Thursday, October 22, 2015

[323] අසංඛ්‍යත ස්වප්නය

යා යුතුය මා නැවැත
සොයා පෙම් මං පෙත
ප්‍රහර්ෂය පණ ලබන 
පිපුන වත දකින්නට

මද්දහන් ඉර දැවී
දවල් ලැව් ගිනි නැගෙන
වන රොදින් දිම් භෂ්ම
නැගෙනු දැක ගත යුතුය

ඉබාගාතයේ ඇවිද
සිසිල් දිය පහස ලැබ
නැමී සුලඟට නටන
හරිත තණ ගොමු කොහිද

මා නැවත යා යුතුය
අසංඛත ස්වපන මත 
අඬා බැස ගොස් නිදන 
කඳු පෙතට , දොල වෙතට

රාත්‍රිය නලවමින් 
කෙතක පැල් පියසකින්
ඇසිල්ලක මතුව එයි
ගොපලු වස් දඬු හඬක්..

හද ගැබෙහි පතුල
ගෝත්‍රිකයකු නිදයි
අවදි වී සිහිනයෙන් 
හෙට ලොවට යා යුතුය..

සියවසක ලේ කඳුලු
හද ගැබින් නික්ම යයි 
මා එවෙත යා යුතුය 
මා නැවත යා යුතුය...





A Translation of  'I Shall Return' 
By Claude McKay

I shall return again; I shall return 
To laugh and love and watch with wonder-eyes 
At golden noon the forest fires burn, 
Wafting their blue-black smoke to sapphire skies. 
I shall return to loiter by the streams 
That bathe the brown blades of the bending grasses, 
And realize once more my thousand dreams 
Of waters rushing down the mountain passes. 
I shall return to hear the fiddle and fife 
Of village dances, dear delicious tunes 
That stir the hidden depths of native life, 
Stray melodies of dim remembered runes. 
I shall return, I shall return again, 
To ease my mind of long, long years of pain.


ප.ලි . 
මෙය පිරිසිදු ස්වතන්ත්‍ර  නිර්මාණයක් යයි පැවසිය හැකි නොවේ. අමුවේ ලියූ ඇතැම් වදන් මිතුරෙකු විසින් කපා කොටා හැඩ  දැමු බැවින් , එම මිතුරු තුමාටද තුති පුද කරමි. 

17 comments:

  1. අගෙයි........... මිතුරාවත් මතක් කරාය කියන්න

    ReplyDelete
  2. / මෙය පිරිසිදු ස්වතන්ත්‍ර  නිර්මාණයක් යයි පැවසිය හැකි නොවේ. /

    ඔන්න කිව්ව කතාවක්..බොල මේක පිරිසිදු නෙමෙයි අපිරිසිදු හරි ස්වතන්ත්‍ර නිර්මාණයක් වෙන්නෙ නෑ කොහොමත්. මේක පරිවර්තනයක්. ස්වතන්ත්‍ර නිර්මාණයක් කියන්නෙ තමන්ගෙම නිර්මාණයකට...:)

    ReplyDelete
    Replies
    1. පරිවර්තනයක් නොව අනුවර්තනයක් වගෙයි!

      Delete
    2. කකා, ඔබ හරි...අනුවර්තනයක් තමයි!

      Delete
  3. පෙම් මන් පෙත,ඇවිද යන්න..
    මිතුරෙකු ඔබ සොයාගත්තදෝ...

    ReplyDelete
    Replies
    1. පෙම් මං පෙත ඇවිද යන්න පෙම්වතෙක් මිස මිතුරෙක් හොයාගෙන හරියන්නේ නැහැ නෙව :)

      Delete
  4. අගෙයි
    මුල් කෘතිය පරිහරණය කිරීමෙන් කළවක් නිසා ස්වතන්ත්‍රයක් නොවන වග කියූ කතාවට එකගයි
    කොහොම වෙතත් අගේට පද වැල් අමුණල තියෙනව
    මිතුරා හොද කවි හිතැත්තෙක් වගෙයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි.
      ඔවු මට වඩා හොද කවියෙක්

      Delete
  5. සිංහල කවි පන්තියේ අන්තිම කවි දෙක මට දැනුනේ ටිකක් වෙනස් විදිහට.
    //අවදි වී සිහිනයෙන්
    හෙට ලොවට යා යුතුය..//
    ... කිව්වහම මට හිතුණේ ඊට කලින් කියපු දෑ තමයි සිහිනය කියලා... නමුත් ඉංග්‍රීසි කවියෙන් එහෙම අදහස දෙන්නේ නෑ.

    මේක අනුවාදයක් කියලා තමයි හිතෙන්නේ...

    ReplyDelete
    Replies
    1. මම කල පළමු උත්සාහය නිසා සමාවක් දෙතැයි සිතමි :)

      Delete
  6. කව්ද මේ මිතුරා? ජීවිතේ මල්ගෙ, ජීවිතේ, මල් පිපෙන්න අරන් වගේ

    ReplyDelete
    Replies
    1. කවි මල් පිපුනාට , ජිවිතේ මල් නොවේ. :) තාම ......

      Delete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->