ලියා ඇති නෙක කවි
මා මළ පසු මා ගැන,
මියෙන්නට දින නොලැබුන
මට තිබෙද තවමත් එ'සිහින? !
එ'ලියු, මා මළ පසු කවිය
යලිත් ලියන්නට මට අවැසිය
මා මළ පසු මගෙ දෙණට
කැමති මළ මගුලක් කල මැන !
ප්‍රීතියකි එකෙකු හෝ 'නික්මීම'
සැනසුම් නොවෙද ඒකම?
එහෙයින් 'මා' 'නිදන' දෙණ ,
ප්‍රීතියෙන් දකිනට එනු මැන !
එපා දුකට හිමි සුදු කලු වර්ණ
තැවෙන්නට සෙස් කොට නැත පිලිණ
හපුටු ඩෙනිමක් ලාගෙන පැමිණ
ඉඳින් කවියක් කියමින එකල මෙන!
මට තියන්නට බැරිවුන
පැදුරු පාටිය තියන් එදිනටම
මට කියන්නට බැරිවුන
මතක බණ එපා මම මැරුනම !
එන බැව්හි සුඛම දෙන පින ,
මට පුරන්නට බැරිවින !
මෙම භවෙහි වැඩි කෙලෙස් පොදියම
පොදි ගසාගෙන යමි මම !
බලුකැණහිලුන් බුදින තනි සොහොන
ඵලකයක් යට සැතපෙන ගමන
පපර වාදනයෙකින් ඇරඹෙන
එතැන නුඹ ඇත 'මා' දැන !
මා සිරුර මියෙනු මිස ,
මගේ පැටිකිරිය මියෙනු නැත
කිව්වත් නොකිව්වත් කවුරු මා ගැන
ඵලකය යට නිදන මට පල නැත !
ඕන් කිව්වා ඇත්තම !
කවිය නම්, දුක්බරයි...අරුත්බරයි... ලස්සනයි! ජීවිතෙ මල් :)
ReplyDeleteමගෙන් + එකක්
ReplyDeleteඇස් පියාන විඳින
ReplyDeleteජීවිතේ තිත්ත ඇත්ත!
පට්ටයි කවිය
ReplyDeleteඔබ නිදන දෙණ අබියස,
ReplyDeleteබද්ධ පර්යංකයෙන් වැඩ හිඳ,
දෙණ මත තබා මධුවිත,
පුරමි සව්දිය මෙලෙසින,
මරණය, ඒ නම් කෙබඳුද?,
අවසනක් නොව ඉසිඹුවක් පමණය,
ජිවිතය ගමනේ විඩාබර,
දාහ නිවනා කෙම් බිමක්මය.
සිත පාවයයි නිදැල්ලේ,
මළහිරු අවරගිර සඳැල්ලේ,
මුමුණමි ගීය ඔබ ගැයූ පෙර දවසේ,
කොතැන හිඳ හෝ අසන බව,
ඔබ ඒ නිවී සැනසිල්ලේ,
දනිමි නිසැකවම සොඳුර,
එපමණකි මසිත් ගිනි නිවීයේ,
මමත් කිව්වෙ ඇත්තම තමයි බොල!!!
දාපං පහක් එළ කවිය දිල් ....:) :)
ශා නියම කවියක්....
ReplyDeleteඔයා ඔහොම කිව්වට කට්ටිය ඕවා කරන්න කැමති වෙයිද අක්කේ..??
ටික දිනක් යන විට
ReplyDeleteඅමතක වේවි සැමහට
සැමට පොදු දහමට
අපිත් දුක් වෙනු කුමට ??
ස්තූතියි... රවි අයියා.. කවිය අපූරුයි. :) හෙ හෙ. ස්තූතියි ඔයාල ඔක්කොමලාටම මගෙ කවිය කියවලා සතුටු උනාට :)
ReplyDeleteහික්!
ReplyDeleteහික්!
ReplyDeleteමේක බටහිර ක්‍රමයට හදපු මිනි පෙට්ටියක්...
ReplyDeleteඔයා මලාම මේ වාගෙ පෙට්ටියක දාන්න ලොකු ගානක් යයි...
මලාට පස්සෙ කරන එව්වා මෙව්වා දැම්ම ලියන එක අගුනයි...මොකෝ එතකොට ඒව කරනවද බලන්න මරන ගෙදර වටේ කැරකි කැරකි ගන්ධබ්බ වෙලා ඉන්න වෙනවා..
ඕව ගැන හිතුවෙ නැතොත් දියිය ලෝකෙට වෙලා ඉදිත හැකි...