Tuesday, September 28, 2010

[110] මේ සිත්තමට පාට ‍තෝරා දෙනවද?


එන්න...
මෙතැන ඇත සිත්තමක්..
අඩක්වත් නිසි පාට නොම දුන්න

එන්න...
තෙලිතුඩට පණ දෙන්න....
එකින් එක සිහින එහි තවරන්න....

එකින් එක අමු පාට
වෙන වෙනම නොපෙනෙන්න
දෙක තුනක් හෝ තවත් මුසුවෙන්න
තවරන්න..

නොසේදුනු නොසිස් තැන්
තිබු ලෙසින් ඔහෙ ඉන්න
හිස්තැනට විතරක්ම
ඔය පාට තවරන්න...

කාටවත් නෑ‍ඟෙන්න මුසු වෙන්න
සිත්තමට පණ එන්න .....
එන්න...
මේ සිත්තමට ඇස් දෙන්න...

හීනියට පැහැයක් මුසුවෙන්න
පාටකට නමක් හැඩයක් දෙන්න
හැඩ වෙන්න හෙමිහිටම  තවරන්න....

එන්න
පාට මත තෙලිතුඩට ඉඩ දෙන්න...
හිතු මතේ හිතේ ඇති පැහැ දෙන්න..
නමක් නැති අතීතෙම බොඳ වෙන්න 
ජීවිතය බොඳ මතින් මතු වෙන්න...


13 comments:

  1. පාට ක​රන්නට
    තෙලි තුඩින් මැවුන සිතුවම
    එක් වරක් කියාදෙන්න මට
    හිස් තැන​ක් සිතුවමෙහි
    නැතත් දේදුන්නක පැහැය
    අදුරු නන් සිතුවමක් පැහැ නැතිව
    අමු පාට ගෙන තවත්
    තවරන්න ඉඩ දෙන්න හිස් තැනක්තුල

    නමක් නැතී අතිතය තුල
    ගිලි මියෙමින් තවත් සොයමි මම
    යොදන්නට අමුම පැහැයක් පින්සලට ගෙන
    හිස් තැනක් කියනු මැන තවරන්න පාට පොද

    ReplyDelete
  2. පසන් මල්ලි...මේ කවිය ගොඩක් ලස්සනයි....
    මම හිතන්නෙ ලස්සනම පිලිතුරු කවියක්.. ගොඩක් ස්තූතියි...

    'හිස්බවෙන් පෙලන ලද
    හිස් කමෙන් අපුල උන
    අතීතය අද මෙන්ම
    අනේ හෙට නොම වෙන්න..!

    අවාරෙට මල් නො එන
    අසාරම ජීවිතය
    අපා දුක යැයි නොකිව්
    නුඹ එන්න...

    අමු පාට අර ගන්න
    සැඟවෙන්න වල ගොඩැලි
    නොසේදෙන ලෙසින් දැන්
    වත්මනෙහි තවරන්න...

    එන්න...
    මතක තිත්
    බොඳ වෙන්න...
    බිඳුනු පැහැ
    ඇහිඳින්න...."

    ගොඩක් ස්තූතියි මල්ලි පිලිතුරු කවියට !

    ReplyDelete
  3. හරි අමාරුයි ඔය සිත්තමට පාට දෙන්න.

    විශිෂ්ඨයි යාඵ.....

    ReplyDelete
  4. සිත්තමට පණ දෙන්න..
    සිත්තරෙකු පැමිණෙන්න..
    එතෙක් මග බලමින් ඉන්න...
    සිහින එබෙ ඉටුවන්න..

    ReplyDelete
  5. සිත්තමට පණ දෙන්න කොමෙයි..... මගේ පාට ඔක්කම ඔවුට දුන්න මම...

    ReplyDelete
  6. ස්තූතියි අවුට්සයිඩර්..මාත් පාට හොයනව..
    :)

    ප්‍රියන්ත ඒ බී
    සිත්තරුන් යෑයි හිතුව
    බෝ දෙනෙක් දන් නෑතුව
    තෑවරුවේ හීන මිස
    පාට නොවුනිද කෙලෙස?

    වත් අක්කා
    ඔව්. ඔව්.. පාට අපරාදෙ දුන්නෙ... හරියට අඳිවි නේද ?

    ReplyDelete
  7. හරිම පරිස්සමට ලියලා තියෙනවා....

    හීනියට පැහැයක් මුසුවෙන්න
    පාටකට නමක් හැඩයක් දෙන්න
    හැඩ වෙන්න හෙමිහිටම තවරන්න....

    මේ ටිකටයි මම කැමතිම,

    ReplyDelete
  8. ලස්සන පද වැලක් තේරුම් ගන්න මං දෙතුන් වතාවක් කියෙව්වා

    ReplyDelete
  9. ගොඩක් ස්තූතියි බුද්දි සහ වෑප් !

    ReplyDelete
  10. ලස්සනයි අක්කෙ..ඒත් තාම තේරුන් නෑනෙ.. මාත් වැප් අයිය වගේ තව ටිකක් කියෝලම බලන්නම්

    ReplyDelete
  11. සිත්තරෙකු පැමිනේවි
    සිත්තමට පැහැදෙන්න
    ආදරේ මුහුකරලා
    සිත්තමම පුරවන්න
    ඒ පිරුන පැහැ වලින්
    අතීතය බොදවී යන්න

    සිහින් පින්සල් තුඩින්
    නිම කෙරුන නව ලොවට
    පය තබනු බිය නොවී
    ජීවිතය විදගන්න

    ReplyDelete
  12. හසිත , පුබුදු සහ අන්ශ්

    ගොඩක් ස්තූතියි

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->