වරෙක මුලුතැන්ගෙයින් නැගෙන ප්‍රීති ගෝසාව , ඇතුලත රැකියාවේ නියුතු සේවකයන්ගේ ගාලගෝටීයක් හෝ ආරවුලකැයි වරදවා හැඟෙන තරම් උස් හඬින් නැගේ. එය උද්යෝගය වෙනුවට භීතිය ජනිත කරවයි. දශක තුනක අතීතයෙහි සිදුවූ තරුණ ගැටුම් ලේ වැගිරීම් වල තිගැස්ම අපේ ජාන වලින් තවම පහව ගොස් නැතැයි සිතෙන්නේ එවිටය. හිම කිරමයෙහි තත්වය තවත් බාල වෙමින් අන්තර්ජාතික අයිස්ක්‍රිම් වට්ටෝරුව දැන් තැන්පත් වන්නේ අසල කඩයකින් මිලදී ගත් බාල අයිස් කෝන් එකක් මත්තෙහිය.
ඒ සියල්ල අමතක කළ හැකි තරම් සොඳුරු බවක්ද පරිසරයට එක්ව තිබෙයි. ලමා ළපටීන්ගෙන් මේ මහා ආහාර මන්දිරය අද වෙනදාටත් වඩා පිරී පවතියි. මන්ද එය සිකුරාදාවකි. අම්මලා තාත්තලාට නිදහසේ සිය දරු දැරියන් සමග විනෝද වන්නට ඉඩ ලැබෙන්නේ අදය. විසාල රබර් උමං මාර්ග වල කෑකොස්සන් දෙමින් ළමා ජීවිතයේ ප්‍රහර්ශය ආසාවෙන් විඳගන්නා දරු පැටවුන් දෙස එක් ඇසකින් ඇස ගසාගෙන දෙමාපියන් කේ ඇෆ් සී රස මසවුළු විඳිති. ඇතැම් පවුල් වල ආයලා යැයි සිතිය හැකි කැහැටු කෙල්ලන් හෝ තලස්තෑනි කානතාවන් දරුවන් වෙත ඇස ගසාගෙන සිටිද්දී අම්මලා තාත්තලා යහලු මිතුරන් හා කුඩා සාද පවත්වති. එක අතකින් මේ දසුන සුන්දරය. එක් අතකින් හීනි දුකක් හෝ පසු තැවිල්ලක් හිතට නගී.
මේ කුඩා අත පයෙහි සීරුමකටවත් ඉඩ නොතබා පරීක්ෂාකාරීව තනා ඇති, නැමෙන සුලු, ඇදෙන සුලු, පුළුන් පිරැවූ, කෙලි සෙල්ලම් බඩු සිත ඇද ගන්නා සුලුය. ඒත් , ,මේ කුඩා වුන් වැඩිහිටියන් වී වැඩෙන කලෙක, එතරම්ම සුඛනමය ගහ කොළ සතා සීපාවුන් , වෙනකක් තබා එතරම්ම සුඛනම්‍ය මිනිසුන් මේ මිහිමතදී උන්ට හමු වේවිද? ලස්සන රතු කහ කොල නිල් පාටින් සුසැදුනු සෙල්ලම් ගෙවල් ඇතුලේ මැවෙන උන්ගේ ලෝකයට ඈත්ත ලඟා වෙන්නේ බොහොම හෙමිනි. අලුත හෑදුනු කුඩා ගෙමිදුල් වල පොල් අතු හෙවිල්ලු කුඩා ගෙයක් තනා දෙන්නට , සෙල්ලම් බතක් උයන්නට ඉඩක් නූතන ගෙවල් වල ඉඩක් ඇත්තේම නැතිද?
මා දුවන්නේ ගමට නොවේ. මා දුවන්නේ මගේ අතීතයටද නොවේ. එහෙත් මෙබඳු කෘතිම ළමා ෆැන්ටසි ලෝකයකට සැතපුම් කිහිපයක් ඔබ්බෙහි ගණ නිලෙන් සුසැදි සොබා සොඳුරු ගුණයෙන් අනූන විශ්ව විද්‍යාල ක්‍රීඩා පිටිය තිබෙන බව මට සිහියට නැගෙයි.
කේ ඇෆ් සී බිත්ති මත සැලෝලයිඩ් ඉරකුත් හඳකුත් ඇලවී තිබෙයි. ඉරත් හඳත් එකට නොනඟින බවත් , ඉරෙහි උණුසුමත් සඳ එලියෙහි සීතලත් සුදෝසුදත් පෙන්වන්නට මේ අහිංසකයින්ව තණනිල්ලකින් සුසැදි ක්‍රීඩා පිටියකට ගෙන යා නොහැකිද?පුලුන් පිරැවූ සතෙකුගේ මටසිලිටි බවට වඩා දහස් ගුණයක් ජීවයක් සහ සිනිඳු බවක් මල් පෙත්තක ඇතැයි අතගා බලන්නට ඔවුන් වාසනාවන්ත කල යුත්තෝය. ගලක හැපෙද්දි රිදෙන බවත් ගලට බනිද්දී නෑසෙන බවත් , ගලට පෙරලා පහර දීම අනර්ථ බවත් උගන්වන්නට රබර් බම්පරයකට බැරිය. තණපලසෙහි නිරුවත් දෙපයින් ඇවිදින්නට මේ පරම්පරාවට වාසනාවක් නැත්තේය. වැස්සේ නටමින් කඩදහි ඔරු පාකිරීමක් ගැන කවර නම් කතාද?
ජීවිතයේ තක්සලාව අරුමෝසම් කෙලි බඩු වලට කියා දිය නොහැක්කේය. ජීවිතය උගත යුත්තේ මට අනුව නම් පරිසරයෙනි. එහෙවු සොඳුරු පරිසරයකින් අනූන මහනුවර සිට ඔය සුඛෝපභෝගී වාහනයෙන්ම කැම්පස් පිට්ටනියට එක්ක ගොස් ඇති තරම් නටන්නට උන්ට ඉඩක් නැත්තේ මොන අහේතුවටදැයි මම කල්පනා කරමින් සිටින්නෙමි. වැවරවුමේ අම්මා තාත්තාගේ අතින් අල්ලාගෙන ඇවිද යන්නට උන්ට නොහැක්කේ ඇයිදැයි සිතමින් සිටිමි. හන්තානේ කඳු පන්ති දකින්නට , මහවැලි ගං ඉවුරේ හිඳ සිටින්නට කේ ඇෆ් සී තරම් සුඛෝප භෝගී බිල් ගෙවන්නට අවැසිද?
මේක ඇවිල්ලා ආර්ටිෆිෂල් ලෝකයක් .. වසකිරි ඇසිඩ් වතුරෙන් දියකරලා පොවන ආසනික් එක්ක බත් කන , පස් බුරුල් වෙන්ඩ ග්රෙමක්සෝන් ගහලා ගලවපු නැවුම් එළවලු අල සුපර්මාකට් එකෙන් ගන්න . උපන් ද සිට දොස්තර මහත්තයාගේ බේත් වලින් රන් කරන පරම්පරාවකට ඔහොම පරිස්සම් නතුබ බෑ ඉතින් ....
ReplyDeleteතණකොළ ගැ උනොත් අසාත්මික වෙන්ඩ පුළුවන් ..අව්වට පිච්චුනොත් හමේ රෝග හැදෙන්ඩ පුළුවන් ඒ නිසා ඒ.සි එකේ .. කෘතීම පරිසරයක ක්‍රීඩා කරන එක අහන්ඩ දෙයක් නෙවේ ...
ජීවිතය තියෙන්නේ කේ එෆ් සී සංස්කෘතියේ නොවේ.ඇත්ත ජීවිතය හොයනවාද නැද්ද යන්න තිබෙන්නේ වෙන කා අතවත් නොවේ අපේම අතේ යැයි හිතමි!!
ReplyDeleteජිවිතේ අපි අපිවම රව්ට්ටන්....අපි හිනා වෙවිම අඬනවා. ඔතනින් එහාට යන විදිහක් ගැන අපි හිතන්න ඔනේ...ෆැන්ටසියක් ඇතුලේ වහල්ලු නොවි. ඒක අපි පොඩි උන්ට කියා දෙනවට වඩා දැනේන අරින්න ඔනේ .....
ReplyDeleteජීවිතේ විඳින්නේ කීයෙන් කී දෙනාද? සමහරුන්ට ජීවිතේ විඳින්න වෙලාවක් නැතිලු. ඒත් නොනැවතී දුවන රේස් එකකට යට වෙලා අපි විසින්ම අපේ ජීවිතේ විඳින්න තියන අවස්ථාව මඟහැරගෙන.
ReplyDeleteඔව්ව ඔහොම තමයි, ලෝකෙ වෙනස් වීම කියන එක හරිම නොවෙනස් දෙයක්. අපේ පරම්පරාවට හොඳයි කියල දැනෙන දේ වෙනත් පරම්පරාවක් අතින් ප්‍රතික්ෂේප වීම හෝ ගිලිහී යන එක හරිම සාමාන්‍ය දෙයක්.
ReplyDeleteඔය දේම හොඳට හිතල බැලුවොත් අපේ අතිනුත් වෙලා වෙලා නැද්ද? අපේ ආච්චිලගෙ, සීයලගෙ කාලෙ තිබුණු එයාල හරිම හොඳයි කියල විශ්වාස කරපු මොන තරම් දේවල් අපේ අතින් ගිලිහිලා ද?
දිල්ශාරා
ReplyDeleteඔබ කර ඇත්තේ සීමීත නිරීක්‍ෂණ කිහිපයක් පමණි. ඒවා මෙලෙස බ්ලොග් ලිපියක් ලිවීම සඳහා සාධාරණීකරණය කිරීමේ ලොකු වරදක් නැති වුණත්, සමාජ සමීක්‍ෂණයක් ලෙස නම් ඉදිරිපත් කරන්න එපා!
මේ දරුවන් ගිය සති අන්තයේ කුමක් කළාද, එන සති අන්තයේ කුමක් නොකරාවිද?
අපේ පේරාදෙනියේම උගත් එක්තරා මහැදුරුතුමෙකු ගේ සමාජ සමීක්‍ෂණයක් ගැන මා කලකට පෙර ලිපියක් ලිව්වා.
ඒක බලන්න.
http://kathandara.blogspot.com/2013/01/observations-and-conclusions.html
මොනව කියන්නද මන්ද?
ReplyDeleteගැමි ජීවිතය, ගමේ සුන්දරත්වය, සහයෝගීත්වය, ආදරය කියන දේවල් දැන් කාලෙ ලමයිට නෑ යාලුව....
මොකද ඔවුන් ජීවත් වෙන්නෙ කොන්ක්‍රීට් වනාන්තරයක නිසා... වෙල් ඉපනැල්ලෙ එල්ලෙ ගහපු, සරු ංග් ල් යවපු, ඇලේ දොලේ නාපු, ලිදකින් වතුර ඇදල නාපු, ගහක, වැලක පලතුරු කඩාගෙන කාපු, එක එක ජාතියෙ සත්තු, කුරුල්ලො දැකපු ලමයෙක් දැන් කාලෙ හොයාගන්න බෑ යාලුවා....
ඒක තමා සම හරක් කියන්න රට දියුණු වෙනව කියල... නමුත් ඒ ඒක නෙමෙයි...
ඒක තේරේවි අපේ මොට්ටයන්ට තව අවුරුදු 10 කින් විතර.. ලංකාවට වතුර ටික වෙන රටකින් ගේන කොට(දැනටමත් ගේනව), ලංකාව කාන්තාර බවට පත් වෙද්දි,සීතල සුලන් හමන්නෙ නැතුව ගියහම, ඔක්සිජන් ටැංකි කරේ එල්ලගෙන ඇවිදිද්දි.. වත් මුන්ට තේරේවි.... එතකොට දුක් විදින්නෙ, මේව කරපු උන් , අපි, නෙමෙයි...... අපේ පරම්පරාව ගෙනියන ලමයි....
කතාව ඇත්ත. අපි මේ කොහෙද යන්නෙ කියලා හිතෙනවා වෙලාවකට.
ReplyDeleteවත්ත පහළට ගිහින් ඇලෙන් පැනලා නියර දිගේ දුවලා එගොඩ ගොඩේ දං ගාලේ වරුවක් විතර කරක්ගහමින් හිඹුටු අහුරක් කකා තමයි අපේ ළමා කාලේ ගෙවිල ගියේ.
ReplyDeleteඒත් අනේ අද අපේ දරුවෝ මේ කෘතිම ලෝකවල... දුක තමා රංජනී
මාත් තනියම ඔය ගැන හඬාවැටෙනවා දිල්. අපි පෙර පාසැලක් ආරම්භ කලා පහුගිය සතියේ. දරුවන්ට ලමා ලෝකයේ සොඳුරු බව විඳින්න ඉඩ හසරක් නම් නෑ. එයාලට කෘතීමව තමා ඒ දේවල් විඳින්න වෙන්නෙ. අපි විඳපු පරිසරය ඒ දරුවන්ට දෙන්න බැරි වෙන එකට නම් මටත් හරිම දුකයි. ගහක කොලක අගය නිවෙස් වල වත් දැන් නෑනෙ. කොන්ක්‍රීට් ගෙවල් මත එයාල හැදෙන්නෙ. ගඟක දොළක බැහැල නාන්නෙ කවදද? මේ අය කවදා හරිම නිර්මාන වලදීත් මොට වේවි. ඒ විතරක් නෙවි සංවේදී හදවත් නැතිව යාවි. මේක හරිම භයානක විපත්තියක්.
ReplyDelete'පුලුන් පිරැවූ සතෙකුගේ මටසිලිටි බවට වඩා දහස් ගුණයක් ජීවයක් සහ සිනිඳු බවක් මල් පෙත්තක ඇතැයි අතගා බලන්නට ඔවුන් වාසනාවන්ත කල යුත්තෝය. ගලක හැපෙද්දි රිදෙන බවත් ගලට බනිද්දී නෑසෙන බවත් , ගලට පෙරලා පහර දීම අනර්ථ බවත් උගන්වන්නට රබර් බම්පරයකට බැරිය.' කොයි තරම් ඇත්තද!!
ReplyDeleteඉතිං විස්සෝප නොවී ඉඳු…… :) :)
ReplyDeleteබොට දරුවෙක් මල්ලෙක් ඉන්න කාලෙක එවුං එක්කං පල පේරාදෙණියෙ පිට්ටනියට. ගිහිල්ල ඉඳහං දවසම උනත්..ආය කාගෙං තහනමක්ද?...බොට බැරුවය පොඩි එවුන්ට නිවීහැනේ ඉර හඳ ගැනයි, ගල් වලට පයිං ගහන එව්වයි, මලක මෙලෙක ගැනයි තණකොල ගොල්ලෙ පෙරලෙන හැටියි කියා දෙන්ට...හෙහ්,හෙහ්..
මේ මතක ඇතුව අග්ගලයි හැලපයි හදාගෙන පං මල්ලක දාගෙන පලයං එවුංට බඩගිනි උනාම කන්ට දෙන්ට හොඳද?...බොන්ට හොඳා රණවරා හරි පොල්පලා හරි…
ඒ කරල පෝටොස් එහෙම දාල ලියාපං වියුණු සටහනක්...දෙන්නෙයි දැම්මම මාතෘකාව..
08 Sep 2018 …. (355 ) කේ F සී පරපුර දෙස බලා සිටියෙමි.විශ්ව විද්යාල පිට්ටනි පරපුර දෙස බලා හිඳිමි.
@sam
ReplyDeleteහේ හේ හේ.... ඒක නම් පට්ට පල් ඇත්ත...
කාලය වෙනස් වේ. සමහර දේවල් වෙනස් වෙලා නැතත් අමුතු කෘතිම දේටම මිනිස්සු ආසාඅ වේ...
@වර්ෂා ( Rain_Girl )
ReplyDeleteඇත්ත ජීවිතය යන්න සාපේක්ෂයි නෙව. ඒත් ඉතින් සොබා දහමෙන් ඇයි ඔච්චර ඈතට යන්නේ, සොබා දහම ඔච්චර අතේ දුරින් තියෙද්දිත් ??????
ඔය එක පන්තියක් විතරයි ...
ReplyDeleteඔය සමස්ථ ළමා පරපුරෙන් පොඩි කොටසක් පමණයි.හැබැයි එන්න එන්න ඕක පැතිරෙයි.තෝරා බේරා ගැණීම දෙමව්පියන් සතුයි,වෙන මොනවා කරන්නද?
ReplyDeleteI think this is a normal thing.
ReplyDeleteMost of the parents are now gifting Breadboard and arudino for the birthday of their kids.
I think this is a good thing.
This is a hungry requirement of new future minds.
රස්තියාදුකාරයා
ReplyDeleteඒක ඇත්ත. ඒත් මොකක්දෝ කෝණායකින් එහා ඉඳල බැලුවම මේ ඔක්කොම මායාවක් වගේ හිතෙන්නෙත් නැද්ද?
හැබැයි ඔබ කියනව වගේ ෆැන්ට්සියේ ආන්තික වහල්ලු නොවී පොළව උඩ තියන ස්වභාවික දේට ලං වෙලා ජීවත් වෙන්න ගොඩ දෙනෙක්ගෙ දැන් නැඹුරුව අඩු වෙලා ....
@සිතුවිලි සිතූ
ReplyDeleteසිතූ
ජීවිතේ විඳින්න වෙලාවක් නැහැ කියන එක ප්‍රායෝගික කතාවක් වෙන්න පුලුවන්. උදාහරණයක් හැටියට මම ගත්තොත් මටත් ඒකම කියන්න පුලුවනි ,,,
විඳවීම් එක්ක ජීවත් වෙන්න අපි අකමැති උනත් සිද්ද වෙනවා. එක උදාහරණයක් රස්සාවල්. ඒත් ඒ එක්ක ව්ඳින්න පොඩි ඉඩක් හොයා ගන්න බැරිමත් නෑ. ඒත් රස විඳීමේ දුබලතාවයන් මතු වෙනවා කාර්යබහුලත්වයත් එක්ක.
@Anonymous
ReplyDeleteඇනෝ.
ඔව් ඒක හරි වෙන්න පුලුවන්.
ඒත් පරිසරයෙන් ඈත් නොවී ඉන්න එක පරම්පරා පරතරය පිලිබඳ ප්‍රශ්නයක් නොවී ඒක දිගටම පවතිනවනම් කොච්චර හොඳද...?
අපේ පරම්පරාවේ ඒත් නැත්නම් ඊටත් පසු පරම්පරාවේ හෝ ඉතා පොශ් ඒත් පරිසරයටත් එකසේ ආදරේ මිනිසුන් නැද්ද?
@කතන්දර කාරයා
ReplyDeleteකතන්දර
ඔබට කවුද කිව්වේ මේක සමාජ සමීක්ෂණයක් හැටියට හඳුන්වන්න කියලා. ? :O
ඔබේ සමාජ සමීක්ෂණයක ලින්ක් එකක් දැම්මා නම් වඩාත් හොඳයි. කෙසේ වෙතත් සමාජ සමීක්ෂණයක් පිලිබඳ ඔබ ලියූ ලිපියට ස්තූතියි.
@කතන්දර කාරයා
ReplyDeleteතව දෙයක් කතන්දර , මේක කුඩා නිරීක්ෂණයක් හෝ ඒ පිලිබඳ ඇතිවූ සිතිවිල්ලක් ලියන සටහනක් මිසක් මේක මගේ පුද්ගලික ව්‍යාපෘති සමාජගත කරන වෙබ් අඩවියක් නොවෙයි.
ව්‍යාපෘති ඇති තාක් කර හා නිම කර ඇති නිසා ව්‍යාපෘතියක මීට වඩා බොහෝ අවස්ථා බොහෝ පසුකල යුතු බව මම දන්නවා.
ස්තූතියි
@ජීවිතය සුන්දරයි.......
ReplyDeleteජීවිතය සුන්දරයි කියන දේ අත් දකින්න සහ ඒකේ නියම අමිහිරි ප්‍රතිපල විඳින්න ගත්තාම මේ රටේ මිනිස්සුන්ට නිකම් තිබ්බ ගහකොල ටික ඒ කාලේවත් බලා ගත්තේ නැහැනේ කියලා හිතෙයි
:)
@දිලිනි
ReplyDeleteමල්ලෙ පොල් වත් නැතිවෙයි මෙහෙම ගියොත් නේහ් ? :)
@Naleen Dilruksha
ReplyDeleteඒක තමා.
මම කියන්නේ නම් හැබැයි අපේ අත්දැකීම් ඔවුන්ගේ අත්දැකීම් කරන්නට යා යුතුය කියලා නම් නෙවි. ඒත් කොහේ ගියත් සොබා දහම එකමයි. එමමයි. ඒක රස විඳින්න පොඩි එකෙක්ට කියලා දෙන්න තුන් කල් බලන්න ඕනෙ නැහැනේද?
@Chandi
ReplyDeleteසංවේදී හදවතක් වෙන්නේ සොබාදහමට සමීප කෙනෙකුන් නම් තමයි. මට දැනෙන්නේ ඒ විදියට.
ගහකොළට ලං වෙන්න බැරි එක ඒකෙ සුන්දරත්වය දකින්න බැරි එක අවාසනාවක්. නොලැබීමක් මට හිතෙන්නෙ.
@Sabith
ReplyDeleteකියලා වැඩක් නැහැනෙ මල්ලි. ජීවිතේ හැලහැප්පීම් සොඳුරුතාවයන් වගෙම අස්ථිර කමත් තේරුම් කර දෙන්න ආටිෆිශල් ලෝකෙකට බැහැ.
:) ඔබ ට තේරුනා... :)
@Ravi
ReplyDeleteහා හා. රවි අයියා... කාලෙකින් !!!
හාකෝ මම සේව් කරගන්නම්කෝ මේ ටයිටලේ... :) එදාට ඕනෙ වේවිනේ.
ඒ උනාට ඒ කාලෙ වෙද්දි පිට්ටනිය තියෙයිද මන්දා? එතන අලුත් ෆැකල්ටියක් හැදුවොත් ???? :)
@හිරු
ReplyDeleteඒක තමයි. ඒ පන්තියට හැකි දෙයක් මතක් කරලා දුන්නේ. ඔය පන්තියේ හුඟක් ඇයො ඇඟහදාගන්න හරි පේරා ග්‍රවුන්ඩ් එන ඇයෝ නෙව...
@arugeadaviya
ReplyDeleteඇත්ත. වෙන මොකුත්ම කරන්න නම් බැහැ තමා. පොඩි බ්ලොග් පෝස්ට් එකක් හරි ලියලා දහදොලොස් දෙනෙක්ට ඔයාලගෙ ලමයින්ට නම් ඔය ටික විතරක් දෙන්න එපා කියලා මතක් කරනවා ඇරෙන්න ...
හී හී
@Prefect Parasite
ReplyDeleteIts indeed good to love and see the nature. Nature is the best tool to teach us the reality.
@කතන්දර කාරයා, හූ!
ReplyDelete@ජීවිතේ මල්
ReplyDeleteජීවිතේ මල්
පිළිතුරට ස්තුතියි.
මේ ලිපියට ඇවිත් තියෙන අනෙකුත් ප්‍රතිචාර බැලුවොත් ඔබට පෙනේවී සියළු දෙනාම පාහේ කතා කරන්නේ ලෝකේ කඩා වැටෙන්න එනවා වගේය කියා.
මා කියන්නේ අද වෙන්නේ එදා අප කුඩා කල නොලැබු අත්දැකීමක් අද ළමුන් ලබන එක මිස සියළු දේම නරකට වෙනස් වෙලා නොවේය කියායි.
@Anonymous
ReplyDeleteඇනෝ,
මා දන්නේ සිංහඝර්ජන භාෂාව පමණයි. ඔබ අදහස් පළකර ඇති භාෂාව ගැන වැඩ් වැටහීමක් නැත.
ලස්සනයි පොස්ටුව....ජීවිතේ මල් දන්නේ නැති වුනාට මේක තමා මම මුලින්ම කියවපු බ්ලොග් එක...ඔයාගෙන් තමයි මටත් බ්ලොග් ලියන්න ආස හිතුනේ...පින් හොඳද...තවත් ලස්සන අර්ථවත් ඒවා ලියන්න..තෙරුවන් සරණයි...
ReplyDelete