Sunday, October 09, 2011

[209] ගුරු උපහාරයකින් රිදුනු දුයිශෙන් සිතක් සහ පොප්ලර් ගසක් ...


" හැම උදෑසනකම, මා මගේ කාර්යාලය වෙත පිය නැගු විගස , මගේ පුරුද්දක් තිබුනා කාමරයේ වීදුරු බිත්තියෙන් එලිය බලන්න. ඒ ඇයි දන්නවද? විශ්ව විද්‍යාල පිට්ටනිය අයිනෙ මීට කාලෙකට ඉස්සර මම පැලකල පුංචි 'පිහිඹියා' ගස දිහා බලන්න. බලල හොඳ හුස්මක් ගන්න. සතුටු වෙන්න .

ඒ පිහිඹියා පැලය මම පැලකළේ ඇයි දන්නවද? මම හුඟක් වෙලාවට දැකල තියනව අපේ ආයතනයෙ දරු පැටවු පිට්ටනියේ ක්‍රීඩා නරඹනවා ගිනි අවුවේ පිච්චෙමින්. කිසිම හෙවණක් නැතුව පීඩාවෙන්. ඉතින් මේ අඟලෙන් අඟල නිදැල්ලේ වැඩෙන පිහිඹියා පැලය මගෙ දවසට අලුත් බලාපොරොත්තුවක් ගෙනාවා, ඒ මොකක්ද දන්නවද? කවද හරි මේ පුංචි පැලය ලොකු වූ දාට , විසල් රුකක් වූ දාට අපේ දරු දැරියන්ට ඒ හෙවණේ ඉඳගෙන ක්‍රීඩා නරඹන්නට පුලුවන් වේවි. මම හැමදාම උදේට ඒ කොළ පාට
හීනය දැක්කා.


දින කිහිපයකට කලියෙන් මගේ අධීක්ෂණය යටතේම උපාධි අවසන් වසර නිබන්ධනය ලියූ සිසුවෙක් මා සොයාගෙන ආවෙ ආයතනයේ ඉහළ ඇදුරුතුමන් තිදෙනෙකුගේ අත්සන් තුනක් සොයාගෙන. ඉන් එක් අවසර ගැනීමේ අත්සනක් ඉල්ලමින්. ඒ , වාර්ෂික සුහද හමුවක් පැවැත්වීමට අවසර ගැනීම වෙනුවෙන්. ඒ ලේඛනය වෙනුවෙන් එදා මගේ අත්සන මා යෙදුවේත් තරුණ හදවත් හඳුනන හිතැති සිතින්. 

එදා... සුහද හමුව දා.. මේ සතුටු සාගරය දරුවන්ගේ ජීවිතයෙන් දෝරෙ ගලා යන'යුරු අපි රාත්‍රී 10.30 වෙනතුරුම බලා සිටියා. රාත්‍රි 7ට ඇරඹුන ඩීජේ ප්‍රසංගය මා එතෙකින් අවසන් කරන ලෙස ඉල්ලා සිටියේ , එන සතියෙහි ඔවුන්ගේ විභාගය ඇරඹෙන නිසාවෙන්. අනෙක රටේ තත්වය අනුව මේ දුවා දරුවන් ආරක්ෂාකාරීව සිය නවාතැන් කරා යනතුරු අප හිස මත ඇති වගකීම කිව නොහැකි තරම්. මේ දූපුතුන් එකෙකුදු අපිට නොතකා හරින්නට බැහැ. ලෝකයේ , රටේ වාතාවරනය එතරම් විෂමයි.

ඉදින්  උත්සවය අවසන්වී අපේ දරුවන් සියලු දෙනාම පාහේ විදුබිමෙන් පිටවී යනතුරු රැඳී සිටි මා , ඉන් පිටතට පැමිණියේ රාත්‍රි 11.45ට වගේ. එහෙත් ඒ වනතුරුත් පිට්ටනියේ කොනෙක රැඳී කතා බහේ නිරත වෙමින් සිටි මා හඳුනන සිසු පිරිසක් මට නෙත ගැටුනා. එතෙක් ප්‍රමාද වූ දරුවන් ඇමතු මා ඉල්ලා සිටියා 
"පුතා , දැන් හොඳටම රෑ වෙලා.. ඉක්මනට ගෙවල් වලට යන්න"  කියා.
ඒ මැදියම් රෑ. රාත්‍රි කාලයේ කොල්ලෙක්ටවත් පරෙස්සම් මදි ලෝකයක් මේක. 

ඔවුන්ට පිටත්ව යන්නට ඉඩ හරිමින්, මා ඔවුන් කෙරෙහි විස්වාසය තබමින් විදුහල් භූමියෙන් පිටවූයේ කිලෝමීටර් 35ක් ඈත මගේ නිවස බලා මා කඩිනමින් යා යුතු වූ නිසා. මධ්‍යම රාත්‍රිය වනතුරු නිවසේ තනිව බියෙන් සිටින බිරිඳත් පුතුත් වෙනුවෙන් මා පය ඉක්මන් කළ යුතුව තිබූ නිසා. 

එහෙත්... 

පසු දින.. සුවහසක් ගුරුදෙවිවරුන් ලෝකයම පුදන ඔක්තෝබර් මාසයේ 6 වෙනි බ්‍රහස්පතින්දාවේ,  වෙනදා වගේම විදු බිමේ සිට මා කාර්යාලයට පිය මැන්නා. ... අද දින ගුරු දෙවියන් පුදන අවට ලෝකය දෙස මා මගේ ගුරු කාමරයෙන් පිටත එබී බැලුවේ පුරුද්දට මෙන්... අලුත් බලාපොරොත්තුවක් දලුලන්නා සේ , හරිත සිසිල් තුරු වියනක් වෙනුවෙන් සිහින දකිමින් , මිලිමීටරයෙන් මිලිමීටරය,  නිසසලේ වැඩෙමින් සිටි , 'පිහිඹියා පැලය' තිබූ තැන හිස්ව තිබුනා.  

ඒ වෙනුවට, හිස්වූ සිගරැට් පැකැට්ටුවකුත් , දැල්වී නිවීගිය සිග‍රැට් කොට කිහිපයකුත් එතැන වැටී තිබුනේ, හරිත සිහිනය - අනාගත පිහිඹියා තුරුවියන වියැකීමෙන් රිදුනු ගුරු සිතට , ගුරු දින උපහාරයක් ලෙසින්දෝ කියා සිතමින් මා සුසුමක් හෙලුවා.. "


ආචාර්‍ය කෝලිය පුලසිංහ ගුරු පියාණන් , පසුගිය දිනෙක අත්විඳින්නට යෙදුනු මේ සිදුවීම පිලිබඳ අනුවේදනීය සටහන , එතුමන් මුහුණු පොතේ ඉන්ග්‍රිසියෙන් පල කොට තිබෙනු දුටුවේ status update එකක් වශයෙන්.එතුමන්ගේ අවසරය ඇතුව මුහුණු පොතෙන් එය උපුටා ගෙන පරිවර්තනය කලේ ඔබ වෙනුවෙන්. අතීතයෙන් පැමිණ, අනේක වාරයක් කවියෙන් , කතාවෙන්, පොතපතින් සිහිගැන්වෙන, දුයිශෙන්ලා , පොප්ලර් තුරු මුදුන් පිලිබඳව ගර්වයෙන් ස්මරණය කරන අපට ලෙහෙසියෙන් ඇස නොගැටෙන 'අද' වෙනුවෙන්...

අනාගතයේ උපදිනට සිටින දරු පරපුර උදෙසා හරිත ඉණිමං තනන උදාර ගුරු තරුව වෙනුවෙනුත් , එයින් මොනවට පිලිබිඹු වෙන , රිදුනු සංවේදී ගුරු සිත වෙනුවෙනුත් ,   සිගරැට කොටයක් පැල කොට නොහෙන බව නොවැටහෙන, ගුරු සිත රිදවූ දරුවන්ගේ කාරුණික අවධානය උදෙසාත් , මම මේ සත්‍ය සටහන 'සංසාරේ අපි' වෙත මෙසේ මුසු කරන්නම්..


දරුවන්ට පමණක් නොව, දරුවන් දරුකොට තනන සොබාදහමටද ලැදි ඒ ගුරු පියාණන්ට , පහත ලිපිය උපහාර කොට යලි පළ කරමි. 
ගුරු දෙවියන් වෙනුවෙන් ... (ලිපිය බලන්න)  



22 comments:

  1. අයියෝ හරිම දුක හිතෙන සිද්ධියක් නොවැ. ඒ කොල්ලෝ ටික අන්තරේද දන්නෑ... :P

    ReplyDelete
  2. හරිම සංවේදී සිද්ධියක් ! දරුවන්ගේ කෙළිලොල් ජීවිතයට වැඩිහිටියන්ගේ අරුත් බර දේවල් නොදැනෙනා එක සිදුවීමක් !

    ReplyDelete
  3. මොනවා උනත් පිහිඹියා කියන්නේ වැඩකට නැති ගස් වර්ගයක්.අඩුම වශෙයෙන් අඹ පැළයක් වත් හිටුවල තිබුනානම් කොල්ලෙකුට අඹ ගැටයක් වත් කන්න තිබුණා.

    ReplyDelete
  4. චතුරංග

    සිද්දිය දුක සිතෙන බව න ඇත්ත. කොල්ලො කොහෙද දන්නෙ නෑ.
    මම මේ සිද්දිය ලියුවේ ගුරුවරයෙකුගේ කෝණයෙන්.
    කොල්ලෝ කොහෙන් ආව අයද කියන්න මම දන්නෙ නෑ. :)

    වෙනී
    හ්ම්ම්.. ඔව්. වැඩිහිටියන් අතුරෙනුත් ගුරුවරුන් කෙරෙහි තිබෙන ආකල්ප ගැන සිතුවාම, සිසු පරපුර ගැන යම් දුකක් දැනෙන සිද්දියක්.

    ඈනෝ...
    සිටවූ පැලයේ ජීව ගුණය පිලිබඳ ඔබ ඉස්මතු කිරීමේදී, කතාවේ හරය තුල තිබෙන්නේ සිටවූ පැල වර්ගය , ගස් සිටුවීම ගැන නොව ඉන් එහා ගිය සිදුවීමක් බවත් ඔබ දකින්නට ඇතැයි මම සිතන්නට කැමතියි.
    අනාගතය උදෙසා ගසක් සිටුවන ගුරුවරයකු පිලිබඳ ඔබ දුටුවානම් මම සතුටුයි.

    ReplyDelete
  5. මමත් ගස් ටිකක් හැදුවා,
    අද නම් බයෙන් ඉන්නෙ ගස් ගැන,
    ගස් ටිකට අවුව සැර වැඩිද මන්දා,
    මැරෙයි කියල බයයි.

    ReplyDelete
  6. ගුරු සිත රිදවීම පාපකර්මයක්.. ඒ වගේම.. අනේ පුංචි පිහිඹියා පැලය.. මොහොතක විනෝදය උදෙසා අනාගතයේ සුවිසල් රුකක් වැනසුවා නේද..

    ReplyDelete
  7. කණගාටුදායක සිද්දියක්... දරුවන් වෙනුවෙන්ම සිටවූ ගසක් දරුවන් විසින්ම විනාශ කරලා....

    ReplyDelete
  8. හරිම සංවේදීයි. කොයිතරම් නම් දුකක් දැනෙන්න ඇත්ද ඒ ඇදුරුතුමාගෙ හිතට? තමන් වෙනුවෙන් කරපු දෙයක් නෙවෙයි.. ළමයි වෙනුවෙන්ම ඒ හැදෙන ගහ දිහා බලාගෙන ඒ ගුරුතුමා සතුටු උනා. ඒත් අන්තිමේදි ඒ ළමයිම ඒ ගහ විනාශ කරා..

    ReplyDelete
  9. තම ගුරුහරුකම් මැද ඇතිවුණ පුංචි ළමයෙක් ගෙ හිනාව, ලෝකෙට දක්වන ආදර්ශය බලාගෙන සතුටුවුණ පියෙක්ට ඒ දරුවා හිටි හැටියෙම නැතිවු‍ණ කල දැනෙන දුක... අපට නොපෙනුනත්, ඒ අපේම මවකගෙ පියෙකුගෙ කඳුළු.. හිතට දුකක් ගෙනාවා... අවුරු‍ද්දෙ අනිත් හැම දවසකම තම ප්‍රශ්න අමතක කරලා දරුවන්ගෙ ඇස් පාදන ගුරුවරුන්ට... අවුරුද්දෙ එක දවසකටවත් තමන් ආදරය කරන දරුවන්ගෙ ආදරය භක්තිය,හදවතින් විඳින්න තියෙන දවසකත් ගුරු සිත දුකට පත්වෙනවනම්.. :(

    ReplyDelete
  10. ඇති වී නැතිවීම මේ ලෝකයේ ස්වභාවය බව අමතක කරන්න එපා. ඒවට කම්පා වෙන්නත් එපා. "ඵුට්ඨස්ස ලෝක ධම්මේහි චිත්තං යස්සන කම්පතී - අසෝකං විරජං ඛේමං ඒතං මංගල මුත්තමං" කියල දුව කීපාරක් කියවල පාඩම් කරන්න ඇත්ද? ඔන්න ඒක තමයි ඒ කියන්නෙ.

    ReplyDelete
  11. වටිනා කතාවක්.... දුක හිතෙන සිදුවීමක් දිල් අක්කෙ

    ReplyDelete
  12. මොනවා කරන්නද ඒ ලමයින්ට ගහක කොලක අගය තේරෙන්නෙ නැතුව ඇති.අනේ ලෝක විනාසය අත ලග වගේ..

    ReplyDelete
  13. හ්ම්ම්ම්.. දුක හිතෙන සිදුවීමක්.... :(

    ReplyDelete
  14. අමතක කරන්න අක්කේ .සමහරුන්ට හරි වැරදි පේන්නේ ටිකක් වෙනස් විදිහට ..

    ReplyDelete
  15. දුකයි... සංවේදී ගුරුවරයෙක්. ඒ නිසයි මිනිහට මේක මේ තරම් තදින් දැනෙන්නෙ. පිහිඹියා ගසක් කැපීම., එතන සිගරට් කොට කීපයක් වැටීම යන සාමාන්‍යය දෙයක් මේ දිග කතාවක් (කතිකාවක්?) මැවෙන්නෙ. හොඳ ආටිකල් 1ක්.!

    ReplyDelete
  16. දුක හිතෙන කතාවක්.

    ReplyDelete
  17. දුක හිතෙන කතාවක් නේ අක්කා.

    ReplyDelete
  18. හිතල කරපු දෙයක් නෙමේ වෙන්න ඇති . ඒත් සමස්තයක් ලෙස ගත්තම ලොකු කතන්දරයක් . අපි අවටම ඉන්න දුයිශේන්ලා වගේම පොප්ලර් ගසුත් අපට නොපෙනෙන හැටි

    ReplyDelete
  19. මූණු පොතේ sirge පොස්ට් එක දැකල එකේ පරිවර්තනය තවත් හැගීම් බර විදිහට මෙතන දැක්කම තවත් දුක හිතුනා.
    sir හැම වෙලාවේම ළමයින්ගේ පැත්තෙන් හිතන ළමයින් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙක්.උසස්ම තැනක හිටියට හරිම ප්‍රසන්න හැමෝගේම ගෞරවයට ලක් උන කෙනෙක්.ළමයින් වෙනුවෙන් කරපු දෙයක් ඒ ළමයින්ම විනාස කරපුවම දුක හිතෙන එක පුදුමයක් නෙවෙය්.
    ඕනෙම තැනක ඉන්නවනේ තමුන්ටත් නැති අනුන්ටත් නැති පාවෙන ජීවිත.ඕක කරන්න ඇත්තේ එහෙම කට්ටියක් තමා. එහෙම අයට කාලකන්නි කියනවා ඇරෙන්න වෙන වචනෙකුත් නැහැ.
    සැබෑ ගුරුවරයෙක්ගේ හිත රිදෙව්ව එක එකේ පවට repeat ගොඩක් අදින්න වෙන එක නම් sure මල්ලිලාට !

    ReplyDelete
  20. සැබෑ ගුරුවරයෙකුගේ අගය වටිනාකම මේ දරුවන් වටහා නොගෙන ඇති. කවදා හරි වැටහෙන විට බොහෝ දේ සිදුවී තිබේවි. පරක්කු වැඩි වෙයි. පසු තැවෙයි. අපි අදට මෙහෙම සමාජයේ බැබලෙන්නෙ අපේ ගුරු මව්වරුන් හා පියවරුන් නිසා වෙන්මයි. ඔබේ මේ වදන් පෙළ ලියවෙන්නෙත් ඒ නිසාවෙන්මයි නේද?

    ReplyDelete
  21. අනේ . ඒත් මේක කියවපු අයගෙන් එක්කෙනෙක් දෙන්නෙක්වත් අනාගතය වෙනුවෙන් ගසක් දෙකක් සිටුවාවි. ඒ විතරක් නෙවෙයි මේ වගේ දේවල් තමන් අතින් සිදු නොවෙන්නත් හැකි තරම් පරිස්සම් වේවි .

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->