Tuesday, October 15, 2013

[296] ආදරවන්ත රුපියල් හාරසියය අනූ නමයක් ගැන..

එදා සිකුරාදාවක්. ඓතිහාසික සිකුරාදාවක්. බොහෝ දිගු කලකට පසුව මම සාප්පු වන්දනාවකට සැදී පැහැදී එලියට බැස්සෙමි. හිතවතෙකු වෙනුවෙන් කල් මරන්නට තවත් විනාඩි කිහිපයක් සිදුව තිබෙයි. ජනාකීර්ණ නොවන වෙලාවක සිකුරාදා දහවලක සාප්පු වල සෙනග නොමැති හෙයින් ඉතා කැමැත්තෙන් මම 'බාටා' පාවහන් හලකට ගොඩ වැදුනෙමි. නොකල්පනාවෙන් යුතුව එහෙටත් මෙහෙටත් වැනෙමින් ඔරලෝසුවේ කටු ගමන් කරන වේගය බලමින් සාප්පු සේවකයන් මා හඹා විත් මට අනවැසි සපත්තු ඇඟේ ගසන්නට හදන එකෙන් මග හරිමින් මම බාටා හලෙහි එහෙටත් මෙහෙටත් යමින් පාවහන් එක දෙකක් ඇඟලා බලන්නට වීමි.

මට මඳක් නුදුරෙන් කුඩා සුන්දර යුවතියක් වැඩි කලබලයක් නැතිව පාවහන් එකිනෙක පලඳමින් සිටින්නීය. පෙනුමෙන් පෙනී යන්නේ එතරම් සංකරත් නැති අර්ධ නාගරික ටිකක් දඟකාර කෙල්ලක බවයි. එතරම් කලබලයක් නැතිව සිය පාවහන් උනා දමා නිරුවත් දෙපයින් නිදහසේ පාවහන් හලෙහි ඇවිදිමින් විටින් විට දුරකතනයට දෑස් යොමන්නීය.

තමන් පාවහන් දමා බලනවා වෙනුවට අනුන් තෝරන පාවහන් දෙස බලා ඉඳින එකත් හරි අපූරු කාරියක් නොවැ.  මන්ද මේ රටේ බොහෝ ඇත්තන් ඇඳුමක් කැඩුමක් තෝරන්නේම ඇඳුම ලස්සන නිසා පාට ලස්සන නිසා මිසක ඒ ආයිත්තම තමුන්ට හරියන නිසා නොවෙයිම නොවැ. ඉදින් මම සාප්පුවේ සිටි එකම ගනුදෙනු කාරිය දෙසත් බලමින් ඈ තෝරන දෑටත් ඇස් යවමින් සාප්පුවේ කල් මරන්නෙමි.

විනාඩියක් දෙකක් ගතවන තැන ඇස් කොණින් මට එහායින් මට පෙනෙන්නේ කහ පාට සිවුරකි. හොරෙන් බැලූ දෙස කෙලින් බලන කල ඉතා දුබල වයස්ගත සිල් මෑණි කෙනෙකුන් සාප්පුව තුල මම දකින්නෙමි. පෙනුමෙන් හැඟී ගියේ එතුමිය එතරම් සරු නොවන ආරාමයක සිට එන වගකි. මම හොරැහින් ඇගේ දෙපා දෙස බලමි. පපුව හෝස් ගා යන තරම් වේදනාවක් මසිත වෙලා ගන්නේ , ඇගේ නිරුවත් යටි පතුල් ඈටත් වඩා වේගයෙන් මහලුව දිරාපත්ව ගොසිනුත් තවමත් පාවහනකින් නොවැසී ඇවිද ගොස් ඇති බවක් දැකීමෙනි. සෙයිලමේ කලු පැහැති කසල මැඩ ඈ වඩින නිසාවෙන් ඒ යටිපතුල් කලු ගැසී පැලී ඇති අයුරු දකිමින් මම මොහොතක් වික්ෂිප්තව බලා සිටියෙමි.

ඈ වැඩි හැලහොල්මනක් නැතිවම අරුමෝසම් , අඩි උස , අඩි නැති , පබලු ඇල්ලූ යනාදී නානාප්‍රකාර පාවහන් එක එක අල්වා බලමින් ඉතා සෙමෙන් ගමනින් , කූඩ වල බහා ඇති මිල අඩු පාවහන් වෙත පැමිණ නැවතුනාය. පෙනීම දුබල නිසාවෙන්දෝ පඬු පාට රෙදි උරයෙන් ලොකු ඇස් කණ්නාඩි කුට්ටමක් ගෙන අපහසුවෙන් ඇස ලා ගනිද්දීම බාටා හලෙහි කොලුවෙකු ඈ වෙත පැමිණෙයි.

'මෑණියෝ මොනවද බැලුවේ?' සිතුවාට වඩා කරුණාවන්ත හඬින් ඒ හුරුබුහුටි කොලුවා කතා කලේය. 

ඈ තමන් තෝරාගත් බාල පාවහන් දෙක අසුනකට බරවී ඔහුගේ උදව්වෙන් පයලා ගන්න අයුරුත් මම ඇස් කොණින් දකිමි. මිල අඩු ඒ පාවහන් දෙක දෙස සෙමෙන් බැල්මක් හෙලමින් තෘප්ත බවක් දැක්වූ ඈ , 'කීයද දරුවෝ මේකෙ ගාන?' කියා අඩමානයට මෙන් ඇසුවාය.

'හාරසීය අනූ නමයයි'

ඈ පඬු උරයට යලිත් සුරත එබුවාය. මඳ වේලාවකින් ඉන් එලියට පැමිණෙන්නේ රුපියල් පහේ දහයේ , විස්සේ කුඩා කාසි කොල පිරි පොලිතින් උරයකි. මම මඳක් ඉන් එහාට වෙමින් සංවේගජනක හුස්මක් පාකරමි. වෙවුලන මහලු දෑතින් රුපියල් හාරසිය අනූනමයක් කුඩා කාසි කොල වලින් එක්කාසු කරන්නට දරන ප්‍රයත්නය බලා හිඳින්නට අපහසු බවකුත් නොමනා බවකුත් මට දැනුනු හෙයිනි.


ඈට උදව්වක් කිරීම එතරම් මනා නොවන හෙයින්ම ඇගේ සහයට සිටි කොලුවා ඉවසීමෙන් ඈ දෙස බලා හිඳියි. අසන්නට දෙයක් නැති නිසාවෙන්දෝ , 'මෑණියෝ මේ සෙරෙප්පු දෙක හරි නේද?' කියා අසන අයුරු මට ඇසෙයි.

කවුන්ටරය වෙත සිටි තරුණයා ඉක්මන් ගමනින් සිල් මෑණියන් වෙත එන්නේය.

'මෑණියෝ සල්ලි එපා. අර මෙතන හිටිය ගෑනු ලමයා මෑණියන්ගෙන් සල්ලි ගන්න එපා කියලා සෙරෙප්පු දෙකේ ගාන අපිට ගෙවුවා මෑණියෝ..එයා සල්ලි ගෙවලා ගියා.. '

ඈ සල්ලි ගැනීම නවතා අපහසුවෙන් උඩ බැලුවාය. මම සපත්තු සහ නොකල්පනාවෙන් අතරමංව තිබූ සිතෙහි සිහි එලවා ගන්නට වීමි. සපත්තු තෝරන්නට සහයට හිටි කොලුවාගේ මුහුණෙන් සිනහවක් මතු වෙයි. කතා නායිකාව කතාවේ අරුත පමණක් අපට ඉතිරි කොට ජවනිකාවෙන් සමුගෙනම ගොස්ය.. නොකියාම !

සිල් මෑණියන් ගේ වියපත් තොල් අතරින්  වදනක් දෙකක් මුසුවෙයි. ගණකම් කණ්නාඩි දෙක ඇතුලෙන් බොර පැහැති දෑස් වල කුඩා දිලිසුමක් මට පෙනෙයි.
'පිං සිද්ද වෙච්චාවේ ඒ දැරිවිට..'

ලෝකය තවමත් කොච්චර නම් සුන්දරදැයි තවත් එක් වරක් ඒ සුන්දර සිඟිති තරුණියට ඇසෙන මානයට දිව ගොස් කෑගසා කියන්නට මට හැඟුමක් පහළ වෙයි.  ඇයට එය ඇසෙන එකක් නැත. මෙලහකටත් ඇගේ අනාතුර කාරුණික හදවත, හුදී ජන ගංගාවට මුසුවී  සරණ සොයන දෑසක් සොයා සැරිසරනවා ඇත.
   මේ කුඩා දසුන ඒ නාඳුනන සුන්දර තරුණිය වෙනුවෙනි.



ආදරය සහ හොඳ හිත බෝවන රෝගයක් වැනිය. ගෑවුනු ගෑවුනු තැන සුවඳ හමන සැන් කුප්පියක් වගේ හොඳ හිතට පැතිර යන්නට වෙලාවක් කලාවක් නැත. මට කරන්නට හැකි එකම දේ , කුප්පියේ තිබෙන 'සුවඳ' කුඩා වපසරියකට හෝ පතුරවන කුඩා සුලඟක් වෙන එකම පමණකි.

46 comments:

  1. Mama balaporoththu une, oba mudal geway kiyalay.
    E nangita wadi wadiyen labenna one

    ReplyDelete
  2. මේ කථාවෙන් තවත් සමාජ පැති කඩක් විග්‍රහ වෙනව.... එනම් බහුතරයක් සිල් මෑණිවරුන්ගේ සමාජ තත්වය.... ස්වාමීන් වහන්සේලා වැඩ වසන විහාරාරාමවලට වඩා මෙහෙණියාරාමයන්ට ලැබෙන සම්පත් හා සැළකිල්ල බෙහෙවින් අඩුයි..... එහි එක් අතුරු ඵලයක් මේ කථාවෙන් පිළිබිඹු වෙනව.....!!!!!

    ReplyDelete
  3. මේ කථාවෙන් තවත් සමාජ පැති කඩක් විග්‍රහ වෙනව.... එනම් බහුතරයක් සිල් මෑණිවරුන්ගේ සමාජ තත්වය.... ස්වාමීන් වහන්සේලා වැඩ වසන විහාරාරාමවලට වඩා මෙහෙණියාරාමයන්ට ලැබෙන සම්පත් හා සැළකිල්ල බෙහෙවින් අඩුයි..... එහි එක් අතුරු ඵලයක් මේ කථාවෙන් පිළිබිඹු වෙනව.....!!!!!

    ReplyDelete
  4. ඉතින් මිස් කල්පනා කර කර හිටියෙ මොකෑ මෑණියන්ට සපත්තු දෙකක් අරන් දෙන් නැතිව.

    ReplyDelete
  5. නංගී...

    "තමන් පාවහන් දමා බලනවා වෙනුවට අනුන් තෝරන පාවහන් දෙස බලා ඉඳින එකත් හරි අපූරු කාරියක් නොවැ."

    මේ දේම මේ විදියටම වෙනත් උදාහරණයකින් අපට කියා දුන් කෙනෙක් හිටියා.. ඔහු ටියුෂන් ගුරුවරයෙක් දැනටත්... අපි ගමන් ගන්නා බස් රථයට ලස්සන තරුණියක් පිවිසි විට හැමෝම ඈ දෙස බලන බවත් අපිත් ඒ තරුණිය දෙස බලනවා වෙනුවට ඈ දෙස බලන උන් දෙස බලන්නට හුරු වන්ටැයි ඔහු කීවා...

    කෙසේ වෙතත් නුඹ ඒ පාඩම අත්විඳිද්දි පුංචි පැටික්කියක් නුඹටත් වඩා දුර ගමනක් ගිහින් වගේ.. අතට අහුඋනත් කටේ දාගන්ට බැරි දේ අනන්තයි අප්‍රමාණයි... නුඹ හිත උනුවෙමින් හූල්ලද්දී ඈ කළ යුතුදේ කළ හැකි දේ කර ඇති හැඩයි.. ඈ ගැන සතුටුයි...

    ඈ කළ පින් ඇය සතුයි.. පත්තිදාන, පත්තානුමෝදනා... නුඹටත් ඒ පින‍ින් කොටසක් උරුමයි...

    ReplyDelete
  6. අවුරුදු ගානක් දිල්සරාව ආශ්‍රය කරලා තියෙන හින්දම සෙනඟ අස්සේ හැංගුන ඒ කාරුණික තරුණිය කවුද කියලා අඳුනගන්න එක අපහසු නෑ... සැන් කුප්පියේ සුවඳ වින්දෙමි... :)

    ReplyDelete
  7. May such stories be heard and spread more and more...each day… every day… for a better world, filled with happiness and kindness.
    Thank you for the post.

    ReplyDelete
  8. බාහිර පෙනුමෙන් මිනිසුන් මනින්න බෑ කියන්නේ ඕකයි.

    ReplyDelete
  9. මේ කතාවේ ඉන්න තරුණිය දිල්සරා මිස්ම වෙන්ඩ ඕන... නේද මිස් ? ;)

    ReplyDelete
  10. / හිතවතෙකු වෙනුවෙන් කල් මරන්නට තවත් විනාඩි කිහිපයක් සිදුව තිබෙයි /

    / විටින් විට දුරකතනයට දෑස් යොමන්නීය. /

    ඉහත මවිසින් උපුටා දක්වා ඇති දෙවන වැකියෙහි දැක්වෙන ක්‍රියාවට කාරක වන්න පළමු වැකියෙන් විස්තර කෙරෙන බව මොනවට පැහැදිලිය.

    / කුඩා සුන්දර යුවතියක් වැඩි කලබලයක් නැතිව පාවහන් එකිනෙක පලඳමින් සිටින්නීය. පෙනුමෙන් පෙනී යන්නේ එතරම් සංකරත් නැති අර්ධ නාගරික ටිකක් දඟකාර කෙල්ලක බවයි. /

    විවිධ පුද්ගයින්ගේ ස්ව තක්සේරු මඟින් ඔවුන් පිළිබඳව බොහො දෑ නිර්ණය කල හැක. එසේම ඔබගේ මේ ස්ව තක්සේරුවෙන් ද මම එසේම ඔබ පිළිබඳව යම් නිර්වචනයකට එළඹියෙමි.

    ප.ලි. - ආර්පිකෝ සුපිරි වෙළඳ සැලෙහිද ද වරක් ඔබට මහළු මහතෙකුට උපකාරී වූ තවත් මෙවන් ත්‍යාගශීලී යුවතියක මුණගැසුනු බව ද මේ හා සමඟම යළි සිහිපත් කරන්නෙමි. නිතර මෙවන් පරිත්‍යාගශීලි කුඩා සුන්දර යුවතියන් මුණ ගැසීම ද එක්තරා භාග්‍යයක් බව අවසාන වශයෙන් පවසමි.

    ReplyDelete
  11. අපූරු චරිතයක්
    අක්කා ගලපලා තියෙන විදිහට මට සිල්මැණියෝ එතනට වඩින විදිහ කිව්වාම පපුව හිර උනා වගේ
    ඒත් තනොජා අක්කා කිව්වා වගේ ඇ අක්කාට වඩා ඉක්මන් වෙලා
    ඒත් මට විටෙක හිතෙනවා බීට්ල් කිව්වා වගේ අක්කාමද ඒ කියලත්

    ReplyDelete
  12. //ආදරය සහ හොද හිත බෝවෙන රෝගයක් වැනිය//
    ඇත්තෙන්ම මේ රෝගය ලොව සැමටම බෝ කල හැකිනම්. අනෙක භාහිර පෙනුමෙන් මිනිසුන් මැනිය නොහැකී කියන් දේත් ඔබේ කතාවෙන් ඔප්පු උනා.

    - ප්‍රියා.

    ReplyDelete
  13. මේ කතාවේ සුවඳ මමත් හොඳින් වින්දා! අදටත් මේ වගේ යහපත් සිතුවිලි ඇති සුළුතරයක් හරි ඉන්න බව දැන ගන්න ලැබීම සතුටක්.

    ReplyDelete
  14. උඹව හොඳින් දන්න නිසාම මට මේ කතාව අස්සේ තියෙන කතාව තෝරගන්න අමාරුවක් නෑ,.
    දන්න කියන කෙනෙක්.

    ReplyDelete
  15. අදාල නැති දෙයක් උණත් මට මතක් උණේම ලංකාවෙ සපත්තු සෙරෙප්පු වල මිල හැම වෙලේම "------ අනූ නමයයි සත අනූවයි" බව. ඉතිං මගේ දැවෙන ප්‍රශ්නය.. සත අනූවට මොකද උණේ?

    ReplyDelete
  16. //////ආදරය සහ හොඳ හිත බෝවන රෝගයක් වැනිය. ගෑවුනු ගෑවුනු තැන සුවඳ හමන සැන් කුප්පියක් වගේ හොඳ හිතට පැතිර යන්නට වෙලාවක් කලාවක් නැත. //////
    සහතික ඇත්ත.

    සිල් මෑණීවරුන්ගේ ඕනෑ එපාකම් ගැන දක්වන උනන්දුව බොහොම අඩුය. මුළු සමාජයම ෆැන්සි පන්සල්වල අසපුගත වෙලාය.

    ReplyDelete
  17. ඔබට පින්! අැත්තට ම මෙවැනි දෑ කළ යුත්තේ කෑ ගස ගසා නෙමේ නේ....

    ReplyDelete
  18. සල්ලි ගෙවල ඉවර වෙලා නිහඬවම ගිය එක නම් නියමයි....හොඳ ළමයෙක්

    ReplyDelete
  19. මේ කතාව කියවාගෙන යන විට මටත් මතක් වුනේ අර සුපර් මාකට්එකේ බඩඩු ගන්න ආපු අංකල්ට උදව් කළ යුවතිය ගැණ ඔබ කියා තිබූ කතන්දරයයි.

    මෙන්න එයට පාර: http://sansaare.blogspot.com/2012/04/242.html

    අද කතාවේත් මේ කියන කාරුණික යුවතියව ඔබ විස්තර කර ඇති අපූරු ආකාරයට මා ඉතා කැමතියි.

    ප/ලි
    මේ කමෙන්ටුව දාන්න හදන තුන්වෙනි උත්සාහයයි.

    ReplyDelete
  20. Lion nation is looking for another war while lots of people out there with real needs....

    ReplyDelete
  21. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  22. පරිසමාපත්තියෙන්ම මේ සටහන් ජීවිතේට මල් වට්ටනවා දිල්ශාරා...!!
    ස්තූතියි..!
    ජීවත් වන්නට දුණු කඩු මොටද, වෙඬරු සදිසි උණුවෙන සිත් මිස..

    ReplyDelete
  23. @Anonymous
    .
    .
    හෙ හෙ ... කවුරු නමුත් ගෙවුවනේ.... :) අනිවාර්යයෙන්... ඒක හොඳ වැඩක්

    ReplyDelete
  24. @Chamila Warathenna
    .
    .
    එහෙමම කියන්න අමාරුයි. අපි කොයි වෙලෙත් උදව්වක් හොයන කෙනෙකුට දෙපාරක් නොහිතා උදව් වෙන්න ඕනි ... ඈතෑම් විට මෙහෙණින් වහන්සේ ගාව මුදල් තියෙන්න ඈති. ඒත් දානයට හිත ඈදෙන එක ගොඩක් වටිනව නේද ?

    ReplyDelete
  25. @Roshan Herath
    .
    .
    ඒකනේ බලන්නකො වෑඩක් නෑ මේ මිස්. නේ????

    ReplyDelete
  26. @Thanoja Rajapaksha

    .
    .
    අනිවාර්යයෙන් අක්කේ. ඒ පින කියවන හෑමෝටමත් අයිතියි... ස්තූතියි කියව්වාට

    ReplyDelete
  27. @Beetle
    .
    .
    ස්තූතියි බීටෝ... අයි නෝ...අයි නෝ... :)

    ReplyDelete
  28. @Anonymous
    .
    .
    thanks alot dear akka ...
    I know how good your heart is...
    Cheers

    ReplyDelete
  29. @Henry Blogwalker
    .
    .
    ඒක නම් හරියට හරි ...
    ස්තූතියි ආවට

    ReplyDelete
  30. @Ravi
    .
    .
    හලේ රවි තුමෝ... :) අයි නෝ හව් මච් යූ ගයිස් නෝ මී :)

    ReplyDelete
  31. @අහිංසකි
    .
    .
    බොටත් ඉතින් ඕන් නෑති මෙවුවා එකක් නෑහෑනෙ..
    හී අයි නෝ නන්ගී... යූ නෝ මී වෙල්

    ReplyDelete
  32. @Chathuranga Priyashad
    .
    .
    ස්තූතියි යාලුවේ...
    තවත් දවසක ඈවිත් යන්න

    ReplyDelete
  33. @ධාරා
    .
    .
    ස්තූතියි ධාරා....
    ඔව් ලෝකයම හොඳ මිනිසුස්න්ගෙන් පිරිලා. ඒත් මාධ්‍යය උලුප්පන්නේ නරකමයි. අපිත් නරකටම ඈදෙන්නේ ඒ නිසා. හොඳ තියනවා . ඒවාට ලං වුනාම නරක ඈත් වෙනවා

    ReplyDelete
  34. @තිසර
    .
    .
    ඒ සත ටික දෑවී ගියා පින්වත ! හික්ස්

    ReplyDelete
  35. @arugeadaviya
    .
    .
    අනිවාර්යෙන් සෑටිපිකට් ඈත්ත...
    හී හී

    ReplyDelete
  36. @දිලිනි
    .
    .
    ඒත් මම ඒක ගෑන ලිව්වේ සද්දයත් වටින නිසා දිලිනි. ලෝකයේ හොඳ තමා අපි කෑගහලා වපුරන්න ඕනේ.... නෑද්ද?

    ReplyDelete
  37. @රවින්
    .
    .
    ඒත් මට හිතෙනවා ඒ පින අනුමෝදන් වෙලා මෑනියන්ට වෑඳලා ගියා නම් තවත් හොඳා කියලා

    ReplyDelete
  38. @කතන්දර කාරයා
    .
    .
    හෙ හෙ.. ස්තූතියි කකා...
    යා යා ඒ වගේ මෙවුවා එකක් තමා මේකත්

    ReplyDelete
  39. @Lishan kasun sri
    .
    .
    ස්තූතියි ලිශ්...
    මම දන්නවා

    ReplyDelete
  40. ඒ තරුණිය කවුරු උනත් හදවතින්ම ඇයට ගරු කරමි!
    ජිවිතේ මල් මේ වගෙ කරුණාවන්ත මිනිස්සු ඉන්න කල්..:)

    ReplyDelete
  41. මේ කථාව ඉතා සංවේදීයි. අර පහල තිබෙන වීඩියෝව මම නිතර නරඹනවා ඉන්දියානු චැනල් තුල.

    ReplyDelete
  42. උත්තම පුරුෂ, ප්‍රථම පුරුෂ............... ;)

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->