Thursday, December 05, 2019

[363] ඔබත් මෙහෙම නම් වෙන්න එපා



ඔබට පෙනෙනවාද මිනිසුන්ගේ ආත්මාර්ථකාමී ගති කොයිතරම් අහස උසට නැගලාද කියලා.

මේ නුවර කොලඹ සිග්රගාමි දුම්රියේ නැරඹුම් මැදිරිය. අපි වගේ සතිපතා නුවර යන අයට මේ වීදුරැවෙන් පේන රමණීය දර්ශනය අමුත්තක් නොවෙයි. නමුත් මේ මැදිරියෙ මිල අධික ටිකට් එකකට ගෙවලා ජීවිතේ පළමු වතාවට නුවර කොලඹ සිරි නරඹමින් යන විදේශිකයෝ ඉන්නවා. කුඩා දරැවෝ ඉන්නවා. එයාලට මේ හරිත දසුන විඳින්න අයිතියක් තියනවා.

මේ ඉදිරි අසුන් හතර හරි විශේෂයි. එතනට තමයි මේ ගමනේ ලස්සනම දසුන් පෙනෙන්නේ. ඒ අසුන් හතර අරක් ගෙන ඉන්න පවුල , පසුපස අසුන්වල ඉන්න අනෙක් මගීන්ගේ ඇසට ලැබෙන සොඳුරැ දසුන බ්ලොක් කරගෙන තමන්ගේ බැග් එහි තියාගෙන ඉන්න හැටි හරිම සෝචනීයයි. දුම්රිය රාක්ක හිස්.


අනෙක මෙහෙම බඩු තියන්න නෙවි ඒ ඩෙක් එක හදල තිබෙන්නේ. බලන්න විදුරැ හීරෙනවා. මේ නැරඹුම් මැදිරිය විශේෂ එකක්. මේ වීදුරැව විශේෂ එකක්. මිනිසුන් දහස් ගණනකට මේ අමතක නොවන සුන්දර දුම්රිය අත්දැකීම සුන්දර කරන්නට තැනුනු එකක්.

ඔබ නම් මෙහෙම අමන ආත්මාර්ථකාමී වෙන්න එපා. ඇත්තටම කලකිරෙනවා මෙහෙම හැසිරීම් දැක්කාම. මිනිසුන් නැරඹුම් මැදිරිය තෝරාගන්නේ ඔබේ බෑග්වත් මේ ඩෙක් එක උඩ ඉඳගෙන යන ඔබවවත් නරඹන්න නෙමෙයි. (සදාචාර විරෝධී නිසා මෙම පවුල ඩෙක් එක මත ඉදගෙන යන පින්තුරයක් ගත්තේ නැහැ)

මම හිතනවා නායකයා රට හදනකල් නොසිට , අපිත් එයට දායක විය යුතුයි. අපි වෙනස් විය යුතුයි . රට වෙනස් වෙන්නේ එතකොටයි.

පසු සටහන
ඇත්කටම මේ ලියන මට වුනත් හිතුනේ එයාලට එහෙම කෙලින්ම කියන එක හරි නැහැ කියලා. ගාඩ් මහතා ඉන්නවද බැලුවත් හිටියෙත් නැහැ. ගම්පහ හරියට එද්දි , පසුපස අසුනක ඉදගෙන හිටි විදේශික තරැණයෙක් ඉදිරියට ගිහින් ඉල්ලා සිටියා ඔවුන්ට බැග් ඉවත් කරගන්න කියලා .

This is taken in the observation coach of colombo to Kandy Intercity train today. You can see how the family sitting at the most precious 4 seats of the coach has selfishly blocked the view of the most spectacular view of this beautiful train track , to the rest of thr passengers in this coach.

Can you see how the rights of enjoying scenic beauty of 40 passengers is pulled off by 4 selfish passengers who simply and absolutely view it without letting the others.

The baggage racks are empty. Just like their minds and thoughtfulness. Thus rail journey is routine for us. There is no much surprise in the greenery for routine travellers like us. But there are foreigners who may not get a chance to enjoy this beauty again. There are little kids who deserve seeing it. This coould be their one And only time of seeing it.

Be the change.

Please dont live only for your self. world belongs to all of us. 


P.s .
A foreign guy , without hesitation went forward and requested them to remove the bags from the deck ! Lovely ❤️ even we have lessons to learn.


3 comments:

  1. රේල්වේ මැදිරියේ එම ආසන ලබා ගන්නා අයට එම ඉඩකඩ කැමති ආකාරයකට භාවිතා කල හැකියි. එහි එලෙස රාක්කයක් සදා ඇත්තෙත් එම ආසන හතරේ ගමන් යන එන පාරිභෝගික මගී නෝනා මහත්වරුන්ගේ ඕනා එපාකම් පිණිසයි. අනික් ආසන වල යනෙන පාරිභෝගික මගී නෝනා මහත්වරුන්ට සයිඩ් එකෙන් විදුරු දමා තිබෙනවා අවශ්‍ය නම් එලි පහලිය නැරඹීමට. මෙම මැදිරියේ වැසිකිලියක් සදා තිබෙනවා පාරිභෝගික මගී නෝනා මහත්වරුන්ට මළපහ, මුත්‍රා කිරීමට. විදුලි පංකා,විදුලි පහන් ආදිය හවුලේ පාවිච්චි කිරීම අනුමත කරයි වැසිකිළිය සමග වෙන වෙනම.

    ReplyDelete
    Replies
    1. හිනා යන පිළිතුරක් !

      Delete
    2. මෙම මෝඩ පිළිතුර දුන් ඔබ තුමාට : මෙම වීදුරුව බඩු තබන රක්කයක් නොවන බව එහි එක වරක් හෝ ගොස් ඇති කාට නමුත් වැටහෙනු ඇත. ගොස් බලන්න

      Delete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->