සුනේත්‍රා රාජකරුණානායක මහත්මියගෙ 'පූර්ව ජන්ම අපූර්වය' පොත දිලිසි දිලිසි පොත් රාක්කෙ හරි බරි ගැහිලා, තැඹිලි පාට පොත් දාරෙ ඇස් වලට දර්ශනය කරද්දි , Uනලය දිගේ ප්‍රිහාන්ට ඕනෙ උනා අහම්බෙන් දුටුව කෙල්ලක් ගැන මේ විදියට නාහෙන් අඬන්න....
අහසයි පොළවයි වගේ නෙමෙයි , හඳයි තරුයි අහසයි වගේ ඒ සින්දුවයි , අර පොතයි , මේ ජීවිතේමල්ගෙ මතකයි එකට සමපාත වුනේ , ආයෙමත් බ්ලොග් පෝස්ටුවක් හෙවත් ආත්ම රචනයක් හෙවත් හෙවත් මා සිත් ගත් ගීයක් ගැන ලියන්නයි...
පොත් රාක්කේ නිසි සැනසිල්ලෙ හිටිය 'පූර්ව ජන්ම අපූර්වය'ට නිදහසේ ඉන්න නොදීපු නිසා එයා අතට සේන්දු වුනා.... හිත මොකක්දෝ හොයන්නට වුනා... ආයෙ ඉතින්..වෙන මොනවටද....
"ඇතැම් විට ආත්මීය සහකරුවන් හමුවී, එකට ජීවත් වී, යම් කාර්යයන් ඉටු කොට සමු ගනියි. ඈත් වෙයි. ඔවුන්ට මුලු ජීවිතයම එක්ව ගෙවන්නට අවශ්‍ය නොවේ. එවැනි අවස්ථා ශෝකාන්ත නොවේ. යමක් ඉගෙනීමේ ප්‍රස්ථාය"
73 වෙනි පිටුවේ මේ ඡේදය අහම්බෙන් පෙරලුනා....
"ඇතැම් විට යම් කෙනෙකුට විශාල කැමැත්තක් ඇති වුවද , අප ඊට හේතු දන්නේ නැත.එහෙත් ඒ දෛවෝපගත හමු වීම් වලින් පසුවද අපේ ස්වාධීන මනසේ තීරණ ක්‍රියාත්මක වේ... ආත්මීය මුහුකුරා යාමෙන් තොර පාර්ශවයේ කෝපය , සැක ,සංකා, බිය, වංක භාවය ආදී නොයෙකුත් දුර්වලතා වලින් හර්දය බිඳෙයි"
73 වෙනි පිටුවට නිවනක් ඇත්තෙම නැතුව මගේ ඇස් එහෙ මෙහෙ දුවන්නට වුනේ තවත් දේවල් සොයමින්...
ඒත් ප්‍රිහාන් මට ඉස්සරවුනා.... රිපීට් දැමූ ගීතය නොනවත්වාම 'ගීතය' සහ 'මතක' කෙරේ මාව ආසක්ත කරනු ලැබුවා
වැව් තලේ, පෑදි දිය මත ඇඳී, ඉරි වාගෙ,
වියැකෙන්නෙ නෑ මේ සිත මගේ
කොල්ලා ෆුල් සීරියස් ය.... හිත ලේසියෙන් වියැකෙන්නට ඉඩ හරින්ටද ඔහුට මනාපයක් නැතුවාය.... ඔහු එය සපථ කරන්නේය.... සිත එතරම්ම මේ අහම්බෙන් දුටු රුව අල්ලා බැඳ ගන්නේ ඇයි කියා ඔහුටත් නොතේරෙන අරුම...
මැදියමේ තනිකමට දුක් දිදී ,
හඳ පානෙ වැලපෙන්න බෑ මට තව ඉතින්
ඔහුට ඒ සන්ධිස්ථානය වැදගත් කියා සිතේ... සුනේත්‍රා ලියුවා සේ ඔහුට කොහේ හෝ බාගෙට ඉවර වූ ගනුදෙනුවක් ආයෙමත් ඇස ගැසී ඇති හැඩය...
ජීවිතේ දුක තමයි
නුඹ මා සතු වෙන් නැති නම්...
ආදරේ දුක තමයි
දැන ගනු මැන හිත ඇති නම්.......
කෙල්ල ටිකක් ඊට වඩා දාර්ශනිකය... බ්‍රයිට්ය... (කපටිදත් මන්දාය) ඈ ඊට වඩා යථාර්තවාදී වචන ටිකක් ඇද බාන්නීය... හැඟීමද බුද්ධියද කෙසේ හෝ එකට වැඩ කරන්නේ හැඳිමිටේය.. (මලගෙවල් වලද මේකම දැක තියෙනවාදත් මන්දාය)
අන් දෙසක් බලා යනවද දුටුවෙ නෑ වගේ,
ඇස් කොනින් හෝ බැලුවමත් ඈතී...
නොදරුවෙක් වගේ පසුපසින් එමි,
ඈස් මගේ උනත් ආයෙ ගන්න බෑ නුඹම ලුහු බඳී...
ලාටුවකට බැඳුනු කොලුකාර ඇස් අර මූනු තහඩුවේ මොකක්දෝ දෙයක් සොයාගෙන හරඹ කරන්නෙහිය... ඉවතට ගනු නොහී තම ඇස් හා සටන් කරන්නෙහිය... ඒ ඈ දෙවඟනක් නිසාද? ඈ මනමෝහනීය රූපසුන්දරියක් නොවේ.. ඒත් අදෘශමාන හුයකින් සිය දෑස් ඒ ගැහැනු බවේ හෘ පුරුදු බව සමග අරගල කරන්නෙහිය...
වැටෙහෙන්නෑ මටම මගේ ලැදි කම නුඹට ඈති
නවතින්නෑ කියන තුරා හිත ඇති කමක හෑටී.....
අන්තිමේ කොල්ලා තේරුම් ගනී... මට මේක කියන්ඩ වෙන එකක් නෑ... නවතින්න බැහැ... යන්න වෙනවා... ඒ ඇස් දිහා බල බල.... ජීවිතේ හැටි තමයි...
මෝදු වී හිඳී තනියට තරු ඈසක් හිඳී,
සුසුමකින් සැලී අඳුර ඉකි බිඳී...
පිට කෙනෙක් වගේ පිටව යන්නෙමී,
හිස් අතින් නොවේ ඈස් පුරා කැවෙන දේ අරන් යමී....
මේ ගීයේ ජීවිතේමල්ගේ සිත තදින්ම ඩැහැ ගත් පේලි හතර මේය.... "සුසුමකින් සැලී... අඳුර ඉකි බිඳී..." කොල්ලා මේක වෙන්නෙ නැති දෙයකැයි දන්නා හැඩය. අඳුර ඔහුට තාම ලඟ ඒ නිසා වෙන්ඩ ඇත... සුසුම ඒ කලකිරීම මුදා හරියි... කල්පනා ලෝකය , සුසුම තුල අඳුර තිගැස්සෙයි...
ඔහු විය යුතු දේ සහ හිත ඉල්ලන දේ තුල අතරමං නොවේ... "පිට කෙනෙක් වගේ පිටව යන්නට" හිත හදා ගන්නේ ඒ නිසාය... එහෙනම් කොල්ලත් බ්‍රයිට්ය ! :-)
වැටෙහෙන්නෑ මටම මගේ ලෑදි කම නුඹට ඇතී
නවතින්නෑ කියන තුරා හිත ඇති කමක හැටී.....
මුහුදේ රළ සේ කොල්ලා ආශාවන්, හැඟීම් , සැබෑව සමග පෙරලි කරමින් සමු ගෙන යන්නෙහිය...
ඒ ඇත්තම කියනවා නම් ජීවිතේ හැටිය... ඇත්ත නම්.. ඒකය.....
යලිත් සුනේත්‍රාගේ 'පූර්ව ජන්ම අපූර්වය 73 පිටුව කරලියට ගන්නෙමි.... (අද ඒ පොතට නිවනක් නැත)
" ඇතැම් විට ආත්මීය සහකරුවන්/ සහකාරියන් හමුවේ.. ඔහු/ඇය එය හඳුනාගෙන අනෙකාට ප්‍රිය විය හැකිය.. එහෙත් ඒ ඇත්තා හෝ ඇත්තිය නොරිස්සීමකින් ඉන්නටද ඉඩ ඇත කියා බ්‍රයන් වේස් සඳහන් කර ඇත.. මට (සුනේත්‍රාට) හැඟෙන්නේ ඒ සාංසාරික කෝපාවේග ඉතිරිව තිබීම ලෙසය "
මම කොළ පාට අතු ඉති දිහා බලමින් කල්පනා කරමි.... කවදත් වගේ කපටි කමට, මගේ මතක මේ පෝස්ටුවේ හංගලා තියලා යමි... අතු ඉති එකිනෙක ලංවී , ඇතැම් විට පැටලී, තවත් විට ගැටී , ඊලඟ මොහොතේ ආයෙමත් උන් තැන නිසලව හිඳී...
ඒත් 'පූර්ව ජන්ම අපූර්වය' අතු ඉති වලට කෙසේ බලපෑවත් , ඇතැම් විට එලෙසම ඒ අතු ඉතිම යලිත් වර පැටලී හිඳිනු දක්නට ලැබෙයි... ඒ එදා මෙන්මද , මෙදා වෙන'යුරකින්ද කියා සිතා ගත නොහේ...
සුලඟක් නැති , නිශ්චල දිවා කාලය එලැඹ හිඳී.. රාත්‍රියද වෙනසක් නැත. අතු ඉති දෙපස නොහැරී, මුහුණු නොබලා , නිශ්චලතාවය කෙබඳු දැයි හදාරන්නා සේ වැනි...
ඒත් ඇතැම් රාත්‍රීන් හි ,නිකමට වාගේ අඳුරට එබෙන විට , ඇතැම් අතු ඉති මත පමණක් කුඩා පිණි බිඳු දැක්ක හැකිය... ඒ "පිණි බිඳු" යැයි මම මටම කියා ගනිමින් ඉවත බලා ගනිමි...
ප.ලි
පොත : පූර්ව ජන්ම අපූර්වය - සුනේත්‍රා රාජකරුණානායක
ගීතය : ප්‍රිහාන් ගයන 'වැව් තලේ'
මම: කවදත් විකාර ලියන - මමම තමයි :-)
ප.ප.ලි
දුකා අයියා මේ පොත ගෑනම හරි අපූරු පෝස්ට් එකක් ලියලා තිබ්බා... කෑමති නම් ඒකත් බලන්න මෙතනින්
ප.ලි
පොත : පූර්ව ජන්ම අපූර්වය - සුනේත්‍රා රාජකරුණානායක
ගීතය : ප්‍රිහාන් ගයන 'වැව් තලේ'
මම: කවදත් විකාර ලියන - මමම තමයි :-)
ප.ප.ලි
දුකා අයියා මේ පොත ගෑනම හරි අපූරු පෝස්ට් එකක් ලියලා තිබ්බා... කෑමති නම් ඒකත් බලන්න මෙතනින්