එන්න...
මෙතැන ඇත සිත්තමක්..
අඩක්වත් නිසි පාට නොම දුන්න
එන්න...
තෙලිතුඩට පණ දෙන්න....
එකින් එක සිහින එහි තවරන්න....
එකින් එක අමු පාට
වෙන වෙනම නොපෙනෙන්න
දෙක තුනක් හෝ තවත් මුසුවෙන්න
තවරන්න..
නොසේදුනු නොසිස් තැන්
තිබු ලෙසින් ඔහෙ ඉන්න
හිස්තැනට විතරක්ම
ඔය පාට තවරන්න...
කාටවත් නෑඟෙන්න මුසු වෙන්න
සිත්තමට පණ එන්න .....
එන්න...
මේ සිත්තමට ඇස් දෙන්න...
හීනියට පැහැයක් මුසුවෙන්න
පාටකට නමක් හැඩයක් දෙන්න
හැඩ වෙන්න හෙමිහිටම තවරන්න....
එන්න
පාට මත තෙලිතුඩට ඉඩ දෙන්න...
හිතු මතේ හිතේ ඇති පැහැ දෙන්න..
නමක් නැති අතීතෙම බොඳ වෙන්න
ජීවිතය බොඳ මතින් මතු වෙන්න...
ජීවිතය බොඳ මතින් මතු වෙන්න...
|
පාට කරන්නට
ReplyDeleteතෙලි තුඩින් මැවුන සිතුවම
එක් වරක් කියාදෙන්න මට
හිස් තැනක් සිතුවමෙහි
නැතත් දේදුන්නක පැහැය
අදුරු නන් සිතුවමක් පැහැ නැතිව
අමු පාට ගෙන තවත්
තවරන්න ඉඩ දෙන්න හිස් තැනක්තුල
නමක් නැතී අතිතය තුල
ගිලි මියෙමින් තවත් සොයමි මම
යොදන්නට අමුම පැහැයක් පින්සලට ගෙන
හිස් තැනක් කියනු මැන තවරන්න පාට පොද
පසන් මල්ලි...මේ කවිය ගොඩක් ලස්සනයි....
ReplyDeleteමම හිතන්නෙ ලස්සනම පිලිතුරු කවියක්.. ගොඩක් ස්තූතියි...
'හිස්බවෙන් පෙලන ලද
හිස් කමෙන් අපුල උන
අතීතය අද මෙන්ම
අනේ හෙට නොම වෙන්න..!
අවාරෙට මල් නො එන
අසාරම ජීවිතය
අපා දුක යැයි නොකිව්
නුඹ එන්න...
අමු පාට අර ගන්න
සැඟවෙන්න වල ගොඩැලි
නොසේදෙන ලෙසින් දැන්
වත්මනෙහි තවරන්න...
එන්න...
මතක තිත්
බොඳ වෙන්න...
බිඳුනු පැහැ
ඇහිඳින්න...."
ගොඩක් ස්තූතියි මල්ලි පිලිතුරු කවියට !
හරි අමාරුයි ඔය සිත්තමට පාට දෙන්න.
ReplyDeleteවිශිෂ්ඨයි යාඵ.....
සිත්තමට පණ දෙන්න..
ReplyDeleteසිත්තරෙකු පැමිණෙන්න..
එතෙක් මග බලමින් ඉන්න...
සිහින එබෙ ඉටුවන්න..
සිත්තමට පණ දෙන්න කොමෙයි..... මගේ පාට ඔක්කම ඔවුට දුන්න මම...
ReplyDeleteස්තූතියි අවුට්සයිඩර්..මාත් පාට හොයනව..
ReplyDelete:)
ප්‍රියන්ත ඒ බී
සිත්තරුන් යෑයි හිතුව
බෝ දෙනෙක් දන් නෑතුව
තෑවරුවේ හීන මිස
පාට නොවුනිද කෙලෙස?
වත් අක්කා
ඔව්. ඔව්.. පාට අපරාදෙ දුන්නෙ... හරියට අඳිවි නේද ?
හරිම පරිස්සමට ලියලා තියෙනවා....
ReplyDeleteහීනියට පැහැයක් මුසුවෙන්න
පාටකට නමක් හැඩයක් දෙන්න
හැඩ වෙන්න හෙමිහිටම තවරන්න....
මේ ටිකටයි මම කැමතිම,
ලස්සන පද වැලක් තේරුම් ගන්න මං දෙතුන් වතාවක් කියෙව්වා
ReplyDeleteගොඩක් ස්තූතියි බුද්දි සහ වෑප් !
ReplyDeleteලස්සනයි අක්කෙ..ඒත් තාම තේරුන් නෑනෙ.. මාත් වැප් අයිය වගේ තව ටිකක් කියෝලම බලන්නම්
ReplyDeleteසිත්තරෙකු පැමිනේවි
ReplyDeleteසිත්තමට පැහැදෙන්න
ආදරේ මුහුකරලා
සිත්තමම පුරවන්න
ඒ පිරුන පැහැ වලින්
අතීතය බොදවී යන්න
සිහින් පින්සල් තුඩින්
නිම කෙරුන නව ලොවට
පය තබනු බිය නොවී
ජීවිතය විදගන්න
සුපිරි...
ReplyDeleteහසිත , පුබුදු සහ අන්ශ්
ReplyDeleteගොඩක් ස්තූතියි