Wednesday, September 08, 2010

[108] අරුම මිනිසත් වගට !!!

උදෑසන හිරු සමග
අරුණ සර සිඹින කොට
ළය පුරා සුසුම් ගෙන
එදා සැනහුන ලොවට

සකල වත වසාගෙන
විරසකව හිරු සමග
සිටිමු නුඹ නිසයි එය
පාරජම්බුල කිරණ !

පොළොව පය තබන තැන
සිඹින ඔද වැඩි ලයක
එදා පිපි පැතුම් වැල
දැනෙයි විලි පවසන්ට

පය ගහන පොලව මත
කුරිරු න්යවෂ්ටික අවිය
පිපිරේද කුමන විට
සිඹිනු බැහැ විස පොලව

නිල් ගුවන් තල ඇදෙන
පාවෙනා වලා රොද
පිනයි සිත නෙත ගැටෙන
සුමුදු නිල්මිණි  ගුවන...

විස දුමට මිලින උන
මලානික වී හඬන
කලු ගුවන් ගැබ කියන
දුක අසා ඉනු කෝම


නෙත ගැටෙන අරුණ ගෙන
ගුවන නිල සිඹින දින
ජය දදය නැගුනි ලොව
මිහි මවගෙ සෙවණ යට

සෙවණ දුන් ගස නසන
දෙකඩ කල තල ගගන
අධම මිනිසත් වගට
සෙවන කොහි වියණ යට ?

(අඩුපාඩු බොහොමයි...1999 ලියුව කවියක්!)


5 comments:

  1. ලෝක විනාසෙ ලංවෙන එක තමයි වෙන්නේ පරිසරය විනාස කලාම

    ReplyDelete
  2. "මම" කියා කෙනෙක් ඇත
    උගේ සිත නපුරු ඇත
    දකින හැම දේකටම
    උගේ සිත දුවනු ඇත

    "මම" කියා කෙනෙක් නැත
    යන්නේ මුලාවී සිත
    මෙය හඳුන ගත් දාට
    කොල පැහැය එයි ලොවට

    ReplyDelete
  3. අපි විනාශ වෙන්නේ අපේම වැරදි නිසා....

    ReplyDelete
  4. ලෝකේ අයිති අපිට විතරද?....

    ReplyDelete
  5. ස්තූතියි මේ ප්‍රතිචාර හෑම එකකටම

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->