" වංගු ගණනාවක් අරගෙන
ගල්පර උඩින් පැන පැන
අසීරුවෙන් කෙකටිය ගස්ද මැඩ ගෙන
එනකොට හරිම වෙහෙසයි... "ගඟ කීය !
විල බොහොම නිහඬව එක තැන්ව
තැන්පත්ව, හරි බරි ගැහී ඉඳගෙන
ගොස ද දීගෙන දඟද පාමින
ගඟ එන දෙස බලයි හොරැහින් !
"උඩ පිනුම් බඩ පිනුම් බලාගෙන !"
"පැන යන්නෙ හෙමිහිට, ගල් උඩින් !"
විල කොතෙක් කීවත් වේගෙ වැඩි බව
දුරසින් නවතින්ට අමනාපය , ගඟ !
ගඟ ආවොතින් වැවද කැමතිය
ගැලුවොතින් ගඟ - බිඳෙයි සාමය !
ගැඹුරු විල ප්‍රිය නිසංසලය ය !
නොගැලුවොත් ගඟ - " අන් වැවක්මය ! "
ඒක නං ලස්සනයි... අලුත් අදහසක්... ඒත් විලකට වැඩිය ගගක් ලස්සන නැද්ද..
ReplyDeleteහිහි.. නිකමට ඇහුවෙ
ජයවේවා
ඉස්තුතියි ... ගඟද විලද ලස්සන ? එක හරිම සාපේක්ෂයි නේද ? :)
Deleteඑල ද බ්රා..
ReplyDeleteලස්සනයි
එල එල එහෙනම්. ස්තුතියි :)
Deleteකඳු වැටි වංගු ගල් මුල් පසු කර එන්නම්
ReplyDeleteදිය ඇලි මවා තේජස මවමින් එන්නම්
බාධක කෙතෙක් ආවත් පෙරටම එන්නම්
ඔබ වෙත පැමිණි විට ඔබ පිළි ගන්නවනම්
- ගඟ -
සමහර වැව් හරි නරකයි. ආවට පස්සේ , ගන්නෙ නැහැ :)
Deleteගංගාවක් වී ගලන්න උල්පත පසු කර
ReplyDeleteවැවක් වෙලා නතර වෙන්න නෙළුම් මලක් යට..
_රත්න ශ්‍රි_
එහෙමයි :)
Delete