Thursday, September 30, 2010

[111] ඉතින් තව නිදියන්න...


කවිපොතට නිදියන්න
කැඩපතට බොඳ වෙන්න
තරු ගනින ඈස් දෙකම
අතීතෙම කිමිදෙන්න ...

ඉතින් නිදියන්න...

නිදි නොමැති ඈස් පියන්
නිදා සේ දෑන් ඉන්න...
එපා ඈස් හෑර ලන්න..
වැඩියි රැස් එළි ගොන්න..

ඉතින් තව නිදියන්න...
එපා දැන් පිබිදෙන්න ..
ඈස් අරින රැස් විඳින...
නිසි කලට ඇහැරෙන්න....

3 comments:

  1. නෙත් පියන් පියවන්න
    තරු එළිය සැගවෙන්න
    කවි පොතට නිදියන්න
    උණුසුමක සුව දෙන්න

    නිදි නොමැති ඇස් පියන් මිලින උන
    නිදා උන් ලොවක් මැද නොනිදනා තරුව මම
    අමාවක සද පතන කවි පොතක් පෙම් බදින
    අයදීවි නිදන්නට මේ සොදුරු රැය එළිය වන්නට

    ReplyDelete
  2. තව නිදන්න ඉඩක් නැහැ
    පිබිදෙන්න හිතක් නැහැ
    ඇස් අරින්න විදියක් නැහැ
    මෙහෙම ඉන්න පහසුත් නැහැ

    ReplyDelete
  3. නිදන්නට වරම් නෑති
    ඈස් අගින් කඳුලු එති
    කඳුලු මත බොඳ වෙන්න
    කම්මුලෙහි ඉඩක් ඈති...

    ඉඩ අරන් බොඳ වෙවී
    කඳුලු පින්තාරුවේ
    ලියන්නට කවක් ඈති
    කවෙහි රස හිතක නෑති...

    ජීවිතේ පිලිතුරකි
    එයම මට ප්‍රස්නෙයකි
    පපුතුරින් ගිලිහි ගත්
    සුස්මකට ඉඩකි නෑති...

    පසන් මල්ලි සහ වෑප්... ඔබ දෙදෙනාටම කවි වලට ස්තූතියි...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->