Thursday, November 28, 2019

[362] උඩ සිට පහලට

Top to Bottom Stratrgy aka Leader Setting the first Example
.
ජනපති තුමා මෙතෙක් ආ ගමන් මගේ අපට සපථ වූ ප්‍රබලම කාරණය නම් , එතුමා ස්වයං නායකත්වයක් සහ කලමනාකරණයක් තුල අභියෝග ජය ගනිමින් , තම අරමුණ කරා යා හැකි , ශක්තිමත් පෞරැෂයක් බවයි.
පත්ව තිබෙන ගරැ කටයුතු දේශපාලනඥයන් පහලොස් දෙනා පිලිබඳවද අප දන්නා විවිධ කාරණා බොහෝ ඇතත් , එක් ඇත්තක් නම් "නිසි ප්‍රබල , දැඩි නායකත්වයක් යටතේ නම්" ඉතා ඉහලින් තම දායකත්වය දැක්විය හැකි පිරිසක් ලෙසයි.
ජනපතිතුමා තමාවම හොඳ උදාහරණයක් (set an example) බවට පත් කරමින් ගත් පූර්ව ක්‍රියාමාර්ග අනුව නායකයාගේ මග ගැනීමට තම පරිවාර මණ්ඩලයටද, එකී පරිවා ර මණ්ඩලයේ පරිවාර සේනාවන්ටද , ක්‍රම ක්‍රමයෙන් අපටද සිදුවනු ඇත. (Top to bottom strategy)
මෙතෙක් සිදු නොවී තිබූ දැන් සිදුවෙමින් පවතින එම වෙනස නම්, මේ රට අපේක්ෂා කල වෙනසයි. එනිසා ජනපති තුමන්ගේ strategy එක ඉතාමත් දැඩි සහ නිවැරදි බව අපි තවදුරටත් දැඩිව විස්වාස කරමු. රටේ නායකයා හෝ පරිවාර සෙනගෙහි කිසිදු මානසික පරිවර්තනයක් නොවී , 'ඉස්සෙල්ලා අනුන් හදමු' හෙවත් 'පොඩි මිනිස්සු ඉස්සෙල්ලා හැදියල්ලා, එතකොට රට හැදෙයි ' හෙවත් මහජනතාවට පමණක් වෙනස් වන්නට අණ දුන් මෝඩ නායකත්වයන්ගේ දශක ගණනක සාපයෙන් රට නිදහස් වී ඇත.
මේ දින කිහිපය තුල ලොකු strategy change එකක් අපි දකිමු.එනම් , නායකයෝ ලෙස 'පලමුව අපි හැදෙමු, අනතුරැව රට හදමු' යන තැනට චින්තයක් ඇති නායකයෙකුගේ නිසි ක්‍රියාමාර්ග අපි දකිමින් සිටිමු. ඒවා ඇතැමුන්ට චූල හාස්‍යයද ඇතැමුන්ට මහා හාස්‍යයද උත්පාදනය කරන්නට ඇත. නමුත් කුඩා දේවල් වල ඇති හරය මහා දේවලට අලගු කබන්නටද නොහෙැකි යයි මම දැඩි ව විස්වාස කරමි.
ඔබ ,හා , මම හෙවත් සාමාන්‍ය පුරවැසියනි. අපටද වෙනස් වන්නට කාලයයි.
මෙතෙක් කල් , 'උන්ට හොද නම් අප වැරදි කලාම මොකද' මානසිකත්වයෙන් , කලකිරීමෙන් සිටි බහුතර සාමාන්‍ය පුරවැසියන්ටද සිය මානසික චින්තන විප්ලවයට මාර්ගය පැහැදිලිව විවරව තිබේ. ජනපතිතුමනි, ඔබ තුමන්ගේ මේ strategy එක අප බලා සිටි වෙනසයි. ! දැන් රට හැදෙන බව විස්වාසයි මෙය දිගටම පැවතුනොත්...
චිරං ජයතු !


1 comment:

  1. ඔබ රු වෙනුවට රැ යන්න භාවිතා කරනවා. නිවැරදි කරන්න.

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->