Tuesday, December 25, 2012

[279] නිදි නැති රාත්‍රීන්







නින්ද නොයාම මල වදයකි. විටෙක හිතෙන්නේ එය ලෙඩක් යයි කියාය. එසේ සිතීමේ අතුරු ඵලය නම් , සිත විසින් බෙහෙත් ඉල්ලීමයි. බෙහෙත් බිව්වොත් එය තවත් ලෙඩකි. එතනින් එහාට බෙහෙතින් මිස නින්ද එන්නේ නැත. ඒ නිස්කාරනේ තිබූ නින්ද නැති කරගන්නා මගකි.

සිත නොසන්සුන් වූ විට දෙකට දෙවාරනේ නොහිතූ විටෙක නින්ද ලඟා වීමත්, සිත සන්සුන් වූවිට නින්ද පලායාමත් එක්තරා අයුරකින් විද්‍යාවට පටහැණිය. මාසම්බන්ධයෙන් ගත් කල ප්‍රායෝගිකය.

නින්ද නේන රාත්‍රීන්හි , නින්ද ගෙන්වා ගැනීමට ඇඳ ඉහත්තාවේ තිබෙන පොත් ගොන්න උදක්ම හේතු වෙයි. කියවා පුරුදු සහ හිතගත් පොතක රසවත් හෝ ඇල්ම කල පි‍ටුවක් යලි කියෙව්වහොත් දෑස් වෙහෙසීමෙන්දෝ නින්ද එයි.

පසුගිය වසරෙහි නින්ද අහිමි වන්නට තවත් කාරණාවක් සොයාගතිමි. සැබවින්ම , අප නිදන්නේ එක්තරා බලාපොරොත්තුවකිනි. ඒ නම් පසුදින අවදි වීමය. මාස 6ක ‍රැකියා විරාමයේදී අන්තිම කාලයේදී නින්ද ලඟා වූයේ පාන්දර 5.30ට පමණය. ඊට හේතුව පසුව සූයා ගතිමි. නැගිටින්නට හේතුවක් නැති වීමය. සිත හෙට ගැන ප්‍රාර්ථනාවක් රඳවා ගන්නේ නම් , එයම නින්ද ලං වීමට ප්‍රමාණවත් වෙයි.හෙට අවදි වන්නට හේතුවක් නැතිනම් , නින්ද පමා වෙයි. පමා වූ නින්ද පසු දිනයෙන් දිගු පැය ගණනාවකුත් ඊට හිලව් කරගනියි.

නින්ද නේන රාත්‍රීන් යනු නිශ්ශබ්දතාවයෙන් උල්පන්දම් දෙනු ලදුව , අතීතය උලුප්පා අනාගතය පෙර දැක වර්තමානය එනයින් කපා කොටා බැලීමේ එක්තරා මීටිමකි. එහෙත් කාලාවර්තී සිදුවීම් , අතීතය යලි යලිත් නැවත සිදුවන බව සන් කරද්දී , සිත සන් කරන්නේ අනාගතය ගැන සිතීම පලක් නැති වැඩක් කියාය. එකම ආව්ර්ත තුල අප ජීවිතයේ සිදුවීම් දැනටමත් යම් කර්ම පොතක ග්‍රන්ථාරූඪව තිබේ නම් , සැලසුම් කිරීමේ පලය කිම?

එහෙත් සිතෙහි තවත් කොටසක් සන් කරන්නේ... අනාගතය කෙරෙහි නිසි දැඩි සිතුවිල්ලක් සිතෙහි බල නොපවත්වන කල්හි , අනාගතය කර්ම පොතෙහි ලියා කියා ඇති අයුරෙන්ම සිදු වීමට පරිසරය විසින්ම බල කරන බවකි.

එහෙත් මේ අන්ත දෙකෙන් බොහෝ දුරට දෙවන තේරීමට පෙර වසර වලදී සිත නැමී ගියේය. 2013 යමු එම සිදුවිල්ල කෙරෙහි වෙනසක් කල යුතු කාලය බව , එක් නින්ද නේන රාත්‍රියකදී සිත තීරණය කලේ මේ ඊයේ පෙරේදාය. මෙවර දින 365ක අනාගතය මා විසින් දැඩි තීන්දුවකට යටත් කොට ඇත. තවත් දින 365කින් එහි ගුණ නුගුණ කීමට මෙම ලිපියෙහි දිගුවෙන් 2013 දෙසැම්බර් 25 දා හමුවන්නෙමි.

සැමට , අරමුණු ලැබෙන සහ අරමුණු ලඟා කරගන්නා ඉදිරි වසරක් වේවා... !




8 comments:

  1. අලුත් අවුරුද්දට බලාපොරොත්තු තියාගන වැඩක් නැහැ..ඕව කරගන්න බැරිවුනාම ආයි දුක හිතෙනවා..පොඩි නිකං වෙන්නම ඕනි දේවල් වගේ ඒවා ටාගට් කරගත්තම ලේසියි..නැත්තං ටාගට් වලට පන්නනවා ඇර වෙන අලබෝලයක් කරන්න ලැබෙන් නැහැ...කොරගන්න බැරිවුනත් දුක වැඩියි..
    ඔන්න මගෙ කන්තෝරුවෙ මට ප්‍රොෙමා්ෂන් එක කට උඩ වගේ ලියුමත් ගහන්න කිස්ටු වගේ නං මං ප්‍රොෙමා්සන් එකක් ගනිමි කියලා ලියාගන්න එක හොදයි...එතකොට ඒක අනිවාර්යෙන් ලැබෙනවා නේ..එතකොට හෙන හැපි...

    ReplyDelete
  2. නියම අදහසක්නේ සහෝදරි.... නින්ද ගැන චිත්‍රපටයකුත් තිබුණා sleep නමින්. එයත් විශිෂ්ඨ ගනයේ නිර්මාණයක්.ඉතින් ඔබටත් අරමුණු ඉටුවන නව වසරක් වේවායි පතන්නම්.

    ReplyDelete
  3. ජීවිතේ ගැන මහමෙරක් බලාපොරොත්තු තිබුනත් ඉටු නොවන ඒවා කොතරම් ද? ඒ උනත් සැලීමක් නැතිව මේ හොඳයි කියා ඉන්න එක වටිනවා. මේ පැත්තෙත් ඇවිත් යන්න වෙලාවක. http://piyumvila.blogspot.com/

    ඔබ සහ පවුලේ සියලු දෙනාටම නත්තල් ආසිරි සමඟ වාසනාව සතුට සම්පත පිරි සුබ නව වසරක් වේවා!

    ReplyDelete
  4. ඔව් ඔව් මොනව උනත් බලාපොරොත්තු නම් නැති කරග්නට නාකයි...දින 365හේම පැය ඔක්කොටම සැලසුමක් හදන්නයි මගෙ කල්පනාව...

    ReplyDelete
  5. It is a common experience that a problem difficult at night is resolved in the morning after the committee of sleep has worked on it.
    (John Steinbeck)
    I have experienced this quote practically.
    Any way wishing you a pleasurable new year 2013, with expecting much more meaningful articles & beautiful poems like this :)
    http://sansaare.blogspot.com/2012/04/244.html

    ReplyDelete
  6. නින්ද නේන රාත්‍රියේ...
    මේ පාළු කාංසියේ
    පායා අරුන්දතී අඹරෙ......

    ඔහොම සීන් කෝන් එකක් ද දන් නෑ. හෙහෙහෙ :)

    ReplyDelete
  7. හ්ම්ම්.. නින්ද නේන රාත්‍රින් තරම් සිතට වද දෙන තවත් දෙයක් නැති තරම් .. රෑ අඳුර හතරවට වෙලා ගත්තම හිත උඩට එන්න නොදී පාගගෙන ඉන්න දාහක් මතක හැඟීම් මුලු ජීවිතයම අයිති කරගන්නේ එක තත්පරේට .. ඉබාගතේ යන හිත, හිතල හිතල හිතල හති වැටිලා එයිනුත් නැවතෙන්නේ නැතුව උන දේවල්; අතීතය; ඇනලයිස් කරල කපලා කොටලා විශ්ලේෂනය කරලා අන්තිමේ පුදූම කාලකන්නි මනෝභාවයකට වැටිලා නතරවෙනවා .. කොටින්ම ඇඩෙන්නෙත් නැති තරමට මූසල හුදකලාවක් විතරයි ඉතුරු ...

    මොනවා කොහොම උනත් නින්ද නේන රාත්‍රින් 2013 ජීවිතේ මල්ගේ ජීවිතේට නොයේවායි ප්‍රර්ථනා කරමි

    ReplyDelete
  8. උඹල මහ අවාසනාවන්ත ජාතියක් බොලව්....ගෑණු ජාතිය ජරා ජාතිය...කියල පුරාණ ඉරිසින්නාන්සෙල කියල තියෙන්නෙ කට කහනවට නෙවෙයි නෙව...

    බොලා කොච්චර පව්කාර ද කියනව නං නින්ද නොයන කොට කොට්ටෙ බදාගෙන රටේ නැති විකාර හිත හිත ඉන්නව මිසක අපි වගෙ ක්ෂණික ප්‍රතිකර්මයක් කරගන්ට නෑනෙ වාසනාවක්....

    අපි කොරන්නෙ මොකක්ද දන්නවය?.....100 Mililitres neat, repeat if necessary......... ආය නෑ..නින්ද යන්නෙ යකා ගැහුව වාගේ…

    අඩෝ මේ විහිළුවට එහෙම නෙවෙයි...පළවෙනිද උඹ මාළිගාවට එහෙම යනව නං මල් පූජ කරල ප්‍රාර්තනා කොරපං ලබන ආත්මෙ පිරිමියෙක් වෙලා ඉපදෙන්ඩයි කියල. වෙන මොනව නැත්තහ් හතර ගාතෙ දාල බුදියෙන්ට හරි බැරුවය ගොරව ගොරව...හෙහ්, හෙහ්,

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->