Saturday, March 09, 2019

[351] රත්තරන් වටින හිතවත්කම ..

Image may contain: 1 person, food and indoor
මීට මාස තුන හතරකට උඩදි , හදිසි කටයුත්තකට මහනුවර යන මට, සෝයා කිරි හල අසලදි , නම අමතක නාඳුනන හඳුනන්නෙක් මුණ ගැහෙනවා.

"මිස් , මාව මතකද?"
මම නිරැත්තරයි. මූණෙන් පෙන්වන හිතවත් කම බොහොම බරයි. දැකල පුරැදුයි.

"අනේ , සොරි , මතකයක් නැහැනේ"

"ඇයි මිස් , හන්තානෙ , අර තේ කඩේ , මිස්ලා මියුසියම් ආවම එන්නේ තේ බොන්න , ඒ කඩේ මගෙ තමයි "

" ආ හාා.."

හන්තාන ටී මියුසියම් එක. රටේ තිබෙන විශාලම හා ලස්සනම තේ කෞතුකාගාරය ! පෙම්වතුන්ව සිටි අප දෙදෙනාගේ සුන්දරම ආදරනීයම මතක.. පැය ගණන් වනපෙත් පීරෑ අති රමණීය ඇවිද යාම්.. දහස් ගණන් වූ පින්තූර .. හදිසියේ සැලසුම් කල පික්නික් .. එකතු කල මල් පැල (අද තරමක ගස් දක්වා ගල්කිස්සේ පෝච්චි වල වැඩෙන ) .. ඒ දිගු සොබාදහම් චාරිකා අවසන ගිමන් නිවන වංගුවේ තේ කඩය.. අපට උණු උණුවේ තේ දෙන පැටිස් හදා දෙන අපේ හිතවතා ... විකුම් සර් සමග කැලෑ මංමාවත් වල ඇවිද යන අපි ඒ ගතකල නොස්ටැල්ජියානු සංචාර කොතරම් සුන්දරද ..?

කෙලෙස අමතක වෙන්නද ? මතක ගොඩක් අධි ධාවනය වූ හදවත සමගින් මා මුහුණේ උණුසුම් සිනාවක් මතුවෙනවා..

"කොහොමද සර් එහෙම.. ලඟදි ආවෙ නැද්ද නුවර ? සර්ව මතක් කරා කියන්න .. "

"අනේ හරිම සතුටුයි අපිව මතක තිබ්බ එකට.. අපි අනිවාර්යෙන්ම එන්නම් ඊලඟට නුවර ආවම .. "

"එන්න එන්න මිස්.. කඩෙත් අලුතෙන් හැදුවා.. බලන්න එන්න සර් එක්ක "
ඇත්තමයි. සමහර හදවත් හරිම හිතවත්...

ඒ හිතවත් කම මම ගෙදර ඇවිත් ප්‍රසන්නට කීවම , ඔහුටත් සතුටුයි.
"ඊලඟ වතාවෙ නුවර ගියාම අනිවාර්යෙන් යමු හන්තානේ.. අපිව මතක තිබ්බ ඒ මනුස්සයාගෙ කඩේ බලල එන්න හරි යමු" ඔහුත් ඒ හිතවත්කමට හැඟුම්බර වුනා.

ඉතින් ගිය සතියෙ , අපි දෙන්නා ගියා අපේ හිතවතා බලන්න. සමහර පුංචි සැමරැම් ගෙනෙන සතුට අනන්තයි අප්‍රමාණයි. අවුරැදු දෙකකට ඉහත එදා ඒ ගතකල කාලය කොතරම් සුන්දරද... එදා සහ අද වෙනසකට අැත්තේ ⁣කාලය විසින් වියපත් කල ජීවිතය පමණයි. කිසිදා සොබාදහමෙන් , සොඳුරැ මිනිසුන්ගෙන් වෙහෙස පත් නොවන , නිරන්තර තිරිහන් වෙන හදවත අදටත් එහෙමමයි. එදා හන්තානේ තේ යායවල් පීරන අප රැගෙන ආ බිගෝනියා , චෙරි පැල අද ගැටවර වියට පැමිණ අපේ ගල්කිස්ස නිවසේ සඳලුතලය සරසනවා වගේම , ඒ සොඳුරැ නිහතමානී සොහොයුරාගේ නිරහංකාර සිනහව නැවත නැවතත් හන්තානේ ⁣වංගුවේ කුඩා තේ කඩය සිහි ගන්වනවා.

මහනුවරට කිලෝමිටර හතර පහක නුදුරින් ඇති මේ අති සුන්දර තේ කෞතුකාගාරය නරඹා ඇත්තේ කීයෙන් කී දෙනාද ..

එහි යන ගමන් , ඊට ඉහල වංගුවේ ඇති පුංචි තේ කඩය ඔබට , අපූරැ ගිමන් නිවන නවාතැනක් වේවි ! හිතවත්කමට ස්තුතියි. අපි ආයිමත්.එනවා නුවර ආවම !

Some friendships are strange but boldly very solid and beautiful. The day I accidentally met this person near soya center in kandy a few months ago , I was surprised to see how he remembered me and prasanna , having spent a few hours in 2017. It was the time we were lovers and used to wander around beautiful hanthana mountain range and visit tea museum often. those jungle trails Prasanna and I accompanied with vikum sir ( who is a jungle runner until we are lost among nowhere) , never ending chats about movies , songs , etc etc... This little tea joint was unforgettable because of the friendliness this little mudalali malli offered. This time in Kandy , the only trip we made was to see this nice person and his newly built little hotel after a disastrous accident occurred a months ago when a tree branch fallen off and damaged the roof. If you visit the tea museum , please dont forget to drop in to this sweet little place passing the next two bends from the museum . For sure he's always got 'just cooked' hot hot patties and ginger plain tea. Plus a whole big heart of truly sri lankan hospitality and genuine friendliness !
Until we visit again ❤ chao

Image may contain: one or more people

No comments:

Post a Comment

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->