Sunday, September 09, 2018

[349] තාරකා රාත්‍රිය සහ වින්සන්ට් වැන් ගෝ ගේ ආත්මය ....


තරු පිරුනු අන්ධකාර රාත්‍රිය…
විසුරුවන්න ඔබේ තෙලිතුඩ ..
වසත් පැහැදිලි අහස මත
තවරන්න ඒ මුඪ නිල් සහ අළු පැහැය
මගෙ ආත්මයම වෙලාගෙන සිටින අන්ධකාරය ඔබ දන්නවා නොවෙද....


නිල් කදු හිස් මත
තවරනු අඳුරු සෙවනැලි, තුරු මුදුන් හා විසිතුරු මල් පියළි ...
ඔබට දැනෙන ඒ හිමිදිරි සුළඟද ,
ශිශිරයක කටු අනින සීතලද තවරන්න තව තවද …
වින්සන්ට් අද ඔබ කොහිද , මේ සිතුවමට පණ පොවන්නට ?


දැනෙනවා මට.....
ලොවට හඬ නගන්නට ඔබ තැනු දෙය ....
ශුද්ධ වූ ඔබේ ආත්මයෙහි පිවිතුරු බව වෙනුවෙන්
ඔබ කළ මහත් අරගලය ...
එවැනි ආත්මයක තිබූ සිරගත වේදනාව
ඔබේ ආත්මය පැතූ නිර්වාණය ....


ඔවුනට නෑසුනු ඔබේ හඩ
ඔවුන් නොදුටු ඔබේ පැහැය
ඔවුනට නොහැගුනු ඔබේ ආත්මයෙහි වර්ණ
ඇතැමුනට අද එය ඇසෙනු ඇත


ආලයෙන් බිදී ගිය
පිවිතුරු සිත්තරෙකු සිය නිල් දෑසින් දුටුව
තරු පිරුනු ඒ රාත්‍රියක ... දම් පාට මලානික හැන්දෑවක ...
සියොතුන් විසිරුනු කහ පාට ගොයම් කෙතක ...
අපරිමිත වින්දනීය බව...
සහස් වර විඳ සැනහුණු
මිනිස් මුහුණු පෙළ ගැසී ඇත ඔහු දෙන අබියස ..
සොවින් බරය ඒ මුහුණු ... විපිලිසරය අද  ...


ඔබට නොදී ළඟ තබාගත් ආලය...
ඔබ වන් සොඳුරු හදවතකට
කෙලෙස පැහේවිද මේ කුරිරු විසකුරු ලෝකය ?
ඔබේ ආලය නොම හැඳිනු
ජීවිතයෙන් වෙහෙස වූ මේ මිනිසුනට
කෙලෙස හැකි විද ඔබ සෙවූ ආලයට පණ පොවන්නට ... ?


එයින් වෙහෙස පත්වූ ඔබ
සියල් පැතුම් ප්‍රාණයත් සමගම නිරුද්ධ කොට
ඒ තරු පිරුණු රාත්‍රියෙහි
ඔබේ පණ නළද සඟවා අපගෙන්ද සැඟවී ගියෙහිය ...


හිස්වලින් හිස්වුනු හිස් බිතක
එල්වා තිබුනු සිතුවමක්ද ඔබ ?
රාමුවක් විරහිතව ඇලවුනු
නම ගමක් නැති පිලිරුවද ඔබ ?
ලෝකය දෙස සාන්තුවර දෑසින් බලා සිටි
ඒ නම් නොකළ පිලිරුවක නිහඬතාවය ද ඔබ ?


නාදුනන්නන්ගෙන් පිරී ගිය කුරිරු ලොවකට
කුමට ඔබේ සුසිනිදු තෙලිතුඩු පැහැය ?
වරහැලිව කෘෂව ගිය “ඔවුන්ගේ” ආත්මයට
ඔබේ සොඳුරු වර්ණ බර වැඩිය ....
ඒ සීතල ආතමයන්ගේ සිසිර හිම යට
කලු ගසී තැලී පොඩිවී පරව ගිය
කටු පොකුරකිය ,
ඒ කටු පොකුර අග ලේ රතු රෝස මලකිය ,
වින්සන්ට් ඒ ඔබය ....


ඔවුනට කිසි දිනෙක දැනෙනු නැත ...
ඔවුනට කිසිදිනෙක ඇසෙනු නැත ...
ඔබට නොදී සිටි ආලයෙහි ලේ රතු පැහැය ...
ඔබේ ආත්මයෙහි සිරගතව සිටි මිනිස්කම !

වින්සන්ට් ... කවරකු දනීද ? ඇතැම් විට
ඔවුනට එය කිසිදා ඇසෙනු නැත....


පසු සටහන
බටහිර කලා සාහිත්‍ය ඉතිහාසයෙහි ඉහලින්ම කියවෙන “වින්සන්ට් වැන්ගෝ “ නම් අද්‍යතන හැකියාවන්ගෙන් පිරිපුන් එහෙත් ඉතාම ඛේධජනක ජිවිතයකට උරුමකම් කී කලාකරුවානන් පිළිබඳව ලියවුනු මේ සුපතල ගීතය මුල සිට අග දක්වාම පවසන්නේ වින්සන්ට්ගේ ජිවිතයේ තිබු පාළුව , දුක , නොසැනසිම පිලිබඳවය ... සිය හැකියාවන්ගෙන් කිසිවිටක සහිමට පත් නොවූ ලෝකය පිළිබඳව නිරන්තර තැවිල්ලෙන් පසුවූ වින්සන්ට් වැන්ගෝ චිත්‍ර ශිල්පියා අවසානයේ මනෝ ව්‍යාධීන්ට ගොදුරුව මානසික ආරෝග්‍යශාලාවක ප්‍රතිකාර ලබන සමයෙහි සිය වාට්ටු කවුළුවෙන් එපිට පෙනුණු බොහෝ දේ සිතුවමට නැගු බවද සඳහන්. “තරු පිරුණු රාත්‍රිය” ද එවන් සිතුවමකි. සිය ජිවිතයෙන් දශකයක් වන කුඩා කාලයකදී කලා  කෘති 2100 පමණද එයින් 860ක් පමණ වූ තෙල් සායම්ද පණ පෙවූ මේ අසහාය කලාකරුවානන්, සිය විරූප පෙනුමද අසන්තුෂ්ටිමත් ජීවිතයද කෙළවර කරගන්නේ සිය පපුවට වෙඩි තබාගනිමින් , දින දෙකක් විඳවා මිය පරලොව යෑමෙන් ...

Starry Night (Don Mc.Lean)
Starry, starry night.
Paint your palette blue and grey,
Look out on a summer's day,
With eyes that know the darkness in my soul.

Shadows on the hills,
Sketch the trees and the daffodils,
Catch the breeze and the winter chills,
In colors on the snowy linen land.

Now I understand
What you tried to say to me
How you suffered for your sanity
How you tried to set them free.
They would not listen
They did not know how
Perhaps they'll listen now.

Starry, starry night.
Flaming flowers that brightly blaze,
Swirling clouds in violet haze,
Reflect in Vincent's eyes of china blue.
Colors changing hue, morning field of amber grain,
Field of Amber Grain - Wheat Field with Crows
Weathered faces lined in pain,
Are soothed beneath the artist's loving hand.

For they could not love you,
But still your love was true.
And when no hope was left in sight
On that starry, starry night,
You took your life, as lovers often do.
But I could have told you, Vincent,
This world was never meant for one
As beautiful as you.

Starry, starry night.
Portraits hung in empty halls,
Frameless head on nameless walls,
With eyes that watch the world and can't forget.
Like the strangers that you've met,
The ragged men in the ragged clothes,
The silver thorn of bloody rose,
Lie crushed and broken on the virgin snow.

Now I think I know what you tried to say to me,
How you suffered for your sanity,
How you tried to set them free.
They would not listen, they're not listening still.
Perhaps they never will...
පහතින් දැක්වෙන්නේ වින්සන්ට් වැන්ගෝ ගේ සිතුවම් කිහිපයක්….
800px-Van_Gogh_-_Starry_Night_-_Google_Art_ProjectVincent van Gogh. (Dutch, 1853-1890). The Olive Trees. Saint Rémy, June-July 1889. Oil on canvas, 28 5/8 x 36" (72.6 x 91.4 cm). Mrs. John Hay Whitney Bequest800px-Vincent_van_Gogh_-_Starry_Night_-_Google_Art_Project800px-Vincent_van_Gogh_-_Sunflowers_-_VGM_F458800px-Vincent_Willem_van_Gogh_1061280px-Vincent_van_Gogh_-_Wheatfield_with_crows_-_Google_Art_ProjectToulouse-Lautrec_de_Henri_Vincent_van_Gogh_SunVincent_van_Gogh_(1853-1890)_-_The_Old_Mill_(1888)


ගීතය අසන්න : https://www.youtube.com/watch?v=oxHnRfhDmrk

2 comments:

  1. පට්ට ....
    සියලු සංස්කාසංස්කාර අනිච්ච දුක්ක අනත්ත යි

    ReplyDelete
  2. Thank you for the post.
    I visited the Van Gogh museum in Amsterdam just last week. His art work is fascinating.

    Lotus

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->