ගැහැණියක් උපදින්නේ මොන දේ උපතින්ම අරන්ද? මට හිතෙන්නේ පලමු කොටම සියුමැලිකම... අපි
කතාවටත් කියන ගැහැණු ගතිය.... බොලඳ කම.. සුන්දරත්වය....
ඒ විතරක් නෙමෙයි... අනාරක්ෂිත භාවය... ඒක දෝතින්ම දරාගෙනයි ගැහැනියක් උපදින්නේ...
බිලිඳියක් උපන් මොහොතෙන්ම අම්මා කෙනෙක් ඈ ගැන නොයෙක් සිහින මවනව.. ඈව සරසන්න, මලක් වගේ නොතැලෙන්න හදන්න අම්ම දරන්නේ පුදුම මහන්සියක්... එතන් පටන් ඇස් දෙක වගේ ඈව පරිස්සම් කරන්නේ අනාගත කුල කතක් කරන්න... ( මම මේ කියන්නේ ලංකාවේ බහුතරයක් හිතන විදියක්) .. කතන්දරයක් අහන්නේ නැති උදාරම් යෞවනියක් කරන්න....
වැඩිව්ය පත් වන්නත් පෙර සිටන්ම අම්ම ඈට උපදෙස් දෙනව... 'පුතේ හැමොත් එක්කම වැඩිපුර කතාවට
යන්න එපා..අනිත් අය දෙන දේ කන්න එපා... තනියම එන්න එපා... පාරේ පරිස්සමින් යන්න...
' මෙකී නොකී දේ.... නැද්ද?
කෙල්ලෙක් වැඩිවිය පත් වන්නේ, මෙතෙක් කල් තිබූ අනතුරු අඟවීම් තහංචි බවට පත් වෙමින්.. ඇයි මේ? ගැහැනියගෙ ශාරීරික ව්‍යුහයෙන්ම ඇයට දී තියන සියුමැලිකම නිර්මාණය කොට තියන අනාරක්ෂිත බව පසක් කරන්න....
වැඩිවිය පත් යුවතියක් කාමරයක හිර කරල තියනව පිරිමින්ගේ ඇස් වලින් ඈත් කරල ටික දවසක්... මේවා
නිකම්ම නිකම් පුහු හිස් දේවල්ද? මට නම් එහෙම කියන්න අමාරුයි.. මොකද , එහෙම තනිවෙන තරුණිය ස්වයං විශ්ලේෂණයක යෙදෙනව තමුන් මුහුණ දුන් වෙනස ගැන..( මං දන්නේ නැහැ..මේ තරුණියක් හැටියට එදා මට පවා හිතුන දේ) .. එහි බැරෑරුම් කම ගැන... වගකීම ගැන... පරිස්සම් විය යුතු බව.... පිරිමින් සියලු දෙනා අතේ දුරින් ආශ්‍රය කල යුතු බව.... මේවා හර සුන් පුහු චාරිත්‍ර හැටියට ගන්න බැහැ ඒ නිසා....මේවා මානසික සංක්‍රාන්තියක හට ගන්නා වියවුල් බව නිවා ගෙන සංසුන් වෙන්න දෙන මානසික ප්‍රතිකර්ම ....
තමා ලඟ රැකිය යුතු දෙයක් ඇති බව... අනාරක්ෂිත සමාජයක දෙමාපියන්ගේ රැකවරණය නැතිව පවතින්න
අමාරු බව... ඈ මුල් වරට පසක් කරනව... වැඩිවිය පත් වුන තරුණිය එලි පහලියට වඩමවන්නේ උත්සවාකාරයෙන්.. සමහරු වාද කරනව ශාරීරික ක්‍රියාවලියක පටන් ගැන්ම උදම් ඇනිය යුතු උත්සවයක් නෙමෙයි කියල.. එත් බොහෝ දෙනාට අමතකම වෙන දෙයක් තමා, මේ සමග මානසිකව සහ, හෝමෝන සම්බන්ධ අමුතුම ක්‍රියාවලියකුත් නොදැනීම ශරීරය තුල හට ගන්නා බව.. එහි වෙනස වටහා දෙන්නට මෙවන් පරිසරයක් ඉවහල් වෙනවා යැයි මට හිතෙනව...
විවාහයකට පත් වෙන තුරුත් තරුණියක් සොයන්නේ මේ අනාරක්ෂිත සමාජය තුල සුරක්ෂිත ආදරයක්... සෙනෙහසක්.. රැකවරණයක්... තැති ගත් ලෙහෙණියක් මෙන් කොයි මොහොතෙත් බයෙන් සැකයෙන් තැතිගෙන වට පිට බලමින් පැය 24ම තරුණියක් ගෙවන්නේ මේ අනාරක්ෂිත හැඟීම හිතට වද දෙන නිසා වෙන්න ඇති... මිනිසුන් විස්වාස නොකරමින්, අවංක ආදරය වෙනුවෙන් හඬමින්, රැවටිල්ලට , වංචාවට එරෙහි වෙමින් ගැහනියක් මේ ගෙනියන සමස්ත අරගලයම මේ අනාරක්ෂිත හැඟීම් විසින් මෙහෙයවනු ලබන යටි හිතේ ක්‍රියා වලීන් කියලයි මට හිතෙන්නේ.
කොතරම් නූතන ඇස් වලින් ලෝකය දකින්න හිතුවත්, මෙවන් හරවත් දේ දිහා වපරැහින් බැලිය නොහැකි තරම් ඒ සාම්ප්‍රදායිකත්වයේ (ඇතැම්) අවස්ථා වලට මම ආදරය කරනවා.
මේ දිග කතාවම ලියන්න හේතු උනේ, තවත් එක් සොඳුරු කතා කරුවෙකුත් එක්ක කයිය ගහද්දි මතු වෙච්ච සිතිවිල්ලක්....
ගැහැනියක් ආදරයක් යනුවෙන් හැබැවටම හොයන්නේ මොකක්ද??? සෙනෙහසද? ලෙංගතුකමද? බොලඳ ආලයද? රාගයද? සමාජ තත්ත්වයද? සල්ලිද? දේපොලද? මේ හැමදේම වෙන්න පුලුවන්.. මේ හැමදේම නොවෙන්නත් පුලුවන්... ශතවර්ශ ගනණාවක් ශිෂ්ටත්වය ඉදිරියට තල්ලු කරන් ආ සාම්ප්‍රදාය, ආවේණික චාරිත්‍ර යනාදී මේ හැමදේම ඉඟි කරන යම් දෙයක් තිබෙනව....
කිනම් ගැහැණියක් මුත් , ඉහත කී හැම දෙයක්ම හෝ කිහිපයක්, පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වන්නේ හැබවින්ම ගැහැනියකගේ 'අනාරක්ෂිත' හැඟීම සමනය කර ගන්න නෙමෙයිද? කොතරම් උගත් වුවත් , කොතරම් බලවත් වුවත් , ගැහැනියකගේ සියුමැලිකම නොහොත් සියුමැලි ගැහැණියකගේ සිහිනය - මේ අනාරක්ෂිත හැඟුම අවම කර ගැනීම නෙමෙයිද?
අති ස්වාධීන , යකඩ වැනි ගැහැණුන් නොසොයන්නේත් මේ 'රැකවරණය- සුරක්ෂිත බව' නෙමෙයිද? එතැන ගැහැනියක් සිටීදැයි මට සැකයි..