කියන්නට උදාන ගීයක් නැති
ඒත් උදාරම් බැල්මක් ඇති....
දාහක් එකක් සෝ තැවුල් අස්සෙන්
හිනහව, සන්තෝසය වෑගිරෙති..
දුර විත් පා රිදෙද්දී ජවය පාමින්
කඩිනම්ව, තියා යන , බර අඩි..
ෆැන්ටසි හීන රෑඟුම් පිටපතක
කුමාරිකාවට ඇඳ, හැඩ බලන හැටි...
අඳුර කැටි ගැහුන කලුවර මැද්දෙන්
උදේ සැඩ අවු රැල්ල බිම වැතිරෙති.....
හිස රිදෙන , සැඩ ඉරෙක 'සැබෑ දහවල'
'නිදා දුටු සිහින' උදුරාගෙන ගිය හැටි !
~දිල්ශාරා වීරසිංහ~
අරේ වා.. ක්‍යා බාත් හේ..
ReplyDeleteක්යා සමස්යා හායි?
ReplyDeleteමක් කිව්වා ???? :-)
ReplyDeleteඅපේ දින චර්යාවට එක්වෙන විපරීත අංගෝපාංග කොච්චර අපේ ජීවිතය සරුව පිත්තල කරනවද..හොඳ නිමැවුමක්..දිරි සවි මගෙන්
ReplyDeleteඅවලස්සන, වෙහෙසකර යථාර්තය අප තුළම අපි ප්‍රතික්ෂේප කරනව හැම විටම. ඇත්තටම ඒක එහෙම නොවුණොත් අපිට ජීවත් වෙන්න ආශාවකුත් නැති වෙයි.
ReplyDeleteලස්සනයි අදහස...
හොන්කොන්ග් ඇන්ඩ් ශැන්හයි බැන්කුවේ තින්ක් ග්ලොබලි ඇක්ට් ලෝකලි
ReplyDeletethink globally, act locally වගේ කතාවක් ද මේක?
හීන දකින්න,
හැබැයි ඉක්මනින් පියවි ලෝකයට එන්න?