Thursday, March 20, 2014

[305] ජීවිතේ රඟහලක්



 ආලය ... 

පෙති ඇහැරී නොමැති වුව , 
පිපී අවසන් මලක , 
නටු අගෙහි එල්ලී ගත් 
දාහයෙන් ශේෂ පිණි බිඳුවකි.. 

අතීතය ... 

 හීනි සුලඟටත් සසැලෙන 
දුබල පෙති ගිලිහුනෝතින් 
විදාරණය වන නිරුවත 
වියැලි හද රේණු අහුරකි.. 

වසන්තය .. 

එන වසන්තයටත් බඹරු විත් 
යන තුරුත් , හිස ගසා සැඟවගත් 
පොහොට්ටුවක අකල් නිද්‍රාව 
ජීවිතයෙන් ඉපැදුනු මරණයකි ...


 2014 - 3 - 20

4 comments:

  1. ආලය වනාහි අතීතායෙන් පැමිණි වසන්තයකි...

    ReplyDelete
  2. බඹරු ඇවිත් කියලා ෆිල්ම් එකක් තියෙනවා ඒක බලන්න ඕනි.. කියල ිහතුනා මේ කවි පද දැක්කාම.

    ReplyDelete
  3. I like the description about the past.. except the last line....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->