Monday, February 17, 2014

[303] ආදර සිතියම..

 .
ජීවිතේ .. 
පාට විසිරුනු සිතුවමක් 
දැවෙන අහසත් 
තෙමෙන පොළොවත් 
එකට යාවුන සිතියමක් .... 

ආදරේ 
ඒ සිතියමේ එක් නිම්නයක් .. 
අහඹු හමුවක 
මතක සළකුණු 
ඉපිද මිය යන සිහිනයක්... 

නුඹ මගේ 
තාල ගිලිහුණු කවි පෙලක් .. 
පැරණි නගරෙක 
ශිලා ලිපියෙක 
ලියා කටුගෑ පද වැලක්...
.

7 comments:

  1. ලස්සන කවි සංකල්පනාවක් !

    ReplyDelete
  2. මා මළ පසු පැදි පෙළට පස්සේ ආසාවෙන් රසවින්ද ඔබේ පැදි පෙලක්.
    - දන්න කෙනෙක්

    ReplyDelete
  3. කදිම අදහස් ටිකක් කවියකට නැගී.

    ReplyDelete
  4. හදවතේ,
    පිරුනු ප්‍රේමය මල් දමක්,
    නුඹේ ගෙලවට,
    පළඳවන්නෙමි,
    සෙනෙහසින්,

    ReplyDelete
  5. ඉතා මිහිරි පද වැලක් .... අමුතුයි ... !!

    ReplyDelete
  6. ආදරේ නිම්නයක්ද නැත්නම් සිතියමමද කියලා වෙලාවකට හිතෙනවා..

    මිස් ලියන ඒවා කියවලම අස හිතිලා මමත් මේ පළාතට අවා. වෙලාවක් තිබුනොත් පොඩ්ඩක් ඇවිත් යන්න හොදේ...

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->