ආලය ...
පෙති ඇහැරී නොමැති වුව ,
පිපී අවසන් මලක ,
නටු අගෙහි එල්ලී ගත්
දාහයෙන් ශේෂ පිණි බිඳුවකි..
අතීතය ...
හීනි සුලඟටත් සසැලෙන
දුබල පෙති ගිලිහුනෝතින්
විදාරණය වන නිරුවත
වියැලි හද රේණු අහුරකි..
වසන්තය ..
එන වසන්තයටත් බඹරු විත්
යන තුරුත් , හිස ගසා සැඟවගත්
පොහොට්ටුවක අකල් නිද්‍රාව
ජීවිතයෙන් ඉපැදුනු මරණයකි ...
2014 - 3 - 20





.jpg)






























