Monday, January 14, 2019

[350] කුණු නොතැකූ කලමණාකාර නෝනාට. .

සදුදා දවල්. අද එච්චර කාර්යබහුල දවසක් නෙවි. ඒ නිසා සෙනඟ අඩු දහවලේ මම ගියා කාගිල්ස් එකට බඩු ගන්න.

ඉතින් හදිසි ෂොපින් පාරක් . සේවක සේවිකාවන් නම් අඩුයි . ඔක්කොම බඩු අරගෙන අන්තිමට මස් මාලු අලෙවි කරන කවුන්ටරයට මම යද්දි , එතැන සේවිකාව නැහැ.

නැහැ නැහැ. ඇත්තටම කිව්වොත් එතැන හිටගෙන ෆෝන් එක බල බල හිටියෙ එතැන මැනේජර් තුමිය. ඇගෙන් මස් ඉල්ලන්න බැහැනේ. ඉතින් මම සේවිකාව එනකල් පැත්තක එකෙල මෙකෙල වෙවී හිටියා. ඒ එක්කම මට හිතුනේ එතැන බෙල් එකක් තිබ්බ නම් කොච්චර හොඳද කියලයි.

මොහොතක් යද්දි , ඇය ඔලුව උස්සල බැලුවා .

"මොනවද ගන්න ඕනෙ මිස් ?"

"මේ මම මේ චිකන් ටිකක් ගන්න" ..

මම ටිකක් ඇදල පැදල වටපිට බැලුවා සේවිකාව එනකල් .

හරි පුදුමයි . ඇය ඇගේ ෆෝන් එක පසෙක තියල සිලි සිලි මල්ලක් අතට දා ගත්තා. මට තවත් පුදුමයි .

"කොයිකද ඕනෙ ? "

ඇය හුරැපුරැදු කාරියක් වගේ හරිම වේගෙන් මට අවශ්‍ය මස් කිරල මලු වලට දාල ලේබල් අලවලා දුන්නා විතරක් නෙමෙයි . මට පසුව එතැනට ආව ගනුදෙනු කරැවන්ටත් හනි හනික මස් මාලු ලබා දුන්නේ ඇය ඇඳ සිටි වටිනා සාරියවත් මේකප් වත් නොතකා. .. ඇය කිසි සෝබනයක් අපුලක් නොපෙන්වා එම කාරිය සැනෙකින් ඉටු කර දුන්නා නිහඬවම..

මේ ලංකාවද? මට මොහොතකට පුදුමයි . ඒ එක්කම දුකකුත් ආවා. මගේ පුදුමයේ අර්ථය නම් , එය අප බලාපොරොත්තු වන ලංකාවේ කලමණාකාරිණියකගේ හැසිරීමෙන් වෙනස් හැසිරීමක් (exception) වීමයි. එනම් , යථාර්තය ඊට හාත් පසින්ම වෙනස් වීමයි.

කෙසේ වෙතත් මට මේ රට ගැන ඇත්තටම දැනුනා සතුටක් අද. මොකක්දෝ වෙනසක් වෙන බවක් දැනෙනවා.ඉතා උගත් මුත් හණමිටි අදහස් , කුහක කම් , වෛරය , ද්වේශය වපුරන ගැහැණු මිනිසුන් ෆේස්බුක් එකේ වීරත්වය පෙන්නන පොස්ට් ලියද්දි , පුංචි හොඳක් කරල එක දෙක කරල සෙල්ෆි ගහද්දි , ඇතැම් නිහඬ චරිත පුංචි වෙනසකින් ලෝකයටම අාලෝකය සපයනවා. ඒ මෙවන් නිහතමානී මිනිසුන් !

හිතට ආව වරදකාරී හැඟිම නිසාම ( ඇය ලව්වා මස් කිරා ගත් එක ගැන) , මම ඇගෙන් ඇහුවා

" අද මෙතන කවුරැත් නැද්ද මිස් ?"

"ඉන්නවා , ඒ ගොල්ලො දවල් කෑම ගන්නවා"

මේ අතිශයින්ම රෑමත් ( ඇත්තටම ඈ ඉතාමත්ම ලස්සන කාන්තාවක්) කලමණාකාරවරිය , ⁣සියතින්ම එලවලු අසුරනු , කාඩ්බෝඩ් පෙට්ටි ඔසවාගෙන එනු මා අනන්තවත් දැක තියනවා. පාරිභෝගිකයන් වැඩි වෙලාවලට අමතර කැෂියර් කවුන්ටරයට ඈ නොපැකිල පිවිස පෝලිම් අවම කරනවා පමණක් නෙවෙයි , කැෂියර් තරැණියට සහයට සේවකයකු නැති තැන මලුවලට බඩු අසුරන්නේත් ඇයමයි. සාරියකුත් පටලා ගෙන ඇය ගර්භනී අවධියේත් එලෙසම වැඩ කල වගත් මට මතකයි .

ඇත්ත වශයෙන්ම මෙවන් කතුන් කාගිල්ස් ෆුඩ් සිටියට පමණක් නොවෙයි රටටත් සම්පතක්. සැප පුටුවක වාඩිවී සේවකයන් ලව්වා මරව මරවා වැඩ ගන්න , මානයෙන් ඔලුව උදුමවා ගෙන සේවක සේවිකාවන්ට පාරිභෝගිකයන් ඉදිරියේත් බැණ අඬ ගසන හාම්පුතුන් බහුතරයක් ඉන්නා රටක කාගිල්ස් ෆුඩ් සිටි රත්මලානේ ඉන්නා මේ කලමකණාකාරවරිය (ඇගේ නම නොදනිමි) ගේ මේ ආකල්ප හා හැසිරීම ගැන ඇතිවූ පහන් සිත ලිවිය යුතුම යයි මට සිතුනා.

මා අද ⁣මේ කුඩා සිදුවීමට ලොකු විශේෂත්වයක් දෙන්නේ , එය අප නිතර දකින හැසිරීමෙන් වෙනස් නිසා නේද ? එය අප නිතර නොදකින අසාමාන්‍ය හැසිරීමක් නිසා නේද ? . අන්න එය තමයි අපේ අවාසනාව!

ලෝකෙන් උතුම්ම රට ලංකාවද නැද්ද කියන්න මම දන්නෙ නෑ. නමුත් මා සුභවාදීව බලා සිටිනවා, මට මෙවන් පෝස්ට් ලියන්නට තරම් එය විශේෂ සිදුවීමක් නොවන දිනයක් මේ රටට එලඹෙන තුරැ... එදාට මම කියන්නම් , ලංකාවෙ මිනිස්සුත්, සදාචාරයක් විනයක් හැදියාවක් සංවරයක් තියෙන මිනිසුන් සිටින රටක් බව !

ප්‍රොමෝෂන් එක දෙක වදින කොට , තමන් ආ තැන් , අලගිය මුලගිය තැන් අමතක වෙන මිනිසුන් බහුතරයක් ඉන්න රටක , රත්මලාන මවුන්ට් සිටි ගොඩනැගිල්ලේ , කාගිල්ස් ෆුඩ් සිටියේ සිටින සොඳුරැ කලමණාකාරිණියට , ස්තුතියි, නිරහංකාරකම , කැපවීම පෙන්වුවාට ..

ස්තුතියි 'ගෙදර යන ගමන්' අසුරා ඔතා දුන් පහන් සිතට ! <3

Image result for supermarket manager

2 comments:

  1. පිදුරු වගේ කුකුළු මස් කන්නේ ඇයි නෝනා? රස ගුණ හරක් මස් කන්න. හරක් මස් කියන්නේ බොහොම පෝෂ්‍යදායී ආහාරයක්. ඔබ ඔබේ දරුවන්ට ආදරෙයි නේද? ඒ නිසා ඔබ ඔවුන්ට ලබා දෙන්නේ හොදම දේ නේද? එහෙනම දිනපතාම හරක්මස් කෑමට දෙන්න. ඔබත් ලේ වඩවන,ගුණදායක, රසවත් හරක් මස් කෑමට ගන්න.

    අපේ අබ්දුල්ලා මුදලාලිගේ ස්ටෝර්ස් එකෙන් ගත්තු ඉස්තරම් තුනපහ මිරිස් එහෙම දාලා බොරේ හිටින්නට හදපු හරක් මස් කරියක් එක්ක පකිස්ථාන් සුදු සහලෙන් හදපු උණු උණු දුම් දාන කිරිබත් කෑලි කෑවැකි බඩ පැලෙන්න. ඇයි බෝතලයක් කාරිය හිස් කරද්දී. හොදට කටුත් එක්ක ඒදාපු හරක් මස් කරියක් එක්ක, සම්සුදීන් මුදලාලිගේ බේකරියේ උණු උණු රෝස් පාන් වලට වඩා යන දෙයක් තියෙනවද?

    ඉතිං ඔයාලා ඇයි උදේට නැගිට්ටම ඇයි ඔය බත් තම්බ තම්බ ඉන්නේ. මුණ කට හොදන් යන්න ටවුමේ සම්සුදීන් මුදලාලිගේ හෝටලේට. ගිහිං වාඩිවෙලා ඕඩර් කරන්න හොදට සැරට හිටින්න හදපු හරක් මස් හොද්දක් එක්ක උණු උණු රෝස් පාන් දෙකක්... මේ පාන් උණු උණුවේ හදන්නෙත් සම්සුදීන් මුදලාලිගේ බේකරියේමයි. ම්ම්. ඉතිං ටික වෙලාවකින් මේසෙට අරං එයි ඒ දිව්‍ය බෝජනේ. ඔන්න ඉතිං දෙසා බාන එකයි තියෙන්නේ. ඊට පස්සේ වැඩි සීනි ප්ලේන්ටි එකක් අරං, එකත් බිලා, බිල ගෙවන ගමන් සිගරට් එකකුත් අරං එකත් පත්තු කරන් වැඩට යන එකයි තියෙන්නේ.

    ඔහොම වැඩට ගිහිං කන්තෝරුවේ වැඩකර කර ඉන්නකොට දවල් වෙනවනි. ඊට පස්සේ වැදගත්ම දේ දවල් කෑම. දවල් කෑමට ඉතිං බත් නොවැ කන්නේ ගොඩ දෙනෙක්. එහෙනං ඉතිං හොදම තේරීම ලතීෆ්ගේ හෝටලය. අර පල්ලියට එහා පැත්තේ තියෙන්නේ. පෙප්සි බෝර්ඩ් එකක් එහෙම ගහලා. අන්න එතැන. එහෙන ගිහිං හෝටලේ ඇතුලේ වැඩි වෙලා රජ්ජුරුවෝ වගේ ඉල්ලන්න හරක් මස් එක්ක බත්.. පකිස්තානෙන් ගෙන්නපු හාල් වලින් උයපු දුම් දාන සුදු බත්, දිව පිනවන රසවත්, ගුණවත් හරක් මස්, පරිප්පු, විශේෂයෙන් උයපු අළු කෙසෙල් මාළුව ඊට අමතරව තවත් රසවත් මාළු පිනි රාශියක්. ඇයි බැදපු මාළු උනත් ගන්න පුළුවන්. ආයේ ඉතිං රස ගුණ කියලා නිම කරන්න වචන නෑ. කන්න හිතේ හැටියට නිවී සැනසිල්ලේ. බත් කාලා ඉවර වෙලා හොද වටලප්පං එකකුත් කාලා, සිගරට් දෙකකුත් අරං බිලත් ගෙවලා යන්න ඔපිස්‌ එකට.

    ඊට පස්සේ ඔපිස්‌ එකේ වැඩ අනං මනං කරලා හවස් වෙලා ගෙදර යන ගමන් අපේ නානාගේ දුවනගිරියෙන් රතු පාටට, පැණි බේරෙන බූන්දි ටිකක් අරං යන්න පොඩි එවුන්ට.

    පස්සේ ඔය ගෙදර ගිහිං මුණ කට එහෙම හෝදලා, ටිකක් විවේක අරං ඉන්නකොට නෝනා අහයි රෑට කන්නේ මොනාද කියලා. අනේ ඇයි ඉතිං මේ හැන්දෑ වෙලා ආයේ ගෙදර කෑම හදන්න මහන්සි වෙන්නේ. හන්දියේ මුස්ලිම් හෝටලයට විනාඩියක දුරනි. යන්න එතැනට. රෑට කන්න හොද රස ගුණ හරක් මස් කොත්තුවක්... පොඩි එවුන්ටත් ඔබ ආදරේ නේද? ගන්න රසවත් ගුණදායක හරක් මස් කොත්තු. අනික ඒ ගමන්ම හොදවයින් අරක්කු භාගේකුත් ගන්න. ආ ඒත් එක්කම මුස්ලිම් හෝටලෙන් සිගරට් ගන්නත් අමතක කරන්න එපා හොදද. ඊට පස්සේ ඉතිං දිව්‍ය ලෝකේ ගියා වගේ තමයි නේද?

    ReplyDelete
  2. මේකේ හෙඩින් එක නොමගයවන සුළුයි.. (Misleading කියන එකට එහෙමද කියන්නේ? :)) ) පොස්ට් එක කියවනකම් මම හිතුවේ ඔබ පෙන්වූ වැරද්දක් ඇය විසින් නොතකා හැරිය බවකුයි.. එසේ වෙනසට මුල පුරන ඇයටත් එය අගය කල ඔබටත් ස්තුතියි! ගොඩක් දෙනා වෙනස් වෙන්න බය එය මහා සමාජය විසින් පිලි නොගන්නා හා අගය නොකරන නිසයි..

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->