Wednesday, November 18, 2015

[326] ගඟ .. සහ .. වැව



" වංගු ගණනාවක් අරගෙන 
ගල්පර උඩින් පැන පැන 
අසීරුවෙන් කෙකටිය ගස්ද මැඩ ගෙන 
එනකොට හරිම වෙහෙසයි... "ගඟ කීය ! 

විල බොහොම නිහඬව එක තැන්ව 
තැන්පත්ව, හරි බරි ගැහී ඉඳගෙන 
ගොස ද දීගෙන දඟද පාමින 
ගඟ එන දෙස බලයි හොරැහින් ! 

"උඩ පිනුම් බඩ පිනුම් බලාගෙන !"
"පැන යන්නෙ හෙමිහිට,  ගල් උඩින් !"
විල කොතෙක් කීවත් වේගෙ වැඩි බව 
දුරසින් නවතින්ට අමනාපය , ගඟ ! 

ගඟ ආවොතින් වැවද කැමතිය
ගැලුවොතින් ගඟ - බි‍ඳෙයි සාමය !
ගැඹුරු විල ප්‍රිය නිසංසලය ය !
නොගැලුවොත් ගඟ - " අන් වැවක්මය ! "




8 comments:

  1. ඒක නං ලස්සනයි... අලුත් අදහසක්... ඒත් විලකට වැඩිය ගගක් ලස්සන නැද්ද..
    හිහි.. නිකමට ඇහුවෙ
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඉස්තුතියි ... ගඟද විලද ලස්සන ? එක හරිම සාපේක්ෂයි නේද ? :)

      Delete
  2. Replies
    1. එල එල එහෙනම්. ස්තුතියි :)

      Delete
  3. කඳු වැටි වංගු ගල් මුල් පසු කර එන්නම්
    දිය ඇලි මවා තේජස මවමින් එන්නම්
    බාධක කෙතෙක් ආවත් පෙරටම එන්නම්
    ඔබ වෙත පැමිණි විට ඔබ පිළි ගන්නවනම්
    - ගඟ -

    ReplyDelete
    Replies
    1. සමහර වැව් හරි නරකයි. ආවට පස්සේ , ගන්නෙ නැහැ :)

      Delete
  4. ගංගාවක් වී ගලන්න උල්පත පසු කර
    වැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට..

    _රත්න ශ්‍රි_

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->