Sunday, December 19, 2010

[132] කලු රෝස මලක් !

කලුයි...
ඒත්
මලක් නම්
තමයි

බොහෝ සේ
ලං වුනොත්...
තැලුනු පෙති
මත..
ලොකු බර
සපත්තු අඩි ..
එකෙකු හෝ
දකියි...

කලුයි නම්
තමයි
සුවඳ නම්
අගෙයි
අලුත් නෑ
දනියි...

ඒත්....
පෙති සිනිඳු
හින්දම
ඒ මලක්
බව
සැබැයි !

11 comments:

  1. තැලුණු මල් වල
    සුවඳ ගැලුවද
    සිනිඳු පෙති නැත
    රිදුණු තැන් මිස

    ReplyDelete
  2. තැලුනු පෙති
    සිනිදු නොවේ
    යළි කෙදිනකවත්
    එබැවින්
    පෙති තැලුණු මලකින්
    ඇති ඵලය කිම
    විසිකර දමනු හැර?

    ReplyDelete
  3. එනමුදු
    වීසි නොකර...
    රැකගත හැකි නොවෙද
    අවැසි නම්........

    ReplyDelete
  4. ගලන කඳුලුත්
    තැලුන පෙතිවල රිදුමත්
    කවුරුන් දනිත්ද
    තැලුන මලක්ම මිස
    තැලුනේ
    මලේ වරදින්ම නොමවුවත්

    ReplyDelete
  5. ගලන කඳුලුත්
    තැලුන පෙතිවල රිදුමත්
    කවුරුන් දනිත්ද
    තැලුන මලක්ම මිස
    තැලුනේ
    මලේ වරදින්ම නොමවුවත්

    ReplyDelete
  6. තැලුන මුත් පෙති
    මලක්
    සුවද හමන...


    ලස්සන පද පේලි ටික

    ReplyDelete
  7. සුබ උපන් දිනයක්ද මන්දා

    ReplyDelete
  8. සංසාරෙ අපි වෙත ආමි
    ගී කියවීමි
    හද පිපි සුවද දෙන මල් සහසක් දැකීමි

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->