Sunday, March 23, 2014

[306] යාත්‍රා කළ වැලි කැට

.
 .
වෙරළෙන් ඈත දියඹෙ ගැඹුරට
 තුරුල් වී පෙම් කෙලින මූදට
නැලවි නැලවී එපා වෙන විට
ගාට ගාටා ඇදෙයි වෙරළට ..

පිහිනගන්නට නොදත් වැලිකැට
කැන්දගෙන ගොස් දියඹෙ ඈතට
ක්ෂිතිජ රේඛා පෙන්වු පලියට
මූද රැඳෙවිද උන්ගෙ තනියට ?

මෙතෙක් ගතවූ කල්ප කාලෙට
මූදු දෙව්ලොව දොරටු හරිනට
යාත්‍රා කළ වෙරළෙ වැලි කැට
නතර වූයේ බඹ ගණන් යට ...




9 comments:

  1. මට හිතෙන්නේ ඔබ මීට වඩා මේ කවි ටික සුමට කරන්න තිබුනා කියලයි. අගේ ඇති සිතුවිල්ලක්.

    ReplyDelete
  2. ලස්සන කවි සිතුවිල්ලක් !

    ReplyDelete
  3. ඇයි වදේ මං දාපු එක මකලා.. හරි... හරි..

    ReplyDelete
  4. සංසාර ගමනට ඔන්න මාත් අද ඉඳල එකතුවෙනවා...

    ReplyDelete
  5. දැන් නම් මුහුද තනියට ළඟ රැඳෙන කාලේ :D

    ReplyDelete
  6. @දේශක යා
    .
    බොහොමත්ම ස්තූතියි :) ඔවු ටිකක් හදිසියෙ ලිව්වේ

    ReplyDelete
  7. @Manosh Sandaruwan
    .
    .
    samavenna parakku unata reply karanna. \Welcome kivva :)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->