ලංකාව ඈතුලෙ ඉන්ගිරිසියට තියන බිය නිසා මේ කොම්පියුටරේ තවම අමුතු යකෙක් වෙලා. ඒ බිය මේ වගේ සිංහල සපෝට් කරන මාධ්‍යය නිසා හෙමි හෙමින් අඩු වෙනවා. සින්ගිරිසි, සින්හල බ්ලොග්, සින්හල වෙබ් සයිට්, සින්හල බස්, සින්හල චෑට් මේ වගේ ප්‍රවණතාවන් තව තව අපි ඉස්සරහට ගන්න ඕනේ.... මේක ඉන්ගිරිසියට බියේ කොම්පියුටරයට ටටා කියපු යුගයෙන් මිදුනු වේගව්ත් සංස්කෘතියක්. හරිම සතුටු හිතෙන දෙයක්..
මේ වගේ අපේ භාශාවෙන් දේවල් ඉස්සරහට එනකොට (ඉස්සර අපේදේකට තිබ්බෙ විජේසේකර කීබෝඩ් එකයි ෆොන්ට් ටිකයි විතරනෙ) ඔය ඉන්ගිරිසි භාෂාවෙ තියන ඒකාධිකාරය නෑත්තටම නෑති වෙලා යනව. ජපානෙ වගෙ. සිංහලෙන් හෑම දේම සන්නිවේදනය කරන්න අපි හුරු වෙයි ඉක්මනට.
කොටින්ම උදාහරණයක් කියන්නම්. රාජකාරි හෝ නොවෙන මොකක් හෝ ලිපියක් ඉන්ගිරිසියෙන් ඔලුවෙ වෙහෙසලා කෘතිමව ටයිප් කරනවට වඩා දන්න හොඳ සිංහලෙන් ලියන්න අපිට පහසුකම්වල අඩුවක් තිබ්බා. ෆොන්ට් නෑ. කීස් දන්නෙ නෑ. ඒව මතක නෑ.ඉතින් අපි තියන බැරි ඉන්ගිරිසිය එක්ක හරඹ කලා.ඒත් දැන් ? උවමනා තරම් ඔප්ෂන්ස්!!
වෑඩි උදාහරණ ඕනෙ නෑ. මම සිංහල වලින් මුකුත්ම නොලියා අවුරුදු 10 උන්නා. හේතුව පල කරන්න තියන මාධ්‍යය එක්ක ටච් එකේ ඉන්න එක කරදරයි (උදා: පත්තර) ලියන දේ මිනිස්සු අතරට යන්න කල් යනවා. ටයිප් සෙට් කරනන් වෙලා යනවා. ෆොන්ට් නෑ. තියන ඒව ඉක්මනට ඉගෙන ගන්න බෑ. පල කරන්න තැන් නෑ. පල කලත් කියවන අය නෑ. ඔය වගේ හේතු. ඒත් 2010 ජනවාරියෙ අහම්බෙන් සිංහල බ්ලොග් ඇස ගැටුනම මට පස්වනක් ප්‍රීතියක් දැනුනෙ. මෙන්න හොඳම වෙලාව ! ආයෙත් ලියන එක මුවහත් කරන්න ! අවස්ථාව ආවා. පල කලා. කියවන සහෘදයින් පිරිසක් බ්ලොග් වටා ඉන්නවා.
දැන් දැනුම බෙදන්න ක්‍රම තියනවා. මූනු පොතේ, ඊමේල් , ගූගල් බස්, ට්විටරය ,ඒ හැම එකකටම අපි කොන්ද කෙලින් තියන් සිංහල අකුරු වලින් අපේ දේවල් හුවමාරු කරන්න පටන් අරන්! කිසි කෙනෙක් කිසිවකට ලැජ්ජ වෙන්නෙ නෑ මේ අකුරු ඉන්ගිරිසි තරම් හතරැස් නෑ කියල.
අන්ත පොෂ් යයි කියා ගත්ත ඉන්ටනැසනල් ඉස්කෝලෙ සිංහල බැරි බව මූනිච්චාවට සෝබනේට පෙන්නන, කට්ටිය ඉස්සරහ මම බය නැතුව සින්ගිරිසියෙන් මූනු පොතට , බස් එකට සිංහලෙන් ලියනව. ඔය කියන පොෂ් නෝනල මහත්තුරු ඔක්කොම හොරෙන් කියවන , එලිපිට 'අනේ අපෙ මැශින් එකේ සිංහල ෆොන්ට්ස් නෑ අනේ' කියල තොඳොල් වෙන අයව ගණන් නොගෙන මම සිංහලෙන් ලියනව. කොම්පියුටරේ සිංහල අකුරු මොනිටරේ පේද්දි මම හැන්ගෙන්නෙ නෑ. මට ඒක ආඩම්බරයක්. මම කොම්පියුටරය කියන්නෙ ඉන්ග්ලිශ් වලින් විතරක් වැඩ කරන්න මවපු එකක් කියල කියා ගන්න උදවියට සින්හලෙන් මේකෙ වැඩ කරන හැටි කියල දෙනව මම .
මම... පුලුවන් හැමවෙලාවෙම තාක්ෂණේ සිංහලෙන්ම යොදා ගෙන, අවශ්‍ය හෙවත් අත්‍යාවශ්‍ය මොහොතකට විතරක් ඉන්ගිරිසිය පාවිච්චි කරන , ඉන්ගිරිසිය අවශ්‍ය අවස්ථාවට කිසි සේත්ම සිංහල කවලම් නොකරන, ඒත් යාලු මිතුරන් ඉස්සරහ දෙකම කවලමේ හෝ එකකින් අමු අමුවේම උනත් නිදහසේ කතා කරන , අන්තිම අමුම අමු සිංහල කම පිටින් පෙනෙන්නට නොබේරෙන , ඒක හිතේ තියාගෙන එයින් උපරිම පල නෙලන, බටහිරම කරණය වෙච්ච ඉස්කෝලෙක රට්ටුන්ට ඕනෙ හැටියට නොව මට ඕනෙ හැටියට තාක්ෂණය පාවිච්චි කරන සංකර කෙල්ලෙක් වෙච්ච එක ගැන මම අද ආඩම්බර වෙනව.