Wednesday, February 27, 2013

[---] අපිට පිස්සු OOOOOOOOOOයි !



දිලා.... ජීවිතේ හැම වෙලාවෙම චෙස් ගේම් එකක් ප්ලේ කරනවා වගේ හිතන්න එපා... 
-දෙබසක්-



 ද දවස විශේෂයි.... 
පි රිසිදුවට ලස්සනට ඇජෙන්ඩා එකකට තිබ්බ සංසාරේ
  ක්කෙටම අද වෙනස් වෙනව...

පි රිත් මණ්ඩපයක් වගේ රිද්මෙකට
ස් වර ඇමිණුන සංසාරෙට 
සු පුරුදු නිහඬබව බිඳින්නට හිතුනා මට !

 නේ උන වෙනස කලේ මම මෙහෙම ... 
යි  යනෙන් වචන නැති නිසා නිකම්ම කියන්නම් 

අපිට පිස්සු OOOOOOOOOOයි ! 



ඇජෙන්ඩා වලට මොනවද උනේ?  ඇත්තටම මොනවද කලේ... ජීවිතේ හැම දෙයක්ම අහම්බයක්.. එක අතකින් බැලුවම... 
- තව දෙබසක්-

පුංචි කාලෙ අපි රූලක් ගැහුවෙත් නූලට. වතුර බිව්වෙත් සීරුවට. ඇවිද්දෙත් එක විදියකට. කොටින්ම හුස්ම ගත්තෙත් එක ස්ට්‍රක්චර් එකකට. ඒකෙ අස්සෙම අවුරුදු දශක ගානක් හිර වෙලා ඉන්නකොට අපි ස්ට්‍රක්චර් එකෙම කොටහක් වෙන එක වලක්වන්න බැහැ. ස්ට්‍රක්චර් එක අපේ කොටහකුත් වෙලා... 

පොඩ්ඩ එහා මෙහා වෙද්දි ස්ට්‍රැටජිය මෙවුවා වෙන නිසා , විනාඩියක් දෙකක් පරක්කු වෙද්දි , හිතුව ප්ලැන් වලට වැඩේ සිද්ද නොවෙද්දි , වලිගෙ පාග ගන්න ගතිය වෙනස් උනේ අහම්බයෙන් අර උඩහින් ඇහුන දෙබස නිසා... 


දිලා.... ජීවිතේ හැම වෙලාවෙම චෙස් ගේම් එකක් ප්ලේ කරනවා වගේ හිතන්න එපා... 

චෙස් ලැල්ලෙන් මිදිලා අහස බලන්න . හිනාවෙන්න , හැමෝටම උවමනා විදියෙන් ඈත් වෙලා ජීවිතේ ඇතුලේ නිදහසේ සුවය විඳින්න , ඒ පොඩි දෙබස ප්‍රමාණවත් වුනා... 

පිස්සුවට ආදරේ කරන්න, පිස්සුවට හිනා වෙන්න, පිස්සොත් එක්ක කදේ දාගෙන තවත් එක පිස්සෙක් වෙන්න , පිස්සන්ගෙන් අඩුවක් නැති ලෝකේ මොකට බය වෙනවද? සාන්ත දාන්ත සුවිනීත සුලුතරය අස්සට පැනගන්න මොන බම්බුවකට දඟලනවද? ඒ ගොඩට පැනලා කිසිම රසයක් අත්දැකීමක් නැති ජීවිතේ , සීනි නැති තේ කහට එකක් වගෙ තොල ගානවද? පොඩියක් සීනියි දෙහියි ඕනෙම නම් ලුනු බින්දුවකුයිත් දාගෙන රස බලනවද? 

ආයෙ දෙකක් නැහැ. මේන්න චන්දෙ දෙවන එකට !

අපිට පිස්සු ! පොඩ්ඩක් නෙවෙයි හොඳටම! 

15 comments:

  1. හ්ම්ම්..ඔව්! :))

    ReplyDelete
  2. "තවත් එක පිස්සෙක් වෙන්න..."

    ආයේ අලුතින්???? ;-)

    ReplyDelete
  3. වැඩේ නැගලම යනවා

    ReplyDelete
  4. මට නං කියන්න දේවල් ගොඩක් තියනවා... වැඩ්ඩක්ක් න්නෑ එක්කෝ.... පිස්සන්ට මොකටද තව පිස්සෙක් කියන කතා...

    ReplyDelete
  5. 'දන්නෝ දනිති මුල අකුරේ කතන්දරේ'

    මෙයාගේ පිස්සුවත් එක විදිහක්. අර දෙබස් දෙකෙන් හිතන්න ගොඩක් දේවල් මතක් කරනවා.

    ReplyDelete
  6. අනේ අපිටත් පිස්සු හැදෙයි වගේ...නෑ..නෑ...පිස්සු වැඩිවෙයි වගේ...මොකද්ද මේ පිස්සු කථාවෙ තේරුම.ඇහ්...

    ReplyDelete
  7. ලොකෙට පිස්සු ඕයි...නැත්තම් ඇයි හත්ඉලව්වේ චෙස් ලෑලක ජීවත්වෙන්නේ ඕයි....

    ReplyDelete
  8. ජීවිතේ කියන්නෙ චෙස් ගේම් එකක් නෙවෙයි තමයි බං ඒක ඇත්ත.

    ජීවිතේ කියන්නෙ යකෝ දාං අතක්...දාං අතක්..චෙස් වලදි සොල්දාදුවන් ඇරෙන්න අනික් ඉත්තන්ට ආපහු පහු බහින්න පුළුවන්. ඒ කරල ගේම් ස්ට්‍රැටජි එක මාරු කරල ආයෙම ගේමට එන්ටර් වෙන්න පුළුවන්. ඒ බුරුල ඒ චාන්ස් එක දාං වල නෑ. පස්සට යන්ට බෑ. කාගෙන ඉස්සරහටම තමයි. මරාගෙන මැරිල හරි ඉස්සරහටම තමයි. ඉදිරියටම යව් හෙලයිනි ඉදිරියටම යව්...

    දාං වල අනික් සීන් එක වෙලාවට අනික් පැත්තෙ ඉත්තා කපා ගත්තෙ නැත්තං සමාවක් නෑ බ්ලාස්..ජීවිතෙත් එහෙමයි බොල. වැඩිහරියක් වෙන්නෙ හීනෙකිංවත් නොහිතපු විදිහට බ්ලාස් යන එක.

    පිස්සුව ගැන කියනවනං බං පොඩි, ලාවට වගෙ පිස්සුවක් තියෙන්ටත් ඕනමයි ජීවිතේට..නැත්තං වෙන්නෙ ජීවිතේ එකතැන පල්වෙන ගතියක් (Stagnation ) එහෙම නැත්තං නිකම් මහ ඒකාකාරී ගතියක් ( Monotonous )වගෙ දැනෙන්ට ගන්නව.

    පිස්සු නැත්තං ෂෝක් ළමය...ඔය අපෙ උන්දැ මා එක්ක කියපු කතාවක්....හෙහ්, හෙහ්,

    ReplyDelete
  9. පිස්සුව නොමැති නම් අප බ්ලොග් ලියාවිද?

    (තනි පදයේ පිස්සු කවියකි)

    ReplyDelete
  10. මට පිස්සු කියලා උඹ දන්න තරමටම මමත් උඹට පිස්සු කියලා දන්නවා ඕයි!!! නැත්තම් මං මේක කියවයිද ඕයි.. මමත් එකක් ලියයිද ඕයි!!

    ReplyDelete
  11. අපිට පිස්සු

    ReplyDelete
  12. අපිට පිස්සු

    ReplyDelete
  13. හැම තැනම පිස්සෝ... දැන්නම් අපිටත් පිස්සු.....

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->