Saturday, March 17, 2012

[237] සලබයින් අතර නග්නව



ගොඩනැගිල්ලකි. එහි දැල් සිදුරු අස්සෙන් තෙරපී ඇතුලට රිංගා යා හැක්කේ කුඩා කෝඳුරුවන්ට පමණකි. කෝඳුරුවන් හැරුනු කොට සිය කැමැත්තෙන් ගාල් වූ නිලමැස්සනුත් , සිය අකැමැත්තෙන් ගාල් කරන ලද මැසි මදුරුවනුත් කිහිප දෙනෙක් වෙති. මේ සියල්ලන්ම හැරුනු කොට මුලු කාමරයම පිරී ඇත්තේ සලබයන්ගෙනි. කිසිම හැඩයක් පිලිවෙලක් පාටක් හෝ සුරුවමක් නැති නිකම්ම නිකම් සබලයින්ගෙනි.  කිලිටි, අපිලිවෙල , එහෙන් මෙහෙන් ඉරීගිය පිහා‍ටු සහිතව බිත්ති කොනේ එල්ලි එල්ලී සිටිනසලබයින් අස්සේ සිටි එකම සමනලයා මම වීමි.

බිමට හැරුනු නෙතින් යුතුව කුරු‍ටු ගෑම විනා මේ සමනලයාට කළ හැකි කිසිම දෙයක් නැතිය. මුවින් වදනකුදු නොදොඩා රත්වූ යකඩයට තලනු වස් මම කැස කවාගෙන මේ ටික කුරු‍ටු ගාමි. පෑනෙහි තීන්ත පවා රත් වන්නේ ලේ උණු වෙන මද්දහනේය. සලබයන් එක එක අහුමුලු මත්තේ වසා සිටින සාලාවෙහි එකම සමනලයා මම වීමි. පිලිවෙලකට පීරූ කොණ්ඩයත් , තොල් ආලේපනත්, එකිනෙකට කැපෙන ඇඟලුම් සංයුතියත් මා සලබ සේනාව මැද්දෙහි වෙන්කොට පෙන්වයි. එය කොතරම් අනුවණ වෙස් වලා ගැනීමක් දැයි මට එවිට වැටහෙයි. වැටහෙන දේට , යොමුවෙන උකුසෙ ඇස් දෙස් දෙයි. සැඟවෙනු විනා එහෙ මෙහෙ හැරෙනුද අපහසුය. රේඩාර් දහසකට එය නතු වෙයි. 



ඔවුහු කිලිටිය. පිහා‍ටු අවුල් වී තිබෙයි. දුගඳය . මගේ සංකර සිත බොහෝ නෝක්කාඩු කීමට කාරණ සොයයි. සලබයාගෙ අඳුර සමනලයාගෙන් දිස් නොවෙයි.සමනලයාට ඇති විලවුන් , නෙක පැහැ පිහා‍ටු සලබයාට උපතින්ම උරුම නැත. එහෙත් එකම භෞම්‍යාගාරයක සලබ දෑස් මත්තේ ගැටෙමින් සැ‍ඟෙවෙන්නට යත්න දරමින් සමනලයා ත‍ටු නොසලා හිටි වනම වසා සිටියි.

සමනලයෙකුගේ පිහා‍ටු වර්ණ රටා මත , සලබයෙකුගේ මූලික හැඩය පෙනෙතත් , මේ වර්ධනීය අවස්ථාවෙහිදී සමනලයා රුසිරෙන්ද , සලබයා සවියෙන්ද එකිනෙකා හා නිහඬ තරඟයෙක යෙදෙයි. කාන්තාරයේ වැවෙන ක‍ටුපඳුරක් සේ සලබ පිහා‍ටු කොතෙක් ඉරීගියත් සලබ හදවත නොනවතියි. එහෙත් මේ මටසිලිටි සමනල පිහා‍ටු මත වදින ඇඟිලි තුඩු පහරකින් මාරාන්තික අවසන් හුස්ම තීරණය වෙයි. 



සමනලයා වූ මටත් සලබයා වූ උන්ටත් පොදු එකම එක දෙයක් තිබෙයි. එකම සංඛ්‍යාතයෙන්  නින්නාද වෙන සරසුල් කිහිපයක් මෙන් , සලබ හුස්මත් සමනල හුස්මත් එකම දෙයක් ගැන මුමුණයි. හඬනු මැන නිදහස !





21 comments:

  1. kauwlu mona keewath me dabalama dalambuwanya....:)

    ReplyDelete
  2. සමනලයෙක්ද..............? සමනලියක්ද.................???

    ReplyDelete
  3. මම හිතුවා නරක සමනලයෙක් කියලා.. ;)

    ReplyDelete
  4. අනේ මන්දා අෆ්ෆා...

    ReplyDelete
  5. "සලබ හුස්මත් සමනල හුස්මත් එකම දෙයක් ගැන මුමුණයි." විටෙක දෙස්දෙවුල් සොයන හිතට අමතක වන අමතක කරන එකම හද තනුව.. :)

    ReplyDelete
  6. මටනම් පොඩ්ඩක් විතට තේරුම් ගියේ නෑ..

    ReplyDelete
  7. පලවෙනි වතාවෙනම් පොඩ්ඩක්වත් තේරුනේ නෑ. ඊලඟට ලියන්න හේතු වූ අවස්ථාව ඔයාගෙන් අහගත්තට පස්සෙ පොඩි අදහසක් ඔලුවට ආවා. ඒත් සම්පූර්ණයෙන්ම තේරුනේ තේරුම මට කිව්වට පස්සෙ. :ඪ්

    මන් ලාමක වැඩියි අප්පා. :D

    ReplyDelete
  8. නින්නාද වෙන සරසුල් කිහිපයක් මෙන් , සලබ හුස්මත් සමනල හුස්මත් එකම දෙයක් ගැන මුමුණයි. හඬනු මැන නිදහස !

    ඒ කියන්නේ සමනලයාත් අනෙක් අය අතරේ කැපී පේන්න ලස්සනට හිටියට හිරකාරයෙක් . . ?

    ReplyDelete
  9. සලබයින් අතර සමණලයකුවීම බොහෝවිට සමණලයින් අතර සලබයකු වීමට වඩා අපහසුතාවයට පත් වීමකි. සමණලයින් අතර සලබයා ලක්වන්නේ අවඥාවට පමණක් වන අතර සලබයින් අතර සමණලයා ක්‍රෝධයට අමතරව මිනිස් ගුණාංග අතර පහත්ම මට්ටමේ ගුණාංගයක් යයි එක හෙලා කිවහැකි ඊර්ෂ්‍යාවට ද ලක්වේ.

    අදහස් අතින් මම ද බොහෝවිට සලබයින් අතර සමණලයකු වීමි. හෙහ්, හෙහ්, ඒ මා සිතූ අයුරුයි. මා අවට වූ සලබයින් සිතූයේ ඔවුන් සමණලුන් වන අතර මා සලබයකු කියාය. කම් නැත. සමනලයකු වේවා සලබයකු වේවා මම ක්‍රම විරෝධියකු වීමි. සම්මතයට පටහැනි වූයෙමි. උඩු ගං බලා පිහිනුවෙමි.

    සලබයන් අතර සලබයකු හෝ සමනළුන් අතර සමනලයකු වීම කෙතරම් පහසු වුවද මගේ අනන්‍යතාවය ඒ පහසුවට වඩා මම අගය කළෙමි.

    ReplyDelete
  10. කැමැත්තෙන් ඉන්න නිල මැස්සෝ කරන්නේ රක්ෂාවක් නම්, අකමැත්තෙන් ඉන්න මැසිමදුරුවෝ කීපදෙනා අනෙක් අයට කරදරයක් නම්, දුකට ඔරොත්තුදෙන එකවගේ සලබයෝ ගොඩකුත් ඉන්නවානම්, මෙයා විශේෂ හිරකාරයෙක් ද?

    ReplyDelete
  11. නියමයි...!නියම පරිකල්පනයක්...! රවි කියපු දේ හරි ... පැහැදිලි ඇත්තක්... සමණලයට වඩා මම ආස සළබයට... ඒ මමත් ,කුඩුම්බිය ඇතුලේ සරණ සළබයෙක්ට ඇති වෙන ප්‍රාතමික හැගීම මටත් ආරෝපණය වෙච්ච නිසද මන්ද...

    ReplyDelete
  12. හේමලයෝ...කාලෙකට පස්සේ නේ?>????
    කොහෙද ගිහින් හිටියේ ?>??? :)

    අනිවාර්යයෙන්... දලබුවාගෙන් තමා දෙන්නම උපදින්නෙ. ආන ඒකමයි ඒ විවිධත්වයෙ සුන්දර බව :) හෙ හෙ.

    ReplyDelete
  13. ‍සොඳුරු සිතැති මිනිසා වෙත

    ස්ත්‍රී සමනලයෙක්ද පුරුෂ සමනලයෙක්ද කියන එක නොවැදගත් තරමට ජෙන්ඩර්ස් දෙකටම මේ යථාර්තය පොදුයි කියල හිතෙනව :)

    ReplyDelete
  14. සෑම්, හිතෙන තරම්ම සමනල්ලුවත් සලබයොවත් නරක නැහැ. ඒත් හයිය අතින් සලබයා නම් ඉදිරියෙන්.

    ReplyDelete
  15. අඩවි රජා : අනේ මන්දා නෙවේ අනේ ... කියවන්න ... :)

    සොඳුරු මිනිසා : නරක සමනල්ලු වගෙම හොඳ සමනල්ලුන්ටත් මේ දේ පොදුයි නෙව :)

    ReplyDelete
  16. නන්දු : අපොයි මට තේරුනෙ නෑනෙ... :)

    පනුවා : ආහ් හා. ඒකනෙ තෙරුම් කරල චැට් එකෙ පැහැදුවෙ :)

    ReplyDelete
  17. දිනේශ් : හනේ..... ඇ‍යි ඒ....

    ReplyDelete
  18. දුකා අයිය : හරියට හරි. අපි හැමෝම වගෙම :) හෙ හෙ. අර ලාමට ටින් ටින් පනුවටත් තෙරුම් කොරල දෙන්නකො අයියෙ :)

    සඳරුවා ::: මොකො.... ? :-)

    රවී අයියා: ඔබ සිතූ අයුරු අපූරුයි.. මම නොදු‍ටු පැතිත් විවර වූවා ,, ස්තූතියි... මේ කොටසට වඩාත් කැමතියි
    "සලබයන් අතර සලබයකු හෝ සමනළුන් අතර සමනලයකු වීම කෙතරම් පහසු වුවද මගේ අනන්‍යතාවය ඒ පහසුවට වඩා මම අගය කළෙමි. "

    ReplyDelete
  19. පිසා... :) හෙ හෙ. මට ඒක කියන්නබැහැ. එන්න එන්නම මගෙ ලිවීම් ව්‍යාකූල වෙනවද කියලත් මට හිතෙනව ..අනේ මන්දා...

    හූනා : :-) ස්තූතියි :)සලබ හැඟීම හරි අමුතුයි නේද

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->