Friday, September 10, 2010
[109] අකීකරු මගෙ කවි හිත!
නිදා උන් මල් පෙත්තක්
ඇහැරවමි හිරිකඩින් තෙත් අලුයමක
ලියන්නට අලුත් සුරඟන කතාවක් එ'මත
නොපීදුනු අරුණට පෙර හනික ....
නෙලන්නේ නැතැයි කියන නොකියන දෑතක
ගුලිවී සිටින නොපොහොණි මල් පෙති මතට
කඳුලැල්ලක් වපුරමි වට අසණි මැද
අස්වැන්නට අයිතිවාසිකම් නැති කෙම් බිමක
අහිමිකමෙක අපුලින් තොරව
අසරණව පපුතුරකට හිස දී සැඟව ගෙන
නොපීදුනු අතීතයට කල ගුණෙන් බැල්ම ලා
වර්තමානය නටු අගින් සිඳිමි මම...
අතීතයෙන් කෙලෙසන ලද
අමාරුවෙන් හෙලන ජීවන හුස්මක්
ඇඬූ කඳුලින් පිරිපහදු කොට
අනාගතය පසිඳින්නට අවසර සොයමි මම
ඇසිල්ලක ඇති වී මියෙන සොඳුරු බව
විඳිනු රිසි දඟකාර හිත් පියුම මත,
පිපී හැකිලෙන හස රේණුවෙක කෙලවර
රහසක් ඔතා නිදි ගන්වමි මම....
අනේ !
කීව නාහන..
අකීකරු මගෙ හිත !
දුක අහන සොඳුරු ප්‍රශ්නාර්ථය
යලි යලිත් නිදි ගැට හරින සිහිනය
නිදනු මිස ..රැයටම තනි රකිනු මිස
පහන් වන හිමිදිරිය තෙක්ම රැඳෙනු නොහැකිද?
නොදන්නා සේ ඒ පපුතුරට හිස දෙන
නොදරුවෙකු නිදන මේ හදවත
පුරන් අතීතය මත වර්තමානයම වපුරන
අලුත් අස්වනු නෙලන් තෙක් ඉනු නොහැකිද?
අනේ කියන දේ නාහන
නුඹ!
අකීකරු මගෙ කවි හිත!
මේ ගැනයි මේ ලිපිය..
ආදරය හෙවත් මගේ හුස්ම,
කවි..හෙවත් මගේ ආත්මය
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
අකීකරු යැයි නුඹ සිතන....
ReplyDeleteඒත් සැබවින්ම
අහිංසක පූස් පැටියකු තරමට කීකරු
ආදරණීය නුඹේ හිත...
මුල් වතාවට තමයි මේ බ්ලොග් එක පැත්තෙ ආවෙ. මාර ලස්සනට ලියලා තියෙනවා. දිගටම ලියන්න.
ReplyDeleteඔයාල හෑමෝටම ස්තූතියි
ReplyDelete