Saturday, December 21, 2019

[368] ජූඩ්, ඉවෝන්, මැතිව් , dalarin , හිතුමතේ ජිවිතේ , Frank William ABignale - ඔබ සහ මම ...

Image result for according to mathew

මට ඇත්තටම මෙම තේමාවේදී ඔබේ තියරිය නොතේරේ. එනිසා ජූඩ්ගේ නිදහස් වීම පිලිබඳ හෝ ගා පොස්ට් ශෙයා කරන , පෙත්සම් වලට අත්සන් එකතු කරන ඔබ , මට මෙහි අරුත කියා දෙන්න.

According to Mathew හි මැතිව් පියනම රසල් ඉන්ග්රම් මරා දමන්නේ බොහෝ සන්විධිතවය. පෙර සැලසුම් කොට , ඉතා දිගු කලක් තිස්සේ සැලසුම ක්‍රියාත්මක කිරීමෙනි. එහෙවු මැතිව් පියනමද Dalrin ද සිරබත් කා නිදහස්ව පැමිණ විවාහ දිවියට ඇතුළුව මිය යන තුරුම එකට වසයි. ඔබ හරි හම්බ කල මිල මුදල් ගෙවා එම චිත්‍රපටයද නරඹා හුරේ දමා පැමිණියාද විය හැකිය. ඇතැම් විට චිත්‍රපටය නැරඹීමට එකම හේතුව ජැකලින්ගේ සුන්දර රෑ සපුව විය හැකියි. ඒ කෙසේ වෙතත් , ඒ , එක මිනිමැරැමකට අප ප්‍රතිචාර දක්වන විදියය...

Image result for according to matthew

හිතුමතේ ජීවිතේ.... ඔහුගේ හිතුවක්කාර , අති බිහිසුණු මිනීමැරුම් හය හතම අතිශය සංවිධානත්මකය . සිය නැගණිය මරා දැමු වෛරය හිත තබා වරින් වර සිරෙන් පැන යමින් , සමාව ලබමින් , නිදහස් වෙමින්, යලි සිරගත වන ඔහු වතාවන් කිහිපයකදීම පොලිසියට ගොස් බාර වන්නේ කඳින් වෙන් කළ හිසද අතකින් රැගෙනය! මේ ලොමු දැහැගැන්වෙන කතා මාළාව පත්තරේ , ගොසිප් සයිට් වල , ඔබද කියවන්නට ඇත. මමද කියෙව්වෙමි. එයින් චිත්‍රපටයක්ද තැනෙන බව අසන්නට ලැබුණි. ඔහු සිරෙන් නිදහස් වුයේ දඬුවම් කාලය අවසනද ජනාධිපති සමාවෙන්ද කියා මට මතකයක් නැත. කෙසේ වෙතුදු එලියට එද්දී ඔහු ජාතික වීරයෙකි. ඔහු රුපවාහිනී සම්මුඛ සාකච්චා වලටද නැතුව බැරි විය. ඔහු ගැන පොත්ද ලියවුනි. මමද මෙවර පොත් ප්‍රදර්ශනයෙන් ඔහු ගැන පොතක් ගත්තෙමි. ඒ තව මිනිමැරැම් මාලාවකට, එහි චූදිතයාට අප ප්‍රතිචාර දක්වන හැටිය...


නමුත්, පහුගිය අවුරුදු ගණනාවක් ඇතුලත මෙලෙස පොත් පත්තර චිත්‍රපටවලට හසු නොවී දහස් ගණනක් මිනිසුන් ජනාදිපති සමාව ලබන්නට ඇත. බිහිසුණු අපරාධකරුවන් , පාතාලන් , කුඩු ජාවාරම් කරුවන් ... එකී මෙකි නොකී... ඒවාට අප ප්‍රතිචාර නොදක්වා අනුකම්පීයව සිටියෙමු.

එමෙන්ම කිසිදු වරදක් නොකොට සිරගත වුවන් තවමත් සිරගෙයි බිත්ති හතරකට මැදිවද සිටිනවා විය හැකිය. ඒවාටද අප ප්‍රතිචාර නොදක්වා නොඇසුනා සේ සිටිමු. නොදුටුවා සේ සිටිමු.

Catch Me If you Can නම් සුන්දර ස්පිල්බර්ග් නිර්මාණය, ඔබද මමද බලා ඇත. එතැනදී ඔබට ෆුෑන්ක් - එනම් ඩි කැප්රියෝ වීරයෙකි.. අවුරුදු 19 වන්නට පළමුව ඩොලර් කෝටි ගණනක් චෙක් වලින් වංචා කල ඔහු හිරගෙයින් එලියට එන්නේ කෙලින්ම අපරාධ විමර්ශන වලට සහය වීමටය ඒ, ඒ රටේය . අපිද ඒවාට හුරේ දමමු. අන්න නියම මිනිස්සු ! , උන්ගේ හැකියාවල් වලින් වැඩ ගන්න නියම මිනිස්සු යයි පවසමු ! ඒ තවත් චූදිතයකුට (මෙය සත්‍ය කතාවකි) අප ප්‍රතිචාර දක්වන විදියය...

සිරස සුපර් ස්ටාර් ගී ගයන්නට පැමිණි ගාල්ල බන්ධනාගාරයේ තරඟකරු මට මතක් වේ. ඔහු අම්මා ගැන ගී ගයන විට ඔබද අඩන්නට ඇත. මමද එ'පිරිස අතර සිටියෙමි. එදා ඔහු කල වරද ඇනලයිස් කරන්නට කවුරුත් හිටියේ නැත. ඒ තව චූදිතයකුට අපගේ ප්‍රතිචාරයය..


තවත් චූදිතයෙක් දැන් කරලියට පැමිණ තිබේ. ඒ ජූඩ්ය. මියගියේ සුරෑපී ඉවෝන්ය. ජූඩ් දැන් සිරගෙය තුල සිටම උපාධිය සම්පූර්ණ කර ඇත. පශ්චාත් උපාධියක්ද සම්පූර්ණ කර ඇත. ඔහු ඉන් එලියට පැමිණ පී එච් ඩි උපාධිය කරන්නට සමාව ඉල්ලයි. (එය ඇත්තද නැද්ද හා නොදනී) නමුත් මේ චූදිතයාට සමාවක් නැත. කාගෙන්ද ? ජනතාව වන අපගෙනි. ඇයි ඒ ?


ඉහත කී සියලු අපරාධ ලඝු වී චූසිතයා වීරයෙක් හෝ අනුකම්පා ලද්දෙක් වෙද්දී , ජනතා අධිකරණයෙහි සමාව ලබද්දී, ජූඩ් පමණක් සදා සිරගත වී ඉවෝන් පමණක් සාධාරණීකරණය වන්නේ මොන ලොජික් එකෙන්ද ? , මේ ඔක්කොටම හුරේ දමන ඔබට ඉවෝන් ගැන පමණක් මේ සා කැක්කුමක් එන්නට හේතු මොනවාද ? ඔබ එය අසාධාරණයක් යයි සලකන්නේ නම් , අකාලයේ මිලිනව ගිය අර අවුරුදු පහේ මල් කැකුල ගැන(නම මතක නැත) ඔබ කියන්නේ මොනවාද ? අප්‍රේල් විසි එක පවුල් පිටින් අතුරු දහන් කල වුන් අදද නිදැල්ලේ සිටිද්දී ඔබ කතිර ගහන්නට පන්සල් උල් කරනවා විය යුතුය.

අවුරුදු දහනමයේදී බිහිසුණු අපරාධයක් කල කොල්ලා අද උපාධි දෙකක් ඉගෙන ගෙන ඇත. කෙසේ නමුත් ඔහුට දුන් මග පෙන්වීමට ඔහුගේ වැඩිහිටියන්ටද, බන්ධනාගාර නිලධාරීන්ටද , ඔහුට දුරස්ත ක්‍රමයට ඉගෙන ගැනීමට දුන් අධ්‍යාපන ආයතන වලටද ප්‍රශංසාව හිමි විය යුතුය.

දැන් ඉතින් සිතන්න... මේ හදිසි අල්ල පනල්ලේ එන පෙස්සං , පොස්ට් අරවා මේවා එලියට බහින්නේ ඔබට උවමනා නිසාද ? රටට උවමනා නිසාද ? ඌ සමාජගත නොවිය යුත්තේ, සමාව නොලැබිය යුත්තේ ඌ තරුණ නිසාද ? ඌ කෙසේ හෝ ඉගෙන ගත් නිසාද ? සිතන්න... මොකක්ද ඔබේ තර්කය?

එය ප්‍රසිද්ද මිනීමැරුමක් නිසා ඔහු එලියට නො ආ යුතුය , අප්‍රසිද්දියේ එලියට එන වුන් එලියට ආවාට කමක් නැත . මේක මාර තියරියක්නේ !.

උගේ අම්මලා තාත්තලා බලපුලුවන්කාරයෝ විය හැක. ඔබට අනුව ඔහු කිසි සේත්ම නැවත සමාජයට නො ආ යුත්තේ ඒ නිසාද ? නො එසේ නම් ඔබ හිතුමතේ ජීවිතේ සමාජයට ඒම පිලිබඳ හඬ නොනැගුවේ කුමන හේතු මතද ? ඔහු වයසක නිසාද ? පෙබරවාරි හතර නිදහස් දිනයට විශේෂයෙන්ම මෙවන් පොදු සමා ලබන මිනිසුන් බොහෝ දෙනා නිදහස් වෙති . ඔබට ඔවුන් හිසරදයක් නොවුයේ මන්ද?

අහා මට අමතක වුනා , ජනපති සමාව දුන්නේ සිරිසේන නිසාද ? ඔබ ප්‍රවෘත්ති නරඹන්නේ නම් , දිනකට කොපමණ නම් මල සිරුරු අතනින් මෙතනින් හමු වන්නේද ? ඇතැම් අහිංසකයින් මරා දැමුවන් තවමත් නිදැල්ලේය. එතැනදී ඔබේ ඇගිලි ගල් වූයේ කෙසේද .. සිතන්න...

මට මේවා මහා ප්‍රශ්නය... මට ඔබ තේරුම් ගත නොහැකිය ... මට නොපෙනුන ඔබට පෙනෙන හේතු නොබියව කියා දෙන්න.

ඔහු එලියට ආවේ සාධාරනේද අසාධාරනේද කියා මා දන්නේ නැත . හරි කාලයේද, වැරදි කාලයේද කියා මා දන්නේ නැත. මට මෙහි දැනෙන තැනක් ඇත. එය පත්තරේ දැමීමට මට අවශ්‍ය නැත. මොහු කවුදැයි මම නොදනිමි. මට එය වැඩක් නැත. නමුත් ඔහු සමාජගත නොවිය යුත්තේ කුමන කාරණාව මතද යන්න මේ පෙස්සන් ශෙයා කරන , පොස්ට් ශෙයා කරන ඔබ පහදා දෙන්නේ නම් මැනවි. මොකද හිතුමතේ ජීවිතේ වැන්නවුන් වීරත්වයෙන් දකින , රසල් ඉන්ග්රම් ඩැල්රින් සමග කුටුම්භ සුව විඳ මිය ගිය එක ගැන කිසිදු අහිතක් නැති , Catch Me if you Can හි Frank William Abignale අපරාධ විමර්ශනයට සහය වන නිලධාරියෙක් වූ ( සත්‍ය කතාවකි) කතාවද නියමයි කියන ඔබට, මෙම තරුණයා ගැන පමණක් මහා හදිසියේ පහල වූ වෛරය සහ ඉවෝන් නම් තරුණිය ඝාතනය පිළිබඳව පමණක් මහා හදිසියේ පහල වූ සත්‍යයේ අසිපත් සවිය ගැන මට පුදුම නොවී සිටිය නොහැකිය!.

මෙය කිසිසේත්ම සිදුවූ ඝාතනය ලඝු කොට ලියුවක් නොවේ. එය සිදුවූ අමනුෂ්‍ය බව සහ එහි බිහිසුණු බව ගැන කියන්නට දෙයක් නැත. එමෙන්ම එම තරුණියගේ පවුල අදටද මුහුණ දෙන දුක සිතාගත හැකිය. ඒ පිලිබඳ මම අවංකවම කණගාටු වෙමි. නමුදු එම කණගාටුවම, මට, අප්‍රේල් විසි එක සුන්නධ්ධුලි වූ පවුල් වලටද ඇත. ෆ්‍රෑන්ක් විලියම් විසින් රවටන ලද ආයතන ලද පාඩු ගැනද එම අනුකම්පාවම ඇත. හිතුමතේ ජිවිතේගේ නැගණියටද ඇත . ඉන් අනතුරුව මිය ගිය හත් දෙනාටද ඇත !.

මට තේරුම් ගත නොහැක්කේ එකකදී වරදකරු වීරයෙකු කොට , අනෙකකදී වරදකරුවා මෘගයකු කරන ඔබයි ..

එකකදී නිවැරදි කරු වෙත අනුකම්පාව පල කොට තවෙකකදී දුකට පත් පාර්ශවය සහමුලින්ම අමතක කරන ඔබයි ...

පහදා දෙන්න.

ප.ලි.

Slum Dog Millionaire ඉන්දියාවේ හුඩුක්කු පෙන්නද්දී ඇසට කටුකය, මුඩුක්කුවේ සුන්දරත්වය අපට නොපෙනේ ! ඒවා නිතර බලන්නට තරම් සුන්දර නැත.

නමුත් මහා ධන කුවේර මාලිගා වල, නිදියද්දීත් සාරි අඳින පැලැන්තියේ, පවුල් අතර සිදුවෙන කුටුම්භ යුද්ධ වැනි චූල මාතෘකා දෙස වුවද , අප මහා වෙලාවක් කැපකොට , ලොකු කමට බලාගෙන ඉන්නට කැමැත්තෙමු.

6 comments:

  1. මේ කතාව ගැන මට තියෙන්නෙ එකම එක ප්‍රශ්නයක්! ජූඩ් සමන්තයි සුමතිපාලයි දෙන්නා එලියට ආව විදිහ සංසන්දනය කරන්නෙ කොහොමද? ඒ සංසන්දනය එච්චර සාධාරණ නෑ. Ultimately both of them are murderers කියල එච්චර සරලව ඒක ලඝු කරන්න බෑ...

    ReplyDelete
    Replies
    1. ඒකයි මම පැහැඩිලිව ලියන්නෙ , මෙ එක එක්කෙනාට එක එක විඩියට ප්‍රතිචාර ඩක්වන ඔබව තෙරුම් ගන්න අමරුයි කියලා

      Delete
    2. සුමතිපාල මහත්මයගෙ නංගි බොහොම ලස්සන ගෑණු ළමයෙක්. ඒ ලස්සන නිසාම අවුරුදු කුමාරි තරගෙන් දිනන මේ ගෑණු ළමයට, ඒ ලස්සන නිසාම හයදෙනෙක් අතින් සමූහ දූෂණයට ලක් වෙලා මිය යන්න සිද්ධ වෙනවා. කතාවෙ හැටියට ඒකට සම්බන්ධයි රටේ නීති සම්පාදනය කරන එවුන් සහ නීති ක්‍රියාත්මක කරන එවුන්. එතන වැටයි නියරයි දෙකම ගොයම් කාලා. සුමතිපාල තමුන්ගෙ අමාරුව කියන්නෙ කාටද? සුමතිපාල මහත්මයගෙ අම්මා තාත්තා ජූඩ් සමන්තගෙ අම්මා තාත්තා වගේ කෙරුම්කාරයො නෙවෙයි. ඒක නිසා තමා සුමතිපාල මහත්මයා නීතිය අතට ගන්නෙ. වෙන මොනවා කරන්නද? උසාවියක් ඉස්සරහ චෝදනා ගොනු කරලා නඩු පවරන්නද? කෝ ඒව ඔප්පු කරන්න සාක්ෂි? එහෙම නඩු කියන්න සල්ලි බාගෙ? තත්වෙ ඔහොම තියෙද්දි සුමතිපාල මහත්මයාට තියෙන තෝරාගැනීම් මොනවද? එයාට මම දකින විදිහට තියෙන්නෙ තෝරාගැනීම් දෙකයි. එක්කො ඒ සිද්ධිය, "නංගිගෙ කරුමෙ. ඒකට මට කරන්න දෙයක් නෑ" කියලා අතෑරලා දාන එක. එහෙම නැත්තම් කරන්න තියෙන්නෙ නඩුකාරයා සහ අලුගෝසුවා කියන චරිත දෙකම තමුන් අතට ගැනීමයි. සුමතිපාල මහත්තයා හිටපු තැන මම හිටියනම් මම කරන්නෙත් එයා කරපු දේම තමයි.

      ජූඩ් ගැන කතා කලොත්, ජූඩ්ට උවමනාවටත් වඩා තෝරාගැනීම් තිබුණා. ඒකනෙ වැරදි තෝරාගැනීම් පමණක්ම කරලා තියෙන්නෙ. එයාට තිබුණු තරම් ඔප්ෂන්ස් සුමතිපාල මහත්මයට තිබුණ නම් සමහරවිට සුමතිපාල මහත්මයගෙ නංගි තවම ජීවතුන් අතර. තමුන්ගෙ කල්කිරියාව ගැන ජූඩ් අපට දෙන පැහැදිලිකිරීම තමයි "මම මගේ දෙමාපියන්ගේ දික්කසාදය නිසා බිඳීගිය නිවසක හැදුනු වැඩුනු කෙනෙක්. මම හැදුනෙ වැඩුනෙ තනියෙම...". වෙන්න ඇති. හැබැයි ඒක තව කෙනෙක්ගෙ ජීවත් වීමේ අයිතිය නැතිකරන්න හේතුවක් නෙවෙයි. ජූඩ් තවත් කෙනෙක්ගෙ ජීවත්වීමේ අයිතිය උල්ලංඝණය කරපු කෙනෙක්. කාට හරි කියන්න පුළුවන් "ඉතින් සුමතිපාල හයදෙනෙක්ගෙ ජීවත් වීමේ අයිතිය උල්ලංඝණය කලේ?" කියලා. ඒ හයදෙනාම සුමතිපාල මහත්මයාගෙ නංගිගේ ජීවත්වීමේ අයිතිය බොහොම අමානුෂික හා සාහසික විදිහට උල්ලංඝණය කරපු ස්ත්‍රීදූෂක මිනීමරුවො ටිකක්. මම අහන්නෙ ජූඩ් අතින් නිස්කාරණේ මැරුම් කාපු ඉවෝන්, කාගෙහරි ජීවත් වීමේ අයිතිය උල්ලංඝණය කරාද? මම දන්න විදිහට නෑ. මගේ පොයින්ට් එක තමයි, මේ ජූඩ්, මැතිව්, ඩැල්‍රින් එක්කල එකට තියල සුමතිපාල මහත්මයව සංසන්දනය කරන්න බෑ. අනික් තුන්දෙනාම මිනීමැරුවෙ වෙන ඕනෙතරම් ඔප්ෂන්ස් තියෙද්දි. සුමතිපාල මිනීමරන්නෙ ඔප්ෂන්ස් නැතිකමට. ඒකයි මම කියන්නෙ සුමතිපාල ඉන්නෙ ඩැල්‍රින්, මැතිව් සහ ජූඩ් ඉන්න බෝට්ටුවෙ නෙවෙයි කියල. සුමතිපාල කියන්නෙ වින්දිතයෙක් මිසක් චූදිතයෙක් නෙවෙයි. වින්දිතයෙක් එක්ක එකට තියලා චූදිතයන් ගැන කතාකරන එක එච්චර සාධාරණ නෑ. තවත් තර්කයක් තමයි "එහෙම බැලුවොත් ජූඩ් කියන්නෙත් වින්දිතයෙක්" කියන එක. සෑහෙන ගැඹුරින් කල්පනා කලාම, ජූඩ් කියන්නෙත් එක්තරා අන්දමක වින්දිතයෙක් තමා. නමුත් ඒකට ඉවෝන් පලි නෑ. ජූඩ්ව වින්දිතයෙක් කලේ ඉවෝන් නෙවෙයි.

      Delete
  2. දිල්ශාරා, ඔබේ ලිපියට ස්තූතියි. මගේ අදහසේ හැටියට ඔබේ ලිපියේ මූලික ගැටලුව සිනමා කෘති සමග සිනමා කෘතියකට නොනැගුනු සිදුවීම සැසඳීමයි. සිනමා කෘතියක අධ්‍යක්‍ෂණයේදී තිර පිටපත මගින් සැබෑ ලෝකයේ දුෂ්ඨයකු චිත්‍රපටයේ වීරයකු කල හැකිවාක් මෙන්ම සැබෑ ලෝකයේ වීරයකු චිත්‍රපටයේ දුෂ්ඨයකු කල හැකිබව ඔබ දන්නවා ඇතැයි සිතමි. උදාහරණයකට හිතුමතේ ජීවිතේ ගනිමු. ඔහුගේ ඇත්ත කතාව නම් ඔහුගේ නැගනියගේ සිරැරට වහවැටී එම පැත්තේ පොලිස් ලොක්කා ඇයව දූෂණය කර මරා දමන අතර ඒගැන නීතියෙන් කිසිම පිළිසරණක් හිතුමතේ ජීවිතේගේ දිලිඳු පවුලට නොලැබුනු නිසා හිතුමතේ ජීවිතේ තම නැගනියගේ මිනීමරැවන් එක එකා මරා දැමීමයි. දැන් මේක වාර්තා කරන කෙනාගේ අවශ්‍යතාවය මත හිතුමතේ ජීවිතේ දුෂ්ඨයෙකු හෝ වීරයකු කල හැකිය. ඔබේ ලිපිය එයට කදිම උදාහරණයකි. ඉවෝන්ගේ කතාවත් සිනමාවට නැගුනොත් ජූඩ් දුෂ්ඨයෙකු හෝ වීරයකු වන පරිදි එය කල හැක, ඒඅනුව ප්‍රේක්‍ෂක ප්‍රතිචාරද ලැබෙනු ඇත.

    ReplyDelete
    Replies
    1. ඔබ හොඳ පැත්තක් පෙන්නුවා. එත් අපි අරන් බලමුඩ මෙ සිදුවීම් ඔක්කොම සිදුවීම් විතරක් හැටියට ? එතකොට ඔබේ අදහස දැනගන්න කැමතියි

      Delete
    2. ස්තූතියි ඔබට ප්‍රතිචාරයට. මේ ගැන සිදුවීම් හැටියට මගේ අදහස් කොමෙන්ටුවකට ලඝු කල නොහැකි නිසා ඉඩක් ලැබුනු විටක ලිපියක් ලියන්නම්.

      Delete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->