Wednesday, May 16, 2012

[248] කඳු හිසින් ගලා ගිය ගඟ





~``~
අතීතෙහි එක දිනෙක කෙඬෑරී ගිරි හිසෙක
දිය බිඳක්වත් නොදැක නිදා උන් නිම්නයක
ඉපැදි දිය බුබුලකට හමුව, මග ගැලු
ග‍ඟෙක
  ගඟය නුඹ ගැලු වරෙක
, ඉවුරු බිඳිමින මතක!


උරුවමක් නගා ගෙන කොඳුරමින් හීනියට

කවියකුත් කියාගෙන වැතිරෙමින් සීතලට

මට මගේ යයි කියන්නට හිතක්
සෙස් නොකොට
නුඹ ඇදෙයි මා තදින්
වැලඳ හිඳ, ඈතකට

නුඹ ගලන දෙස හොරෙන් ඇස් යැවූ මල් වෙතී

ඒ මලුත් මා මෙන්ම ගඟෙක සුව විඳ නැතී
පිපී සුවඳින් පිරී , ඇත
නදී බඳ එතී
නුඹ ගලයි පාඩුවේ සුවඳ විඳ, නොනැවතී

තැබු එකද පියවරෙක මොහොතකුදු නොම ‍රැඳී

සිඹින එක මලකටද වදනිනුදු සිතු නොදී
නිම්නයට හිමි නොකීමුත්, හරිත රුව විඳී
නොයිඳ,  ඈතක
ඇදී, වැවක් වී නුඹ නිදී !~``~

(2012 - 05 - 21)

11 comments:

  1. කාලෙකින් පිළීතුරු කවියක්...

    වර්ථමානයහි එක් මොහොතක පලා පැහැ ගිරි හිසක
    දිය රැදුනු එක් තැන්ව පල් වුන දුගද දෙන මුඩු බිමක
    ඉපැද ගිය දිය බිඳක් නොමැතිවම සුවද දෙන අසලක
    පෙර ගැලූ ගඟ මමද ඉවුරු බිඳ ගැලූ නුඹ මතක

    උරුමවක තාලයට ගලා යනු බැරි බිමක
    තනිකමව වැතිර ඉමි ගලා යනු නොහැකිවම
    මටම යයි කියන්නට තව මගක් නැති දිනක
    බලා ඉමි අහස දෙස තෙත්ව ගිය මුඩු බිමක

    ගෙවෙන හැම මොහොතකම නුඹේ රුව මත ඇදී
    නුඹ සිඹින මලක් වෙත ගගුලක්ව සිසිල දී
    නිම්නයක උරුම නැති හරිත මුඩු බිමට වී
    වැවක් ලෙස බලා ඉමි නුඹ ඇතිය ඉවුරටම වී

    ReplyDelete
  2. වාපියක්මි!
    ගලා නොයමි!
    දිය කඳුරු දිග ගලා එන,
    සෝ දුක් සුසුම් දිය උසුලමි!

    සරතැසින් වියලුණු,
    සියළු දුකඳුරු ඉසුළුණු,
    නුඹට නිල්දිය දෙන්නෙමි!
    සෙනෙහෙහසින් නිති බලා හිඳිනෙමි!

    ReplyDelete
  3. ලස්සන කවි පෙලක් අක්කේ...

    ReplyDelete
  4. ලස්සනයි අක්කේ....

    ReplyDelete
  5. ගඟ යයි කියන විට ඒ බැස යන දිය කඳ ද?
    දෙපසින් බැඳෙන ඉවුරුද ? පතුලෙහි වැලි ද?
    ඉවුර කඩා ගිය පසු තවමත් ගඟ ද?
    නැත්නම් නමක් ඇති මායාවක් නොවෙ ද?

    ReplyDelete
  6. ලස්සනම ලස්සන විදියට ගගක් ගැන මේ විදියට ලියන්න පුලුවන් කියලා දැන ගත්තේ අදමයි....

    ReplyDelete
  7. ගග ගලයි අපි තැලෙයි මට මොකෝ..

    ReplyDelete
  8. අක්කා කවි ලියනවා කියලා දන්නවා වුණාට අද තමා අක්කගේ බ්ලොග් එක දැක්කේ ලස්සන කවි ගොඩාක් තියෙනවා. සුභ පතනවා දිගටම ලියන්න... හැකිනම් කවිමුතුමල් සමඟ එකතු වෙන්න.
    www;kavimuthumal.blogspot.com

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->