Friday, March 08, 2013
[287] එ'පුර ඉවුරේ හිඳ ... !
එක්තරා කාලයක මම සිහිනයක් දකිමින් සිටියෙමි. එය සිහිනලන්තයක් හෝ සිනහාලන්තයක් යයි කීම වරදක් නැති...
එක්තරා සවසක... බොහෝ නිහඬ හවසක.... කිසිදු සද්දයක් නැතිව ලතාවට පැද්දෙන දිය රැළි .... නගර ආලෝකයෙන් ඒකාලෝක වුනු දිය මතුපිටෙහි ඇඳෙන උස් ගොඩනැගිලි ප්‍රතිබිම්බ... බොහෝ නුවරුන් සිය දිවා දාහයෙන් සහ කලබලයෙන් පීඩා විඳි සිතත් ගතත් සනහා ගනු වස් රොක් වන නගර මධ්‍යයේ තැනුනු උයනක්.. නිහඬ... නිසංසල... සුන්දර... .
මම තව තවත් ඒ සිහිනයෙහි ගිලෙමින් සිටියෙමි... පෙම් උයනක් ... හෝ ළමා උයනක් යනාදී වශයෙන් ලේබල් නොගැසූ , වයස් භේදයකින් තොරව ,සියලු දෙනාගේම නෙතට එකම අඳුනක් වන පොදු නගර උයනක්... නගරයක දහවලට අහිමි නිස්කාන්සුව උපයා ගනුවස් එක් සතයකුදු ගසා කැමෙන් තොරව ටිකට්‍ටුවකුදු මිලට ගැනුමෙන් තොරව ඕනෑම කෙනෙකුට නිදහසේ කල් ගෙවිය හැකි විවෘත එලිමහනක්... රෑ මැදියමෙහි සිට උදෑසන වනතුරු පවා උදෑසන සිට දින ගෙවෙන තුරු පවා සියොතුන් සමනලුන් මෙන්ම නිදැල්ලේ පරිසරයෙහි අරුමයෙහි ඇලී ගැලී සිටිය හැකි සොඳුරු බිම් කඩක්..
ගස් අස්සේ අඳුරු මුලු ගානේ සිප වැලඳ ගන්නා , එතෙකින්ද එහා ගොස් , රති කෙලියෙහි යෙදෙන පෙම්වතුන් නැති. එබඳු පෙම්වතුන් ඇත්දැයි මුහුණෙන් මුහුණට පඳුරෙන් පඳුරට ටෝච් ගසා විමසන කාකි මහතුන්ද නැති. . ඒ වෙනුවට, රැකියාවෙන් නිදහස් වී රැකියා ඇඳුමින්ම එහි හිඳ ආදරයෙන් වෙලෙන , සවස ගත කරන , සිනහ වන පෙම්වතුන් ඇති. සිදාදියෙහි තාපය කෙ ඳුදැයි කියන්නාක් මෙන් ඔවුන්ගේ මුහුණු දහඩියෙන් පීඩිතව එහෙන් සතුටෙන් දිලිසෙයි.
එහි එන ළමා ලපටින් , මාපියන් අතේ එල්ලී නිසංසලේ ඇවිදයනු විනා , සතුටෙන් සිනහ වනු විනා,යටිගිරියෙන් බෑගිරි නොතලති. කුඩා වුන් සරුවපිත්තල තොරොම්බල් වලින් හෝ නලා නදින් අවුස්සමින් , දෙමාපියන්ගේ පසුපසින් විත් කන්න්කෙඳිරි ගාන වෙලෙන්දන් එහි නැති...ඒ තරම් ගහකොලක් නිලක් නැතත් , තිබෙන සිසිලසට කුඩා වුන් පවා ප්‍රියය.
එහි අඳුරු සෙවණැලි මත්තෙහි හොරෙන් බෝතලයක් ඔතාගෙනවුත් ගිල දැමීමට ඉඩක් සොයන අයවලුන් නැති. කටගැස්මකුත් සමග මත් වතුර එක උගුරට කටට හලා ගෙන වැනි වැනී යන ටිපිකල් බෙබේලා නොගැවසෙති.
හැන්දෑවට ගලන රතු පාට අන්ධකාරය පසුබිමෙහි , දිගු රැවුලක් වවා ගත් කඩවසම් කොලු ගැටයෙකු ගිටාරයකට පණ පොවමින් රෙගේ ගීත සිය බුහුටි කටහඬින් අවදි කරයි... ඊට කැමති මිනිසුන් අතලොස්සක් ආශාවෙන් ඔහු වටා රොක්ව දැහැනකට සමවැදී හිටගත්වනම ! ඔහු ඉදිරියෙහි තොප්පියක් වෙයි. තොප්පියකට මුදලක් දමා මුදකින් මිනිය නොහැකි ඔහුගේ සොඳුරු කටහඬට වශීවී කිහිප දෙනෙකු ඒ සොඳුරු වෑයම අගයති...
එහෙවු නගර උයනක් මම සිහිනෙන් දකිමින් සිටියෙමි. එහෙත් දෑස් යලිත් පිසදා බලන කල්හි එය සැබැවක් බව වැටහුනි... මගේ සිහිනලන්තය ඉදිවී තිබෙයි. නාගරික සීමිත ඉඩෙක , අසීමිතව සොඳුරු වූද , නොකිලිටි මෙන්ම විවෘත වූද බිම් කඩෙක කෘතිම උද්‍යානයක් තැනී තිබෙයි.. , වයස් භේදයකින් තොරව, බොහෝ මිනිසුන් විඩා නිවනු වස්, ආදරය නිවි සැනසිල්ල බෙදාහදා ගනුවස් තම තමන්ගේ ජීවිතයෙහි ඇසිල්ලක් වෙන්කොට ඇති අයුරූ ප්‍රීතියෙන් ස්පර්ෂ කළෙමි.
සොබාදහම යනු නිල් පැහැ කඳු පෙලින් සුසැදී , මලින් බර වීගත් තුරු ගොමුවෙන් පිරි හරිත උයනක්මයැයි කිව නොහේ. සොබදහම නම් , ගස් ගල් මල් මෙන්ම , ගෙන්දගම් පොලවත් ය. කෘත්‍රිම ගඩොල්ද , ඇස්බැස්ටස් වහලයද සොබදහමමත්ය. එහිම හිඳ හරිත කඳුවැටියක් සිහිනෙන් දකිනවාට වඩා , නිරුත්සාහී අවට ලෝකයෙහි තැනී ඇති දැයට පෙම්බැඳීම ප්‍රායෝගික යැයි මට සිතෙයි.
අප යන හරිත චාරිකාවක් නැතිය. ජීවිතය හැප්පෙන්නේ ගෙන්දගම් පොලවෙහි තාපයෙන් දැවීගත් දවසක තරඟයෙහිය. ඒ තරගයෙන් මිදී , තිබෙන නාගරික සුන්දරත්වය තුලින් හෝ කෙටි මොහොතකට නිස්කාන්සුවක් ලැබීමට සිතෙන්නේ කීයෙන් කී දෙනාටද? ජීවිතය අත්විඳින්නට ආදරවන්තයෙකු සිටිය යුතුම නොවේ. ආදරය අත්විඳින්නට පොතෙහි එන සොබාදහමම තිබිය යුතු නොවේ.
2013-3-6 : දියවන්නාවේ සොඳුරු නාගරික උයනෙහි මඳක් නතරව ලිවීමි..
.
.
පසුව ලියමි......
මට දුකක් ඇති වෙයි.. පෙර මෙනුවර විසූ , දුප්පත් කිලිටි මිනිසුන් , කිඹුලන්ද නොතකා, කලු ගැහුණු වතුරද නොතකා ලාවට හෝ නා-කියා ගත්තේ මේ දියවන්නා ඉවුරේය. නාගරික දැවෙන හදවත් නිස්කලන්කේ ජොගින් යද්දී , අනේ,,, උන්ට නාන්න තිබ්බ තැනත් නැති වූ හැටි...
'අපෝ නැහැ. අර තියෙන්නෙ ලස්සනට පඩි පේලිය හදලා. ඒ අහිංසක මිනිස්සුන් නාපු තැන නැති නොකරපු එක නම් ලොකු දෙයක්... ..'
මා තරම්ම ලෝකයටම ආදරේ කරන, දුප්පතුන් පවා සෙනෙහසින් වැලඳ ගන්නා හඬක් මට ඇසෙයි...
මේ ගැනයි මේ ලිපිය..
ජීවිතේ ගැන කියපු කතා,
සංචාරේ
Subscribe to:
Post Comments (Atom)
ලේසියෙන් පිටු පනින්න
<--http://www.bloggertricksandtoolz.com/ -->
අපි ඔත"නින්" ගිහින් තියෙනවා ඔත"නට" ගිහින් නෑ. ඔතන ඒ වගේද?
ReplyDeleteජොගිං ට්‍රැක් වල්ට මම නම් ෆුල් සපෝට්. මමත් ජොගරයෙක්මි. :)
//අප යන හරිත චාරිකාවක් නැතිය. ජීවිතය හැප්පෙන්නේ ගෙන්දගම් පොලවෙහි තාපයෙන් දැවීගත් දවසක තරඟයෙහිය. ඒ තරගයෙන් මිදී , තිබෙන නාගරික සුන්දරත්වය තුලින් හෝ කෙටි මොහොතකට නිස්කාන්සුවක් ලැබීමට සිතෙන්නේ කීයෙන් කී දෙනාටද? ජීවිතය අත්විඳින්නට ආදරවන්තයෙකු සිටිය යුතුම නොවේ. ආදරය අත්විඳින්නට පොතෙහි එන සොබාදහමම තිබිය යුතු නොවේ. //
ReplyDeleteඇත්තටම.. එකඟවෙමි..!
ඇත්තටම කිව්වොත් අක්කේ...කොළොම්තොට කරපු හොඳ වැඩ වලින් එකක් තමා ඕක....කොන්ක්‍රීට් වනන්තරෙන් ටිකක් හරි මිදෙන්න පුළුවන් තැනකට තියෙන්නේ ඔතන විතරයි.... :)
ReplyDeleteඉතාම ලක්ෂණ තැනකි...කොළඹ සිට ගමට විනාඩි පහෙන් යා හැකි අයුරකි මට පේන්නේ..දුඹුරු පාර අවට කෙත්වතු සතුන් මා හට මතක් කර දෙන්නේ අතීත යේ මා විදි ගම්බද පරිසරය වෙයි...
ReplyDeleteමෙවන් දෙයක් වත් හොදයි කියන්න තරම් අපි ආන්ඩුව කෙරෙහි කුහක විය යුතු නැති බව මගේ අවංක අදහසයි...
හ්ම්ම්... යලුත් වරක් මේ බිමට පිය නගන විට වෙනදා නොදුටු ලස්සනක් එහි දකින්නට ඔබේ ලියමන හේතුවක් වන බව දනිමි .. :)
ReplyDelete/ ගස් අස්සේ අඳුරු මුලු ගානේ සිප වැලඳ ගන්නා , එතෙකින්ද එහා ගොස් , රති කෙලියෙහි යෙදෙන පෙම්වතුන් නැති /
ReplyDelete/ එහි අඳුරු සෙවණැලි මත්තෙහි හොරෙන් බෝතලයක් ඔතාගෙනවුත් ගිල දැමීමට ඉඩක් සොයන අයවලුන් නැති. /
රයිට් මුලිම්ම කියාපං..පොදු මහජනයාට විවෘත වූ උද්‍යානයකට එන අයට මෙහෙම තහංචි දාන්ට මොකක්ද උඹට තියෙන අයිතිය?...සික්..අන්තිම කැතයි, අසෝබනයි, නින්දිතයි, මම හිතුවෙ නෑ උඹ මෙහෙම පටු අදහස් තියෙන ලලනාවක්ය කියල...
එතකොට රති කෙළි ලෝලීහු, එසේම මද්‍යපාන ලෝලීහු එහෙම යන්නෙ කොහාටද?..කියාපං ඒකත්...
මේන්න බලාපං මෙහෙම ලිව්ව නම් කෙතරම් අපූරුද කෙතරම් අපූරුද? හෙහ්, හෙහ්,
නෑඹුල් කුසුමක් හෝ දෙකක් විලසිත වන්නට වෙර දරන පඳුරින් ගැවසි අඳුරු බිම් කඩෙහි නිලඹර වසාගත් වනස්පතියක් සෙවණෙහි වූ කොන්කිරිට් බංකුවක තරුණ යුවලකි. ඔවුන් පෙම්වතුන් බව බැලූ බැල්මට වටහා ගත හැක.තරුණයාගේ දසරුව මත රැඳි ඇගේ මුව වෙත සෙමෙන් පහත්වන ඔහු ඒ රත් දෙතොල් සෙමින් සිපගනියි. ඔහුගේ පහසින් සියොලඟ රෝමෝද්ගමනය වන ඇය තවත් තදින් ඔහු වැළඳ ඔහුට තුරුළු වන්නීය.
අසලින් ගමන් ගන්නා සිව්වස් වියැති පමණ දරුවකු තම මව බණවා මෙසේ අසයි,
" අම්මී, අතන අර අයියයි අක්කියි බංකුව උඩ මොකද ඒ කරන්නෙ? "
දරුවන්ගේ ප්‍රශ්න අසනුයේ කුතුහලය නිසාමය. එබවින් ඔවුනගේ ඒ කුතුහලය සමනය කිරීම මව් පියන්ගේ පරම යුතුකමෙකි. මේ මවද ඒ බව මනා ලෙස දන්නීය.
" එන්නකො අපි ඒ දෙන්නගෙන්ම අහමු. "
ඇය දරුවාද කැටුව තරුණ යුවල ඉදිරියට යයි.
" මේ එක්ස්කියුස් මී. මේ මගෙ පුතාට ඕනලු ඔයාල මොකද කරන්නෙ කියල දැන ගන්ට. කරුනාකරල එයාට පොඩ්ඩක් ඒ ගැන පැහැදිලි කරනවද? "
තරුණයාගෙන් මිදුනු තරුණිය බංකුවේ පසෙකට වී දරුවා දෙස බලා සිනා සෙන්නීය.
" හරි එන්නකො පුතා, මෙතන ඉඳගන්නකො. අපි මේ කර කර හිටියේ............."
දරුවන්ට ජීවිතය පිළිබඳ පළමෝත ( First Hand ) අත්දැකීම් රැසක් නොමිළයේ ලබා ගැනීමේ මහඟු අවස්ථාවකට ඉඩ අහුරාලීමක් නොවේද දිල් ඔබ මහත් අභිරුචියෙන් වර්ණනා කරනා මේ උයනෙහි වන්නේ?
තවත් තැනෙක මල් ගොමුවෙන් වට වූ තණ බිස්සක මැදින් තබාගත් බෝතලයක් වටවී හිඳ සුමධුර පානයෙහි යෙදෙමින් පහත් හඬින් ගීත ගයනා මැදිවියේ පුරුෂයින් සිව් දෙනෙකි. ඊට මඳක් ඈතින් තම කුඩා දියණිය සමඟ සැඳෑ සිරි විඳිමින් සක්මන් කරනා තරුණ මවකි.
" අම්මේ, මගෙ බඩ රිදෙනව වගෙ අම්මෙ, " දැරිය කෙඳුරුම් හඳින් පවසන්නීය.
දැරිය කෙඳුරුම් හඬින් පවසන්නීය.
" අනේ දුවේ මේ කිට්ටුව නෑනෙ ඩොක්ටර් කෙනෙක් වත් ඉන්න බලන්න "
ඇය කැළඹුනු දෙනෙතින් වටපිට බලන්නීය.මොහොතකින් ඇගේ දෙනෙත් සතුටින් දිළිසෙයි.
" ආ එන්නකො දූ…"
ඇය දියණියද කැටුව සුමධුර පානයෙහි යෙදෙන්නන් වෙත ලඟා වන්නීය.
" අනේ මේ ප්ලීස් එක්ස්කියුස් මී, මේ මහෙ දුවට පොඩි බඩේ අමාරුවක්...ඔව්ව හොඳයි නේද බඩේ අමාරුවලට..චුට්ටක් දෙන්න පුළුවන්ද තරහ නැතුව. "
" අනේ කිසිම ප්‍රශ්නයක් නෑ මැඩම්, ඕක මොකක්ද? ඉන්නකො පොඩ්ඩක් "
එකෙක් නැඟිට ඒ අසලමවූ වතුර කරාමයෙන් සෝදාගත් කුඩා වීදුරුවකට සුමදුර පානය ස්වල්පයක් පුරවයි.
" බීල දාන්න දුව, ඇස් දෙක පියාගෙන එක උගුරට, සියලු රෝගාබාධ දුරු වේවා කියල හිතාගෙන…"
දැරිය එක හුස්මට ඒ පානය කරයි. මඳකින් ඇගේ නෙත් සතුටින් දිලිසෙන්නීය,
" අම්මේ, මගේ බඩේ අමාරුව හොඳ උනා..තෑන්ක්යූ අන්කල්ලා ඔක්කෝටම. "
ඔවුනට මුව නොසෑහෙන සේ ස්තූති කරන මව සහ දියණිය මහත් සතුටින් සිනහ සෙමින් තණ පිටිය පසුකොට ඈතට ගමන් කරති.
දරුවනට වැළඳෙන මෙවන් සුළු අසනීප එසැණින් සුව කොට ගැන්මේ මහඟු අවස්ථාවක් අහිමි කිරීමක් නොවේද දිල් ඔබ මහත් අභිරුචියෙන් වර්ණනා කරනා මේ උයනෙහි වන්නේ?
************************************************
හරිම ලස්සනට ලියල තියනව බං..කියල වැඩක් නෑ...උඹට යන්ට තියෙන්නෙ, ඔය කොල්ලො කෙල්ලන්ට තඩි බාල දෙකයි පනහක් හොයාගන්න වෙලාවෙ රූපවාහිනියට හරි අයි. ටී. එන්. එකට හරි පිටපත් රචිකාවියක් විදිහට. එව්වයෙ ඔය පිටපත් කියල කියවන තුට්ටු දෙකේ හෑලි වලට වඩා මේක දාහක් හොඳයි.මොකද කියන්නෙ?..මයෙ යාලුවෙක්ගෙ පුංචි අම්මගෙ දෙවෙනි කසාදෙ මනුස්සයගෙ බාප්පගෙ පුතාගෙ අල්ලපු ගෙදර කොලුව වැඩ කරනව රූපවාහිනියෙ ඩැයිවර් කෙනෙක් විදිහටද කොහෙද?...ඔන්නම් උඹ ගැන මම කියල බලන්නම්..හෙහ්, හෙහ්,
මොහොතකට තම මනස නිවාගන්න නිසල දියකඳ දෙස බලා මොහොතකට තනිවෙන්න කියාපු තැන. ලෝකෙ කොච්චර ලස්සන තැන් දැක්කත් අපේ මේ සුන්දර පරිසරය වගේ නෑ. ඒවා ආරක්ෂාකර ගන්න වෙවැනි දේ කලාම එය අගය කරන්න ඕනෙ අපි. ලස්සන සටහනක් මල්.
ReplyDelete@Dude
ReplyDelete@නන්ඳු
ReplyDelete.
ජීවිතය විඳිය හැක්කේ ජීවිතයට ආදරය කරන්නවෞන්ටම පමනකි.
@මකුළුවා.....
ReplyDelete.
කියල වැඩක් නෑ.... කොලඹට තිබ්බ ලොකුම අඩුවක් සම්පූර්ණ උනා කියලයි හිතෙන්නේ.......
@amila chathuranga
ReplyDelete.
අමිලයො කොහෙද කෙත් වතු තිබ්බෙ??? හෑ? සත්තු ??? :)
මොනව උනත් කොයි රජා කලත් මේක හොඳ වැඩක්... ඇත්තමයි......
@❀ ⓁⓤⓒⓚⓎ ⓇⓞⓢⒺ ❀
ReplyDelete.
එය එසේ වන්නේ නම් එය මට මහත්ම සන්‍තෝසයකි. .... ලිවීමේ ඵලය මට ලැබුනා වෙයි එවිට.....
@Ravi
ReplyDelete.
හිහ් හිහ් හිහ් හීඉ...
රවි ලොක්කා මට දාලා තියන කොචෝක් එක ලේසි නෑ හෑ....
එනුකෝ ලන්කාවට !!!!!!!!!!!!!!!!!
ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්
අම්මපා .... ....
ලියල තියන කෝචෝක් එකෙ දිග ඒ මදිවට :)
@Chandi
ReplyDelete.
ස්තූතියි යාලුවේ....
ඔයා හැමදාමත් ඇවිත් යනවා නෙව :)
ඇත්තමයි කොලබ දියවන්නාව පැත්තෙ යද්දි පොඩ්ඩක් ගිමන් නිවන්න එතෙන්ට යන්නකො.
මම කීවෙ ඇත්ත බව තේරෙයි....:)