මදිවට බස් එකම කන්න වගෙ බලාගෙන. ලැජ්ජාව ! කනේ සිට කකුල් දක්වාම ලැජ්ජාවෙන් රත් වෙද්දී ඩේවිඩ් අන්කල් නම් කඩිමුඩියෙ බැහැලා ගියා.
මම ඉතින් මොකුත් නොවුනා වගෙ ආයෙමත් ස්වභාවික වේශයට. මගෙ ගාව සීට් එකෙ ඉඳගත්ත කොල්ලා නිකම් කෝචෝක් බැල්මක් දාමින් ඇහුව නේද මෙහෙම ?
"මිස් .... ඒ සුද්දා හරි අමුතුයි නේද"
"හ්ම්ම්"
මම බැරෑරුම් බවක් ආරූඪ කරගෙන හිස සැලුවා. ඊලඟ මොහොතෙදි මටයි ආවෙ ඊලඟ ප්‍රශ්නෙ හිතට ...
"ඒ කියන්නෙ මාත් අමුතුද?"
පලි... : එන්ගලන්තයේ මිනිසුන් එසේ සිඹින්නේ ආචාරශීලීත්වය දැක්වීමටය. පෙරදිග බොහෝමයක් ඇස් වලට එය නොදිරෙව්වාට ඩේවිඩ් අන්කල් පලි නැත. මේක මෙහෙම ලිව්ව අසරණ මම පලිත් නැත :) හී හී
පොත් 31ක්, මගෙ අම්මෝ ඉරිසියාවේ බැරුවා.
ReplyDeleteඊජිප්තුව නම් බලන්නම වටින රට, ඔයාට දවසක යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා
හයියෝ...... ජීවිත කාලෙටම අමතක වෙලා තිබ්බ කතාවක් මතක් උනා....
ReplyDeleteඑදා ඉඳන් අද වෙනකම් අත හේදුවේවත් නැද්ද නංගි තවම... :D :D
ඔන්න ලංකාවෙ කොල්ලන්ටත් පුරුදු වෙන්න හොඳ වැඩක්. ආචාරශීලීත්වය පෙන්නන්න :)
ReplyDeleteගහට ගහක් බස් එකේදි මුණ ගැහිලා වගේ. ඔයාගෙ රස්තියාදු හීනෙ හැබෑ වෙන්න මම පතනවා අක්කා.
ReplyDeletemier... ඔව් අප්පා.. ඒක තම මගෙ සීනේ.... සල්ලි එකතු කරගත් ගමන් ඉස්සෙල්ලම එහෙ තමා... :)
ReplyDeleteඅබි අන්කල්.. : හේදුවා බොලේ... කොටුවෙන් බෑස්ස ගමන් ඉස්සෙල්ලම කලෙ ටිසු පෑක්ට් එකක් අරන් අත පිහුව එක... ඔවෑක්...
බ්ලොග් ගඩොල්. :: ආ එච්චරයි අඩු... හිකිස්
පිණි... ඔව් ඔව් නගා... හෙ හෙ... හොඳ මනුස්සයෙක්..මම මේකෙ කෝචෝක් කරල ලිව්වට :)
ReplyDeleteපොත් 31!
ReplyDeleteඊ....සියය්!
ඇත්තෙන්ම ඊජිප්තුවනම් බලන්නම වටින රටක්..අත්දැකීම් යායක්...මංචි නම් පෙර පිනකට වගේ...ඊජිප්තුවට යන්න වාසනාවන්ත වුණා... දවසක ඔයාටත් යන්න ලැබේවා කියලා පතනවා.. :))
ReplyDeleteඔයා මීගොඩද හිටියේ.අයියෝ තව ටිකයි අපේ ගෙවල් පැත්තට.
ReplyDeleteමායි නගයි උස්සගෙන ගිය ප්‍රමාණෙට වඩා 1ක් වැඩියි....
ඔන්න දිලෝ....වැරදිච්චි තැන......
ReplyDeleteදන්නවය ඔහොම ඉස්තිරීංගෙ පිටි අල්ල ඉඹින සිරිත පටන් ගත්තෙ කොහොමදැයි කියල?..........
ඕක එළිසබෙත්....( දැන් ඉන්න මහගෙ නෙවෙයි....පලවෙනියා ) කාලෙ පටන් ගත්තු එකක්.....ඒ කාලෙ ගෑණු නෑවය කියන්නෙ මාස දෙකකට සැරයක් වගෙ.....හැබැයි පුදුම වැඩේ කියන්නෙ අත් හොඳට සෝදල අත් වැසුම් කාරිය දාලයි උන්දැල ඉඳල තියෙන්නෙ.
ඉතිං කියන්ට ඕන නැහැනෙ මාස දෙකක් නාන්නෙ නැතුව උන්නම තත්වෙ......හෙහ්, හෙහ්.....ඔන්න ඔය නිසයි පිරිමි පුලුවන් තරම් දුරින් ඉඳල ඉස්තිරියාවන්ගෙ දිගු කල අතේ පිටි අල්ල සිඹීමේ චාරිත්තරේ ආරම්බ වෙල තියෙන්නෙ.................තේරුණෙයි?......අනිප්පාර බැරි වෙලා වත් ඩේවිට් ගොයිය හම්බ උනොත් බැණහං පළු යන්ට.....හරිය?......හෙහ්, හෙහ්,
ආව් ආව්... දැන් මෙහෙම කිව්වට ඩේවිඩ් කාරය අත ඉඹිද්දි හරිම ආසාවෙන් ඉන්ට ඇති.... :P :P :P
ReplyDeleteසුද්දා හින්දම හොඳා. බැරිවෙලා හරි අපිත් ඔය වගේ ආචාරශීලී උණානම් ආරෝග්‍යශාලා ලොතරැයියම ඇදෙනවා...
ReplyDeleteපොත්ම 31ක් නේද. දැන් 1ක් වත් කියවලා ඉවර ද?....
අපිටත් බැරිවෙයිද දන්නෙ නෑ නේ සුදු කෙල්ලෙක් හොයාන ඒ වගේ ආචාරශීලී වෙන්න :D
ReplyDeleteඅක්කාගේ පොත් පිස්සුවට වම් මම සෑහෙන්න කැමතියි... කියවන්න කියවන්න තමයි අළුත් දේවල් මොලේට එන්නේ... අනික පොතක් කියවනකොට අපිම චිත්ත රූප හදාගෙන අපේම ලෝකෙකනේ ජීවත් වෙන්නේ... ඒ අත්දැකීම වෙන කිසිම මල්ටිමීඩියා එකකින් ගන්න බෑ නොවැ...
ReplyDeleteසුද්දා ගැන නම් කියන්න දෙයක් නෑ. නියම සුද්දෙක්... ඔයා වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් එක්ක කථාවක් දාලා අත්දැකීම් බෙදා ගන්න. මටත් ආසයි කඩුවෙන් කොටන පිටරට යාළුවෙක් එක්ක කයියක් දාන්න... කොහෙද ඉතින්...
ඊජිප්තු යන්න ලඟදීම ලැබේවා...! අපිවත් මතක් වේවා... කැමරාව හා නයි මල්ල අරන් යන්න මතක් වේවා...!
හපුච්චියේ පොත් 31 ක් කිව්වා... ඔය 31 යි ලැප් එකයි උස්සගෙන බස් එකේ ගියා.... අනේ හපොයි... බස් අජිතුත් සැට් උනානම් ගමන කොර හක් හක්...
ReplyDeleteසුද්ද සුද්දෙක්ම තමයි වගේ
ඒ කියන්නේ කෙල්ලෝ කැමතියි අතට උම්මා එකක් දෙනවට .. හෙට ඉඳලා මම හම්බෙන හැම කෙල්ලගෙන්ම සමුගන්නේ මෙහෙමයි ..
ReplyDeleteහැබැයි ඉය සුද්දා අපේ පලාතට ඇවිදින් ඔහොම කලා නම් අපේ අයියලා ගහනවා බුවාට ග්‍රීස් යකාට ගැහැවුවා වාගෙම ..
ඒ සුද්දා ගොඩක් සුදුයිද අක්කේ ?
ඒ අංකල්ගේ බ්ලොගේ ඇඩ්රස් එක කෝ ?
ReplyDeleteඅක්කා එදායි පස්සේ අත හේදුවේ නැද්ද. හික්ස් :)
ReplyDeleteඇත්තටම ජීවිතේ විඳින විදේශිකයෙක්. වෙන රටවල් වල සුද්දෝ යන්නේ ඒ සී වාහන වල නේ. ඒ වගේ යෑ මේ මනුස්සයා.
හරි හරි , සුද්ද අංකල්ගෙ බ්ලොගේ හම්බ වුණා. ඒකෙ තියෙන්නෙ මෙහෙමයි.
ReplyDeleteබස් එක නවත්තන්නත් කලින් දොරෙන් ඇතුලට පැනපු ඒ කෙලී නයි මල්ලකුයි තඩි බෑග් එකකුයි උස්සන් ආවා. මම හොඳට හරි බරි ගැහිලා වාඩි වෙලා හිටපු ෂීට් එකෙන් 3/4 ක්ම අල්ල ගත්තා . මාවත් කතාව්ට අල්ලගෙන බහින තැනත් මිස් කෙරෙවුවා.
බහින්න ඕනෙ තැන පහු වුණා කීවම මට ඇඬෙන්න වගේ ආවා. නහයට හොටුත් ආවා. පිහද ගන්න ලේන්සුවක් තිබ්බෙත් නෑ . හොඳ වෙලාවට මට ස්ථානෝචිත ප්‍රඥාවක් පහළ වුණා ...
ඕක යුරෝපා ක්‍රමේනේ අක්කේ... අපිටත් ඕක හොදට පුරුදුයි... ගණු ළමයි එහෙම හම්බුනාම පිළිගන්නෙත්, සමුදෙන්නෙත් හාදුවක් දීලා.. ඉතින් මමත් ඒ චාන්ස් එක නම් මග අරින්නේ නෑ.. මොකෝ ලංකාවේ එහෙම පුළුවන්යෑ....
ReplyDeleteගහට ගහක් මුණ ගැහිලා නියමයි . ඩේවිඩ් අංකල් ජෙනුයින් සංචාරකයෙක්
ReplyDeleteඔය පිටි අල්ල සිඹල අචාර සමාචාර පවත්වල වෙන් වෙන එක ගැන කියද්දි මත්ක්වුනේ හපෝ මේ සිරි ලංකාවේ ගැටව් ගැටිස්සියො පාරෙ අත් අල්ලන් ගියත් අපේ උන්දැල ලෝකෙම තියෙන පද හදනවනේ .
මට නම් ඕව ගානක් නෑ බොහොමයක් ගෑනු පිරිමි යාලුවන් මුණ ගැසීම වෙන් වීම් වලදි සිප වැලඳගෙන ආචාර කරන එකට මම පුරුදුවෙලා .පැය ගානත් දූවිලි, කුණු නාගෙන කෝච්චිවල , රස්තියාදු වෙලා එද්දී බදාගෙන වැලඳගන්න යාලුවො ඉන්න එක කොයි තරම් දෙයක්ද ? ඒ වගේ සමුගැනීමෙදී මගෙ ඉතාම හිතවත් පිරිමි යාලුවන්ගෙන් හාදු ලැබීමත් ඒ අයට හාදු දීමත් මට නම් බොහොම සාමාන්‍ය දෙයක් .නමුත් මොකක් හරි සිද්දියක් නිසා ලංකාවෙ බහුතරයක් දෙනාට ඕක උපහාසෙට , කට කතාවලට කරුණක් නේ .ඒ වගේම අපි හිතන්නේ ඒක බටහිර සංකර වැඩක් කියලා .නමුත් මට එහෙම හාදු දෙන බොහොම ගැහැනු පිරිමි යාලුවො ආසියාතිකයන් .
සමාදි
ReplyDeleteඅනේ පව්.... හී හී.... ඕව ගනන් ගන්නෙපා අනේ...:)
මකුලු පැන්චි
ඔව් ඔව් අනේ ඒක මගෙ හීන රට :)
නිසුපා...
මම උන්නෙ මාලබේ... මීගොඩ නෙමෙයි... හෙ හෙ..... අම්මෝ මන් 31 උස්සන් තනියමත් ගියා :)
අලේ රවි අයියේ....
ඉහි ඉහි.. කෝ බිත්තර කට්ටක් මට සැන්ගෙන්න.. ඉහි ඉහි :)
අවංක පැට්ටා...
ආ මල්ලි.. පිස්සුද අප්පා.. දාඩිය...ඔවැක්... :(
නචියා
හි හි හි.. අනිවා ආරෝග්‍යශාලා දැනටම මේක ප්‍රැක්ටිස් කරන්න ගිහින් කීදෙනෙක්ට ඇදිලද දන්නෙ නෑ... හි හි
ලේනා...
ආ කරල බලන්ට.. අක්ක හොයන් එන්නෙපා ගුටි කැවා කියලා අඬාගෙන ආරෝග්යශලා ලොතරැයි ඇදගෙන ...
චතුරංග
හෙ හෙ... ගොඩක් දේවල් ලියලා. ආනේ ස්තූතියි මලේ..... ප්‍රාර්ථනාවට ගොඩාක් ස්තූති....
පිස්සා...
ඔව් අප්පා.. තව යාලුවෙක්ටත් පොත් ගත්තා.... ඉස්කෝලෙකටත් පොත් ගත්තා... කෝමද අක්කගෙ වැඩ :)
සඳරුවෝ...
හැක්කිස්... ඔය නම් උභ ගුටි කන පොටක්... ලොතරැයි ඇදෙයි ..බලාගෙන :)
සුද්දා තම්බපු ඉස්සෙක් තරම් රතුයි අප්පා..ඊයා දාඩිය... ඉහි ඉහි... තාම නම් ලෙඩක් සැඩුනෙ නෑ... :)
මකරෝ...
හිකිස්... උභ අහුවෙයන් මම ලන්කාවට ආවම... :)
මධුරංග..
නැනෙ.. මොකෝ දුකේ බැහැ.. හි හි.. කොටුවෙන් බැස්ස ගමන් කලෙ ටිශු අරන් අත පිස්ස එක :)
දිනේශ්
හලේ... නියම චාන්ස් එක නේද එහෙනම් :)
TG
ReplyDeleteඔව් ඔව්.. මේ ඔලු වලට කෙල්ලෙක් කොල්ලෙක් අතින් ඈල්ලුවත් ඒක සාපරාධයක්...'
ඔන්න ඒ ගැන මම ලිව්ව කතාවක්
http://sansaare.blogspot.com/2010/03/blog-post_30.html
කෝ මගේ කමෙන්ට් එක? මම ටයිප් කරලා සබ්මිට් කරා මතකයි. ඒත් සබ්මිට් වෙලා නැද්ද කොහෙද..
ReplyDeleteදැන් ඒ වෙලාවෙ හිතුන දේවල් මතක නෑ මිස්
අඩේ බං අක්කේ ලැජ්ජාව වැඩි කම නහය දික් වුනේ එහෙම නැද්ද...
ReplyDeleteහක හක හක.. :D
මමත් යන්න ආසම රටක් ඊජිප්තුව... ඊජිප්තු ඉතිහාස පොත් කිවන්න මම හරිම පෙරේතයි... මටත් සුද්ද අංකල් ගැන ඊරිසියා හිතුනා.. :(
ReplyDeleteරටවල් විසිපහකට ගිහින් තියෙනවා කියන්නේ බුවා කෙල්ලෝ දෙදාස් පන්සීයක් වත් කිස් කරලා ඇති ඔය කියන විදියට...
ReplyDeleteඒකත් මරු සෙල්ලම.. :D
ඊජිප්තුව කීවම මතක් වූණේ. "නිල් දියමන්ති අභිරහස" කියල පොතක් තිබේ. ටීචර්ස්ලට වුණත් මරු. ඒකෙ ඉන්නව ශෝයි ටීචර් කෙනෙක්
ReplyDeleteහිහිහී... අක්කියට තිබුණෙ ලංකාවෙ විදිහට අත් දෙක එකතු කරලා ආචාර කරන විදිහ මුලින්ම කියලා දෙන්න... :D හැබෑටම අතට කිස්එකක් දීලා බේරුණා මදෑ... යුරෝපය පැත්තෙනම් කම්මුල් දෙකත් කිස්කරනවා නොවැ... බස්එකේ අයට ක්ලාන්තෙ නොදැම්මෙ 99ට.. :D අක්කියාගෙ ඊජිප්තු රස්තියාදු ගමන සාර්ථකවෙන්න කියලා හදවතින්ම සුබ පතනවා අක්කියෝ.... ඕන් අපිට ඒ ගැනත් පෝස්ටුවකුත් ඕනි හොදේ... :)
ReplyDeleteරොශාන්...
ReplyDeleteඕකනෙ .. හරිම නරකයි මේ ලමයි.... :) ආයෙ ටයිප් කරන්නකෝ
සෝලෝ....
හිකිස්.. නැනෙ .... බොරු කිව්වමනෙ නාහෙ දික් වෙන්නෙ :)
කින්නරාවී
කියල වැඩක් නෑ.. හැට පැනලත් ඉන්න ජොලිය දැක්කම මටත් ඉරිසියා සිතුනා අනේ....
බීට්ල්
හිකිස්.. මට පේන්නෙ බීටලයත් ඉන්න රටෙ කෙල්ලන්ගෙන් ගුටි කන්න වගෙ ලෑස්තිය :)
මකරා
ආ ඒ පොත තියේද... ආවම දෙන්ටකො එහෙනම් :)
නිති
අනේ නගෝ.. ඒ පෝස්ට් එක ලියන්න නම් කාලයක් යාවි අනේ... හෙ හෙ. හැබැයි ඊයෙ රෑ හීනෙන් දැක්ක ඊජිප්තු ටිකට් ලාබෙට තියනවා :)
මෙය ඉතා සොඳුරුය... ඔබේ රචනා විලාසය මා සිත් ගති... සොයුරිය, ඔබට යහපත් අනාගතයක් මෙන්ම, අලුතින් සිතන පරපුරක් බිහිකිරීමට දායක වෙන්නට ලැබේවා !
ReplyDeleteවජිර : ස්තූතියි :)
ReplyDelete