Monday, January 07, 2013

[282] අඳ ඇස් !

~
අඳ ඇස්

 
සඳ මත ඇඟිලි තුඩකින් රූ අඳිනු බැරී
සිඳ ලූ තුරෙක උස නැත හිණිමගක සරී
අඳ දෑසකට උණුසුම විඳ නිදන හැරී
ඇඳ දිය හැකිද , සොඳ අහසින් පෙරෙන ඉරී ?
.

2013-01-07

19 comments:

  1. අත ලඟ නොවේ, සඳ දුර බව වැටහෙනවා
    සිඳ ලූ තුරෙක නව අතු ඉති දළුලනවා
    දෑස අඳ වුවත් උණුසුම අඳුනනවා
    නොලද දේ නොවේ ලද්දෙන් තුටුවෙනවා

    ReplyDelete
  2. අඳ ඇස්.නරක නෑ.අමුතුම විදිහකට ලියලා

    ReplyDelete
  3. මට තේරෙන්න තරම් බරපතල වැඩියි.... :(

    ReplyDelete
  4. කර්තෘවරිය තමන්ගේ අදහස ව්‍යංග කරලාද නැත්තම් මට තෙරුම් ගන්න අපහසුද මන්දා. ඒ කොහොම උනත්, සිතන්නට ඉඩ සලසන ඔබගේ කවියක් තෙරුම් ගන්න උත්සාහ කරද්දි මම බොහෝ දේවල් අලුතෙන් ඉගෙන ගන්නෙමි..:)

    ReplyDelete
  5. හැරී කියන්නෙ පුදුම සල්ලි කාරයෙක් තමයි..ඒ වුනාට මහ කුනු පෙරේතයා...
    ඔයා නිදන හැරී ගැන ලිව්වෙ මොකද මන්දා..හිතාගන් බැහැ..

    ReplyDelete
  6. මට නම් තේරෙන්නේ නැහැ. :/

    ReplyDelete
  7. / සඳ මත ඇඟිලි තුඩකින් රූ අඳිනු බැරී /

    දන්නෙ නෑ බං හරියට..නීල්ගෙන් තමයි අහල බලන්ට ඕන..කොහෙද උන්දැත් මේ ඊයෙ පෙරෙයිද වල කජ්ජ ගැහැව්ව නෙව...මොකදැ කොරන්නෙ?..:(

    / සිඳ ලූ තුරෙක උස නැත හිණිමගක සරී /

    ඔන්න කිව්ව කතාවක්...යකෝ ගහක් කපල බිම දැම්මම කොහෙද ඒකෙ උසක්?...අර වලක දිග පලල දීල කොච්චර පස් තියනවද කියල ඇහුවෙත් ඔය උඹ වගෙ පොරක් වෙන්න ඕන :)

    / අඳ දෑසකට උණුසුම විඳ නිදන හැරී /

    මේ කතාව නම් ඇත්ත වෙන්ට පුලුවනි. හැරී ගැන පහුගිය ටිකේ කිසිම සද්දයක් නෑ. මිනිහ එකත් එකටම නිදි වෙන්න ඕන..උඹ කොහොමද දිල් සහසුද්දෙන්ම කියන්නෙ?..දැක්කද මිනිහ බුදියං ඉන්නව?

    / ඇඳ දිය හැකිද , සොඳ අහසින් පෙරෙන ඉරී ? /

    පිස්සුද බං..මේ දවස් වල මෙහෙ පට්ට හීතලයි. උඹට ඇඳ දීල මම ආය බිම බුදියෙන්ටය?....අනේ බං ඒක නම් කරන්ට බෑ...උඹ ඉතිං හොඳ එකී නිසා මෙහෙම දෙයක් නං කලෑකි. අපෙ ගෙදර ඇති වැඩිපුර ඇඳක්.පොළු දෙක තුනක් අඩුයි නං තමයි. අනික පොඩ්ඩක් අඩමානෙට තියෙන්නෙත්..ඒත් තිරිංගයක් දාල ගත්තම තව අවුරුදු දෙක තුනක් පාවිච්චි කලෑකි...අපෙ ලොක්කිගෙං ඉල්ලගෙන ත්‍රී වීල් එහෙකවත් පටෝගෙන අරං පල......මම ආපු දවසක බැරිය ගනං කතා කොරගන්ට..එක්කොත් ආය උඹටනෙ..මට කීයක් වත් එපා....අන්න එහෙමයි අපි හරිය...හිතට ඇල්ලුවොත් ආය නෑ.උන්ඩුකපුච්චෙ උනත් දෙනව ගලවල..:)

    ReplyDelete
  8. //ඇඳ දිය හැකිද , සොඳ අහසින් පෙරෙන ඉරී ? // හැකිනම් කෙතරම් හොඳද නේද?...

    ReplyDelete
  9. @Ravi

    රවීතුමාගේ පැහැදිලි කිරීම දැකලා මෙහෙම හිතුනා....

    හඳ උඩ ඇඟිල්ලෙන් ඇන්දේ ආම්ස්ට්‍රෝං
    ගහ කැපුවේ ඉනිමගකට තමයි බොලං
    හැරියා තවම පන් පැදුරේ සැපට නිදං
    ඇඳ නම් දෙන්නෙ නෑමයි මම ආයිබොවං

    ReplyDelete
  10. හඳුනා ගතිමි ඔබේ හදවත නිමල
    නොපෙනුනත් මට ඔබෙ මුව කමල
    දැනේවී ඔබෙ යහගුණයන් නිබඳ
    වඳිනෙමි හදවතින් ඔබ පා කමල

    ReplyDelete
  11. @ තිසර,

    හඳේ ඇඟිල්ලෙං ඇන්දොත් සඳ සාවිට මල පනියිද?
    ගස් කපලා ඉණිමං බැඳ දිලා දිවිය ලෝකෙ යයිද?

    ටම්පර පර ටපර පපර
    ටම්පර පර ටපර පපර

    මලා වගේ නිදා ඉන්න හැරිය රෝස් පාං කයිද?
    ඇඳ දීලා උඹට සුදෝ මට පැදුරේ නින්ද යයිද?

    ටම්පර පර ටපර පපර
    ටම්පර පර ටපර පපර

    ReplyDelete
  12. @Ravi

    පං පැදුරේ තනි රකින්න කෙනෙක් තාම හොයං නැද්ද?
    පැදුරෙ ඉඳං දිවිය ලෝකෙ යන්ට හැකිය, දන්නේ නැද්ද?

    ටම්පර පර ටපර පපර
    ටම්පර පර ටපර පපර

    අපිට පාන් යෑ.. කියලා කයි ලිව්වට කමක් නැද්ද?
    සඳ සාවිට කෙසේ වෙතත් 'ජීවිතේට මල' පනියිද?

    ටම්පර පර ටපර පපර
    ටම්පර පර ටපර පපර

    ReplyDelete
  13. @ තිසර,

    පං පැදුරේ තනි රකින්නෙ අපිට මදුරුවෝ විතරයි,
    අපෙ උන්දෑ ඇඳ උඩ නිදි වැඩි උනදා ඔහොම තමයි,

    ටම්පර පර ටපර පපර
    ටම්පර පර ටපර පපර

    හා, හා...කැරකිල දෙකට නැමිල,
    කැරකිල දෙකට නැමිල,

    ටම්පර පර ටපර පපර
    ටම්පර පර ටපර පපර

    ආයෙ මොකද තිසර මලේ දිලාට මල පැනල තමයි,
    තෝ අහුවෙය මරණව මම, ඊයෙ කිව්වෙ එහෙම තමයි,

    ටම්පර පර ටපර පපර
    ටම්පර පර ටපර පපර

    හා, හා...කැරකිල දෙකට නැමිල,
    කැරකිල දෙකට නැමිල,

    ReplyDelete
  14. @Ravi

    රවී අයියෙ මේ අහපං දැන් නම් මට බයක් දැනේ
    දිලාගෙ පොත කැත කොරන්ඩ හොඳ නැහැ නොවැ පවුනෙ අනේ
    කයි කියන්ඩ ගහගන්නට අහන උන්ගෙ ඇඟිලි කනේ
    වෙන දවසක සැට් වෙමු අපි... ඕන්න මං ගියා අනේ

    @ජීවිතේ මල්
    පෝස්ටුවට අදාල නොවන දෑ පලකිරීමෙන් ඔබ අපහසුතාවයට පත් වූවා නම් මගේ බලවත් කණගාටුව....

    ReplyDelete
  15. @ තිසර,

    ඇත්ත මලේ ඇත්ත තමයි,
    දිලා අපේ එල බුවියක්,
    ඒත් ඉතිං තියනව නෙව මෙහෙම කතාවක්..
    හැමදෙයක්ම ඉවරවෙන්ට ඕන වෙලාවක්....

    ReplyDelete
  16. හප්පච්චියේ මේ තිසරයා එක්ක කවි හටනකට ගිහිල්ල මට වෙච්ච අලකලංචිය...ඕකෙං මේකෙං මට වෙන්නෙ ගෙදර යාගන්ටත් බැරිවෙන එක…..මේ දිල් අම්මණ්ඩි රැකල ඉඳල මට මිසයිල් වත් ගහයිද මන්ද....:) :)

    හරි දැං With immediate effect එන්ටර් වෙන්න ඕන Damage control මෝඩ් එකට...ඔන්න දිලෝ එහෙනං ගැත්තාට සමාවී වදාරන සේක්වා...මහා රාජිණියනි....:) :)

    සඳ මත අඳිනු බැරි රූ හද ඇඳුනාදෙන්,
    හිණිමං මොටද සිඳලූ තුරු දළු ලද්දෙන්,
    අඳ වූ දෑස් තුටු කඳුලෙන් තෙමුනාදෙන්,
    අහසේ ඇඳෙන ඉරි ඉඳුසැව් දිලුනාදෙන්...

    ReplyDelete
  17. හී හී.. මෙන්න මේ ගොල්ලො බයත් වෙලා...
    අයියෝ සෑලෙන්නෙපා මෙයා.... ඕනෙ සින්දුවක් දාන්ට.

    මම පහුගිය ටිකේ බිසි උනා. මේ පෑත්තෙ ආවෙ නෑ... ඒ උනාට කොමෙන්ටු දකිද්දි පබිලිස් කරනවා....

    හයියෝ.... සන්සාරේ... මේ දෙන්නව (තිසරයි රවියයි) යවන්න ඕනෙ කයි කොල කාරයො හෑටියට ...

    හූ හූ :)

    ReplyDelete
  18. කොමෙන්ටු ඉව්ව අනික් හෑමෝටමත් ගොඩාක් ස්තූතියි හොඳේ....

    ReplyDelete
  19. දිල්ගේ කවිය සම්භාව්‍යයි . මේ දෙන්නගේ කයි ටික ඉතින් ටෙලිය අස්සේ කොමර්ෂල් වගේ . හරි හරි සම්භාවය කොමර්ෂල් ..

    විහිළුවක් කලේ. ඇත්තටම පංකාදුයි

    ReplyDelete

මේ ලිපිත් බලන්න ඔන්න හොඳේ :-)

Related Posts with Thumbnails

ලේසියෙන් පිටු පනින්න

<--http://www.bloggertricksandtoolz.com/ -->