Tuesday, May 29, 2012

[249] ආදරනීය ගැහැණුකම !


ගීයක් සර්ව සම්පූර්ණ වීම උදෙසා පද, තාල , හඬ යන තුන් අතින්ම සරුසාර වීම අත්‍යාවශ්‍ය බව සත්‍යයකි. මීට දශකයක මෙහා කාලයේදී නම් ඊට සොයනු හැකිවූ උදාහරණ අල්පමය. අද ඇසෙන බොහෝ ගීත වලට හිමි දෑ අතර ලොකුම දෑවැද්ද නම් බහුවිධ තාලයන්ය. ඉලෙක්ට්‍රොනික සද්ද අච්චාරුවක් එක මත එක පාත් වෙන වත්මන් ගී අතර  මනසට සුව දෙන , සිත නිවන සුගායනීය හඬක් මතුවන්නේ දැන් එහෙමත් එකකය . 

මගේ සංගීත දැනුම අල්පය. ඒත් මට රහ වැටෙන හැටියට , කසුන් කල්හාරට තිබෙන්නේ විසාල පරාසයක විහිදවිය හැකි නියම හඬකි. මේ මගෙ රසයය. උපේඛා නිර්මාණිගේ හඬ මට ඇසුනු අතිශය ශක්තිමත් ගැහැණු හඬකි. අමිල පෙරේරාද සිය ගැඹුරු හඬ සමගම කාලයේ සැඟව ගොස්ය. නදීක ජයවර්ධනගේද බොහෝ ගීත අතර ඉතාම පොහොසත් හඬ හා තාල මැනවින් ගැබ්ව තිබේ. 

එහෙත් ... මේ හැම ගයන්නාගේම ගීත වල මට දැනුනු ලොකුම අඩුව නම් පොහොසත් පද වැල්ය. එකිනෙකින් වෙනස් , මොනවා හෝ වචන ටිකක් විනා ඒ වචන අස්සේ හොයන්නට නිධානයක් නැත.

'සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා - වලා රොදක සැඟවිලා' ගීය අඳුරු රාත්‍රියක අසා බලන්න. ඔබ පද වැලක හිත හිරිවට්ටන හැඟීම් අත්විඳිනු ඇත. මෙවන් අතිශය ප්‍රබල චිත්ත රූප මවන සුලු පද වැල් ගෙතුනේ ඉස්සරය.  අද සැබවින්ම මේ පද රචකයින්ට වෙලා තියෙන්නේ මොනවාද? 


ගීතයක ඔය කකුල් තුනම රන් රස වගේ ගැලපී යන එකත් මම හිතන්නේ ගීතයේ ලක් එකය. ලකී නැති ගීත වල ඔය කකුල් තුනේ කනප්පුවෙන් එක කකුලක් හෝ අබ්බගාත වී තිබේ.  


මේ තරම් සියුමැලිද කලුගල් - ගීතය බොහෝ දෙනාගේ නොමඳ පැසසුමට ලක් වේ. මගේ වින්දනීය සීමාවේ එහි ඇති පොහොසත් පද වලට ලොකු ලකුනක් වැටුනත්, එහි තාල කන රිදවන සුලු යයි සිතේ. (සංවාදයට විවෘතය) පද වැලෙහි වුව , සුමට ලෙස දැනවිය හැකි බොහෝ ස්ථාන රලු අකුරෙන් හැප්පෙන ගතියක් මට නම් දැනේ. 
මගේ සරල රසවින්දනය තුල තාල අතින් පොහොසත් ගීත අතරින් රොශාන් ප්‍රනන්දු ගයන පහත ගීය ඉහල ස්ථානයක සිටී.  එහෙත් මෙබඳු ලයාන්විත තාලයක් හා හඬක් ඇසුරෙහි මේ ගීතයට පද ලියූ රචකයා කවුරු වුවත් ඔහුට හෝ ඇයට , සරල වචන කිහිපයකින් නොනැවතී මේ ගීතය ආශ්චර්යයක්ම කළ හැකිව තිබිණ. 

මේ ගීතය තුල මා විඳින්නේ තාලයයි. ගායකයාගේ මෘදු ගායනයයි. එහෙත් ටිකක් ලංවී බලන විටදී වචන වලත් යම් අපූරුවක් දැනෙයි.  

දඟකාර එමෙන්ම කවියක් මෙන් ගීතවත් ඇය , ගුප්ත නිහඬ බවකින් ඔහු බිය ගන්වන ඇය, ඔහුගේ ජීවිතය සැණකෙළියක් කරන ඇය-  සුලඟයි. . ඔහුගේ හදවත තුල අකුණු සුලිසුලං මවන්නේ ඇයයි. එමෙන්ම නිහඬ ශාන්ත නින්දට මඳ පවනක්ව ඔහුට පවන් සලන්නේද ඒ සුලඟමයි-ඇයයි. 


සුසිල්වත් සුදු ඇඳුමෙන් සැරසී  දඟ නොකොට ඔහු හා හෙමි හෙමින් මල් පහන් ගෙන බුදු පුදට යන්නේත් ඇයයි. සංකර කොට ගවුමකින් සැරසී සාප්පු ගානේ ඇවිදිමින් ඔහුගේ දවස කා දමමින් රණ්ඩු අල්ලන්නේත් ඇයයි. එක එක දෑ ඉල්ලමින් ඔහුට ඇණයක් වන්නේත් ඇයමයි. 

සුලඟට සීමා මායිම් නැති. කාටවත් හිතෙන්නේ නැති ඇසිල්ලේ සිරෝකෝ කුණාටුවකින් ඔහුටත් ලොවටත් සංග්‍රහ කරන්නට සුලඟ ප්‍රබලය. තවත් වෙලාවක ලොවම නිහඬතාවයෙහි ගිල්වමින් වාතලය උණුසුම් කරමින් සිය සලු පොරවා නිහඬ නින්දට පත් වන්නේත් මේ මඳ සුලඟමයි. 

පතිනියකව කුල ගෙට යන දිනෙක කෝල සිනහවෙන් බැලුම් හෙලන්නේත් , මාපියන්ගෙන් සමුගනිද්දී වැලහින්නක් මෙන් හඬා වැටන්නෙත් ඇයයි. මතු දිනෙක බිම වැටී හඬන තම කිරි දරුවන් සනසමින්, මවු ගුණ විහිදමින් සැනසිලි බස් දොඩන්නේත් දිනෙක මේ කෝල දැරිවියමයි. 

ඔබට කවදාවත් හිතුනාද ? සුලඟේ අරුමය? නැහැ, වැරදුනා ගැහැණියකගේ අරුමය?

සුලඟ වගේ දඟ කරන - එති එතී ලඟ රැඳෙන
ඔයා වගේ හිත නිවන - භාවනාවක් කොහිද?

විටෙක ඇවිත් සිත සිඹින - ආයෙමත් දුර දුවන
හෙමින් හෙමින් කිති කවන - ඔයා මගේ පෙම් කවිය ..

වෙලා ඇවිත් සුලි සුලඟ - පාරවයි සිත සුවඳ
තරහා නෑ මං තවම - හෙටත් ඔයා මගෙ මැණික 

සුලඟට මෙන්ම ඇයටද එක තැනක සිටිය නොහැකිය. එහෙත් ඇගේ අරුමයමත් එයයි. ඔහුගේ හිස කෙසින් අදින , ඔහු හා කිසිම කමකට නැති දේටත් රණ්ඩු වෙන ඒ ගැහැණු කමට උරුම අවගුණයටද ජීවිතය උපැද්දවිය හැකිය. ඔහුගේ හිස සිඹ සනසන , ඔහු සිත සිඹින නිවන සනසන උවැසියත් ඇයයි. 

කාසියක දෙපස මෙන් , ජලය සහ ගින්දර මෙන් , සිනහවත් කඳුලත් එකම උල්පතකින් උපදින අරුම.  රොස මලටත් , පිච්ච මලටත් , බාඳුරා මලටත් විවිධ වූ හැඩ සහ වැඩ මැවිය හැකිය. එහෙත් පොදුවේ ගත් කල උන් හැමට එක ජීව ගුණයක් හිමිය. එය මලක ගුණයයි. නටුවෙන් රැඳී , හිරුගෙන් ජීවිතය ලබමින් , බඹ‍රුන්ගේ ඇල්ම විඳිමින් මල් පිපෙයි , දිලෙයි, පරව යයි.  

ආදරවන්ත උවැසියන් , ආදර ගිණි කිකිලියන් , සෙල්ලක්කාරියන් , අසරණියන් , විහාරමහා දේවියන් , යශෝධරාවන් , කිසා ගෝතමියන්  අතර පොදු එක් ගුණයක් මම හඟිමි. විෂම සමාජයේත් , ඉවරයක් නැති සංසාරයේත් ඔබ ඉදිරියට හමුවන්නේ ගැහැණියක් නම් - ඈ සුලඟකි. ඈට හෙවත් මඳ සුලඟට හා සුලි සුලඟට හිමි එකම ගුණයකි. එයට මම 'ගැහැණියකගේ ජීව ගුණය' යයි නම් දෙමි. ගැහැණියක් වූ මම , එහෙයින්ම මට අසීමිතව ආදරය කරමි. 

ගීය අහනව නම් මෙන්න ... 

40 comments:

  1. එක හුස්මට කියවන් ගියා. මහා ගැඹුරු පෝස්ට් එකක් සරලව ලියල. ඒ ගැන සතුටුයි. සාමාන්‍යයෙන් සංසාරෙ ලියවෙන සමහර ලිපි මෙලෝ දෙයක් තේරෙන්නෑ නෙ. :D

    ReplyDelete
  2. නියමයි..

    මට නම් ගැහැනිය රත්වුන යකඩයක් වගේ කාමුක.. සිසිල් දිය උල්පතක් වගේ ආදරනිය වෙන්න ඕනේ..

    ReplyDelete
  3. බොහොම හොඳ විග්‍රහයක් අක්කේ.....

    ReplyDelete
  4. ගීතයක තේරුම ගැන බලද්දි තේරුම මට දැනෙන විදිහට රසවිදින කෙනාට අනුව වෙනස් වෙනවා..
    "පෙර දිනයක මා පෙම් කල යුවතිය" කියන සිංදුව මාත් ඉස්සර හිතං හිටියේ බූට් සිංදුවක් කියලා.. ඒ මං තේරුං ගත්ත විදිහ.. ඒත් ඇත්ත ඒක නෙමේ...

    මොනව උනත් සිංදුවක් ලස්සන වෙන්න සංගීතය තනුව පද කියන අරවා මෙව්වා හැමෝම එක වගේ ලස්සන වෙන්න ඕනි..

    සරලව කියවන්න පුලුවන් පෝස්ට් එකක් කාලෙකින් දිලා ගෙන් දැක්කේ..

    ReplyDelete
  5. mama asa song 1k thamai Panaamure Eth Raajaa Song eka...
    Ekedi mulu siddiyama Song eke lesata Thiyanawa...Kasunla gena kiyanna thiyenne nam Eyaala hena lokuwata Hithan innawa....Eth ethi deyak nehe....

    ReplyDelete
  6. ++++++++++++++++++

    ලස්සන අර්ථකථනයක්....!

    ReplyDelete
  7. math oya sinduwa ahaddi hithuwa godak charitha matath thiyenawa kiya hithuna e sinduwata anuwa.mage mahaththaya keewa mata mekanam thamusetamai liyala thiyenne kiya.

    ReplyDelete
  8. මමත් බොහොම ආසාවෙන් රස විදින ගීතයක් මේක..

    ReplyDelete
  9. හරිම් ලස්සන අර්ථ කථනයක් දිල් . මාත් ගොඩාක් ප්‍රිය කරන ගීතයක් .

    ReplyDelete
  10. ගොඩක් කැමැත්තෙන් කියවපු පොස්ට් එකක්. කසුන් කල්හාරගේ ගීතවල පද රචනා මටත් බොහෝවිට වෙනස් වුනානන් හොඳයි කියල හිතෙනවා. අමිල පෙරේරා, මම කැමතිම කටහඬවල් වලින් එකක්. අමරදේවයන්ගේ 'සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා' ගීතයේ මුල් පද රචනාවේ තිබිල තියෙන්නේ එක 'හොරෙන්' එකයි. මේ ගීතයට සංගීතය නිර්මාණය කරපු කේමදාසයන් තමයි එක 'හොරෙන්' එක වෙනුවට 'හොරෙන්' තුනක් දල තියෙන්නේ. 'සඳ හොරෙන් බලා' කියන එකෙයි, 'සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා' කියන එකෙයි අර්ථය එක වුනාට ගීතය අහනකොට දැනෙන හැගීම කොච්චර වෙනස්ද? අන්තිමට පොස්ට් එකේ ප්‍රධාන ගීතය, 'සුළඟ වගේ දඟ කරන' මම කැමති ගීතයක්. මේ ගීතයේ ඔක්කොම හොඳයි, එකම ප්‍රශ්නයයි තියෙන්නේ. අර ගොඩක් තැන්වල තියන 'ඔයා' කියන වචනය. මට ඔය ගීතයේ 'ඔයා' වචනය ඇහෙනකොට මුළු ගීතයම දියාරු වෙලා යනවා වගේ හැඟෙනවා. පොස්ට් එක මාරයි.
    ( අනුන්ගේ වැරදි හෙව්වට, කවියක පේලි හතරක් වත් තාම මට ගලප ගන්න බෑ. එච්චරට මගේ භාෂා හැකියාව දුර්වලයි.)

    ReplyDelete
  11. හිතුවෙවත් නැති ගීතයකට හිතුවෙවත් නැති තේරුමක් දීලා.මං මේ ගීතයෙ සංගීතයට නම් ආසයි.

    ReplyDelete
  12. ලස්සන විග්‍රහයක්!!! අපූරුයි අක්කෙ!!!

    ReplyDelete
  13. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා ගීතයේ තාලයන් කනට මිහිරි බව සැබෑය. මට වැටහෙන ලෙසට එය එසේ වී ඇත්තේ එම ගීතයේ අන්තර්ගතය නිසාවෙන් ... ගෘංගාරය නිදහසේ ගලන ගගක් වැනි නිසා අනුරාගයේ ගීයත් එසේම විය යුතුය. එම ගීතයේ "ඔබේ නෙත යදී" යන කොටස සහ "නිවා ලන්න මා" යන කොටස් බලන්න.. නැගී එන අනුරාගයට ඔබින ලෙස උච්ච ස්වරයකට නගින එම කොටස් වලට පසුව ගායකයගේ මනෝභාවය වියරු අනුරාගයෙන් භාවමය ආලිංගනයට ගෙන එන අයුරු අපූරුය ..

    මේ සියලුම කතා කීවේ මේතරම් සියුමැලිද කලුගල් ගීතයේ තාලය කන රිදවන්නේ ඇයිදැයි පැහැදිලි කිරීමටය.මට හැගෙන ලෙස එය එසේ වී ඇත්තේ කලුගලේ රලුබව අසන්නාට පහදා දීමට විය යුතුය. පද රචකයා කතා කරන්නේ කටුක මාතෘකාවක් ගැනය. ගලන දොලක්වත්, සිහින රැයක්වත් ගැන නොව .. කලා වැව ලග ඉලුක් සෙවනක.. රිදුම් දෙන අතපයේ තෙල් ගා අතුල්ලන තනිකට කලාකරුවෙක් ගලක් සමක කල කටුක හරඹයක් පිලිබදවය.. එහි තාලය කන රිදවයි නම්, ඇසූ පසු නිවී සැනහුනු ගතියක් නොව දිගින් දිගටම කන තුල කැකෑරෙන ගතියක් දැනෙයි නම් ... ගීතයේ පද වැලින් රචකයා බලපොරොත්තු ඌ දෙය ලැබුනා යැයි මගේ හැගීමයි ...

    සුලග වගේ දග කරන ගීතය මම පෞද්ගලිකව අගය කරන ගීයක් නොවේ. අමරදේව සූරින් සඳ හොරෙන් හොරෙන් බලන හැටි පුදුමාකාර ලාලිත්‍යකින් ගායන කලද එය කියවෙන්නේ පිරිමි හඩකින් බව අසන්නාට අමතක වන්නේ නැත. සුලග වගේ දග කරන ගීතයෙහි, පිරිමි හඩක් මට ඇසෙන්නේ නැත ... !!

    කසුන් කල්හාරයන්ගේ හඩ පිලිබදව රොමැන්ටික් ඔපෙරාව සාක්කි කියන බව පැහැදිලිය. එය ජාතියේ පිනට පහල වූ හඩක් යැයි පැවසීමේ වරදක් නැත.

    මේ මට හිතෙන හැටි පමනකි :)

    ReplyDelete
  14. well my best definition of a woman...."she's always a woman to me"...by Billy Joel...lov it.....:)

    ReplyDelete
  15. ලියතබරා මුදුකුසුමකි ඈ තවුසන්ගෙ දැහැනේ සම බිඳිනා- නෑ ලෝකෙ ජීවේ ඈයයි.../ මට මෙ ලිපිය කියවනකොට මතක් වුනෙ මෙ සින්දුවයි....නියම ලිපියක්...ඔබට ජය

    ReplyDelete
  16. සිහින said...
    එක හුස්මට කියවන් ගියා. මහා ගැඹුරු පෝස්ට් එකක් සරලව ලියල. ඒ ගැන සතුටුයි. සාමාන්‍යයෙන් සංසාරෙ ලියවෙන සමහර ලිපි මෙලෝ දෙයක් තේරෙන්නෑ නෙ. :D

    -------
    ස්තූතියි ඈල්විනියෝ...සංසාරෙට පොඩි වෙනසක් එක්කලා අලුත් පොඩි දෙයක් ලිව්වා. ඊලඟ එකත් එහෙම වෙයි :)

    ReplyDelete
  17. රැඩියා said... නියමයි..

    මට නම් ගැහැනිය රත්වුන යකඩයක් වගේ කාමුක.. සිසිල් දිය උල්පතක් වගේ ආදරනිය වෙන්න ඕනේ..

    --------
    එහෙම ගැහැණියක් තමයි ඕනෙම පිරිමියෙක්ගෙ ප්‍රාර්ථනාව. ගැහැනිය හැබැයි වරදවා වටහ ගනන් තැන් බොහොමයි.... හුඟක් අය හිතන්නෙ උදේත් දවලුත් රෑත් සදා උවැසියන් වෙන්න. එක්කො සදා ගිනි කිකිලියන් වෙන්න. ඔන ඕකටනෙ ස්තානෝචිත මොකක්ද එක ඕනෙ :)

    ReplyDelete
  18. Hasitha said...
    බොහොම හොඳ විග්‍රහයක් අක්කේ.....
    -----------
    ස්තූතියි මල්ලී..... ගොඩ කාලෙකින් ආවේ නේද? ස්තූතියි ඒකටත් :)

    ReplyDelete
  19. Pasan said...
    ගීතයක තේරුම ගැන බලද්දි තේරුම මට දැනෙන විදිහට රසවිදින කෙනාට අනුව වෙනස් වෙනවා..
    "පෙර දිනයක මා පෙම් කල යුවතිය" කියන සිංදුව මාත් ඉස්සර හිතං හිටියේ බූට් සිංදුවක් කියලා.. ඒ මං තේරුං ගත්ත විදිහ.. ඒත් ඇත්ත ඒක නෙමේ...

    මොනව උනත් සිංදුවක් ලස්සන වෙන්න සංගීතය තනුව පද කියන අරවා මෙව්වා හැමෝම එක වගේ ලස්සන වෙන්න ඕනි..

    සරලව කියවන්න පුලුවන් පෝස්ට් එකක් කාලෙකින් දිලා ගෙන් දැක්කේ..
    --------------
    පසා.... ඔව් ඔව්. කාලෙකින් පොඩිපහේ පෝස්ට් එකක්.

    හෑබෑයි මල්ලි මම හෑමදාමත් මම ලියන දේට ආදරෙයි/ අනේ මන්දා වෙලාවකට අපබ්‍රන්ස ලියවෙනවා තමයි ඉතින් :) හී හී.....

    ගීතයක මේ තුන් වගම සරු නෑතිකොට ගීතයක් කොච්චර අබ්බගාතද කියන එකට උදාහරන අද කාලෙන් ඕනෙ තරම් ගතෑකි නේද? :)

    ReplyDelete
  20. amila chathuranga said...
    mama asa song 1k thamai Panaamure Eth Raajaa Song eka...
    Ekedi mulu siddiyama Song eke lesata Thiyanawa...Kasunla gena kiyanna thiyenne nam Eyaala hena lokuwata Hithan innawa....Eth ethi deyak nehe....
    --------------
    හා හා... පනාමුරෙ මන් අහල නෑ. හෙවත් හරියට අහල නෑ. ඈහිලා තිබ්බාට .. :)
    කසුන්ගෙ හඬට මම ගොඩාක් කෑමතියි. ඒත් අර තුන් වර්ගයම සෑපිරෙන කසුන්ගෙ සින්දු නෑහෑ. තාලෙ විතරක් අහන් ඉන්නව කියන්නෙ හරියට බාසාවක් ආ..ඈ..ඊ..ඌ..ඒ..ඕ. වලින් විතරක් කතාකරනවා වගේ :)

    ReplyDelete
  21. Kasun said...
    ++++++++++++++++++

    ලස්සන අර්ථකථනයක්....!
    ---------------
    ස්තූතියි කසුන්...

    ReplyDelete
  22. Anonymous said...
    math oya sinduwa ahaddi hithuwa godak charitha matath thiyenawa kiya hithuna e sinduwata anuwa.mage mahaththaya keewa mata mekanam thamusetamai liyala thiyenne kiya.
    -----------------
    හෙ හෙ . කවුරු නමුත් ඔයාගෙ හබී ඈත්ත කියලද මන්දා. පුරුදුම කෙනෙක්දත් මන්දා... :)
    මමත් මේ ගීතෙට හරි කැමතියි :)

    ReplyDelete
  23. Dinesh said...
    මමත් බොහොම ආසාවෙන් රස විදින ගීතයක් මේක..
    ---------------
    ස්තූතියි දිනේශ් මල්ලි. කාලෙකින් මාත් ඔයාගෙ අඩවියට ගියා :) හෙ හෙ.

    ReplyDelete
  24. Gimhani said...
    හරිම් ලස්සන අර්ථ කථනයක් දිල් . මාත් ගොඩාක් ප්‍රිය කරන ගීතයක් .
    -----------
    ස්තූතියි ගිම්.. කාලෙකින් .. දෑක්කේ..... මගෙත් ආසම ගීයක් මේක... :)

    ReplyDelete
  25. Pisakkaatuwa said...
    ගොඩක් කැමැත්තෙන් කියවපු පොස්ට් එකක්. කසුන් කල්හාරගේ ගීතවල පද රචනා මටත් බොහෝවිට වෙනස් වුනානන් හොඳයි කියල හිතෙනවා. අමිල පෙරේරා, මම කැමතිම කටහඬවල් වලින් එකක්. අමරදේවයන්ගේ 'සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා' ගීතයේ මුල් පද රචනාවේ තිබිල තියෙන්නේ එක 'හොරෙන්' එකයි. මේ ගීතයට සංගීතය නිර්මාණය කරපු කේමදාසයන් තමයි එක 'හොරෙන්' එක වෙනුවට 'හොරෙන්' තුනක් දල තියෙන්නේ. 'සඳ හොරෙන් බලා' කියන එකෙයි, 'සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා' කියන එකෙයි අර්ථය එක වුනාට ගීතය අහනකොට දැනෙන හැගීම කොච්චර වෙනස්ද? අන්තිමට පොස්ට් එකේ ප්‍රධාන ගීතය, 'සුළඟ වගේ දඟ කරන' මම කැමති ගීතයක්. මේ ගීතයේ ඔක්කොම හොඳයි, එකම ප්‍රශ්නයයි තියෙන්නේ. අර ගොඩක් තැන්වල තියන 'ඔයා' කියන වචනය. මට ඔය ගීතයේ 'ඔයා' වචනය ඇහෙනකොට මුළු ගීතයම දියාරු වෙලා යනවා වගේ හැඟෙනවා. පොස්ට් එක මාරයි.
    ( අනුන්ගේ වැරදි හෙව්වට, කවියක පේලි හතරක් වත් තාම මට ගලප ගන්න බෑ. එච්චරට මගේ භාෂා හැකියාව දුර්වලයි.)
    ---------------
    නෑ පිසා ඔබ කිව්ව දේ හරි. මේ ගීතයෙ වචන ප්‍රබල මදි. ඒකමයි මාත් කියන්න උත්සහ කලේ. මේ ගීයෙ දෑනුන දේ අනුසාරයෙන් මම ගෑහෑනිය ගෑන පෝස්ට් එකක් ලිව්වා. ඒක ඈත්ත. ඒත් මේ ගීයෙ අරුත මගෙ බ්ලොග් පෝස්ට් එකෙ අරුතම නෙවි. එහෙම නේද?

    ඔයා කිව්ව සඳ හොරෙන් ගීතයේ අතීත කතාවත් මගෙ හිතවතෙක්ගෙන් මේ ලඟදි අහන්න ලෑබුනා :)

    ReplyDelete
  26. නිසුපා said...
    හිතුවෙවත් නැති ගීතයකට හිතුවෙවත් නැති තේරුමක් දීලා.මං මේ ගීතයෙ සංගීතයට නම් ආසයි.
    ----------------------------
    ඔය හිතුවෙ නැති අහු කොන බලන්න මම හරි ආසයි නෙව නගෝ :) හේ හේ....

    ReplyDelete
  27. හිතුවක්කාරි said...
    ලස්සන විග්‍රහයක්!!! අපූරුයි අක්කෙ!!!
    ---------------------
    ස්තූතියි හිතුවක්කාරියේ :)

    ReplyDelete
  28. මධුරංග said...

    මරු මරු.
    ------------
    අද අද එයි මරු :) හී හී. ස්තූතියි මලේ

    ReplyDelete
  29. Wasana Sewwandi said...
    සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා ගීතයේ තාලයන් කනට මිහිරි බව සැබෑය. මට වැටහෙන ලෙසට එය එසේ වී ඇත්තේ එම ගීතයේ අන්තර්ගතය නිසාවෙන් ... ගෘංගාරය නිදහසේ ගලන ගගක් වැනි නිසා අනුරාගයේ ගීයත් එසේම විය යුතුය. එම ගීතයේ "ඔබේ නෙත යදී" යන කොටස සහ "නිවා ලන්න මා" යන කොටස් බලන්න.. නැගී එන අනුරාගයට ඔබින ලෙස උච්ච ස්වරයකට නගින එම කොටස් වලට පසුව ගායකයගේ මනෝභාවය වියරු අනුරාගයෙන් භාවමය ආලිංගනයට ගෙන එන අයුරු අපූරුය ..

    මේ සියලුම කතා කීවේ මේතරම් සියුමැලිද කලුගල් ගීතයේ තාලය කන රිදවන්නේ ඇයිදැයි පැහැදිලි කිරීමටය.මට හැගෙන ලෙස එය එසේ වී ඇත්තේ කලුගලේ රලුබව අසන්නාට පහදා දීමට විය යුතුය. පද රචකයා කතා කරන්නේ කටුක මාතෘකාවක් ගැනය. ගලන දොලක්වත්, සිහින රැයක්වත් ගැන නොව .. කලා වැව ලග ඉලුක් සෙවනක.. රිදුම් දෙන අතපයේ තෙල් ගා අතුල්ලන තනිකට කලාකරුවෙක් ගලක් සමක කල කටුක හරඹයක් පිලිබදවය.. එහි තාලය කන රිදවයි නම්, ඇසූ පසු නිවී සැනහුනු ගතියක් නොව දිගින් දිගටම කන තුල කැකෑරෙන ගතියක් දැනෙයි නම් ... ගීතයේ පද වැලින් රචකයා බලපොරොත්තු ඌ දෙය ලැබුනා යැයි මගේ හැගීමයි ...

    සුලග වගේ දග කරන ගීතය මම පෞද්ගලිකව අගය කරන ගීයක් නොවේ. අමරදේව සූරින් සඳ හොරෙන් හොරෙන් බලන හැටි පුදුමාකාර ලාලිත්‍යකින් ගායන කලද එය කියවෙන්නේ පිරිමි හඩකින් බව අසන්නාට අමතක වන්නේ නැත. සුලග වගේ දග කරන ගීතයෙහි, පිරිමි හඩක් මට ඇසෙන්නේ නැත ... !!

    කසුන් කල්හාරයන්ගේ හඩ පිලිබදව රොමැන්ටික් ඔපෙරාව සාක්කි කියන බව පැහැදිලිය. එය ජාතියේ පිනට පහල වූ හඩක් යැයි පැවසීමේ වරදක් නැත.

    මේ මට හිතෙන හැටි පමනකි :)
    ---------------------------

    මම හරි කැමතියි මේ කොමෙන්ටුවට. සංසාරේ බ්ලොග් එක මේ වගෙ වාදී විවාදී කොමෙන්ටු වලින් පොහොසත් වුන යුගයක් තිබ්බා. ඔබත් එහි ඈවිත් ගියා වගෙ මතකයි ඉස්සර... ඒත් දෑන් දෑන් අපෙ අතර සංවාද ඈති නොවී අනුමත කිරීම් පමනක් ඈතිවෙන්නෙ ඈයිදෑයි මට තෙරෙන්නෙ නෑ.
    විවේචන වලට මම බොහොම මනාපයි..

    ඔබ මම නොදුටු පැත්තක් පෙන්වුවා.. ස්තූතියි...

    ReplyDelete
  30. Shadow/හේමලයා said...

    well my best definition of a woman...."she's always a woman to me"...by Billy Joel...lov it.....:)
    ---------------
    heyy.... what a definition! yes a woman indeed is a woman.. woman cantbe a flower, nor a kitty, a rabbit nor a devil.. she is a woman of everything in it :)

    ReplyDelete
  31. Kushi said...
    ලියතබරා මුදුකුසුමකි ඈ තවුසන්ගෙ දැහැනේ සම බිඳිනා- නෑ ලෝකෙ ජීවේ ඈයයි.../ මට මෙ ලිපිය කියවනකොට මතක් වුනෙ මෙ සින්දුවයි....නියම ලිපියක්...ඔබට ජය
    -------------
    හෙ හෙ .. ස්තූතියි කුශී :)

    ReplyDelete
  32. its a song men....njoy....:P
    http://www.youtube.com/watch?v=zkfkJCyqCBc

    ReplyDelete
  33. @Wasana Sewwandi

    ඉස්සර විතරක් නෙමේ .. අදටත් සංසාරේ අපිත් එක්ක මම ඉන්නවා .. ඇත්ත .. කොමෙන්ටුවක් නම් දාන්න වෙන්නේ නෑ තමයි ගොඩක් වෙලාවට ... දුවන ජීවිත :(

    ReplyDelete
  34. //'සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා - වලා රොදක සැඟවිලා' ගීය අඳුරු රාත්‍රියක අසා බලන්න. ඔබ පද වැලක හිත හිරිවට්ටන හැඟීම් අත්විඳිනු ඇත. මෙවන් අතිශය ප්‍රබල චිත්ත රූප මවන සුලු පද වැල් ගෙතුනේ ඉස්සරය. අද සැබවින්ම මේ පද රචකයින්ට වෙලා තියෙන්නේ මොනවාද? //

    වර්තමාණයේ කතාම විය යුතු මාතෘකාවක්..! එදා වෙරළකට වෙලා නිදහසේ අහස දිහා බලාගෙන දැක්ක තනි තරුව ගැන ලිව්ව පද වැල්.., බෝගන්විලා මල් සැලෙන රිද්මයට ගී ලියූ.. මල් පොකුරු පොකුරු.., වෙලාවකට නිතරම අප දකින දේවල් හදවත් තුල ලැඟුම් ගන්න සරල වචන වලින් ලියා සංගීතය මුහු කලත් වර්තමාණයේ එවැනි හිත් කාර්ය බහුල නිසාමද මන්දා.. මේ තරමට විරල.. ඒ වගේම සමහර ලස්සන ගී පද වලට යෙදෙන සංගීතයත් වර්තමාණයේදී නිසිලෙස යොදා නොගැනීමත් නිසා ඒ ගීත වල හදවතින් විඳීමේ හැකියාවන් ඈතට ගිහින් කියලා මට හිතුණා..

    ඒ නිවුණ බවට.., ඒ දඟකාර බවට.. හදවතින් විඳින ආස ගීතයක්..!
    තුති මේ දුරක හිත දුවන සටහනට අක්කියෝ..!!! :)

    ReplyDelete
  35. නන්දු , වාසනා...

    ගොඩාක් සතුටුයි මේ වගේ නිතර නිතර සංසාරේ ගැවසෙනවාට. මම ලියන්න හිතෙන්නේ ඔයාල ඉන්න නිසා :)

    ReplyDelete
  36. පරිගනකයෙන් ඕනෙ කටහඬක් හදා ගන්න මේ කාලෙ කසුන්, නදීක, ඉන්ද්ර චාප, වගේ අය හූ කිව්වත් අහන් ඉන්න සැපයි. ඒකයි ඇත්ත කතාව,
    දැන් ඉන්න ගැහැණිය කියන්නේ හරියට රසම රස ටොෆී කොලේකින් ඔතල තියෙන තිත්තම තිත්ත පෙත්තක් වගේ මටනම්. පේන්න විතරයි රස තියෙන්නේ, හපල බැලුවම මොකවත් නෑ, තිත්ත රහ විතරයි. (සමහර exceptions නැතුව නෙවේ) සමහර බහුතරයක් ගෑණු ළමයින්ගේ කිසිම ඇත්ත ලස්සනක් නෑ, සමාවෙන්න මේ වචනෙ කියනවට, නිකන් ලිංගිකත්වය උලුප්පල පෙන්නන ඇටසැකිල්ලක් විතරයි. ඇඟේ මස් කඳුලක් නෑ. මේ ලඟඳි හොයාගෙන තියෙනවා O/L ඉවර කරපු ගෑණු ලමයින්ගෙන් 70%කට තමන්ගෙ තේ එක හදාගන්නවත්, 75%කට තමන්ගේ ලේන්සුව හරියට හෝදගන්න බෑ කියලා, එහෙම බැරුව තියෙද්දි මොන ආදරණීය කමක්ද මැඩම්,
    “ගැහැණියක් වූ කලී පිරිමියකුගේ ජීවිතයක රළු පරළු තැන් මකන්නට සමත් කවියක් වන් සියුමැලි එහෙත් ජීවිත සටනට තනිව වුවත් මුහුණ දිය හැකි කෙතරක් තැලුවත් පන්නරයක්ම ලබාගන්නා ජීවියකු විය යුතු යැයි මගේ නම් අදහසයි....”

    ReplyDelete
  37. @සර්පයා පට්ට කතාව! සෑහෙන කාලෙකින් අහපු පට්ට පට පට කොමෙන්ටුවක්!!!!

    ReplyDelete
  38. oya adahas mama dakkanam mata ada mehe...............

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->